The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

 

n11 1කිතාජිමා සබුරෝ යනු ජපානයේ සිටින ජාතික වස්තුවක් ලෙස ගරු බුහුමන් ලබන ප‍්‍රවීණ ගායකයෙකි.
 
 ජපාන ජාතික රූපවාහිනිය වන එන්. එච්. කේ  හි වැඩිම සංගීත වැඩසටහන් සංඛ්‍යාවක් විකාශනය කර ඇති එකම ගායකයා ද ඔහුය. ඔහුගේ සංගීත ප‍්‍රසංගයකට අතුරු සිදුරු නැතිව රසික රසිකාවියෝ සහභාගි වෙති.
 
 ඔහුගේ මෙම ජනප‍්‍රියත්වය නිසාම රසික රසිකාවියන්ට ඔහු හමුවීමටද ලෙහෙසි පහසු නැත.
 
 මීට මාස කිහිපයකට පෙර පැල්පොල විපස්සි හිමියන් ජපානයේ වැඩ සිටින විට කිතාජිමා සබුරෝ හමුවීමේ විශේෂ අවස්ථාවක් උදාවී ඇත.
 
 කිතාජිමා සබුරෝ මහතාගේ හිතවතකු වන මා මිත‍්‍ර ජපන් ජාතික සකෝ මහතා විසින් මට ආරාධනාවක් කළා සබුරෝ මහතා හමුවීම සඳහා. එම හමුවීම ටෝකියෝ නුවර හෝටලයක සූදානම් කර තිබුණා. පැල්පොල හිමියන් එම හමුවීම සිහිපත් කිරීම ආරම්භ කරමින් පැවැසූහ.
 
 එම හමුව පැයක් පමණ පැවැතියා. එහිදී මම ඒ මහතාට පිරිත් සජ්ඣායනා කර පිරිත් නූලක් බැඳ නිරෝගී සුව ප‍්‍රාර්ථනා කර සෙත් පැතුවා.
 
 එය සබුරෝ මහතා ඉතා අගය කොට සලකා මට වැඳ නමස්කාර කළා.
 
 එම හමුවේදී සබුරෝ මහතා මා සමඟ ඡුායාරූපයකට ද පෙනී සිටීමට කැමැත්ත පළ කළා.
 
 පසුගියදා මම ජපානයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණනවිට නරීටා ගුවන් තොටුපළේ සාප්පු සංකීර්ණයකට ගොඩ වැදුණා. එහි සිටි සේවක සේවිකාවන් මා දැක ඔබ වහන්සේ වැදගත් පෙනුමක් ඇති කෙනෙක් බව අපිට පේනවා. එනිසා ඔබ කවුද කියා දැනගන්න කැමැතියි කියා ඔවුන් මගෙන් විමසා සිටියා.
 
 මම කවුද කියා කිසිවක් නොකියා මගේ ජංගම දුරකථනයේ තිබුණු කිතාජිමා සබුරෝ මහතාට පිරිත් නූලක් ගැට ගසන ඡුායාරූපයක් පෙන්නුවා.
 
 එය දුටු, ඔවුන් පුදුමයට පත්ව අපිට කවදාවත් සබුරෝ මහතා හමුවීමට හෝ එතුමාගේ අත ඇල්ලීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වාසනාව උදා කරගත් ඔබ වහන්සේගේ අත අල්ලන්න අපට අවසර දෙනවා ද කියා ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටියා.
 
 ඇත්තටම මට එහිදී වැටහුණා. කිතාජිමා සබුරෝ මහතාට ජපාන ජනතාව කෙතරම් ගරු කරනවා ද කියලා මා හිතන්නේ ඒ මහතා හමුවී පිළිසඳරේ යෙදෙන්න අවස්ථාව උදාවූ පළමු ශ‍්‍රී ලාංකිකයා මම වෙන්න ඇති පැල්පොල විපස්සි හිමියෝ ඉතා නිහතමානිව සඳහන් කළහ.
 
 උපාලි ද සේරම්

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles