Divaina - දිළිඳු ගොවියාගේ දුව අද කෝටිපතිනියක්... නොවැටෙනා සුළු නිර්භීත ආත්මයක ප‍්‍රතිරූපය ජෝති රෙඞ්ඩි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

kotipathiඉන්දියාවේ නැනම්කොණ්ඩා නගරයේ පිහිටි ළමා නිවාසයක ආලින්දයට වී කුඩා දැරියන් දෙදෙනකු නොඉවසිල්ලෙන් බලා සිටින්නේ තම මව එන තෙක් ය. ඒ බීනා සහ බින්දුය. ඔවුන්ගේ මව එන්නේ අමෙරිකාවේ සිට ය. ඇය අද එහි පැමිණෙන බව ඔවුන්ට දන්වා තිබුණි.
 
 ටික වේලාවකට පසු එතනට ළඟා වුණ අගනා මෝටර් රියෙන් බැස්සේ කදිමට ඇඳ පැළඳ ගත් සුරූපී කානතාවක්. ඒ එම දැරියන්ගෙ මවයි.
 
 ඇගේ නම රනිල් ජෝති රෙඞ්ඩි. දැන් ඇය 48 වන වියේයි පසුවෙන්නෙ. දැන් ලොකු ධනවතියක් වුණාට ඇය කුඩා කාලෙ බොහොම දුක් විඳපු ගැහැනියක්. 
 
 ‘අනේ අම්මේ අපි මෙහෙන් එක්කර ගෙන යන්නෙ කවදද? අපිට හරියට කන්නවත් ලැබෙන්නේ නෑ නිදා ගන්නත් නෑ.. 
 
 දියණියන් ගේ බස් ඇසූ ජෝතිට මීට වසර ගණනකට පෙර මේ අන්දමින්ම තමා දුක් සහිත ජීවිතයක් ගත කළ අයුරු සිහියට නැගුණා. 
 
 ‘දුව මමත් පුංචි කාලෙ මෙවැනිම ළමා නිවාසයක නැවතී සිටියා. ඒ නිවාසයේ දැන් ඔබලාගේ නිවාසයේ ඇති පහසුම්වලින් බිඳක් වත් තිබුණේ නැහැ. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. ඒත් මම ඒවා ඉවසා ගෙන හිටියා. ඔයගොල්ලත් ඒ සියලූ දුක් ඉවසා ගෙන ඉගෙන ගන්න ඕන. මම අමාරුවෙන් හරි ඉගෙන ගත්ත නිසයි මේ තත්ත්වයට ආවේ.. ඇය ඉන් පසු කළේ තමාගේ අතීත දුක්බර එහෙත් ධෛර්මත් කතාව ඔවුන්ට කියන්නට පටන් ගැනීමයි.
 
 ‘ඒක හරිම නරක අවාසනාවන්ත කාලයක්. අපේ පවුල ඒ කාලෙ දුගී බවින් මිරිකිලා හිටියෙ. ගොවියෙක් වන අපේ තාත්තාට දරුවන් 5 දෙනකු නඩත්තු කර ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා තාත්තා මාවයි මගේ නංගීයි ළමා නිවාසයකට බාර දුන්නා. ළමා නිවාසයකට යන්නට මම කොහොමවත් කැමති වුණේ නැහැ. ඒත් අපට යන්න වුණා.
 
 මා ළමා නිවාසයට යන කොට මට යන්තම් අවුරුදු 7ක් විතර ඇති. නංගිව බාර දුන්නේ ජීවත් වෙලා සිටිය මව මිය ගියා යැයි බොරුවක් කියලා. ඒක හරිම හිතට අමාරු වුණ කාරණයක්.
 
 ළමා නිවාසය තුළ තිබුණේ එකම දුක් ගොඩක්. අපට කන්න ලැබුනේ ගුල්ලන් මකුණන් සහිත බත්. වතුර බාල්දියක් ගැනීමට පැය ගණනක් පෝලිමේ ඉන්න වුණා.
 
  මම නිවාසයේ කටයුතුවලටත් වුවමනාවෙන් සහාය වුණා. නිවාසය අවට පිරිසිදු කිරීම මුළුතැන්්ගෙයි ඉවුම් පිහුම් හා අස්පස් කිරීම් වැනි දේවලට. මට එයින් වාසියක් වුණා. නිවාස පාලිකාව මා කෙරෙහි පැහැදුණා. එයා මාව ගුරු පුහුණු පාඨමාලාවකට යොමු කළා.
 
 මෙයින් පසු ජෝතිට මුහුණ පෑමට සිදුවූයේ නොසිතූ විරූ දුක් සහිත කාලයකටය. එනම් පියාගේ බලකිරීම මත ගොවි තරුණයෙකු හා විවාහ වීමට ඇයට සිදුවීමයි. ඔහු ඇයට වඩා අවුරුදු 10 කින් වැඩි මහලූ අයෙකු වුණා.
 
 
kotipathi2‘උඹ දැන් ඉගෙන ගත්තා ඇති. ඌ හොඳ ගොවියෙක්. උඹට හොඳ ජීවිතයක් ගත කරන්න උදවු කරාවි.. ජෝතිගේ පියා ඇයට කීවේ එහෙමයි. ජෝතිට ඔහු සමග විවාහ වන්නට සිදුවුණා විතරක් නෙවි ඔහුගේ කුඹුරුවල හා ගෙදර දොර වැඩ කරන්නත් ඇයට සිදුවුණා. ඇය ඉතා දිරිමත්ව සියල්ලට මුහුණ දුන්නා. පසු බෑවේ නැහැ. 
 
 සැමියාගේ විරුද්ධත්වය නොතකා ඇය නිවස අසල තිබූ පාසලක ඉංග‍්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන්නට පටන් ගත්තා. ඇයට ඒ සඳහා රු. 120 ක වැටුපක් ලැබුණා. ඇය ඒ මුදලින් තම විභාගයට අවශ්‍ය පොත් ගත්තා.
 
 22 වැනි වියේදී ඇය උසස් පෙළ සමත් වී සරසවි වරම් ලැබුවා. ඇය දිවාකාලයේදී ගෙදර දොර වැඩ නිමා කොට රාත‍්‍රී කාලයේ ඉගෙනීම ලබා ගත හැකි වන පරිදි අම්බෙඞ්කාර් විවෘත සරසවියට ඇතුළු වුණා. උපාධිධාරිනියක වූ පසු රජයේ පාසලක ගුරු පත්වීමක් ලැබීමේන් ඇගේ දිවිගමනට අලූත් මාවතකට දොරටුවක් විවෘත වුණා. ඇගේ මාසික වැටුප රු. 6000 දක්වා ඉහළ නැගුණා. ඇගෙන් ගෙදර වියදමට පිටිවහලක් ලැබීම නිසා ඇගේ සැමියා තවදුරටත් ඇයට බාධා කිරීමෙන් වැළකී සිටියා. ජෝති තම පශ්චාත් උපාධිය ලබා ගත්තේ 1997 දී ඉන්දියාවේ කැකටියා සරසවියෙන්.
 
 
මේ අතර ඇයගේ සැමියා ඇයට නොකියාම නිවසින් පිටවී යන්නේ මේ අතරේය. ඇය එයින් සැළුනේ නැහැ. ඇගේ දුර නෑකමක් ඇති ඥාති සහෝදරියක් ඇයට උපකාරයට පැමිණෙන්නේ මේ අවධියේදීය. ඇගේ ආරාධනය පිළිගත් ජෝති ඇය සමග ඇමෙරිකාව බලා යන්නේ තම දියණියන් දෙදෙනා හොඳ ළමා නිවාසයක බාරකාරත්වයට පත්කරවමින්. 
 
 අමෙරිකාවට ගියත් එහි ජීවත්වීම පහසුවුණේ නැහැ. එයට මුහුණ දීම සඳහා වීඩියෝ සාප්පුවක වෙළෙඳ සේවිකාවක ලෙසත් ක්ෂණික ආහාර සලක සේවිකාවක් ලෙසත් නිවසක ආයා කෙනෙකු ලෙසත්් ඇය වැඩ කළා. මෘදුකාංග සමාගමක් ඇයට සහායක ඉංජිනේරු තනතුරක් ලබා දීමට කටයුතු කළේ. වර්ජිනියා සරසවියේ පරිගණක විද්‍යාත්මක පාඨමාලාවක් හැදැරීමටත් ඇය අමතක කළේ නැහැ. 
 
 ජෝතිගේ බමරය වැල්ලේ කැරකෙන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. ටික කලක් ගත වූ පසු තම සිහිනයක් වූ තමාගේම මෘදුකාංග සමාගමක් ඇරඹීමට ඇයට සිත් වුණා. 
 
 ඒ අනුව ඇය 2011 වසරේ දී ‘කී සොෆ්වෙයාර් සොලියුෂන්. නමින් ව්‍යාපාරයක් අමෙරිකාවේ ෆීනික්ස් නගරයේදී ආරම්භ කළා. පළමුවැනි වාරය අවසාන වනවිට ඇගේ ව්‍යාපාරය සිතුවාටත් වඩා සාර්ථක වී ඇති බව ඇයට පෙනුණා. ඇය වෙත සල්ලි ගලා එන්නට පටන් ගත්තා. ඒ වසරේ ඇගේ ආදායම ඇඩො 1,68,000ක්. ඇය තම දියණියන් දෙදෙනා ගෙන්වා ගෙන තම සමාගමේ සහායක ඉංජිනේරුවරියන් ලෙස සේවයේ යෙදෙව්වා. 
 
 අද එම සමාගම පවතින්නේ ඉතා දියුණු තත්ත්වයක. එහි 100 කට වැඩි ප‍්‍රමාණයක් සේවකයන් සේවය කරනවා. 
 
 ඉතා ධනවත් ගැහැනියක වූ ජෝති කැලිෆෝනියාවේ නිවාස දෙකක් මිලයට ගත්තේ දියණියන් දෙදෙනා වෙනුවෙන්. ඒ හැර ඇමෙරිකාවේ නිවාස 4 ක් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි සුවිසල් මන්දිරයක්ද ඇයට හිමිය. 
 
 මේ අතර ඇය ළමා කාලය ගෙවූ නැනකොණ්ඩාහි පිහිටි ළමා නිවස නඩත්තු කරන්නේ ඇය විසින්. අනාථ නිවාසවල සිටින දැරියන්ට රැකියා ලබා ගැනීම පිණිස ඇය ඔවුන්ට විවිධ පාඨමාලා පවත්වන්නෙ ඉන්දියානු රජයේද සහයෝගය ඇතිවයි. එම පාඨමාලා හදාරා රැකියා අවස්ථා ලබාගත් ගැහැනු ළමයින් අති විශාල සංඛ්‍යාවක්. 
 
 දිවි ගමනේදී හමුවන ඉතා සරල දුකකදී හඬා වැටී පසුබාන ඇතැම් ළඳුන්ට ජෝති නේ රෙඞ්ඩි ලබා දෙන්නේ නිර්භීත නොවැටෙනා සුළු ආත්මයක ප‍්‍රතිරූපයක්. 
 
 ලීලානන්ද වික‍්‍රමසිංහ


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles