Divaina - උදාවන සතියේ ඔබේ දෛවය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


මේෂ - 
 
 
ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. මේෂ හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායකයි. ඉගෙනීමට පහසුකම් සැලසේ. විභාග වලින් සමර්ථ වේ. ව්‍යපාරිකයන්ට ලාභ ලැබේ. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබේ. බිරිඳ හෝ සැමියාට දුර ගමනක් යෙදීමට ඉඩ තිබේ. විදේශ ගමන් පිළිබඳ කටයුතුවලට සුබදායකයි. ආදායම් සතුටුදායක නමුත් වියදම් ඉහළයි. සුබ පාට රෝස - සුබ අංකය 3.
 
 
වෘෂභ - 
 
 
ගෘහ ජීවිතය සුබදායකයි. හිත මිතුරන් සමග සතුටින් කාලය ගත වේ. අලූත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ද අවස්ථා උදා වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. ව්‍යාපාරික ඉලක්ක සපුරා ගත හැකි වේ. පෙම්වතුන්ට සුබඵලදායකයි. විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබයි. ගෙදර දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර නිවසින් බැහැරව යෑමට සිදු වේ. ශනි දශා කේතු දශා තරමක් අපලයි. දිනපතා මෛත‍්‍රි භාවනාව කරන්න.
 
 
සුබ පාට මිශ‍්‍ර, සුබ අංකය 6.
 
 
මිථුන - 
 
 
රැකියා හෝ ව්‍යාපාර අංශවල කටයුතු සාර්ථක කරගත හැකි වේ. අන් අය සමග සතුටින් කාලය ගත කළ හැකියි. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප‍්‍රයෝජනයට විසඳුම් ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමක් ලැබීමට හේතුයි. උසස් අයගේ උදව් උපකර ලැබේ. උත්සාහය ධෛර්ය ඉහළ යයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. මිථුන හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටග් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකියි. කුජ දශා තරමක් අපලයි. මංගල සූත‍්‍රය භාවිත කරන්න. සුබ පාට මිශ‍්‍ර ලා. සුබ අංකය 6.
 
 
කටක - 
 
 
උනන්දුව හා උෙiා්ගය හොඳින් පවතින නිසා බොහෝ කරදර ජය ගත හැකි වේ. 
 
 
රැකියා ව්‍යාපාර සුබදායකයි. නව රැකියාලාභ ලැබේ. නීතියේ පිහිට ලැබේ. ධන ලාභ ද ලැබෙනවා ඇත. උසස් අයගෙන් ප‍්‍රශංසා ලැබේ. අන් අය අතර ඇති පිළිගැනීම හා ගෞරවය වැඩි වේ. ආගම දහමට හිත යොමුවේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ ගමන්වලට ද සුබයි. ගෘහ ජීවිතය සුබ දායකයි. සුබ පාට සුදු සුබ අංකය 2.
 
 
සිංහ - 
 
 
පසුගිය දිනවල පැවැති ගැටලූවලට විසඳුම් ලැබේ. දුර ගමන් හෝ වන්දනා ගමනකට හිත යොමු වේ. උසස් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සැලසේ. ව්‍යාපාර හෝ රැකියා අංශවල උසස් අයගේ උදව් උපකාර ලැබේ. බිරිඳ හෝ සැමියාට ද සුබදායකයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. එදිනෙදා කටයුතුවලට උදව් උපකාර කරන අය වැඩියෙන් ඉදිරිපත් වේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. වියදම් පාලනය කරගන්න. සුබ පාට දිලෙන සුදු, සුබ අංකය 1
 
 
කන්‍යා - 
 
 
අඹු - සැමි සමගිය ඇති වේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග යෙදේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබිය හැකියි. තරගකරුවන්ගෙන් ජය ලැබේ. ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. රැකියා හා ව්‍යාපාර අංශවල කටයුතු සතුටුදායකයි. මේ අතර උසස් කෙනකු අමනාප විය හැකියි. නීතියේ පිහිට ලැබීම අසීරු විය හැකි බව ද පෙනේ. රුධිර ධාවනය පිළිබඳ ගැටලූ හෝ ඌෂ්ණාධික රෝග ඇති අය සෞඛ්‍ය රැක ගැනීමට සැලකිලිමත් වෙන්න. සූරිය පිරිත භාවිත කරන්න. සුබ පාට ලාකොළ, සුබ අංකය 4
 
 
තුලා - 
 
 
බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා 
 
 
ගැනීමට අවශ්‍ය අංශවලින් පහසුකම් සැලසේ. අසරණ සතුන් පිළිබඳව වැඩියෙන් කරුණාව ඇති වේ. ව්‍යාපාර හෝ රැකියා අංශවල සේවකයන්ගේ සහයෝගය නොඅඩුව ලැබේ. තරගකරුවන්ගෙන් ජය ලැබේ. අසනීපයක් වෙනුවෙන් අමතර මුදලක් වැය වීමට ඉඩ තිබේ. ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. ඌෂ්ණාධික රෝග වලින් ප‍්‍රවේශම් වෙන්න. කුජ දශා විශේෂයි. මෝර පිරිත භාවිත කරන්න. සුබ පාට මිශ‍්‍ර ලා සුබ අංකය 6.
 
 
වෘශ්චික -
 
 
අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර කර ගැනීමට සුදුසු කාලයකි. පෙම්වතුන්ට සුබපල දායකි. උත්සාහය, ධෛර්යය වැඩි වේ. නීතිමය අංශවල උදව් ලැබේ. උසස් අයගේ ප‍්‍රශංසා හිමි වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. වෘශ්චික හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබෙනවා ඇත. රාහු දශා ගත කරන අයට තරමක් අපලයි. චන්ද පිරිත භාවිත කරන්න. සුබ පාට සුදු, සුබ අංකය 2
 
 
ධනු - 
 
 
ගෘහ ජීවිතය සුබපල දායකයි. මවුපියන් හෝ දූ දරුවන් සමග සතුටින් කාලය ගත වේ. ගෙදර දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. ධනු හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් සැලසේ. ගෘහාශ‍්‍රිත ව්‍යාපාරවල යෙදෙන අයට විශේෂ සුබපල ලැබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. මේ අතර සේවක ප‍්‍රශ්න, සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකියි. ශනි දශා විශේෂයි. දිනපතා මෙත් වඩන්න. සුබ පාට කහ ජය අංකය 5
 
 
මකර - 
 
 
අසල්වාසීන් සමග තිබූ අමනාපකම් දුරු වී යයි. සුහදතාවය වර්ධනය වේ. සහෝදරයකු පිළිබඳව සතුටුදායක ආරංචි ලැබේ. දරුවකුගේ දියුණුවට කරන කටයුතුවලට සහෝදරයකුගේ උපකාර ලැබේ. ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. පදිංචිව පිළිබඳව තිබූ නීතිමය ගැටලූවක විසඳුම් ලැබිය හැකියි. ආදායම් සතුටුදායක නමුත් වියදම් ද ඉහළ යන බව පෙනේ. වියදම් පාලනය කරගන්න. කරණීයමෙත්ත සූත‍්‍රය භාවිත කරන්න. සුබ පාට ලාකොළ සුබ අංකය 4.
 
 
කුම්භ - 
 
 
ගෘහ ජීවිතයේ කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. ආදායම් සතුටුදායකයි. කුම්භ හිමි ව්‍යාපාරිකයන්ගේ ඉලක්ක සපුරා ගත හැකි වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. සේවක සේවිකාවන්ගේ උදව් උපකාර ලැබෙන නිසා ව්‍යාපාර හෝ රැකියා අංශවල කටයුතු සාර්ථක කර ගත හැකියි. පවුලේ දියුණුවට කරන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. උත්සාහය වැඩි වේ. ලිපි ලේඛනවලට අත්සන් කිරීමට සුබ නැකත් යෙදේ. විවාහ සහකරුට සුබදායකයි. සුබ පාට නිල්, සුබ අංකය 7.
 
 
මීන - 
 
 
ගෘහ ජීවිතය සතුටුදායකයි. පවුලේ අය සමග සතුටින් කාලය ගත වේ. දරුවන්ගේ දියුණුවට කරන දේ සාර්ථක කර ගත හැකියි. ආයෝජනවලින් ලාබ ලැබේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල සාමකාමීව කටයුතු කළ හැකි වේ. උසස් අයගේ උදව් ලැබේ. උත්සාහය ධෛර්යය ඉහළ යන නිසා බොහෝ බාධා ජය ගත හැකියි. මේ අතර වියදම් ද ඉහළ යයි. පවුලේ වියදම් පාලනය කර ගන්න. බිරිඳ හෝ සැමියාට සුබයි. සුබ පාට කහ, සුබ අංකය 5
 
 
 
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles