Divaina - මොබිටෙල් 5G ආදර්ශක ක‍්‍රියාකාරීත්වය අඛණ්ඩව සිදු කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

we mobitelශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් පොළොන්නරුවේදී 5G ආදර්ශක ක‍්‍රියාකාරීත්වය අඛණ්ඩව ජනතාවට ප‍්‍රදර්ශනය කළේය. පසුගියදා පොළොන්නරුව දියත උයන භූමියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එතුමා ඉදිරියේ 5G ක‍්‍රියාකාරීත්වය ජනතාවට ප‍්‍රදර්ශනය කළේය.
 

 
AR/VR (Augmented Reality/Virtual Reality) පරිගණක ක‍්‍රීඩා, Ultra High Definition Video Streaming, Robotics සහ VR ආකර්ශණීය පදනමක් සහිත ක‍්‍රිකට් වීඩියෝ ක‍්‍රීඩා දැකගැනීමට සහ අත්විදීමට එකතු වූ මහජනතාව ඉදිරියේ මොබිටෙල් ආයතනය මගින් 5G ක‍්‍රියාකාරීත්වයේ සුපිරි අත්දැකීම බෙදාගත්තේය. 5G තාක්ෂණය එයටම උරුම වූ විශේෂාංග රැසකින් පැමිණෙන අතර දත්ත පැමිණිමේ ප‍්‍රමාදය අවම බව, වැඩි ධාරිතාවක් තිබීම සහ ultra-reliability හැකියාවෙන් භාවිතා කරන උපකරණ වල සුවිශේෂී අන්තර්ජාල අත්දැකීමක් මෙහිදී ප‍්‍රදර්ශනය කළේය. 
 
 
ග‍්‍රාමීය ජනතාවගේ අතර LTE (Long term Evolution) අන්තර්ජාල ආවරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් අතිශය සුවිශේෂී වූ තාක්ෂණික භාවිතයෙන් 850MHz (Sub 1G) 4G LTE ජාල පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමට පොළොන්නරුවේ පැවති මෙම සමාරම්භක උළෙල අතරතුරේදී කටයුතු කළේය. සැලසුම් කළ 4G LTE 850MHz අන්තර්ජාල ව්‍යාප්තිය හරහා ග‍්‍රාමීය ජනතාවගේ ජංගම දුරකථන අන්තර්ජාල අත්දැකීම වැඩි කිරීමට මොබිටෙල් පහසුකම් සපයන අතර මේ නිසා ග‍්‍රාමීය ජනතාවට අන්තර්ජාල භාවිතාවේ විශ්ව අත්දැකීම් සමීප කිරීමට අවස්ථාව ලැබේ. මෙම මූලිකත්ව වැඩසටහන ක‍්‍රියාත්මක වූයේ විදුලි සංදේශ නියාමන සභාවේ සාමාන්‍යාධිකාරී P.R.S.P ජයතිලක මහත සහ එම කාර්ය මණ්ඩලයේ උපදෙස් සහ ග‍්‍රාමීය ජනතාව අතර අන්තර්ජාලය ගෙනයාමේ සංකල්පය මතය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles