Divaina - රජකම අත්හළ ජපානයේ අකිහිතෝ..

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

rajakamaපාරම්පරික උරුමය මත අඛණ්ඩව පවත්වා ගෙන යන ජපානයේ අධිරාජ්‍යය දේවත්වයෙන් සලකනු ලැබේ. ඒ නිසාම දෙවැනි ලෝක සංග‍්‍රාමයේදී ජපානය පරාජයට පත්වූ නිසා අකිහිතෝ අධිරාජ්‍යයාගේ පියා වූ ,හිරොහිතෝ, අධිරාජ්‍යයා විසින් තමන්ගේ දේවත්වය අත්අරින බැව් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ලදී. ජපාන අධිරාජ්‍යයා කිරුළක් නොපළඳින අතර කඩුව, මැණික සහ කැඩපත අධිරාජයයේ බලය පෙන්වන සංකේතයි. එහෙත් අභිෂේක උත්සව වෙනුවෙන් යොදා ගන්නේ සැබෑ සංකේත නොවන අතර සැබෑ සංකේත ජපානයේ පූජණීය ස්ථානයන්හි තැන්පත් කර තිබෙන අතර මහජනතාවට ඒවා දැක බලා ගැනීමට අවසර නැත.
 
 1817 වසරේ ‘‘කෝකාකු ..අධිරාජ්‍යයාගෙන් පසුව ජපන් අධිරාජ්‍යයෙකු විසින් සිහසුන අත්හැර දමන ප‍්‍රථම අවස්ථාව මෙය ලෙසින් සැලකේ. තමාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා රාජ්‍ය පාලනය අපහසු හෙයින් මේ තීරණයට එලැඹ ඇත. අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය කාලයේදී හෘද සැත්කමකට හා පුරස්ති ග‍්‍රන්ථි පිළිකාවකින් පෙළෙන නිසා දුර්වල තත්ත්වයකින් පසු වේ. ජපානයේ අගමැති ෂින්සෝ අබේ කියා සිටින්නේ අධිරාජ්‍යාගේ ප‍්‍රකාශය ඉතා බැරූරුම් බැවින් මේ පිළිබඳව ඉදිරියේ රජයේ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු මේ ගැන තීරණයක් ගන්නා බවයි. අවසානයේදී ඔහුගේ වයස සහ පිරිහෙමින් පැවැති සෞඛ්‍ය තත්ත්වය නිසා මේ තනතුර දැරීමට තමා යෝග්‍ය නොවන බැව් ‘‘අකිහිතෝ.. අධිරාජ්‍යයා විසින් තරයේ කියා සිටීම නිසා ඒ වෙනුවෙන් අවසර ලැබුනි. ජපානයේ අධිරාජ්‍යාට දේශපාලන බලයක් නොමැති අතර ජාතික සංකේතයක් ලෙසින් රාජ්‍යත්වය උසුලනු ලැබේ. අකිහිතෝ අධිරාජ්‍යයා රෝගීන් සහ ආපදාවන්ට ලක්වූවන් ගැන නිරන්තරයෙන් සොයා බැලූ අයෙකු ලෙසින් ජපාන වැසියන්ගේ ගෞරවාදරය හිමි කර ගෙන සිටින අධිරාජ්‍යයෙකි.
 
 ඔහුගේ පියා වූ හිරෝහිතෝ අධිරාජ්‍යයාගෙන් පසුව අකිහිතෝ කුමරුට සිහසුන හිමි වූයේ 1989 වසරේදීය. වසර විස්සකට අධික කාලයක් ජපානයේ රාජ්‍යත්වය දැරන ලදී. අකිහිතෝ අධිරාජයාගෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුත් නරහිතෝගෙන්ද, එයින් පසුවට ජපානයේ හිමිකම් කියන්නට තුන්වැනි පරම්පරාවෙන් පුත් කුමරෙක් නොවීම ජපානයේ අධිරාජ්‍ය පෙළපතට කාලයක පටන් පැවැති ගැටලූවකි. නරහිතෝ කුමරුට සිටි එකම දරුවා දූ කුමරිය ‘‘අයිකෝ .. කුමරිය 2001 වසරේ උපත ලැබුවාය. නමුත් ජපානයේ රාජකීයත්වයට උරුමය ඇති පුත් කුමරෙක් බිහිකිරීමට නොහැකි වූ නිසා නරහිතෝ බිරිඳ මසාකෝ කුමරිය මහත් වූ මානසික පීඩාවකින් පසු වූ බවද වාර්තා විය. මේ අතර නරහිතෝ කුමරුගේ බාල සහෝදරයා වූ අකිෂිනෝ කුමරුට සිටියේද දියණියන් දෙදෙනෙකි.
 
 රාජ්‍යත්වය වෙනුවෙන් උරුමකම් කීමට අනාගත හිමිකරුවන් නොමැති බව පැහැදිලිව පෙනෙන නිසා ජපන් අධිරාජ්‍යන් විසින් ගැහැනු දරුවන්ට රාජ්‍යත්වය වෙනුවෙන් හිමිකම් කියන්නට ඇති අයිතිය ලබා දෙමින් නීති සම්පාදනයට අදහස් කළා පමණි. ඒත්...පාර්ලිමේන්තුවට මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙරාතුව ජපානයේ අනාගත කිරුළ හිමි කුමාරයාගේ උපත සිදු විය. හිසාහිතෝ දශක හතරකින් පසුව ජපානයේ කිරුළ හිමි පරම්පරාවට එක්තු වුණ අලූත්ම පුරුක වූයේය. මේ නිසා ඔහුට වටිනාකම මෙන්ම රටේ අවධානය යොමු වෙන විට නරහිතෝ කුමරුට ඔටුන්න ලැබෙන නිසා හිසාහිතෝ මුල් කර ගෙන සිදු වෙන කතාබහ වැඩි වෙන්නේ රාජ්‍යත්වය ඔහුට තවත් සමීප වෙන නිසාය. හිසාහිතෝ යන්නෙහි අර්ථය ප‍්‍රසන්න හා ධර්මිෂ්්ට බවයි.
 
 නරහිතෝ සහ අකිෂිනෝ කුමරුගේ බාල සහෝදරිය සයාකෝ සාමාන්‍ය ජපන් වැසියෙක් සමග විවාහ වීම නිසා ඇගේ දරුවන්ට රාජ්‍යත්වය වෙනුවෙන් උරුමකම් කීමට අවසර ලැබුනේ නැත. ජපන් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජපන් රජ කුමරියක් විසින් සාමාන්‍ය වැසියෙක් විවාහ කර ගනු ලැබුවේ 2005 වසරේදීය. සයාකෝ කුමරිය විසින් ජපන් සම්ප‍්‍රදායන්ට එරෙහිව මේ පියවර තබනු ලැබුවේ ටෝකියෝ නාගරික සභාවේ සැලසුම්කරුවෙකු සමග විවාහ වීමත් සමගය. ඇය එක් කාමරයක් සහිත මහල් නිවාසයක පදිංචි වූ අතර මෝටර් රථ පැදවීම, භාණ්ඩ මිලදී ගැනීම වැනි සාමාන්‍ය ජීවිතයේ කටයුතු කර ගනිමින් ජීවත් වන්නීය.
 
 නරහිතෝ ජපානයේ 126 වැනි අධිරාජ්‍යයා වේ. 2019 වසරේ මැයි පළමු වැනි දින පටන් ජපානයේ ‘‘රයිවා.. (Reiwa )යුගය ආරම්භ වෙන අතර ‘‘හෙයිසෙයි.. යුගය අවසාන වේ. 59 හැවිරිදි නරුහිතෝ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අතර රාජ්‍යත්වය පිළිබඳව වූ අයිතිය ප‍්‍රකාශ කරන විට වයස අවුරුදු 28.
 
 මෙම උත්සව මාලාවේ පළමු උත්සවයේදී සිය ඉවත්වීම පිළිබඳව ජපාන අධිරාජ්‍යයේ පවුල් ඉතිහාසයේ ඥාතීන්ට ඒ බව දන්වා සිටින ලදී. එය පවුලේ උත්සවයක් වන අතර මහජනතාවට මේ උත්සවය නැරඹීමට අවස්ථාව ලැබුනේ නැත. එහෙත් තෝකියෝ නුවර ඉම්පීරියල් පැලැස්හි පවත්වන ලද සිහසුන අත්හැරීමේ ඓතිහාසික උත්සවය මහජනතාව සඳහා විවෘත විය.
 
 පුන්‍යා චාන්දනී ද සිල්වා

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles