Divaina - මංගල තුන්මස විවාහ වන ජෝඩු 10කට සිංගර් ‘නව දිවි තිළිණ’ වෙතින් දින 3ක සිංගප්පූරු සවාරියක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
singer
 
ශ‍්‍රී ලංකාවේ විවාහාපේක්ෂිත බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිතයේ සොඳුරුතම සිහිනය මල්ඵල ගැන්වෙන වසරේ සුවිශේෂී තුන්මාසය පුරාවට සිංගර් ශ‍්‍රී ලංකා සමාගම තිළිණ කරන සිංගර් ‘නව දිවි තිළිණ’ ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් වටිනා ත්‍යාග සහ දීමනා රැසක් සමගින් දියත් කර තිබේ.
 
 මෙම 2019 වසරේ මැයි, ජුනි සහ ජූලි මංගල තුන් මාසය තුළ විවාහ දිවියට පිවිසෙන ඕනෑම යුවළකට මේ සඳහා සහභාගි විය හැකි අතර මෙම සිංගර් ‘නව දිවි තිළිණ’ වැඩසටහනට අයැදුම් කිරීමට කිසිදු ආකාරයකින් සිංගර් වෙතින් භාණ්ඩ මිලදී ගැනීමක් අවශ්‍ය නොවේ. මේ සඳහා ඔබ කළයුත්තේ ඔබගේ මංගල ඇරයුම් පතක් දිවයින පුරා පිහිටි ඕනෑම සිංගර් ප‍්‍රදර්ශණාගාරයකට බාරදීම පමණි.
 
 ජයග‍්‍රාහකයින් තෝරාගැනීම අගෝස්තු මාසයේ සිදු කෙරෙන අතර එහිදී තෝරාගැනෙන වාසනාවන්ත යුවළ 10කට සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් සිංගපූරුවේ දින 3ක් පුරා සංචාරය කිරීමේ අගනා අවස්ථාව උදාවනු ඇත.
 
 සිංගර් ‘නව දිවි තිළිණ’ දියත් කෙරුනු පසුගිය වසරවලදීද ඉතා ඉහළ සහභාගිත්වයක් තිබූ අතර වසරින් වසර දිවයින පුරා සිංගර් ප‍්‍රදර්ශනාගාරයන් වෙත ලැබුනු විවාහ ආරාධනා පත් ප‍්‍රමාණය ඉහළ යාමෙන් සෑම වසරකම මංගල තුන්මස තුළ විවාහ දිවියට ඇතුළත්වන මනාල යුවල අතර සිංගර් ‘නව දිවි තිළිණ’ අතිශය ජනප‍්‍රිය වැඩසටහනක් බව පැහැදිලි වේ.
 
 එමෙන්ම මෙම කාල සීමාවේදී විවාහ ගිවිස ගන්නා යුවළට තම යුග දිවියට අවශ්‍ය ගෘහ උපකරණ රාශියක් ආකර්ශනීය වට්ටම්, දීමනා සහ ත්‍යාග සමගින් සිංගර් ප‍්‍රදර්ශනාගරවලට එක්කොට ඇත.
 
 ඔබත් මෙම අගනා අවස්ථාව මග නොහරින්න. නොමිලේ සිංගප්පූරුවේ දින 3ක් සංචාරය කරන්න, ඔබේ මංගල ආරාධනා පත‍්‍රයත් සමග අදම ළගම ඇති සිංගර් ප‍්‍රදර්ශනාගාරයට පිවිසෙන්න.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles