Divaina - අපේ කෙනෙක්ගෙන් ජල විදුලිය නිපදවන යන්ත‍්‍රයක්; මේ ක‍්‍රමය වික්ටෝරියා ජලාශයට අදේශ කළහොත් මුළු රටටම විදුලිය දිය හැකියි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

කොමිස් නැති නිසා බලධාරීන්ගේ අවධානයක් නෑ

n3 1දිනකට පැය කීපයක් විදුලිය විසන්ධි වන කල්හි ඇති වන අර්බුදය අද මුළු රටටම දැනී ඇත. නියඟය ඉතා දරුණුය. මහා ජලාශ සිඳී යමින් පවතී. රජයේ විසඳුම නම් පාවෙන බලශක්ති ප‍්‍රභවයන් ලංකාවට ගෙන්වා ගැනීමයි. නමුත් ලංකාවේම මේවාට විසඳුම් තිබෙන බව ඔවුහු නොදනිති. එසේත් නැතිනම් ඒවා නොතකා හරති. එයට හේතුව මෙරට බලශක්ති ක‍්‍රමවේද වලින් ලොක්කන් අතට කොමිස් මුදල් නොලැබීමයි. මෙගා මයින්ඞ් ඇති දේශපාලකයන්ට පවා දැන් සිහිවන්නේ සිය දේශපාලන ව්‍යාපෘතියට ගැළපෙන ඇමරිකන් සැලැස්ම පමණකි. එහෙත් නැෂනල් මයින්ඞ් තිබෙන පිරිසක්ද සිටින බව ද මෙහිදී මතක් කළ යුතුය. මේ කතාවෙන් අප කියන්නට උත්සාහ දරන්නේ මෙරට බලශක්ති අර්බුදයට අපේම වූ ආකාරයට සිතන පතන මිනිසුන් ද සිටින බවයි.
 
 ඉන්ධන, ජල බලය, ගෑස් මෙන්ම සූර්ය බලයත් බල ශක්ති ප‍්‍රභවයන්. මේ අතරින් ජල බලය ලංකාවේ ඉදිරියෙන්ම භාවිත වන අතර එයින් සිදු වන පරිසර විනාශයත් ප‍්‍රබලයි. ජලය ඉතා අඩුවෙන් භාවිත කොට බල ශක්තිය ජනිත කරවන්න දැන් නව නිර්මාණයක් බිහිව අවසන්. මෙම සොයා ගැනීමට පදනම්ව ඇත්තේ ද්‍රව තෙරපුම් මූලධර්මයකි.(Non Fuel fluid Thrust) සාමාන්‍යයෙන් ලෝකයේ එවැනි සිද්ධාන්තයක් භාවිත කරමින් පවතින්නේ ගුවන් යානා පියසැරිය පණ ගැන්වීමට පමණි. එහෙත් මෙහි යොදා ගෙන ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මූලාශ‍්‍රයේ ප‍්‍රමාණය මත නොව යන්ත‍්‍රයේ ප‍්‍රමාණය මත බල ශක්තිය තීරණය කිරීමේ මූලධර්මය මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල දහරාවකින්ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බවට ඔප්පු කර පෙන්වා දී තිබේ. එහිදී ඕනෑම ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත‍්‍රික ශක්තියක් බවට පත් වෙන බවද පෙන්වා දි තිබේ. ජලය හෝ අර්ධ ද්‍රවයක් මගින් හෝ ලබා දෙන තෙරපුම වැල්ව මගින් සූක්ෂම පීඩන ක‍්‍රියාවලියක් බවට පත් කර ස්ථීර චුම්බක ක්ෂේත‍්‍රයක් නිර්මාණය කර ටර්බයිනයක් ක‍්‍රියාකරවීම මෙහිදී සිදු වෙයි.
 
n3 2 පොසිල ඉන්ධන මගින් බලශක්තිය නිපදවීමේ ක‍්‍රියාවලිය අද ලෝකයේ අර්බුදයට පත් වෙමින් තිබේ. සූර්ය ශක්තිය සහ සුළං බලයට වැඩි තැනක් හිමි වුවත් එයට යෙදවෙන ඉඩකඩ ඉතා විශාලය. එසේම අධික පිරිවැයක් එ් සඳහා යෙදවිය යුතුවේ. ජීව වායු වැනි විකල්පයන් තිබුණද සමස්තය මතට බලපෑම් කළ හැකි බල ශක්ති ප‍්‍රභවයක් ඇත්තේ නම් එ් ජල විදුලිය පමණි. එහෙත් විශාල ජල මූලාශ‍්‍රයන් මගින් තීරණය කරනු ලබන මේ විදුලිය බලය දියත් කිරීමේ සීමාවන් දැන් පැමිණෙමින් පවතී. ලංකාව සිය විදුලි බල අවශ්‍යතාවයෙන් සියයට 50 ක් පමණ ජල විදුලිය මත පවත්වා ගෙන ගියද මේ සීමාවන් නිසා අර්බුද රාශියකට පත් වෙමින් පවතින බව සත්‍යයකි.
 
 ජලය මගින් විදුලිය ජනනය කිරීමේදී උස හා ජල ධාරාවේ ප‍්‍රමාණය බලපායි. මෙගා වොට් එකක ජල විදුලියක් නිපදවීම උදෙසා අඩි 100 ක උසක සිට ඝන කියුබික් මීටර් 01 ක ජල ධාරාවක් ලබා ගත යුතුයි. මේ තත්ත්වය වෙනස්කර මධ්‍යම ප‍්‍රමාණයේ සහ කුඩා ප‍්‍රමාණයේ ජල විදුලි බලාගාර සඳහා අවශ්‍ය පර්යේෂණ කර තිබුණද එ්වා දියත් කර තිබුණද දීර්ඝ නියං තත්ත්වයන් සහ කැලෑ එළි පෙෙහෙලි කිරීම් නිසා මේ උත්පාදනයන්ද යම් විටක අතහැර දමන්නට සිදු වනු ඇත. එහෙත් අප සිහිපත් කළ යුත්තේ ලංකාවේ මෝසම් වර්ෂා දෙකකින් පමණ පෝෂණය කරන විශිෂ්ට ජල ශිෂ්ටාචාරයකින් හෙබි රටක් බවයි. එහිදී වර්ෂා ජලය සෘජුව රැුස් කිරීම හා නැවත ප‍්‍රයෝජනයට ගැනීමේ දිගු ඉතිහාසයක් එයට හිමිය. මෙම කාරණය සැලකිල්ලට ගෙන කුඩා ජල මූලාශ‍්‍ර භාවිත කරමින් ජල විදුලිය නිපදවීමේ සාර්ථක අත්දැකීමක් දැන් විද්‍යාත්මකව අවසන් වී එහි n3 3බුද්ධිමය දේපළ තහවුරුව ද සම්පූර්ණ කර ඇති බව පසුගියදා දැක ගන්නට ලැබුණි.
 
 මෙම යන්ත‍්‍රය නිර්මාණය කර ඇත්තේ ගලිගමුවේ හරිගල පදිංචිව සිටින රූපසිංහ මල්ලව මහතා විසිනි. ඔහු එම යන්ත‍්‍රයේ නිර්මාණය පිළිබඳව අදහස් දක්වා සිටින්නේ මෙසේය. ‘මීට කාලයකට පෙර විදුල්කා ප‍්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැක ගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. එ් වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම පිළිබඳව අදහස් මතු වෙලයි තිබුණේ. මම උත්සාහ කළා. වැරදි කරමින් එ්වා නැවත නිවැරදි කරමින් වසර හතරහමාරක් තිස්සේ ගත් උත්සාහය මල් ඵල ගැන්වුණේ මේ මෑතකදියි. ලෝකයේ කිසිම තැනක භාවිත නොකළ මූලධර්මයක් මත මෙම නිර්මාණය බිහි වී තිබෙන බව කිව යුතුයි. මූලික මූලධර්ම සඳහන් වන පොතකට වහල් වී මෙය අත්හදා බැලූවේනම් අසාර්ථක වන්නටත් තිබුණා. මගේ නිවසේ පිහිටා තිබෙන යන්ත‍්‍ර කාමරය වහළ මත්තේ ඇති ජල ටැංකියකින් නිකුත් වන ජල පහරක් පමණයි මෙයට උපයෝගි වන්නේ එ් ජල පහරේ බර තාක්ෂණික ක‍්‍රමයකට යාන්ත‍්‍රික ශක්තිය බවට පත් කර ගන්නට ගත් වෑයම සඵලකරගන්නට ලක්ෂ හැටක් පමණ මම වියදම් කොට තිබෙනවා. දැන් එම මූලධර්මය පදනම් කොට මුල් යන්ත‍්‍ර දෙකටම වඩා දියුණු යන්ත‍්‍රයක් සාදා අවසන්. එයින් විදුලිය කිලෝ වොට් තුනක් නිපදවන්නට පිළිවන්. මෙයට අවශ්‍ය වන්නේ අඟල් තුනක ජල පහරක් පමණයි. එම නිර්මාණය ඉදිරියට ගෙන යන්නට රජයෙන් සහාය ගන්නට ගත් උත්සාහයන් අසාර්ථක වුණා. ඇමැතිවරු නිලධාරීන් බලන්නේ අප කළ දේ මගින් ඔවුන්ට යමක් කරගන්නට පමණයි.’
 
 මෙම ද්‍රව තෙරපුම් ජල විදුලි බල යන්ත‍්‍රය ලංකාවේ පමණක් නොව ලෝකයේද විප්ලවයක් බවට පත් විය හැකි බවට තිබෙන අනාවැකි බොහොමයි. මේ වන විට ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සහතිකය පවා හිමිකර ගෙන තිබෙන රූපසිංහ මල්ලව මහතා විදේශීය ආයෝජකයන් කීප දෙනකු සමග මෙම යන්ත‍්‍රය සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටී. මල්ලව මහතා සඳහන් කරන පරිදි මේ ක‍්‍රමය වික්ටෝරියා ජලාශයට අදේශ කළහොත් මුළු රටටම විදුලිය දිය හැකියි. අවාසනාවකට විදේශීය අනුකරණ පස්සේ දුවන රජය මෙවැනි අගනා නව නිර්මාණයන් දෙස නොබලන්නේ අල්ලස් හා කොමිස් මත සියල්ල තීරණය වන නිසයි. එහෙත් අනාගතයේදී බලශක්ති හිඟයෙන් බැට කන විදේශීය ණය මත ගලප්පා ගෙන තිබෙන ලංකා ආර්ථිකය නව උත්පාදන ආර්ථිකයක් මගින් වේගවත් කරලීමට රූපසිංහ මල්ලව මහතාගේ නිර්මාණය පදනම් වනවා නිසැකයි..
 
 මතුගම සෙනෙවිරුවන්

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles