The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

 

jvp4

 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික‍්‍රමරත්න විසින් රචිත ජවිපෙ 2 වැනි කැරැුල්ල ග‍්‍රන්ථයේ දෙවැනි කාණ්ඩය වන ‘සටනින් සටන’ නවතම කෘතිය මෙම අපේ‍්‍රල් මස 29 සඳුදා පස්වරු 3 ට කොළඹ 05 තුන්මුල්ල මංසන්දිය අසල පිහිටි ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ‍්‍රවණාගාරයේදී එළි දැක්වේ. පිටු 1024 කින් යුත් එම ග‍්‍රන්ථයේ මාතර දිස්ත‍්‍රික්කයේ 1986 සිට 1990 දක්වා ජවිපෙ 2 වැනි කැරලි සමය පිළිබඳ පළවූ ලිපියක් මෙහි දැක්වේ.
 
 ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන දකුණු පළාතට මාතර දිස්ත‍්‍රික්කය අයත් වේ. වර්ග කිලෝ මීටර් 1,247 ක භූමියක් පුරා පැතිරී ඇති මාතර දිස්ත‍්‍රික්කය උතුරින් සිංහරාජ කඳුවැටියද දකුණින් මුහුදද බටහිරින් ගාල්ල දිස්ත‍්‍රික්කය සහ නැගෙනහිරින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයටද මායිම්ව පිහිටා ඇත.
 
 දිස්ත‍්‍රික්කය තුළ වෘක්ෂලතා ප‍්‍රධාන කලාප 2ක් වූ අර්ධ සදාහරිත වනාන්තර සහ කඳුකර සෞම්‍ය වනාන්තර වශයෙන් බෙදා වෙන්කළ හැකිය. දෙනියාය, අපරැුක්ක, මුලටියන, කිරින්ද, මහයාය ඇතුළු රක්ෂිත වනාන්තර කිහිපයක්ම මාතර දිස්ත‍්‍රික්කයට අයත්ය. මාතර දිස්ත‍්‍රික්කයේ ඉතිහාසය විජයාවතරණයට පෙර කාලය දක්්වා දිවයන බව කියවේ.
 
කෝට්ටේ රජකළ දොන් ජුවන් ධර්මපාල රජු විසින් කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකින්  පෘතුගීසින් වෙත ලබාදුන් අතර එයට මාතර දිස්ත‍්‍රික්කයද අයත් විය.

 
 පෘතුගීසි සමයේ සිංහල රජු විසින් මාතර බලය ලබාගත්තද යළි 1596 දී මාතර නැවත යටත් කරගත් පෘතුගීසිහු 1597 දී එහි බලකොටුවක්ද ඉදිකරන ලදී. පසුව ලන්දේසින් විසින් 1645 දී මාතර බලය අත්පත් කරගනු ලැබූවද 1760 දී සිංහලයින් විසින් කැරැල්ලක් ගසා යළි බලය අත්පත් කරගනු ලැබීය.
 
 නැවත වරක් ලන්දේසින් විසින් මාතර බලය ලබා 1762 දී මාතර කොටුව ඉදිකර ඇත. බි‍්‍රතාන්‍යයට යටත් වූ පසුව මාතර වෙනම දිසාවක් ලෙස පාලනය කරන ලදී.
 
 වසර 1983 ජූලි ජවිපෙ පක්ෂ තහනමත් සමඟ ජවිපෙ මාතර දිස්ත‍්‍රික් කමිටුව අකී‍්‍රය තත්ත්වයට පත්විය. ඒ වනවිට දිසා කමිටුවේ අවසානයේ ඉතිරිව සිටියේ පේ‍්‍රමචන්ද්‍ර මුණසිංහ, තල්පාවිල ධර්මේ සහ රණවක ඇතුළු කිහිප දෙනෙකි. එසේ අක‍්‍රීය වූ දිසා කමිටු සාමාජිකයන් අතර විජේවීර ගේ කලක් ආරක්ෂකයෙකුව සිටි මාතර උඩපීක්වැල්ලේ අමරදාස කුරුප්පු හෙවත් අමරේ, පොල්හේනේ හසන්ත, අකුරැුස්සේ උපාලි, පෝරඹ රත්නායක, කිරින්ද ගාමිණී එදිරිසිංහ, වටගෙදර රපියෙල්, කඹුරුපිටියේ රාමනායක, හක්මන පතිරණ, බටඅදුර වෙල්ලප්පිලි, කළුබෝවිටියන වෙත්තසිංහ, 71 කැරලිකාරියක් වශයෙන් අගමැතිනිය පැහැර ගැනීමේ නඩුවට අසුව සිටි පසුව පහල මලිදුව කනිෂ්ඨ විද්‍යාලයේ උපාධිධාරි ගුරුවරියක වූ බැරගම ආරච්චිගේ හේමශ‍්‍රියා ඇතුළු පිරිසකි.
 
jvp3

 

ජවිපෙ යළි 1984 වැඩ ආරම්භ කිරීමෙන් පසු වඩාත් අවධානය යොමුකළ දිස්ත‍්‍රික්ක අතරට මාතරද ඇතුළත් විය. ඒ අනුව දේශපාලන සභික සුමිත් අතුකෝරල සහ නන්දතිලක ගලප්පත්ති යටතේ මාතර, ගාල්ල, අම්පාර, බදුල්ල සහ මොනරාගල දිස්ත‍්‍රික්ක ක‍්‍රියාත්මක වූ අතර මාතර දිසා ලේකම් වූයේ ඞී. එම්. ආනන්දය. මාතර දිස්ත‍්‍රික්කය රටේ දිස්ත‍්‍රික්ක අතරින් ජවිපෙ ක‍්‍රියාකාරිත්වය අතින් ඉහළම ස්ථානයකට ගෙන ඒමට ඞී. එම් ආනන්ද හෙවත් අමල් සමත් විය. පක්ෂයෙන් ඉවත්වූ අය ගෙන් බොහෝ දෙනෙකු යළි ජවිපෙ වෙත දිනාගැනීමට සහ නවකයන් විශාල පිරිසක් පූර්ණකාලීන කාර්යධරයන් බවට පත්කිරීමටද ඔහු සමත් විය. එමෙන්ම මාතර දිස්ත‍්‍රික්කය ගොඩනැගීමෙන් පසු දිස්ත‍්‍රික් නායක ඞී. එම් ආනන්ද විසින් දෙනියායේ විහාරහේනේ සුරේෂ් සහ විජේ, බෙරලපනාතර සිරිසේන හෙවත් සිරි ඇතුළු කිහිපදෙනෙක්ම කළුතර දිස්ත‍්‍රික්කයේ ජවිපෙ ප‍්‍රවර්ධනය සඳහා යොමු කරන ලදී. දෙනියායේ සුරේෂ් සන්නද්ධ අංශයේ පුහුණුකරුවෙක් මෙන්ම කරාතේ උපදේශකයෙකි. වසර 1989 අවසානයේදී කැරැුල්ලෙන් ඉවත්ව අතුරුදන් වූ සුරේෂ් පසුව විදේශගත විය. මාතර දිස්ත‍්‍රික්කයේ කලක් කටයුතු කළ චන්ද්‍රසේන විජේසිංහ හෙවත් ගුණවර්ධන වැනි අය රත්නපුර දිස්ත‍්‍රික්කයට මාරුකරන ලදී.
 
 මාතර දිස්ත‍්‍රික්කයේ 1985 දිස්ත‍්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ මාතර තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේය. ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් 1976 එක්වූ තල්පාවිල ධර්මේ ජවිපෙට අරමුදල් රැුස් කිරීමේදී 1985 මාර්තු ගුරු වැටුප් මංකොල්ලයකදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට ලක්විය. ඔහු ගෙන් පසුව මාතර දිසා ලේකම් වූයේ 71 අපේ‍්‍රල් කැරලිකරුවෙකු වූද කඹුරුපිටිය ආසනයේ 1982 ජවිපෙ මැතිවරණ අපේක්ෂකයා වූද අකුරැුස්ස ඇල්ගිරියේ උපන් පේ‍්‍රමචන්ද්‍ර මුණසිංහය. ඔහු ඇල්ගිරියේ මුණසිංහ, ජයතිලක, අජන්ත සහ වික‍්‍රම ලෙසද හැඳින්විණි. මුණසිංහගේ බිරිඳ වූයේ 71 අපේ‍්‍රල් කැරලිකාරිනියක් වූ දෙනියායේ කිරිවැල්දොල උපන් පසුව මාතර දිස්ත‍්‍රික්කයේ ජවිපෙ නායිකාවක් වූ කුසුමා බුද්ධිකෝරාලය. ජවිපෙ 2 වැනි කැරැුල්ලේ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ නායකයෙකු වූ මුණසිංහ 1988 නොවැම්බර් 17 රත්මලානේදී ආණ්ඩුවේ අතුරු හමුදා කණ්ඩායමක් මගින් ඝාතනයට ලක්විය. කුසුමා සිය එකම පුතු විමුක්ති සමගින් වර්තමානයේ ජීවත් වේ.
 
 මාතර දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ආසන 7 කි. ඒවා නම් මාතර, දෙවිනුවර, හක්මන, කඹුරුපිටිය, දෙනියාය,
 
 අකුරැුස්ස සහ වැලිගමය. එම ආසන 7 කලාප 4 කට බෙදා තිබිණි. එක් කලාපයකට හක්මන, දෙනියාය, ඌරුබොක්ක සහ මාවරල කොට්ඨාස අයත් විය.
 
 අකුරැුස්ස සහ කඹුරුපිටිය කොට්ඨාස තවත් කලාපයකි. වැලිගම සහ මාතරද එක් කලාපයකි. දෙවුන්දර කලාපයට දික්වැල්ල අයත්ය. ඒ අනුව කඹුරුපිටිය කොට්ඨාසයට මුලටියන, විටියල සහ සපුගොඩ/හොරපාවිට ප‍්‍රදේශ අයත් විය. අකුරැුස්ස කොට්ඨාශයට වැලිකැටිය, විල්පිට සහ මාලිම්බඩ ප‍්‍රදේශ අයත් වේ. දෙනියාය කොට්ඨාසයට අයත් වූයේ දෙනියාය, වරල්ල, මොරවක සහ පිටබැද්දර ප‍්‍රදේශයන්ය.
 
 ජවිපෙ මාතර දිසා කමිටුවේ 1985/86 වන විට සාමාජිකයන් වූයේ කඹුරුපිටියේ රණවක, ඇල්ගිරියේ මුණසිංහ, පොල්හේනේ හසන්ත, දෙනියායේ වෙල්ලප්පුලි, අකුරැුස්සේ රත්නායක (වර්තමානයේ කුලියාපිටියේ ව්‍යාපාරිකයෙකි*, අකුරැුස්සේ උපාලි (වර්තමානයේ අකුරැුස්සේ සිල්ලර කඩ හිමියෙකි*, නාඳුගල වටගෙදර රාමනායක, හක්මන පතිරණ, මාතර වටගෙදර රපියෙල්, කාන්තා අංශය භාරව මලිදුව හේමශි‍්‍රයා (ගුරුවරියක් වූ ඇය 2014දී ජීවිතයෙන් සමුගත්තාය* සහ කම්කරු අංශය භාරව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ මාතර දිස්ත‍්‍රික් ලේකම් කඹුරුපිටියේ ගමගේ (පසුව අකුරැුස්ස සමුපකාර සමිතියේ හිටපු උප සභාපති* යන අය වේ. මින් බොහෝ දෙනෙකු 1987 අගෝස්තු වන විට ජවිපෙ සමඟ අමනාප නොවූවද නිහඬ විය. එයට ප‍්‍රධාන හේතුවක් වූයේ 1986 සිට ජවිපෙ වෙත බැඳුණු නව පරම්පරාව වඩාත් රැුඩිකල් සහ සටන්කාමි අදහස් දැරූ බැවින් ජවිපෙ වැඩිහිටි සාමාජිකයන්ට පසුපසට තල්ලූවීමට සිදුවීමය. එම වැඩිහිටි සාමාජිකයන් මාක්ස්වාදය පිළිබඳව බුද්ධිමය අවබෝධයක් ඇති, දේශපාලන වශයෙන් පරිණත සහ අත්දැකීම් සහිත අය විය. ඔවුන්ගේ නිහඬවීම තුළ ජවිපෙට බැඳුණු අලූත් පරපුරට සිය ක‍්‍රියාකාරකම් අපරිණත අන්දමින් මෙහෙයවීමට ඉඩ ප‍්‍රස්ථාව විවර විය. ඒ වන විට ජවිපෙ විසින් ගොඩන`ගා ගෙන තිබූ යම් දේශපාලන බලයක් තිබුණේ නම් අලූත් පරපුර විසින් එය අධිතක්සේරු කිරීමත් ජනපි‍්‍රයතාවාදය හඹායෑමත් දක්නට ලැබිණි.
 
 jvp1 1මාතර දිස්ත‍්‍රික්කය තුළ කැටන්විල, කනංකේ, වැලිකැටිය, ඇල්ලේවෙල, බංගම, කියන්¥ව, පෑනේගම ඇතුළු ගම්මාන ගණනාවක පීඩිත කුලවලට අයත් ජනයා කැරලිකරුවන් සමඟ ඉදිරියෙන්ම කටයුතු කළහ. කැරලිකරුවන් අතර රණකාමීත්වය විදහාපාමින් විනාශය සහ පරාජය පෙනි පෙනී සටන්වැදි මරුමුවට පත්වූ ආරියසිරි, පි‍්‍රයන්ත, ගුණපාල, කරුණාපාල, රෝහිත, කිත්සිරි, ජයසේකර, ඩෙන්සිල්, රාජපක්ෂ, ප‍්‍රදීප්, මුනින්ද්‍රදාස, පතිරණ, අබේවික‍්‍රම, ඉන්දික, ආනන්ද, බුද්ධදාස, ජීවරත්න සහ ගුණවර්ධන ඇතුළු කැරලිකරුවන් රැුසක් 2 වැනි කැරැුල්ලේදී මාතර දිස්ත‍්‍රික්කයේ මතක සටහන් අතර වේ. දිස්ත‍්‍රික්කයේ කැරලිකරුවන් අත්අඩංගුවට පත්වීමෙන් පසු වධබන්ධන වලට මුහුණදුන් ප‍්‍රධාන හමුදා කඳවුරු ලෙසින් මාතර එළියකන්ද, තෙලිජ්ජවිල ජොනිෙඬ්ල්, උරුබොක්ක - හෑගොඩ, වැලිගම, මාතර සම්බන්ධීකරණ කාර්යාලය ප‍්‍රචලිත විය. ජවිපෙ සන්නද්ධ අංශයේ මාතර දිස්ත‍්‍රික් කමිටුව විසින් 1988 දෙසැම්බර් 31 වැනිදා අරගලය නමින් කැරැුල්ල පිළිබඳව මාතර දිස්ත‍්‍රික්කයේ තොරතුරු ඇතුළත් මුද්‍රිත සඟරාවක් ප‍්‍රකාශයට පත් කරන ලදී. එහි සම සංස්කාරකවරයා වූයේ රුහුණු සරසවියේ විද්‍යා පීඨයේ 1986 කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අහංගම දික්කුඹුර උපන් පී. ජී. දයන්ත තිස්ස කුමාරය. කැරලි සමයේ
 
 අකුරැුස්ස මාලිම්බඩ කලාපයේ ශිෂ්‍ය අංශයේ නායකයෙකු වූ තිස්ස කුමාර 1989 අවසාන භාගයේදී ආරක්ෂක අංශ මගින් කලගෙඩිහේනේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට පත්විය. තල්පාවිල ධර්මේ ගේ ඝාතනයෙන් පසු මාතර දිසා ලේකම් ලෙස ඇල්ගිරියේ මුණසිංහ කටයුතු කළ අතර පසුව 1986/87 මාතර දිසා ලේකම් වූයේ හක්මන තිහගොඩ කඩවැද්දුව ගල්ගොඩ ගමේ එස්. කේ. ජයතිලක හෙවත් විජිතය. ඔහු සිරිවර්ධන නමින්ද හැඳින්වූ අතර කලින් වෘත්තියෙන් කරණවැමියෙකි. ඞී. එම් ආනන්ද මගින් 1984 ජවිපෙට පූර්ණකාලිනව එක්වූ විජිත ඔහුගේ හොඳම මිත‍්‍රයා සහ කරණවැමි රැුකියාව කළ අපරැුක්කේ උපන් සේකරද ජවිපෙට සම්බන්ධ කරවන ලදී.
 
 මාතර දිස්ත‍්‍රික්කයේ සන්නද්ධ අංශයේ ලේකම් වශයෙන් 1988දී කටයුතු කළ සේකර පසුව කළුතර දිස්ත‍්‍රික් සන්නද්ධ ලේකම්ව සිටියදී 1989 අගෝස්තු බණ්ඩාරගමදී අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්විය. සේකර හැඳින්වූ වෙනත් නම් වූයේ පි‍්‍රයන්ත හෙවත් බැටීය. රත්මලාන බෙලෙක්කඬේ හන්දියේදී 1989 දෙසැම්බර් 28 වැනිදා විජිත අත්අඩංගුවට පත්වන විට කොළඹ දිසා ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. පසුව විජිත විසින් ආරක්ෂක හමුදා සමඟ හබරා¥වට ගොස් දේශපාලන මණ්ඩල සභික ගාමිණී ගුණසේකරව 1990 ජනවාරි 1 දා අත්අඩංගුවට ගැනීමට මඟපෙන්වන ලදී. අනතුරුව මාතර තෙලිජ්ජවල ජොනිඬේල් යුද හමුදා කඳවුරේ තිබූ වධ කඳවුරේ විජිත රඳවා සිටි අතර 1990 පෙබරවාරි 24 බෙලිඅත්ත ගලගමදී ඝාතනය කර තවත් කැරලි නායකයන් සිව් දෙනකුගේ සිරුරු සමඟ පාළු ලිඳකට දමා තිබිණි.
 
 මාතර දේශපාලන අංශය භාරව යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ දෙවුන්දර අතුල හෙවත් පේ‍්‍රමරත්නද (පසුව සන්නද්ධ නායකයෙකු විය*, ප‍්‍රචාරක අංශය භාරව අකුරැුස්සේ මාරඹ ප‍්‍රදීප්ද (පසුව තෙලිජ්ජවල දම්පැල්ලේදී අත්අඩංගුවට පත්විය*, ශිෂ්‍ය අංශය භාරව වැලිගම මිදිගම උපන් රුහුණු සරසවියේ විද්‍යා පීඨයේ සිසු ධර්මසිරි හෙවත් ප‍්‍රසන්නද (වර්තමානයේ ගුරු උපදේශකයෙකි*, කාන්තා අංශය භාරව රුහුණු සරසවියේ සිසු අකුරැුස්සේ කැකුණවල ජයනිද කටයුතු කළේය. සන්නද්ධ අංශයේ මාතර දිස්ත‍්‍රික් නායකත්වය සේකර විසින් දරන විට එහි කලාප සන්නද්ධ ලේකම්වරුන් වූයේ දෙනියාය සහ හක්මන කලාපයට වික්ටර්ද, අකුරැුස්ස/ කඹුරුපිටිය කලාපයට ලේකම්ගේ වික‍්‍රමසිංහ හෙවත් සරත්ද, වැලිගම/ මාතර කලාපයට හක්මන දෙනගම පදිංචි දහම් පාසල් හිටපු ගුරුවරයෙකු වූ සුන්දරද, දෙවුන්දර කලාපයට දික්වැල්ලේ
 
 පහත්ගාව වඩු කාර්මිකයෙකු වූ ගාමිණී හෙවත් සිල්වා හෙවත් හේමන්තද විය. ගාමිණී හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණික විහිදුම් බළකායේ භටයින් 4 දෙනකු සමඟ 1990 පෙබරවාරි 22 බෙලිඅත්ත ගලගමට රැුගෙන ගිය විට ගලගම සුනිල් ඇතුළු කැරලිකරුවන් විසින් හමුදා භටයින්ට ප‍්‍රහාරයක් එල්ලකර ඔවුන් 4 ඝාතනය කර දික්වැල්ලේ ගාමිණීද බේරාගෙන හමුදා භටයින් 4 ගේ සිරුරු පාළු ලිඳකට දමා තිබිණි. දෙදිනකට පසු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන කඳවුරේ රඳවාගෙන සිටි හිටපු හමුදා සෙබළ දෙවුන්දර අතුල, මාතර හිටපු දිසා ලේකම් විජිත, ඥාණසිරි පල්ලියගුරු ඇතුළු කැරලි නායකයන් 4 ඝාතනය කර සිරුරු එම ළිඳටම දමා තිබිණි.
 
 වසර 1988 මාතර දිසා ලේකම් වූයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ ගාමිණී ගුණසේකරය. (විජේවීර ඝාතනයෙන් පසුව දේශපාලන මණ්ඩලයට පත්විය*. ඔහු අතුරලිය සහ රිචඞ් නමින්ද හැඳින්විණි. දේශපාලන කලාප ලේකම්වරුන් වූයේ දෙනියායට මොහොට්ටිද (වර්තමානයේ පුත්තලමේ කඩ හිමියෙකි*, අකුරැුස්සට රඹුක්වැල්ලද, මාතර සහ
 
 වැලිගමට පරණමාන සහ අජිත් පැරකුම් ජයසිංහද, කඹුරුපිටිය සහ හක්මනට ගමගේ හෙවත් රණතුංගද, දික්වැල්ලට දෙවුන්දර බතීගම ගුණවර්ධනද(1989 දෙසැම්බර් ඝාතනයට පත්විය* වේ. පසුව 1989 අවසානයේදී මාතර දිසා ලේකම් වූයේ තිස්සමහාරාමයේ පරණමානය. (කැරැුල්ලේ පරාජයෙන් පසු අත්අඩංගුවට පත්වූ පරණමාන්න රජයේ අනුග‍්‍රහයෙන් විදේශගත විය*.
 
