Divaina - ‘මේ ප‍්‍රශ්නයෙන් ගොඩයන්න නම් බුද්ධි නිලධාරීන්ට නෛතික ආවරණයක් දිය යුතුයි...’ මට බලයක් ලැබු ණොත් බුද්ධි නිලධාරීන්ට ආරක්‍ෂාව දෙනවා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali



gota
 

* රජය ජාතික ආරක්‍ෂාවට මුල් තැනක් නොදීම සියල්ලට හේතු වුනා
* සුරේෂ් සලේට පුහුණුව දුන්නේ ඇමරිකාවට යවලා
* ඉතා සාර්ථක බුද්ධි ජාලයක් අපි ඇති කළා
* මට බලයක් ලැබුණොත් බුද්ධි නිලධාරීන්ට ආරක්‍ෂාව දෙනවා

 

සාකච්ඡුා කළේ සමන් ගමගේ

ඔහු ගෝඨාභය රාජපක්‍ෂය. ලොවම මවිත කළ එල්ටීටීඊයට එරෙහි විජයග‍්‍රාහ් මානුෂීය සටනේදී මේ රටේ ආරෂක ලේකම්වරයා වූයේ ඔහුය. මේ ගෙවෙමින් තිබෙන්නේ රටට දරාගත නොහැකි ලෙස ඉස්ලාම් අන්තවාදීන්ගේ බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල වී තිබෙන අවස්ථාවකි.

මේ ඛේදනීය තත්ත්වය පිළිබ`ද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී විමසීමක් කිරීමට අපි කටයුතු කළෙමු. එහිදී ඒ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ වෙනුවෙන් අදහස් දැක්වූයේ මෙසේය.

ඉස්ලාම් ත‍්‍රස්තවාදයෙන් මේ මොහොතේ රටට දැඩි තර්ජනයක් එල්ල වෙලා. එදා ඔබ ආරෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන අවස්ථාවේත් එල්ටීටීඊයෙන් මෙවැනි අභියෝග එල්ල වුණා. එදා කොහොමද මේ දේවල් පාලනය කරගත්තේ?

මූලික දේ තමයි ප‍්‍රතිපත්තියක් වශයෙන් ආරක්‍ෂාවට තිබෙන තැන කුමක්ද කියන එක. අපේ කාලයේ ප‍්‍රතිපත්තියක් වශයෙන් ජාතික ආරක්‍ෂාවට තමයි පළමු තැන දුන්නේ. එහිදී අප ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වෙන හැම එකටම එරෙහිව ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වුණා.

අපි විතරක් නෙවෙයි ආරක්‍ෂක හමුදාවන්, පොලිසිය බුද්ධි අංශ මේ සියලූ දෙනා දැනගෙන හිටියා රජයක් හැටියට අපේ මූලික ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ ජාතික ආරක්‍ෂාව කියලා. එනිසා ඕනෑම අවස්ථාවකදී තර්ජනයක් ඇතිවෙනකොටම ඔවුන් කි‍්‍රයාත්මක වුණා.

අපේ කාලයේ ප‍්‍රධාන තර්ජනය ලෙස තිබුණේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම්. අපි අපේ සියලූ සම්පත් හමුදාව මේ හැම එකක්ම යෙදව්වේ ඒ තිබුණු තත්ත්වය පාලනය කර ගන්න සහ එය නැතිකර දමන්න.

එල්ටීටීඊයේ පරාජයෙන් පසු රටට මෙවන් ඉරණමක් අත්වූයේ පළමු වතාවට. ඔබ ආරක්‍ෂක ලේකම්වරයා රටේ ආරක්‍ෂාව පිළිබ`ද ප‍්‍රධාන වගකීමක් දරද්දී එල්ටීටීඊයේ පරාජයෙන් පසු ඒ කටයුතු ඉදිරියට ගෙන ගියේ කොහොමද?

එල්ටීටීඊය පරාජය කළාට පසුව බුද්ධි අංශ, හමුදා නායකයින් සම`ග එක්ව අපි තීරණය කළා මොනවද ඊළ`ගට අපට තිබෙන තර්ජන කියන එක. එහෙම නැතිව ජාතික ආරක්‍ෂාව පිළිබ`ද ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ හැකියාවක් නැහැනේ.

එහිදී අපි මුලින්ම තෙරුම් ගත්තා තවමත් එල්ටීටීඊයේ නැගිටීමට හැකියාවක් තිබෙනවා කියන එක. එනිසා එතැන් සිටප‍්‍රධාන වශයෙන් අපි තීරණය කළා එල්ටීටීඊ ත‍්‍රස්තවාදය නැවත හිස එසැවීමට නොදෙන තැනට අපි කි‍්‍රයාදාමයක් කළ යුතුයි කියලා.ඒ වගේම දෙවනුව අපි තෙරුම් ගත්තා ඊළ`ග එන ගැටලූව තමයි ඉස්ලාම් අන්තවාදීන්ගෙන් එල්ලවිය හැකි තර්ජනය කියලා. එදා ඒකත් අපි හ`දුනා ගත්තා. ඊළ`ගට අපි හ`දනාගත්තා කුඩු මාෆියාව සහ පාතාලය පිළිබ`දව ඒ හ`දුනාගැනීම තුළ එදා රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව වෙනුවෙන් ගනු ලැබූ කි‍්‍රයාමාර්ග මොනවද?

එසේ හ`දුනා ගැනීමෙන් පසු මේ හැමදේටම මුහුණ දිය හැකි ක‍්‍රමවේදයක් අපි යෙදුවා. යුද්ධය අවසන් වූවාට පසුව මාර්ග බාධක, පරීෂා කරීම් කරන එක ආදිය අපි කළේ නැහැ. ඒවා නතර කළා. නමුත් රටේ මොකද වෙන්නේ කියල සොයා බලන්න ඉතා සාර්ථක බුද්ධි ජාලයක් අපි ඇතිකළා.

මේ බුද්ධි ජාලය නිසා ඒ දිනවල එල්ටීටීඊය යළි හිස එසැවීමට ගනු ලැබූ උත්සාහයන් මුලින්ම ගලවා දමන්න අපි හැකිවුණා. එය කරන්න පුළුවන් වුණේ ඇතිකර තිබූ බුද්ධි ජාලය නිසා.

එල්ටීටීඊය සම්බන්ධයෙන් එසේ කි‍්‍රයාත්මක වීමේදී එදා හ`දුනා ගනු ලැබූ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කෙරුණේ කෙසේද?

ඒ කාලයේ භයානක තත්ත්වයේ ඉස්ලාම් අන්තවාදී මතවාදයක් තිබුණේ නැහැ. නමුත් අන්තවාදී ඉස්ලාම් මතවාදී ප‍්‍රචාර ගෙනගිය කණ්ඩායම් කිහිපයක් සිටියා. එය අලූත් මුහුණුවරක් ගත් දෙයක් වුණා.

එනිසා මම ආරක්‍ෂක ලේකම්වරයා ලෙස එදා මුලින්ම කළේ යුද හමුදා බුද්ධි බළාකයේ ප‍්‍රධානියකුව සිටි බි‍්‍රගේඩියර් සුරේෂ් සලේව ඇමරිකාවට යවලා මේ ඉස්ලාම් අන්තවාදය පිළිබ`ද පුහුණුවක් ලබා දෙන එක.

එම පුහුණුව අවසන්ව ඔහු ලංකාවට පැමිණි පසු ඔහුව යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර පිරිස් බලය මෙන්ම අවශ්‍ය කරන සියලූ තාක්‍ෂණික උපකරණ ආදිය ලබා දී එදා කොල්ලූපිටියේ තිබූ මාධ්‍ය ආරෂක අමාත්‍යංශයේ මාධ්‍ය මධ්‍යස්ථානය අපි ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන ස්ථානයක් බවට පත්කළා. මෙහිදී භූමියේ රාජකාරි කළ හැකි විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ඇති කර අරාබි ඔවුන්ට භාෂාව පිළිබ`ද පුහුණුව පවා ලබා දුන්නා.

ඒ විදිහට අපි මේ ඉස්ලාම් අන්තවාදය පිළිබ`ද සොයා බැලීම ස`දහාම යුද හමුදා බුද්ධි අංශයේ කණ්ඩායමක් අඇති කළා. එතැන් සිටි ඔවුන් එය ඉතාම හො`දින් කරගෙන ගියා. මේ නිසා ඉස්ලාම් අන්තවාදය එදා පවතින තත්ත්වයෙන් ඉදිරියට ගියානම් අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව අපි සතුව තිබුණා.

එවන් ඒකකයක් යුද හමුදා බුද්ධි අංශ සය සතුව එදා තිබුණා නම් කොහෙමද මෙවැනි භිහිසුණු ප‍්‍රහාරයකට මේ රටේ ජනතාව ගොදුරු වුණේ?

අපි එසේ කි‍්‍රයත්මක වුණාට අවාසනාවකට වගේ 2015 වසරේ මේ රජය බලයට පත්වීමෙන් පසු ජාතික ආරක්‍ෂාවට ලබාදී තිබූ ප‍්‍රමුඛත්වය විනාශ කළානේ. ඒ විතරක් නෙවෙයි හමුදාවන්ට තිබූ බලය ඉවත් කර කිසිවක් නොකරන ලෙස ඔවුන් දැනුම් දී කිව්වා සියල්ල පොලිසියට භාර දෙන්න කියලා.

ඒ වගේම මේ පිළිබ`දව විශාල වැඩකොටසක් කරමින් සිටි යුද හමුදා බුද්ධි බළකායේ අධ්‍යක්‍ෂ සුරේෂ් සලේව එම ස්ථානයෙන් ඉවත් කරලා ඔහුව මැලේෂියාවට යැව්වා.

මෙන්න මේ කි‍්‍රයාදාමයේදී ඉස්ලාම් අන්තවාදය පිළිබ`ද සෙවීමට අපි ඇතිකරපු වැඩපිළිවෙළ වගේම ආරක්‍ෂක මධ්‍යස්ථානයත් සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඊළ`ග අපි කවුරුත් අද දන්නවානේ බුද්ධි අංශවලට මොකද වුණේ කියලා.

විවිධ චෝදනා ගෙනල්ලා බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂවරයකු පවා හිර කරලා හමුදාපතිවරුන්ට නඩුදාලාඔවුන්ව බන්ධනාගාරගත කරලා කරන්න පුළුවන් හැම දෙයක්ම කළානේ. මෙහෙම කරලා බුද්ධි අංශවල තිබූ මානසිකත්වය සමුපූර්ණයෙන්ම බි`ද වැට්ටුවා.

මේ රජයේ ප‍්‍රතිපත්තිය හැටියට තිබුණේ සංහි``දියාව, මානව හිමිකම් මිනිස්සුන්ගේ නිදහස වගේ දේවල්නේ. ඒවා තිබෙන්න පුළුවන්. එහෙත් ඒවා තිබෙන අතරේ ජාතික ආරක්‍ෂාව කියන එකයි ඉතාම වැදගත් වෙන්නේ. ජාතික ආරක්‍ෂාව කියන එක අමතක කරලා මේව ගෙනාවට වැඩක් වෙන්නෙ නැහැ.

රටේ ජනතාව ඉලක්ක කර එල්ල කෙරුණු මේ අති බීහිසුණු ඉස්ලාම් අන්තවාදී ප‍්‍රහාරයේදී අද කියැවෙන වැදගත් කිරුණක් වී තිබෙන්නේ ජාත්‍යන්තර බුද්ධි සේවා දැනුම් දී තිබුණත් නිසි කි‍්‍රයාමාර්ග ගත්තේ නැහැ කියන එක. ඒ පිළිබ`ද යමක් ස`දහන් කළොත්?

අපිට මේක එක සිද්ධියක් ලෙස ගෙන විශ්ලේෂණය කරන්න බැහැ. අපි කල්පනා කළ යුත්තේ ඇයි එවන් තත්ත්වයක් ඇති වුණේ කියන එක. යම් හේතුවක් නිසානේ මෙහෙම වුණේ.

gota2ඒ හේතුව තමයි ප‍්‍රතිපත්තියක් වශයෙන් රජය ජාතික ආරක්‍ෂාවට මුල් තැනක් නොදීම. එහෙම වුණහම වෙන්නේ මෙවැනි බරපතළ තත්ත්වයන්ට ජනතාව මුහුණදීම දීම තමයි. අද මිනිස්සු දන්නේ නැහැ මොකක්ද ඇත්තටම වෙලා තිබෙන්නේ කියලා.

ඉස්ලාම් අන්තවාදය කියන්නේ මොකක්ද? මොන තත්ත්වයකද මේක තිබෙන්නේ. ඉස්සරහට වෙන්නේ මොනවද? මේ කිසිම දෙයක් ජනතාව දන්නේ නැහැ.

ඉස්සර එල්ටීටීඊ ත‍්‍රස්තවාදියෙක් ඇවිත් බෝම්බයක් දැම්මහම අපි දන්නවා මේක මෙහෙනුයි ආවේ. වුණේ මෙහෙමයි. සම්බන්ධතාව මේකයි. කොටි බෝම්බ ගහනවා, වගේ සියලූම කරුණු.

ඒත් මේ ඉස්ලාම් අන්තවාදය ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැනේ. ඉස්සර එල්ටීටීඊය ගැන දන්න හින්දා යම්කිසි සැකකටයුතු මිනිහෙක් ගියත් ජනතාව ඒ ගැන පොලිසියට දැනුම් දෙනවා. ඒත් මේකෙදී එහෙම කියන්න ජනතාවට අවබෝධයක් තිබුණේ නැහැනේ. මේ සියල්ල රජය සම්පූර්ණයෙන් ප‍්‍රතිපත්තියක් වශයෙන්ම කඩලා දැම්මා.

රජය එහෙම කටයුතු කළහම අනිත් මිනිස්සුත් ඒ ගැන හිතන්නේ බලන්නේ නැහැ. ඒක තමයි මේ වුණේ. පොලිසියට තොරතුරත් ලැබුණ එක ඇත්ත. ඒත එහෙම තොරතුරක් ලැබුණහම මේක ඇත්තද? මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? මේක බොරුවක් වෙන්න බැරිද? අද ඒ වගේනේ ඒ වගේනේ හැමෝම හිතන්නේ.

ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය දිහා බැලූවහම, පොලිස්පතිවරයා මේකේදී කටයුතු කළ අන්දම බැලූවහම මට නම් පේන්නේ මේ අනවබෝධී මානසිකත්වය නිසා තමයි මේ අපරාධය වුණේ කියන එක.

ආරක්‍ෂක ලෙකම්වරයා කෙළින්ම කියනවනේ එයා හිතුවේ මේක පොඩි දෙයක් බව කියලා. ඇයි එයා එහෙම හිතන්නේ. එයා දන්නේ නැහැ මේක මොනතරමට වර්ධනය වුණු එකක්ද කියලා. එයා දන්නේ නැහැ මේ ඉස්ලාම් අන්තවාදීන් පුහුණුවක් ලබා තිබෙනවද? ඔවුන් ප‍්‍රහාරාත්මක තත්වයට පැමිණි තිබෙනවාද යන්න පිළිබ`දව.

කාටවත් ඒ ගැන අවබෝධයක් නැහැනේ. ඒ ගැන අවධානයක් යොමු වුණේ නැහැ. එහෙම වුණහම මේ වගේ වැදගත් තොරතුරක් ආවත් එයා හිතන්නේ මේක සාමාන්‍ය තොරතුරක් කියලයි.

මරාගෙන මැරෙන අන්තවාදී කාඩරයන් ඉන්නවද? ඔවුන්ට ප‍්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්ද වගේ කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙම නොදැනුවත් වෙන්නේ ඒ පිළිබ`දව රජය කිසිම අවධානයක් යොමු නොකරපු නිසා. මේන මෙතැනයි වැරද්ද තිබෙන්නේ.

දැන් ඉතින් පොලිස්පති අස්වෙන්නයි. අරයයි. මෙයයි. කියලා වැඩක් නැහැ. මෙහෙම වුණේ රජයක් හැටියට හරි අවධානයක් නොමැතිව බුද්ධි අංශ විනාශ කරලා ඔවුන්ගේ මානසිකත්වය විනාශ කරපු නිසයි.

පවතින තත්ත්වය අද රටේම ප‍්‍රශන්යක් වෙලා. රටම පවතින්නේ එකතැන නතරවෙලා වගේ. කොහොමද අපි මෙතැන් ගැලවී ඉදිරියට යන්නේ. කුමක්ද අපි කළ යුතු වන්නේ?

සිදුවුණු දේවල් අනුව දැන් මට තිබෙන ප‍්‍රශ්නයක් තමයි මේ නිලධාරීන් කැපවීමකින් කටයුතු කරයිද කියන එක. සිදුවුණු දේවල් එක්ක ඔවුන් හිතනවානේ මේකට අතගහන්න ගිහින් අපිට ආයෙත් සීඅයිඞී යන්න වෙයිද? උසාවි යන්න වෙයිද? නඩු දායිද කියලා.

දැන් මුළින්ම කළයුතු වන්නේ ඔවුන්ගේ මානසිකත්වය හදන එක. වහාම ආණ්ඩුව කළයුතු වන්නේ දැන් මේ නිලධාරීන්ව යළි කිසි දවසක ප‍්‍රශ්න කිරීමකට ලක්කළ නොහැකි ලෙස නෛතික ආරක්‍ෂාවක් ලබාදීමයි.

මට බලයක් ලැබුණොත් මුලින්ම ඒ නිලධාරීන්ට එවැනි ආරක්‍ෂාවක් ලබාදීමෙන් පසුවයි වැඩපටන් ගන්නේ. මූලික වශයෙන් දැන් අපට කරන්න තිබෙන්නේ ඇතිවී තිබෙන හමුදාමය තත්ත්වයට මුහුණ දීමනේ. ඒක කරන්න පුළුවන් ආරෂක අංශවලට පමණයි.

බුද්ධි අංශ සහ ආරක්‍ෂක අංශ එක්තුවෙලා. මේ ජාලය කුමක්කද? ඒක කි‍්‍රයාත්මක වෙන්නේ කෙසේද ආදී වශයෙන් සියලූ දේ සොයා බලමිනුයි මේ කටයුත්ත ආරම්භ කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ආරක්‍ෂක අංශවලට.

එනිසා ආරක්‍ෂක අංශ හරිආකාරව කි‍්‍රයාත්මක කරවීමට නම් මුලින්ම ඔවුන්ට නෛතික ආවරණයක් ලැබනෙ පරිදි අලූතින් නීතියක් ඇති කර, ඔවුන්ට අවශ්‍ය බලය ලබාදී මානසිකත්වය ගොඩනැගීම මුලින්ම කළ යුතුයි.

ඒක තමයි මූලිකම දේ. ඉන්පසුව ඉතින් ඊට එහා ගිය සමාජයක් වශයෙන් මේකට මොනවද කරන්න පුළුවන් කියලා සොයා බලා කටයුතු කළ යුතුයි. මෙහිදී මුස්ලිම් ආගමික සහ දේශපාලන නායකයන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා කරන්න.

මෙහිදී සමහර කරුණු තිබෙනවා රජයකට යන්න බැරි සංවේදී දේවල්. එවැනි දේ මුස්ලිම් සමාජය තුළින්ම කළ යුතු වෙනවා. ඔවුන්ගේ ජනතාව අන්තවාදයට යෑම වැළැක්වීම, ඒ පිළිබ`ද කටයුතු කරන වැඩපිළිවෙළවල් නතර කිරීම, මොනවද අන්තවාදී සංවිධාන යනුවෙන් සොයා බලා ඒවා නතර කිරීම වගේම මේ මෑතකාලයේ සිදුවූ ඇුදුම්වල වෙනස්කම් පවා නතර කිරීම යන මේ දේවල් කළ හැක්කේ ඒ සමාජයට.

මේ දේවලා පිටස්තර අය කරන්නට ගියහොත් වෙන විදිහිකට අර්ථකථනය විය හැකියි ජාතිවාදීයි කියලා. ඒනිසා ඒවා කළයුතු වන්නේ ඒ සමාජය තුළින්මයි. මෙහිදී එයාලටත් විශාල වගකීමක් තිබෙනවා.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය කියන්නේ අපේ රටතුළ තිබූ ගැටලූවක් එහෙත් මේ දිගහැරී තිබෙන්නේ ජාත්‍යන්තර දක්වා විහිදී ගිය කතාවක් කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ?

නැහැ. ජාත්‍යන්තර වශයෙන් විහිදී ගියත් ජාත්‍යන්තරයට ඇවිත් මෙහෙ සටන් කරන්න බැහැනේ. ඒක අපිට නතර කරන්න පුළුවන්නේ. ඒක කරන්න ක‍්‍රමවේද තිබෙන්වා. මේක හැදෙන්නේ රට තුළින්මනේ. ඒ අයව නවත්තන එක අපිට කරන්න පුළුවන්.

මෙහිදී අපට ජාත්‍යන්තරයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නත් පුළුවන්. නමුත් මේක පාලනය කිරීම තිබෙන්නේ අපේ හමුදාව සහ පොලිසිය අතේ. ඒක අපි කරලා තිබෙනවනේ. ඒ නිසා ඒක අපිට කරන්න පුළුවන්. බුද්ධි තොරතුරුවල තිබෙන හිඩැස නිවැරදි කරගත්තොත් මේක අපිට කරන්න පුළුවන්.

දැන් මේ සිදුවීමේදී නිතර කියැවෙනවා ආරක්‍ෂක මණ්ඩලය පිළිබ`දව. ආරක්‍ෂක මණ්ඩලයට අගමැතිවරයාට එන්න දුන්නේ නැහැ. වගේ විවිධ කතා කියැවෙමින් තිබෙනවා. අතීතයේදී ආරෂක මණ්ඩලය තුළ මෙවන් අභියෝගවලදී කටයුතු සිදුවුණේ කොහොමද?

අගමැතිවරයාට ආරෂක මණ්ඩලයට එන්න ඉඩ නොලැබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිටිනේ. නමුත් මේක ඔක්තෝබර්වලදී ආරම්භ වුණු දෙයක් නෙමේනේ. මම දන්නවා මීට පෙර රටේ බුද්ධි අංශවලිනුත් මේ තර්ජනය ගැන ආරෂක මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

සිදු වුණේ ආරක්‍ෂක මණ්ඩලය මේ පිළිබ`දව නිසි අවධානය යොමු නොකිරීමයි. ආණ්ඩුවක් හැටියට ජාතික නායකයන් ලෙස ඔවුන් ජාතික ආරක්‍ෂාව පිළිබ`ද අවධානය යොමු කළේ නැහැ. මේක මෙතනදී කළොත් මුස්ලිම් කට්ටිය තරහා වෙයි. මුස්ලිම් ඡුන්ද ටික නැතිවෙයි වගේ දේවල්නේ මෙයාලා බැලූවේ.

මුස්ලිම් දේශපාලන නායකයොත් හිටියේ එතැන. ඇත්ත කතාව ඒක. එදා කවුරුහරි මේවා ගැන කතා කළොත් සිදුවුණේ ජාතිවාදී ලේබලය ඇලවීම. මෙයා ජාතිවාදීයි. ඔන්න ජාතිවාදය අවුස්සන්න හදනවා. නැති යුද්ධයක් ඇතිකරන්න හදනවා කිව්වා.

ඒ වගේ මොනතරම් කියලා ඇත්ද? එහෙම වුණේ ඒ වාතාවරණය රජය විසින් ඇතිකරපු නිසානේ.

ආරක්‍ෂක මණ්ඩලය කියන්නේ විශේෂයෙන්ම ජාතික ආරක්‍ෂාව ගැන කතා කරන තැන. එතනදී බුද්ධි අංශ නායකයින්, හමුදාපතිවරුන් පොලිස්පතිවරයා ජනාධිපතිවරයා සහ අනිත් අයට පැහැදිලි කර දෙනවා රටේ තිබෙන තත්ත්වය පිළිබ`දව.

එහෙම කළහම ජනාධිපතිවරයා ඇතුළු අනිකුත් පිරිසට තීරණයක් ගතහැකියි. එදා මෙතනදී අපි කළ මූලික දේ කමයි ජාතික ආරක්‍ෂව කියන එකට පළමු තැන දෙන එක. ප‍්‍රම්ඛත්වය දුන්නේ එතැනට. ජාතික ආරක්‍ෂාව කියන්නේ ජනතාවගේ ආරක්‍ෂාවනේ. ඒකට තර්ජනයක් වෙන යම් දෙයක් සිදු වුණානම් එදා අපි වහාම ඒකට කි‍්‍රයාත්මක වුණා.

මේ ආණ්ඩුව ඒක කළේ නැහැ. ඒ පිළිබ`දව කතා කළත් ඒක වැරදි දෙයක් විදිහට තමයි දැක්කේ. ඇයි ඉස්සර යුද්ධය දිනන්න බැරි වුණේ. දෙගිඩියාව නිසා. මේක දිනන්න පුළුවන් දිනිය යුතුයි ඉවරයක් කරන්න ඕන කියන මානසිකත්වය තිබුණේ නැහැ. ඒ මානසිකත්වය හමුදාවන්ට දුන්නේ නැහැ.

චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ එක කට්ටියක් සුදු නෙළුම් කියලා මිනී පෙට්ටි උස්සගෙන ගියා. තව කට්ටියක් යුද්ධ කරන්න ඕනේ කිව්වා. මෙහෙම වුනහම ජනතාව අතරේ එක මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැනේ.

අපේ කාලේ අපි කිව්වේ නැහැ අපි යුද්ධ කරනවා. දිනලයි නතර කරන්නේ කියන එක.මේ මානසිකත්වය ජනතාව, හමුදාව වගේ හැමෝම ගේන්න අපි කිටයුතු කළා. මේක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ.

කල්පනා කරලා බලන්නපසුගිය කාලයේ තිබුණු තත්ත්වය තුළ කවුරු හරි ගිහින් මිනිස්සු ටිකක් මේකට අත්අඩංගුවට අරගත්ත නම් කවුරුහරි ඇවිත් කියයි අන්න මිනිස්සු අල්ලල, වැරදි වැඩක් කළේ ඇල්ලූව අය නිදහස් කරන්න කියලා. එතකොට නිදහස් කරනවා. පසුගිය දිනවල වනාතවිල්ලූවේ අත්අඩංගුවට ගැනීමේදී ඒකනේ වුණේ.

අපේ කාලෙදී එහෙම වෙන්නේ නැහැනේ. තියාගෙන ප‍්‍රශ්න කරලා තවදුරටත් ගිහින් අවසානයක් කරනවානේ. එහෙම මානසිකත්වයක් අද නැහැ. ඒ මානසිකත්වය කඩලා. කවුද ඒකට වැරදි. වැරදි රජය.

මේ රජය බලයට පැමිණිමෙන් පසු පැහැදිලිව දක්නට ලැබුණු දෙයක් තමයි පොලිසියට මුල්තැන දීල කටයුතු කරපු එක. ඒකෙන් මේ භයානක තත්ත්වය ඇතිවීමට බලපෑමක් සිදුවුණාද?

අපේ හමුදා බුද්ධි අංශයනේ මේ වැඩවලදී ප‍්‍රමඛත්වය දියයුතු එක. මේ ආණ්ඩුව එතන්ට බලය දුන්නේ නැහැනේ. ඔවුන්ව ඉවත් කර පොලිසියට තමයි ඒ වැඩ භාර දුන්නේ. නමුත් මේවට හැකියාව තිබෙන. පුහුණුව තිබෙන අපේ මූලික පිරිස තමයියුද හමුදා බුද්ධි අංශ. ඒකට මේ දේවල් භාර දුන්නේ නැහැ ආණ්ඩුව. ඔවුන්ගෙන් අරගත්තා. ඒක තමයි මේ හැම දේකටම හේතුව වුණේ.

අද ජනතාව විශාල අර්බුදයක ඉන්නේ. ඒ වුණත් ආණ්ඩුවේ දේශපාලනඥයන් මේ පිළිබුදව විවිධ කතා කියනවා. ඒ ගැන ඕබේ අදහස මොකක්ද?

ඇත්තෙන්ම මේක විශාල අර්බුදයක්. නමුත් මේයා ඒක විහිළුවකට අරගෙන. ඒකයි වෙලා තිබෙන්නේ. පේනේ නැද්ද සමහරුරූපවාහිනී සාකච්ඡුාවලට ඇවිත් කියන කතා. මේකේ තිබෙන බැ?රුම්කම තේරුම් නොගත්ත අය තමයි ඉන්නේ. විශේෂම දේ මේ රජයේ ආණ්ඩුකාරවරු අරගොල්ලෝ, මේගොල්ලෝ කිසිම වැදගම්මකට නැති මිනිස්සු දාගෙන ඉන්නේ.

ඔවුන් කතා කරන දේවල් බලන්න.මෙච්චර විනාශයක් සිදුවෙලත් ඔවුන්ට වගකීමක් තිබෙනවද බලන්න. ඒ තරම් පහත් තත්ත්වයට වැටිල ඉන්නේ.

යදුධය අවසන් වී දසවසරකට ආසන්නව තිබියදී මේ ම්ලේච්ඡු ප‍්‍රහාරයට රටේ ජනතාව ගොදුරුවූ බව දැනගත්තහම යුද ජයග‍්‍රහණයේදී රටේ සිටි ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔබට මොනවගේ හැ`ගීමක්ද ඇතිවුණේ?

අපි අවසන් කළේ තිස්වසරක් මේ රටේ ජනතාව වි`දවපු යුද්ධයක්. ඉන්පසු රටට සාමය උදා වුණා. විශාල කැපකිරීම් තුළින් ඇති කරපු සාමය යළි නැතිවුණා කියලා දැනගත්තහම ලොකු කණගාටුවක් ඇතිවුණා. මේ රටේ මිනිස්සු පිළිබ`ද විශාල දුකක් ඇතිවුණා.




විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles