Divaina - මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 peoples
 
මහජන බැංකුව පෞද්ගලිකරණය වන බවට පැතිර යන කටකතාවල කිසිදු පදනමක් නැති බව මහජන බැංකුවේ නව ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන මහතා විසින් ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන් වහන්සේ සහ ශ්‍යමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශී‍්‍ර ඥානරත්න මහනාහිමිපාණන් වහන්සේලා බැහැදැක පසුගියදා පැවසිය.
 
 ඒ මහතා මේ බව පැවසුවේ නව ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ලෙස පත්වීමෙන් අනතුරුව ශී‍්‍ර දළදා මාලිගාව වැ`ද පුදාගෙන මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
 
 මෙහිදි මහනායක හිමිවරුන් මහජන බැංකුව සම්බන්ධයෙන් පැතිර යන කතාවල සත්‍ය අසත්‍යභාවය පිළිබ`දව ඔහුගෙන් විමසූහ. ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරිවරයා එවිට පැවසුවේ මෙම කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මහජන බැංකුවේ තනි අයිතිය ශී‍්‍ර ලංකා රජය සතු බව ස`දහන් වන 1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 13 වන වගන්තිය කිසිදු අයුරකින් සංශෝධන නොවන බවත්ය. ඒ අනුව ශී‍්‍ර ලංකා රජය හැර වෙනත් කිසිදු පාර්ශවයකට මහජන බැංකුවේ කොටස් නිකුත් කරන බවට සිදුවන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ස`දහන් කළේය.
 
 එමෙන්ම මෑත කාලයේ මහජන බැංකුව අත්පත් කරගත් ජයග‍්‍රහණ හා ප‍්‍රගතිය පිළිබ`දව මල්වතු අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේලාව දැනුවත් කළ අතර, පුරා පනස් අටවසරක් මෙරට පොදුජනතාවට බැංකු පහසුකම් සැලසු මහජන බැංකුව ආරක්ෂා කරගැනීමේ වගකීම අවධාරණය කරමින් එහි ඉදිරිමගට මහනාහිමිපාණන් වහන්සේලා ආශිර්වාද කළහ.
 
 මෙම අවස්ථාවට ශී‍්‍ර දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ ප‍්‍රධානි කි‍්‍රෂාන්ත හිස්සැල්ල, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා, මහනුවර ප‍්‍රාදේශීය කළමනාකාර ඩි. එම්. ඞී දිසානායක සහ මහනුවර ශාඛා කළමනාකාර ජනක ජයසිංහ යන මහත්වරුන්ද සහභාගි විය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles