Divaina - ගෙවල් ප්ලෑන් කරන අලූත් විදිහ ආසියාවට කියාදුන් සිංහල කෙල්ල මිනට් ද සිල්වා; ‘ඝර්ම කලාපීය නූතනවාදී ගෘහ නිර්මාණ ශිල්පයේ පුරෝගාමියා’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 minit

විවිධ විෂයන්හි විශේෂඥ දැනුමක් ඇති මිනිසුන් ලෝකයේ බොහෝ ඇතද විෂයන් කීපයක් සම්බන්ධ කොට නව නිර්මාණ බිහිකරන අය දුර්ලභය. විශේෂයෙන් පුරුෂ ප‍්‍රමුඛතාවක් ඇති ලෝකයක කාන්තාවක් එවැනි හැකියාවක් පෙන්වයි නම් ඇගේ වටිනාකම ගැන කියනු කවරේද. කාන්තාවන් අතලොස්සක් විසින් තෝරාගන්නා ගෘහ නිර්මාණ ශිල්පය වැනි ක්ෂේත‍්‍රයකට නව මානයන් සොයා ගිය මිනට්ද සිල්වා එවැනි විශ්වකර්ම ගැහැණියකි. ගෘහ නිර්මාණ ශිල්පීය ක්ෂේත‍්‍රය තුළ අද පවා ඇය හැඳින්වෙන්නේ ඝර්ම කලාපීය නූතනවාදී ගෘහ නිර්මාණ ශිල්පයේ ආරම්භකයා (PIONEER OF TROPICAL MODERNIST ARCHITECT) වශයෙනි. එහෙත් ලක්මවගේ අතිජාත දියණියක වන ඇය ගැන අප රටේ දන්නේ කීයෙන් කී දෙනකුද වසරකට වරක්වත් ස්මරණය කළ යුතු ඇය වැනි කාන්තාවක් ඉතිහාසයට තල්ලූ කොට නිහඬව සිටීම කෙතරම් සාධාරණද?
 
 මිනට් ද සිල්වා උපත ලබන්නේ මහනුවර මිශ‍්‍ර මාපිය යුවළකට දාව ඔවුන්ගේ බාල දරුවා වශයෙන් 1918 පෙබරවාරි 01 වැනිදාය. ඇගේ පියා සිංහල බෞද්ධ නායකයකු වන ජෝර්ජ් ඊ. ද සිල්වාය. ඔහු එකල ලංකා ජාතික සංගමයේ සභාපති හා පසුකලෙක රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද දැරීය. මව බර්ගර් ජාතිික කතෝලික කාන්තාවක් වූ ඇග්නස් ද සිල්වාය. මිනට්ගේ වැඩිමල් සොහොයුරිය අනිල් ද සිල්වා කලාකාරියක හා ඉතිහාසඥවරියක වූ අතර වැඩිමල් සහෝදරයා වූ ෆෙඩි‍්‍රක් ද සිල්වා නීතිඥයකු මෙන්ම කලක් මහනුවර පුරපති වශයෙන්ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙසද ක‍්‍රියා කළේය.

 

minit3
 කුඩා කලම ඇය එංගලන්තයේ බ‍්‍රයිටන්හි සාන්ත මේරි විiාලයේ මූලික අධ්‍යාපනය ලැබුවාය. 1929 දී ඇය මෙහි පැමිණෙන්නේ එකල වර්තමානයේ පවා ස්ත‍්‍රීන් කලාතුරකින් තෝරාගන්නා ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගැනීමේ අරමුණ ඇතිවය. නමුත් ඇගේ පියාගේ අදහස වූයේ එය නොවේ. ඒ අනුව මාමා වූ වෛi ඇන්ඩෲ ෆේල් විසින් මිනට්ව බොම්බායේ ශ‍්‍රීමත් ජම්සෙත්ජි ජීජිබෝයි සෞන්දර්ය විiාලයට ඇතුළත් කරනු ලැබීය.

minit2මුල්ක් රාජ් ආනන්දි හා රවි ශංකර් ඇයට මුණගැසෙන්නේ එහිදීය. ඔවුන් විසින් පවත්වාගෙන ගිය ‘මාර්ග්’ (MAGE) නම් සගරාවේ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ කර්තෘ ධුරය ඇයට පිරිනැමෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එහි ඊළග ප‍්‍රකාශනයට ඇය නූතන (එකල) ගෘහ නිර්මාණ ශිල්පයට කලාව හා සංස්කෘතිය යොදා ගැනීම පිළිබඳව ලිපි සැපයූවාය. මේ අතර ජර්මන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඔටෝ කොඑහිග්ස් බර්ග්ගේ (OTTO KOENIGSBERG) කාර්යාලයේ සේවයට එක් වූවාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අප‍්‍රිකාව, ආසියාව හා ලතින් ඇමරිකානු රටවල නගර සැලසුම් සකස් කිරීමේ ප‍්‍රවීණයකු වූ කොඑහිග්ස්බර්ග් සමග ඇය බිහාරයේ ‘ටාටා ස්ටීල් පිටි’ (TATA STEEL CITY) සඳහා සැලසුම සකස් කිරීමටද දායක වූවාය.
 
 පියා කෙතරම් විරෝධය පෑවද ඇගේ අභිප‍්‍රාය වූයේ ගෘහ නිර්මාණ ශිල්පිනියක වීමටය. ඒ අභිලාශයෙන් දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ලන්ඩන්හි ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ ශිෂ්‍යාවක වූවාය. ඒ වන විට එහි අධ්‍යනය ලැබූ එකම කාන්තාව වූයේ ඇයයි. ඇගේ ක්ෂේත‍්‍රය තුළදී එකල ගෘහ නිර්මාණ ශිල්පයේ පතාක යෝධයකු වූ ලේ කෝබර්සියර් (LE CORBUSIER) පමණක් නොව පැබ්ලො පිකාසෝ, හෙන්රි කාටියර්, ලෝරන්ස් ඔලිවියර් ආදීන් සමීපව ආශ‍්‍රය කිරීමට අවස්ථාව ලැබිණි.
 
 1948 දී ලංකාව ස්වාධීන රාජ්‍යයක් වූ පසු ඇගේ පියා ඇයට ආරාධනා කළේ මෙහි පැමිණ එය සංවර්ධය කිරීමට උරදෙන ලෙසය. ඒ අනුව මවුරටට පැමිණි මිනට් ද සිල්වා සෙන්ටි ජෝර්ජ් (ඇගේ මහ ගෙදර) හි නිරත වූවාය. ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද්දේ තමාගේම යැයි කිවහැකි කිසිදු මුදලක් නොමැතිවය.
 
 එකල ලොව ප‍්‍රසිද්ධම ගෘහ නිර්මාණ ශිල්පිනියන්ගෙන් කෙනකු මෙන්ම බි‍්‍රතාන්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය හිමිකරගත් එකම කාන්තාව වූයේද ඇයයි. සිය වෘත්තීය ක්ෂේත‍්‍රයේ විවිධ අත්හදා බැලීම් කෙරෙහි යොමු වූ ඇය තම සැලසුම් සඳහා සම්ප‍්‍රදායික දේශීය කලාව බහුලව යොදා ගත්තාය. ප‍්‍රකට විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමිගේ බලපෑම ඇයට බෙහෙවින් බලපා ඇත. දේශීය කලාවන් හා සංස්කෘතිය පිළිබඳව නිතරම ඔහු ඇයට උපදෙස් ලබාදුන් බව සඳහන් වේ. ඇය විසින් ගොඩනගන ලද හැම නිර්මාණයකම මේ විශේෂත්වය දක්නට ලැබේ. එහෙයින්ම ‘ඝර්ම කලාපීය නූතනවාදී ගෘහ නිර්මාණ ශිල්පයේ පුරෝගාමියා’ ලෙස මිනට් ද සිල්වා හඳුන්වා දීම වරදක් නොවේ.
 
 සිය ගෘහ නිර්මාණ ජීවිතයේ ඇය ආරම්භ කරනු ලැබුවේ පවුලේ හිතවතකු වූ ඇල්ගි කරුණාරත්න, ලෙටී කරුණාරත්න යුවළගේ නව නිවස සැලසුම් කිරීමෙනි. ඒ 1947 වසරේදීය. අද මහනුවර ප‍්‍රදේශයේ සුලභව දැකගත හැකි වුවද එකල කලාතුරකින් සිදුවූ කඳුගැට අද්දර නිවාස තැනීමේ ශිල්පයට ආරම්භයක් දෙමින් ඇය සැලසුම් කළ නිවසේ ඇස්තමේන්තුගත වියදම එකල රුපියල් 40,000 ක් විය. එමෙන්ම එය මුළු ආසියාවේම කාන්තාවක විසින් සැලසුම් කළ පළමු නිවසද වූයේය. 1951 දී එය සාදා නිමකරන ලදී.

minit1


 මිනට් ද සිල්වා ගෘහ නිර්මාණ ශිල්පය සිිය වෘත්තීය වශයෙන් තෝරා ගත්තේ අභියෝග රැසක් මධ්‍යයේය. එකක් නම් ඇගේ ජාතිය හා ලිංගිකත්වයයි. ඊටත් වඩා සිය පියාගේ දැඩි විරෝධයද ඇයට එල්ල වූයේය. ඇය බොම්බායේ ඉගෙනුම ලබද්දී ඇගේ පන්ති ගාස්තු ගෙවීම සිදුකරනු ලැබුවේද මවගේ මාමා විසිනි. ඇගේ මරණය සිදුවූ 1998 වසරේදී රචනා කරන ලද (THE LIFE & WORK OF AN ASIAN ARCHITECT) නම් චරිතාපදානයේ මේ කරුණු සඳහන් වේ.
 
 ලන්ඩනයේදී ඇය සමග ඉගෙනුම ලද ගෘහ නිර්මාණ ශිල්පී ගිලියන් හෝවෙල් (GILLIAN HOWELL) මෙසේ කියයි.
 
 ‘‘... අතිශයින්ම පියකරු, යුවතියක වූ ඇය සාරියකින් සැරසී කෙස් කළඹේ මල් ගවසා ගෙන අධ්‍යනයන් සඳහා ගමන් කරද්දී නිතරම ඈ පිටිපස තරුණ ශිෂ්‍යයන් රැළක් වූයේය. ඉන් සමහරකු අත ඇගේ සිතුවම් ඵලකයද තවත් අයකු අත අත් බෑගයද, සූට්කේසයද, ස්කාෆයද, ෂෝලයද වූයේය. එතරම් ආකර්ෂණයක් ඇයට එහිදී ලැබුණි...’’
 
 සිය ස්වයං චරිතාපදානය මෙන්ම ආසියාතික ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතිහාසය (THE HISTORY OF ASIAN ACHITECTURE) නමින් පාඨ ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කිරීමට ඇගේ අදහසක් තිබිණි. නමුත් අවාසනාවකට මෙන් මේ අරමුණු දෙකම ඉටුකර ගන්නට ඇයට හැකි වූයේ නැත. අවසානයේ සිදුවූ එකම දෙය ඇයත් සමග ඇය පිළිබඳ ඉතිහාසයද සැගවී යෑමය.
 
 1962 වසරේදී ඇගේ මව ඇග්නස් ද සිල්වා මියගියාය. එයින් මහත් චිත්ත පීඩාවට පත් ඇය ලංකාවෙන් පිටව දීර්ඝ ලෝක සංචාරයක නිරත වූවාය. ග‍්‍රීසිය, ඉරානය, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානයේ ගෘහ නිර්මාණ ශිල්ප ක‍්‍රම අධ්‍යනයටද එමගින් ඇයට අවස්ථාව ලැබුණි.
 
 මිනට් ද සිල්වා විසින් සැලසුම් කරන ලද පෞද්ගලික නිවාස හැරුණු විට ඇගේ ශෛලිය ඉතාමත් පැහැදිළිව විකාශනය කෙරුණු ස්ථානයක් වන්නේ මහනුවර කලා සංගමය හා සංස්කෘතික මධ්‍යස්ථානයයි. එය සැලසුම් කිරීමේදී ලංකාවේ සාම්ප‍්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පීය ලක්‍ෂණ වන උඩරට පැතලි උළු, වහලය, මිදුල, මණ්ඩපය, තොරණ, රගහල, අවන්හල ආදී දේ උපයෝගී කරගනු ලැබුවාය. එහි උiානයේ පිටුපස කොටස ස්වභාවික එලිමහන් රගමඩලක් ලෙස සැලසුම් කරනු ලැබීය.
 
 පෞද්ගලික නිවාසවලට අමතරව සංචාරක හෝටල් කිහිපයක් ද ගම්පොල ජිනරාජ විiාලයද මහනුවර රතුකුරුස සංගම් ශාලාවද ඇගේ සැලසුම් අතර වේ. නමුත් රතුකුරුස ශාලාව සැලසුමට පමණක් සීමා විය.
 
 1979 වසරේදී නැවත සිය පවුලේ මහ ගෙදර වූ සෙන්ට් ජෝර්ජ් හි තමාගේම ආයතනයක් ආරම්භ කිරීමට ඇගේ අභිප‍්‍රාය වූයේය. ඇය තම ආයතනය නම් කරන ලද්දේ මිනට් ද සිල්වා ඇසෝසියේට්ස් නමිනි. එහෙත් සුදුසු කාර්ය මණ්ඩලයක් සපයා ගැනීමට නොහැකි වීම නිසා එය එතරම් සාර්ථක වූයේ නැත.
 
 මිනට් ද සිල්වාගේ වෘත්තීය ජීවිතය හැරුණු කොට පෞද්ගලික ජීවිතය තුළද යම් විශේෂතා දැකගත හැකිය. හැම විටම ඇය තමාව හඳුන්වා දුන්නේ සිංහලයකු හෝ ලාංකිකයකු වශයෙන් නොවේ. ආසියාතිකයකු වශයෙනි. සමහරකගේ අදහස නම් ඇගේ වෘත්තීය ජීවිතයට පදනම සැලසුනේ ඉන්දියාවේ ගත කළ කාලය නිසා ඇය එසේ සිතීමට පෙළඹෙන්නට ඇති බවයි.
 
 එමෙන්ම විවාහ ජීවිතයක් ගැන කිසිදු අපේක්‍ෂාවක් ඇයට නොවීය. ලන්ඩනය වැනි නගරයක පිරිමි ශිෂ්‍යයන් විශාල පිරිසක් අතර එකම ශිෂ්‍යයාව ලෙස ඉගෙනුම ලැබූ ඇගේ මේ හැසිරීම විශ්මයට කාරණයකි.
 
 අවසාන කාලයේදී මිතුරකු වශයෙන් ආශ‍්‍රය කිරීම හැරෙන්නට ස්වාමි පුරුෂයකු සුදුසු වන්නේ කාන්තාවකගේ බඩු බාහිරාදිය රැගෙන යන උදව්කරුවකු වශයෙන් පමණයි...’’
 
 ඇය වරෙක ප‍්‍රකාශ කළාය.
 
 බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය ලබාගත් පළමු ආසියාතික කාන්තාව වූද නූතන හා සාම්ප‍්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය සම්මිශ‍්‍රිත ගෘහ නිර්මාණ ශෛලියක් ලෝකයට හඳුන්වා දුන්නා වූද මේ අසහාය කාන්තාව 1998 වසරේදී මහනුවර පිහිටි සෙන්ට් ජෝර්ජ් නිවසේදී අභාවප‍්‍රාප්ත වූවාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු අසූවකි. ඇගේ ඉදිකිරීම් සමහරක් නොසලකා හැරීම නිසා අද වන විට නටබුන් වී ගොසිනි. ඒ සම්බන්ධයෙන් ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතුය.
 
 අඩු තරමේ පාසල් පෙළ පොතකට හෝ ඇගේ පරමාදර්ශී චරිතය ඇතුළත් කොට එය ආදර්ශයට ගන්නට ශිෂ්‍යයන් දිරිමත් කළ හැකිය. පාසල් අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීමේදී නරඹන ස්ථාන අතරට ඇගේ සැලසුම් අනුව ඉදිකළ ගොඩනැගිලි අධ්‍යයනය කරන්නට ඔවුන්ට අවස්ථාව ලබාදිය හැකිය. අතීත ප්‍රෞඩත්වය ගැන කතා කරමින් සිටිනවා වෙනුවට වර්තමානයට ගැලපෙන පරිදි හසුරුවා ගන්නට අනාගත පරපුර හුරුවනු ඇත්තේ එවිටය. එමෙන්ම එය මිනට් ද සිල්වා වැනි කාන්තාවකට අප විසින් සිදුකළ කෘතගුණ සැලකීමක් වනු ඇත. සංස්කෘතික හා අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවනු දැකීම අපගේ අපේක්‍ෂාවයි.
 
 
 වසන්ත විජේරත්න
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles