Divaina - ගෝලීය උණුසුම Global Warming - අයිස් කඳු දියවේ - හිම වළස්සු ගම් වදිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

soba8 1ගෝලීය උණුසුම හේතුවෙන් බටහිර රටවල් දෙදරුම් කන ආකාරයේ පාරිසරික වෙනස්කම් සිදුවෙමින් පැවතියද ආක්ටික් තීරයේ හිම කඳු දිය වී යෑම හේතුවෙන් ඒ ආශ‍්‍රිතව ජීවත්වන හිම වළසුන් (පෝලා බෙයාර්ස්* 52 දෙනකු ආහාර සොයමින් උතුරු රුසියාවේ පිහිටි ‘‘නොවායා සෙමියා’’ ¥පත්වල පිහිටි ‘‘බෙලූෂ්යා ගුබා’’ ගම්මානය ආක‍්‍රමණය කර ඇති බව පසුගියදා ලොව බොහෝ මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. ‘‘බෙලූෂ්යා ගුබා’’ ගම්මානයේ නිවැසියන්ට ඇතැම් විට පහර දෙමින් නිවෙස්වල පිටත ඇති කසළ බඳුන් අවුස්සමින් හිම වළසුන් කළහකාරී ලෙස හැසිරීමත් සමඟම මුළු මහත් ගම්මානයම බියෙන් ඇළලී ගොස් තිබේ.
 
 මෙම හිම වලසුන් ඇතැම් නිවෙස් හා ගොඩනැඟිලි තුළට ද කඩා වැදීම නිසා ගම්මානය තුළ හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ට සිදුව තිබිණි. මෙම තත්ත්වය නිසාම ගම්වැසියන් තම දරුවන්ව පාසල් යැවීමට තබා හදිසි අවශ්‍යතාවයකට නිවෙස්වලින් පිටත පැමිණීමටවත් බියවී සිටි අතර, කොපමණ කරදර කළ ද හිම වළසුන්ට වෙඩි තැබීම හෝ හානි කිරීම තහනම් කළ බලධාරීහු මෙසේ ගමට කඩා වදින හිම වළසුන් පළවා හැරීම සඳහා විශේෂිත පොලිස් මුර සේවයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මෙම සේවය හරහා හිම වළසුන් ගමට පැමිණෙන විට ඒ බව දැනුම් දීමෙන් එම වළසුන් පළවා හැරීම සිදු කරනු ලබන අතර ඒ සඳහා අධික ආලෝක ධාරා, ශබ්ද, මෙන්ම සුනඛයන් ද යොදා ගන්නා බව මාධ්‍ය වාර්තා පවසයි. එහෙත් මෙම ක‍්‍රම හරහා හිම වළසුන් පලවා හැරීම සෑම විටම සාර්ථක වී නැති බව ද වාර්තා වේ. මෙසේ රුසියාවේ ගමක්ම කළඹවමින් ද ගම්වැසියන්ගේ දෛනික කටයුතුවලට ද බාධා කරමින් හිම වළසුන් බුරුතු පිටින් ගම ආක‍්‍රමණය කර ඇත්තේ කුමන හේතුවක් නිසාද? හිම වළසුන් ජීවත් වනුයේ මුහුුදු ජලය මත ගොඩනැෙඟන අයිස් කුට්ටි මත සිට විශේෂයෙන් සීල් මසුන් දඩයම් කර ආහාරයට ගැනීමෙනි. එහෙත් මිනිසාගේ අහිතකර ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම වැඩිවී මේ වන විට ලොව පුරා හිම කඳු ද දිය වී යෑමේ තර්ජනයකට මුහුණ පා ඇති අතර ඉහත කී රුසියානු ගම්මානය ආශ‍්‍රිතව පවතින මුහුදු තීරයේ හිම කඳුද දිය වී ගොස් අයිස් කුට්ටි නිර්මාණය නොවන තත්ත්වයක් උද්ගතව පැවැතිණි.
 
 දැනට පවතිනුයේ ශීත සෘතුව වුවද, හිම කුට්ටි ‘නොපායා සෙමියා’ ¥පත් ආශ‍්‍රිත මුහුදු තීරයේ නිර්මාණය නොවීම නිසා හිම වළසුන් අතර ආහාර අහේනියක් හට ගෙන තිබේ. මෙම හේතුව මත හිම වළසුන් ගොඩබිමට පැමිණෙන කාලයක් නොවුණද ඔවුන් ගොඩබිම ආක‍්‍රමණය කර ඇත්තේ පැහැදිලිවම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව හිම වළසුන් සමග වසර 45 කට අධික කාලයක් කටයුතු කරන කැනඩාවේ ඇල්බටා විශ්වවිiාලයේ මහාචාර්ය ඉයන් ස්ටර්ලින් පවසයි.
 
 ‘‘අයිස් කුට්ටි’’ මුහුදේ නිර්මාණය නොවීම නිසා හිම වළසුන්ට මසුන් දඩයම් කිරීමට නොහැකියි. සැබැවින්ම ගෝලීය උණුසුම තමයි මෙම හිම වළසුන්ව ගොඩබිමට තල්ලූ කර දමා තිබෙන්නේ’’ මහාචාර්ය ස්ටර්ලින් කියයි. මෙම හිම වළසුන් විසින් කුසගින්නෙන් ‘බෙලූෂ්යා ගුුබා’ ගම්මානය ආක‍්‍රමණය කරන අයුරු වීඩියෝගත කර ඇතිඅතර ගම්මානයේ සෑම නිවෙසකම කසළ බඳුන් එළිමහනේ පැවතීම නිසා තමාට හසුවන ඕනෑම ආහාරයක් ලබා ගැනීමේ අදිටනින් වළසුන් ඔබ මොබ සැරිසරනු ඒවායේ දක්නට ලැබේ. කැනඩාවේ සස්කචුවාන් විශ්වවිiාලයේ සහායක මහාචාර්ය හා පර්යේෂක ඔග්ලස් ක්ලාක් පවසනුයේ ගම්මානයට කඩා වැදී ඇති soba8 2හිම වළසුන්ගේ ස්වරූපයෙන් ඔවුනට ප‍්‍රමාණවත් පරිදි ආහාර ලැබී නැති බව පෙනී යන අතර එම සියලූ වළසුන් පුෂ්ටිමත් වීමෙන් ඒ බව පැහැදිලි වන බවයි. ‘‘ඉවතලන කසළවලින් තමයි මෙම හිම වළසුන් තමන්ගේ පෝෂණය ලබා ගෙන ඇත්තේ. වළසුන්ට කැළි කසළ කැලරි ලබාගැනීමේ මාධ්‍යයක්. එහෙත් ඔවුන්ට ගම්මානයේ පවතින කසළ ප‍්‍රමාණත් නොවීමට ද ඉඩ ඇතැයි ඔහු කියයි. රුසියානු විiා සංගමයේ ජ්‍යෙෂ්ඨ විiාඥයකු වන ඇනටොලි කොච්නෙව්ට අනුව හිම වළසුන් ඔවුනට හසුවන සෑම ආහාරයක්ම ලබා ගෙන මිස ගම හැර දමා නොයයි. හිම වලසුන්ට සීල් මත්ස්‍යයෙකු දඩයම් කිරීම අතිශයින් මහන්සි වියයුතු කාර්යයක්. අනෙක් අතට මෙසේ ගමට කඩාවැදුණු හිම වළසුන් අතීතයේ කුඩා කල කසළ අංගනවල කසළ අනුභව කළ අය විය හැකියි. ඒ නිසාම සාම්ප‍්‍රදායික වූ මෙම වළසුන්ට ආහාර සොයා ගත යුතු ප‍්‍රදේශ හොඳට මතක තිබෙනව’’ කොච්නෙව් කියයි.
 
 හිම වළසුන් ගමට පැමිණීම වැළැක්වීමට නම් ඔවුන් ආකර්ෂණය වන සියලූ දෑ විනාශ කළ යුතු යැයි හෙතෙම අවධාරණය කර සිටී. හිම වළසුන් පැමිණීම වැළැක්වීමට ඉදිරිපත් වී ඇති තවත් යෝජනාවක් වනුයේ ගමෙහි කසළ අංගනය ආසන්නයේ විදුලි වැටක් ඉදිකිරීමයි. එහෙත් වර්තමානයේ පවතින තත්ත්වය මත හිම වළසුන් පැන්නීම මහත් වූ දුෂ්කර ක‍්‍රියාවක් බව කොච්නෙව් ගේ මතයයි. නැවත මුහුද ආශ‍්‍රිතව අයිස් කුට්ටි ගොඩනැගුනහොත් මෙම හිම වළසුන් ගම හැර දමා යෑම සිදුවනු ඇතැයි විද්වත්හු පවසති. එහෙත් දැනට පවතින තත්ත්වයට අනුව මුහුද ආශ‍්‍රිත අයිස් කුට්ටි දිගින් දිගටම දිය වී යෑම මත එය සිදුවීම අවිනිශ්චිත මට්ටමක පවතී.
 
 දැනට මාස කිහිපයකට පෙර හිමවළසුන් එක් අයෙකු හෝ දෙදෙනකු ගම් වැදුණද, මේ වන විට එම වළසුන් පවුල් පිටින් ආහාර සොයමින් ගමට කඩා වැදීම සිදුව තිබේ.
 
 පෝලා බෙයාර් ඉන්ටනැෂනල් සහ රාජ්‍ය නොවන සංවිධානයේ සංරක්‍ෂණ අධ්‍යක්‍ෂක ජෙෆ් යෝක්ට අනුව ඉතිහාසයට අනුව හිම වළසුන් මිනිසුන්ට පහරදීමේ අවස්ථා කලාතුරකින් සිදුවන්නකි. එයට හේතුව හිම වළසුන් මිනිසුන්ව දැකීමත්, මිනිසුන් හිම වළසුන්ව දැකීමත් නිසාය. යෝක්ට අනුව හිම වළසුන් හා මිනිසුන් අතර අර්බුදයක් ගොඩනැගීමේ අවදානමක් පැන නගිනුයේ ඔවුන් දෙපාර්ශ්වයම එකළඟ ජීවත්වන විටදී ය. අනෙක් අතට මිනිසුන් ලබා ගන්නා ආහාර ඕනෑම දෙයක් වළසුන්ට ද ගැලපීම අර්බුදයට තවත් මඟපෑදීමක් බව ඔහු කියයි. මෙහිදී තමන් ගන්නා ආහාර පැකට් කර ඇත්නම් ඒවා වළසුන්ට ඔරොත්තු දෙන බඳුන්වල දමා තැබීම ආරක්‍ෂිත පියවරක් ලෙස විද්වත්හු පෙන්වා දෙති. ගුබා ගම්මානයේ නිවැසියන් මෙම හිම වළසුන් නිසා බොහෝ විට දැන් ගමන් යනුයේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු එක්වීය. ඔවුනට පාසලට, රැුකියා ස්ථානයට හෝ බැංකුවට යෑමට සිදුව ඇත්තේත් ඒ ආකාරයටමය. ඇතැම් දෙමවුපියන් හිම වළසුන්ගේ ප‍්‍රහාරයක් එල්ල වෙතැයි බියෙන් තම දරවන් පාසලට හා පෙර පාසලට යැවීමෙන් වැළකී සිටින බවද අනාවරණය වී තිබේ.
 
 ‘සයිබීරියන් ටයිම්ස්’ පුවත්පතට අනුව හිම වළසුන් පෙර මෙන් නොව මිනිසුන්ට ඇති බිය ඔවුන් තුළින් පහව ගොස් තිබේ. එමෙන්ම වාහන නලා නාද කළ ද, අහසට වෙඩි තැබුවද ඔවුන් බිය නොවන බව හෙළි වී තිබේ.
 
 soba8 3පැරණි සෝවියට් දේශය විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා උපයෝගී කර ගත් ‘‘නොවායා සෙමියා’’ ¥පත්වල පිහිටි ගුබා ගම්මානයේ ජනගහනය 2000 කට මඳක් අඩුය. විද්වත්හු පෙන්වා දෙනුයේ හිම වළසුන් මිනිස් ජනාවාසයක් ආක‍්‍රමණය කිරීම ගෝලීය උණුසුම මත ජනතාවට එල්ලව ඇති තවත් ප‍්‍රතිවිපාකයක් බවයි. ගෝලීය උණුසුම හරහා පරිසරයට ඇතිවන බලපෑම අවම කිරීම සම්බන්ධව කෙතරම් ලෝක සමුළු හා සම්මන්ත‍්‍රණ මේ වන විට පවත්වා ඇතත් ඒවායේද එකඟ වන කරුණු ක‍්‍රියාත්මක කිරීම බලධාරීන් විසින් ප‍්‍රමාද කිරීම හේතුවෙන් ඉදිරියේදී ලෝකවාසී ජනතාවට තවත් අහිතකර ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට ලකුණු පහළ වී තිබේ. ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා කාබන්ඩයොක්සයිඞ් ඇතුළු හරිතාගාර වායූන් පරිසරයට නිකුත් කිරීම අඩු කරන ලෙසට ඉදිරිපත්ව ඇති යෝජනාව පවා නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම නිසා මේ වන විට ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් දැඩි ගැටලූ රැසකට මුහුණ පා තිබේ.
 
 ඒමන්ති මාරඹේ
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles