Divaina - මා ලෝකයම පිළිගත් නිව්ටන්ගේ පළමු නියමයේ පවතින සාවද්‍ය කරුණු මුල්වරට හෙළි කළා - ආචාර්ය ගීරසී විජේසූරිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

‘‘නාසා ආයතනයේ දුරස්ථ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරයි.”
‘‘භෞතික හා තාරකා විද්‍යාවේ මෙතෙක් පවතින ගැටලූ 06කට විසඳුම් සොයා ගෙන ඇත.”

ශ‍්‍රී ලංකාවේ ඉපිද ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා ලෝකයටම භෞතික විද්‍යා හා තාරකා විද්‍යා පිළිබඳ නව න්‍යායන් ඉදිරිපත් කරන තිස් හැවිරිදි ඇය නමින්  ගීරසී විජේසූරිය නම් වන්නීය. මේ ඇය හා සිදු කළ සාකච්ඡාවකි.

ඔබ මේ වනවිට පර්n12 1යේෂණ කටයුතු සිදු කරමින් සිටිනවාද?

ඔව්, මම මේ වනවිට ඇමෙරිකාවේ පිහිටි නාසා ආයතනයේ Fermi Gamma Ray Telescope Mission ys හි දුරස්ථ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටිනවා.

මීට අමතරව මා ලංකාවේ ප‍්‍රධාන පෙළේ සමීක්ෂණ ආයතනයක් හා එකතුව පාරජම්බුල කිරණ, සූක්ෂම තරංග හා අධෝරක්ත කිරණ ඡුායාරූප ගතකිරීමට හැකි කැමරාවක් නිපදවීම සඳහා ද පර්යේෂණ කරමින් සිටිනවා.

ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළහොත් ?

මා පාසල් අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. ඉන්පසුව මම 2014 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් ( Faculty of Science) භෞතික විද්‍යාව හා ගණිතය පිළිබඳව ගෞරව උපාධිය ලබා ගන්නවා. අවුරුදු 29 සම්පූර්ණ වනවිට මා ඇමෙරිකාවේ Carlfield විශ්ව විද්‍යාලය හරහා මාගේ ප‍්‍රථම ආචාර්ය උපාධිය ලබා ගන්නා අතර මේ වනවිට Belarusian National Technical University හරහා මාගේ දෙවැනි ආචාර්ය උපාධි අධ්‍යාපන කටයුතු තාරකා භෞතික විද්‍යාව කේනද්‍රකර ගනිමින් ආරම්භ කර තිබෙනවා. මීට අමතරව මා, මාගේ පළමු උපාධිය අවසන් කළ 2014 වර්ෂයේ දී මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ගණිත විෂය සම්බන්ධ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ අතරම American Journal of Astronomy and Astrophysics හි කතුවරියක ලෙස ද මා කටයුතු කළා.

ඔබ පර්යේෂණ කටයුතු සඳහා යොමු වූයේ කෙසේ ද?

n12 2මා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හැදැරීම භෞතික විද්‍යාව පිළිබඳ ගවේෂණයට මට මහත් රුකුලක් විය. එහිදී මම භෞතික විද්‍යාව, ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳව හැදෑරුවෙමි. පාසල් කාලයේ දී පවා විශ්ව න්‍යාය විද්‍යාව, විශේෂ සාපේක්ෂතාවාදය හා තාරකා විද්‍යාව පිළිබඳව ස්වයං අධ්‍යනයන්හි යෙදුණු අයුරින් ම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය හදාරණ අතරතුර ද මම භෞතික විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, String Theory, ශුද්‍ර ගුරුත්වය හා අනුක භෞතික විද්‍යාව යනාදී විෂයන් සම්බන්ධව ස්වයං අධ්‍යයන කටයුතුවල ද නිරත විය.

මෙලෙස මා විසින් සිදු කරන ලද අධ්‍යයන කටයුතු හේතුවෙන් මට භෞතික විද්‍යාව ගැඹුරින් අවබෝධ කර ගැනීමට හැකි විය. තවද භෞතික හා තාරකා විද්‍යාව පිළිබඳ උපාධි අපේක්ෂිකාවක ලෙස විශ්වය පිළිබඳව ගැඹුරින් හැදෑරුවෙමි. එලෙසම, මාහට භෞතික හා තාරකා විද්‍යාවේ පවතින මෙතෙක් විසඳීමට නොහැකි වූ ගැටලූ 06කට විසඳුම් සොයා ගත හැකි විය. එම විසඳුම් අන්තර්ජාතික භෞතික හා තාරකා විද්‍යාව පිළිබඳ පවතින අතිශය මුල් පෙළේ සඟරාවන්හි පළ කිරීමට ද අනුමැතිය ලැබී ඇත.

ඔබ විසින් විසඳුම් සොයා ගත් ගැටලූ 06 මොනවා ද?

මා ලෝකයම පිළිගත් නිව්ටන්ගේ පළමු නියමයේ ඇති සාවද්‍ය කරුණු පිළිබඳ හෙළිදරව් කළා. නිව්ටන්ගේ පළමු නියමයට අනුව, බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තුරු එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර

ප‍්‍රවේගයෙන් චලනය වෙමින් පැවැතිය යුතුය යන්නය. නමුත් මා විසින් සොයා ගත් පරිදි වස්තුවකට බාහිරින් චාලක ශක්තියක් යෙදූ විට එහි ඇති අංශූන්හි චාලක ශක්තිය ඒකාකාරී නොවීම නිසා සෑම මොහොතක දීම වස්තුවේ අහඹු ලක්ෂයක් ගත්විට, එම අහඹු ලක්ෂය ඒකක කාලාන්තර තුළ ඒකාකාරී ලෙස ගමන් නොකරයි. නමුත් අප විසින් යම්කිසි වස්තුවක් ඒකක කාලාන්තර තුළ ගමන් කළ දුර වශයෙන් සලකනු ලබන්නේ, එම වස්තුවේ සලකන අහඹු ලක්ෂයක් ඒකක කාලාන්තර තුළ ගමන් කළ දුරයි. එවිට මා පෙර කී පැහැදිලි කිරීමට අනුව එම වස්තුව ඒකක කාලාන්තර තුළ ගමන් කරන දුර ඒකාකාරී නොවේ. එම නිසා එම වස්තුවට බාහිර බලපෑමක් නොමැති වුව ද එම වස්තුවේ ප‍්‍රවේගය ඒකාකාරී නොවේ. එමගින් පැහැදිලි වන්නේ, නිව්ටන්ගේ පළවැනි නියමය එබඳුතත්ත්ව යටතේ සත්‍ය නොවන බවයි. එවිට නිව්ටන්ගේ පළවැනි නියමය සත්‍ය වන්නේ දියමන්ති වැනි ඝනත්වයෙන් ඉහළ ස්ථීර මාන සහිත ද්‍රව්‍යවලට පමණි.

දෙවැනි විසඳුම ලෙස මා ඉදිරිපත් කළේ ගණිතය පදනම් කර ගනිමින් විශ්වයේ පවතින අඳුරු ශක්තිය (Dark Energy) හා අඳුරු පදාර්ථ (Dark Energy) පිළිබඳ සාක්ෂි ලබා ගන්නා ආකාරය පිළිබඳවය.

තවද මා විසින් ගැඹුරු අභ්‍යවකාශයේ සිට පෘථිවියට පැමිණෙන උල්කාපාත වස්තුවක් ප‍්‍රවේගය හා ශක්ති හානිය පිළිබඳව ගණනය කළ හැකි භෞතික විද්‍යාත්මක හා ගණිතමය ක‍්‍රමවේදයක් ඉදිරිපත් කර ඇත.

විශ්වයේ පවතින මූලික බල සතරට අමතරව පවතින භෞතික විද්‍යාත්මක බල ශක්තියක පිළිබඳ ගණනය කළ හැකි ක‍්‍රමවේදයක් ද ඉදිරිපත් කළෙමි.

මීට අමතරව මාහට අප අවට පරිසරයේ පවතින විද්‍යුත් චුම්බක කිරණ හරහා විද්‍යුතය නිපදවිය හැකි ක‍්‍රමවේදයක් ද සොයා ගැනීමට හැකි විය. ඒ සඳහා මා යොදා ගත්තේ භෞතික විද්‍යාත්මක ගණිතමය ක‍්‍රමවේදයන්ය.

මා විසින් සමාන්තර විශ්වය පිළිබඳ නව සමීකරණයක් හා සමාන්තර විශ්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත.

තවද, මා විසින් ඉදිරිපත් කළ පදාර්ථයන්ගේ පවතින වර්තනාංකය පිළිබඳ විසංවාදය හා වර්තනාංකය සඳහා හඳුන්වාදුන් නව පරාසය පිළිබඳව ඉදිරි කාලයේ ස්විට්සර්ලන්තයේ දී දේශනයක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔබ රචනා කර ඇති ග‍්‍රන්ථය පිළිබඳව පැහැදිලි කළහොත් ?

ඔව්. මම මේ කරුණු සියල්ල ඇතුළත් කරමින් 2016 අපේ‍්‍රල් 26 වැනි දින "A challenge to the Whole Physics"  නමින් ඉතා වැදගත් ග‍්‍රන්ථයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇමසන් Createspace ප‍්‍රකාශකයන් සමග පළ කළෙමි. මා එම ග‍්‍රන්ථය පළ කර මාස කිහිපයකට පසු Wheat Mark Company" Dorrance Company" Authorhouse Publications වැනි ලොව ප‍්‍රමුඛ පෙළේ පොත් ප‍්‍රකාශන ආයතන සමගින් ද මෙම ග‍්‍රන්ථය පළකරන ලෙස ඉල්ලා එම සමාගම්වලින් විද්‍යුත් තැපැල් සහ දුරකථන ඇමතුම් රාශියක් ලැබුණා.

එලෙස ම මා රචිත මෙම ග‍්‍රන්ථය ලොවපුරා සිසුන් සහ ආචාර්යවරුන් කෙතරම් තදින් වැළඳ ගත්තේ ද යත්, අද වනවිට ලොවපුරා බොහෝ රටවල් මාගේ අවසරයකින් තොරව මෙම ග‍්‍රන්ථය පළ කරමින් සිටිනවා. උදාහරණ ලෙස ඇමෙරිකාව, මහා බි‍්‍රතාන්‍ය, දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජපානය යනාදී රටවල් රාශියක වෙසෙන පොත් ප‍්‍රකාශකයන් සහ අලෙවි කරන්නන් ගත හැක. එලෙස නිත්‍යානුකූල නොවන ලෙස මාගේ ග‍්‍රන්ථය පළ කිරීමෙන් මට සිදු වූයේ මහත් පාඩුවකි.

ඔබගේ මෙම සොයා ගැනීම් සඳහා ලෝකයෙන් ලැබුණු ප‍්‍රතිචාර සහ ආරාධනා මොනවා ද?

ලෝකයේ විවිධ විශ්වවිද්‍යාල විසින් මා ලියන ලද විද්‍යාත්මක ලිපි ඉල්ලා ආයාචනා ද එවා ඇත. ඊට අමතරව ලෝකයේ නොයෙකුත් පර්යේෂණ සඟරා ද මාගේ විද්‍යාත්මක දැනුම ඔවුන්ගේ ලිපි සමීක්ෂණය සඳහා ලබා දෙන මෙන් ඉල්ලා ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මම ''American Journal of Astronomy and Astrophysics USA'' හි කතුවරියක ලෙස ද කටයුතු කළේ මාගේ ආචාර්ය උපාධිය ලබා ගැනීමටත් පෙර සිට ය. Journal of Advance ඡුයහිසජි සඟරාව ද එහි විද්‍යාත්මක ලිපි පර්යේෂිකාවක ලෙස මා පත් කොට ඇත.

'' Based Upon External Recommendations" We have Identified You as an Exeptionally Strong Candidate for Graduate Studies in Physics and Astronomy''''˜ යනුවෙන් සඳහන් කරමින් ඇමෙරිකාවේ Utah විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශාධිපතිතුමා ද විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් එම විශ්වවිද්‍යාලය සමග අධ්‍යයනය කටයුතු කරන මෙන් ආරාධනා කළ හ.

තවද, Lehman College of City University of New York" University of California Riverside" La Trobe Australia යන විශ්වවිද්‍යාලද මාගේ විද්‍යාත්මක සහය අපේක්ෂා කරමින් විද්‍යුත් පණිවිඩ මා හට එවා ඇත.

Utah විශ්ව විද්‍යාලයේ තාක්ෂණ සඟරාවේ නිර්මාතෘවරිය ද මාගේ ලිපි සහ සහය ඉල්ලමින් විද්‍යුත් පණිවිඩ එවා ඇත. මීට අමතරව මාහට ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය, සහ ඉරාකය ආදී වූ රටවල්හි වෙසෙන පර්යේෂකයන්ගෙන් ද විද්‍යාත්මක සහය සඳහා ආරාධනා හා ඉල්ලීම් ලැබී ඇත.

ඔබගේ විද්‍යාත්මක දැනුම සම්මානයට පාත‍්‍ර වූ අවස්ථාවන් මොනවා ද?

මා හට එක්සත් රාජධානියේ Sussex විශ්වවිද්‍යාලයත්, ඇමෙරිකා එකසත් ජනපදයේ Pittsburg State විශ්වවිද්‍යාලයත් Carlfield විශ්වවිද්‍යාලයත්  මගේ විද්‍යාත්මක සොයා ගැනීම් අගය කොට සම්මාන පිරිනමා තිබෙනවා.

ඔබගේ මෙම සොයා ගැනීම ලෝක නායකන් විසින් ඇගයීමට ලක් කර ඇත් ද?

ඔව්, විශේෂයෙන්ම ඇමෙරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා මහතා හා ඔස්ටේ‍්‍රලියාවේ හිටපු අගමැති කෙවින් රුඞ් මහතා ද මාගේ බුද්ධිමය හැකියාව අගය කොට ටිවිටර් ගිණුම ඔස්සේ මා සම්බන්ධ කොට ගෙන ඇත.

මේ අයුරින් ලෝකයේ විවිධ පුද්ගලයින් දිනපතා අන්තර්ජාලය ඔස්සේ මාගේ පර්යේෂණ කටයුතු පිළිබඳ සොයා බලමින් සිටී.

තවද, මා හට භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ආරාධිත දේශන සඳහා ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය සහ ශ‍්‍රී ලංකාව යන රටවල්හි භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව සම්බන්ධ පිළිගත් ආයතන තුළින් ආරාධනා ලැබී ඇත.

මෙලෙස ලෝකය පුරා ඇගයීමට ලක් වන ඔබ, ලංකාවෙන් ඔබට ලැබෙන පිළිගැනීම ගැන සැහීමකට පත්වනවා ද?

ලෝකයෙන් ලැබෙන පිළිගැනීම හා සමාන පිළිගැනීමක් විශේෂයෙන් ලංකාව තුළ නොලැබුණ ද, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉවාන් අත්තනායක මහාචාර්යවරයා මෙන්ම තවත් බොහෝ ලාංකික ආචාර්යවරුන් රාශියක් මාගේ විද්‍යාත්මක හැකියාව අගය කොට ඇත. තවද ලංකාවේ ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් පැවැත් වූ 100 වැනි සංවත්සර සැමරුම සඳහා මාගේ සොයා ගැනීම් පිළිබඳව දේශනයක් පැවැත්වීමට මට අවස්ථාව ලැබුණි.

මීට අමතරව කොළඹ ප‍්‍රධාන පෙළේ බාලිකා පාසලක මේ මස පැවැත්වීමට නියමිත තාරකා විද්‍යා දිනය සඳහා ද දේශනයක් පැවැත්වීම සඳහා ද මට ආරාධනා ලැබී ඇත.

ඔබගේ අනාගත සැලසුම් මොනවා ද?

මා විසින් ‘කාලය’ යන භෞතික විද්‍යා ඒකකයේ සැබෑ තත්ත්වය ගවේෂණය කරමින් මගේ දෙවැනි කෘතිය රචනා කොට ඇත. එය කාලය පිළිබඳ නව සොයා ගැනීමකි. එම සොයා ගැනීම කොන්ටම් භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව හා අනෙකුත් විද්‍යාත්මක අධ්‍යයන ක්‍ෂේත‍්‍රයන්හට නව අභියෝගයක් වනු ඇත. මාගේ දෙවැනි ග‍්‍රන්ථය අවසානයේ මා නිගමනය කොට ඇත්තේ විශ්වයේ කාලය සඳහා මාන බිලියන ගණනකටත් අධිකව පවතින බව ය. මා විසින් මෙම නිගමනය ලබා ගෙන ඇත්තේ ඉතා හොඳින් වැඩි දියුණු කළ භෞතික විද්‍යාත්මක හා ගණිතමය මූලද්‍රව්‍ය පදනම් කරගෙනය.

තවද මෙම කාලය පිළිබඳ නිගමනය විද්‍යා පර්යේෂණාගාරයක පර්යේෂණාත්මකව ද ඔප්පු කළ හැකි ක‍්‍රමවේදයක් මෙම ග‍්‍රන්ථය හරහා මා විසින් ඉදිරිපත් කොට ඇත. එලෙසම මෙම ග‍්‍රන්ථය සැබැවින්ම සම්පූර්ණ භෞතික විද්‍යාවටම අභියෝගයක් වනු ඇත.

මීට අමතරව මාගේ තවත් එක් බලාපොරොත්තුවක් වන්නේ මා සොයා ගන්නා දෙයින් මුළු මහත් ලෝකයටම යහපතක් සිදු කිරීමටය.

තවද මා උපන් දා පටන් සම්පූර්ණයෙන්ම නිර්මාංශික සහ හොඳින් බුදුදහම අදහන අයකු වේ. එසේම මට අවශ්‍ය වන්නේ මිනිසුන්ට පමණක් නොව සතුන්ට මෙන්ම බෞද්ධ ආගමේ ද යහපත සඳහා කටයුතු කිරීමටය.

ඔබට මා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් පහත විද්‍යුත් තැපෑලට, විද්‍යුත් පණිවිඩයක් යොමු කරන්න. geeraseew@gmail'com geerasee1@gmail'comud>

රන්මලී විජයරත්න

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles