සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ කළාපීය කළමනාකරු - ඌව-සබරගමුව ඊ. බී. සූරියආරච්චි මහතා (වමේ) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ, රෝහිත අබේකෝන් මහතා මෙම සම්මන්ත්‍රණය අමතන ආකාරයයි.
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඒකාබද්ධ වෙමින් අයගම ප්‍රදේශයේ අමු තේ දළු සැපයුම සිදුකරන ක්ෂුද්‍ර ව්‍යවසායකයින් කණ්ඩායමක් දැනුවත් කිරීම සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් පැවැත්වීය.
මෙරට ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා බැංකුව විසින් මේ ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
මෙම වැඩසටහනේ සම්පත් දායකයා ලෙසින් සහභාගී වූයේ මූල්‍ය සාක්ෂරතාවය සහ ව්‍යාපාරික සංවර්ධනය පිළිබඳ පළපුරුදු දේශකයෙකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ, රෝහිත අබේකෝන් මහතායි.
මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ කළාපීය කළමනාකරු - ඌව-සබරගමුව ඊ.බී. සූරියආරච්චි මහතා, සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ කළමනාකරු මලීක ද සිල්වා මහතා, කොමර්ෂල් බැංකුවේ කලවාන ශාඛාවේ කළමනාකරු ඞී.එස්.එස්. ගල්පාය මහතා සහ බැංකුවේ තවත් නිළධාරීන් පිරිසක් සහභාගී විය.
කොමර්ෂල් බැංකුව විසින් මේ අංශය සඳහා සෝනි ‘ෆෙලිකා’ NFC (Near Field Communication) තාක්ෂණයෙන් යුක්ත පළමු දෙමුහුන් හරපත (Hybrid Debit Card) නිකුත් කළ අතර එය හරපතක් මෙන්ම හඳුනාගැනීමේ පතක් ලෙසද භාවිතා කළ හැකිය. මෙමගින් තේ දළු මිලදීගැනීමේ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් මුදල් ගෙවීමේ ක්‍රියාවලිය ස්වයංක්රීයගත කිරීමට කටයුතු කර තිබේ.
- Hits: 218