 එම වකවානුව තුළ මාතර සන්නද්ධ ලේකම්වරුන් වූයේ තිස්සේ නාත්, හක්මන දෙනගම වික්ටර් (සුන්දරගේ වැඩිමහල් සොහොයුරාය*, කළුආරච්චි ටී. එස්. දේවානන්ද හෙවත් වික්‍‍්‍රමසිංහ සහ දික්වැල්ලේ පහත්ගාව ගාමිණී හෙවත් හේමන්තය. කලාප සන්නද්ධ ලේකම්වරුන් ලෙස කටයුතු කළේ අකුරැුස්සට මෙන්ඩිස්, කඹුරුපිටියට ගමගේ සහ හක්මනට තෙලිජ්ජවල නාපේ සිරිල් හෙවත් මෙන්ඩිස්ය. හිටපු නාවික භටයෙකු වූ නාපේ සිරිල් මාවරල පොලිසියෙන් 1989 නොවැම්බර් 09 ආයුධ පැහැරගැනීමේ ප‍්‍රහාරයෙන් මරුමුවට පත්විය.
 
 අකුරැුස්ස ඉහළ කොටසේ සන්නද්ධ ලේකම් ලෙස කටයුතු කළ වැලිකැටියේ පියරත්න සහ තවත් කැරලිකරුවෙකු වන සරත් 1988 ජුනි 09 පස්වරු 2.30ට කැටන්විල හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගත් අතර පසුව එදිනම රාති‍්‍රයේදී ඝාතනය විය. එමෙන්ම අකුරැුස්ස/ වැලිගම කොට්ඨාසයේ සන්නද්ධ ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටියදී රුහුණු සරසවි විද්‍යාපීඨ සිසු කුරුණෑගල නාගොල්ලාගොඩ මිදිවලාන උපන් ලේකම්ගේ වික‍්‍රමසිංහ හෙවත් සරත්ද, 1988 ජුනි 09 ඡුන්ද පොලකට ආරක්ෂාව ලබාදුන් හමුදා භටයින් 5ක් යටත්කර ඔවුන් ගෙන් අවි ලබාගැනීමෙන් පසු කැරලිකරුවන් ගේ අරමුණ පිළිබඳව විප්ලවීය දේශනයක් ලබාදෙමින් සිටියදී යටත්ව අවි රහිතව සිටි කෝප‍්‍රල් මෙන්ඩිස් විසින් සිය ඉනේ සඟවා ගත් බෝම්බයක් දමා ගැසීමෙන් ලේකම්ගේ මරුමුවට පත්විය. මාතරද ආරක්ෂක හමුදාව සහ එමගින් මෙහෙයවන ලද අතුරු හමුදා කණ්ඩායම් මගින් තරුණයන්ද කැරලිකරුවන් විසින් තම ප‍්‍රතිවිරුද්ධ පිරිස්ද මරා දැමීම් 1987 සිට 1989 අවසානය දක්වා තරගයට සිදුවිය. මාතර නගරාධිපති ජිනදාස හේවාමාන්න කැරලිකරුවන් විසින් 1989 මාර්තු 20 ඝාතනය කරන ලදී. එමෙන්ම ජනාධිපති පේ‍්‍රමදාස ගේ ජනාධිපති ජංගම සේවය පැවැත්වීමට පෙර එයට දායකත්වය දුන් මාතර කිතලගම විහාරාධිපති වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමි කපා කොටා සිවුර සිරුර මත තබා ගිනි තබා තිබිණි. මාතර දිස්ත‍්‍රික්ක පුරා වෙනත් දිස්ත‍්‍රික්කවල මෙන් රජයේ ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර නිරතුරුවම ගැටුම් ඇති වූ අතර එම කාලය තුළ විශාල පිරිසක් මියගොස් තිබිණි.
 
 හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත‍්‍රිකයන්හි හමුදා සම්බන්ධීකරණ නිලධාරින්ට නායකත්වය දෙමින් දකුණු පළාතේම අණ දෙන්නා ලෙස 1988 ජූලි සිට කටයුතු කළේ කර්නල් ලක්ෂ්මන් අල්ගමය. මාතර දිස්ත‍්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වූයේ ලූතිනන් කර්නල් එල්. විජේරත්නය. මෙම පත්වීම් සමඟ කැරලිකරුවන්ට එරෙහි මර්දන ක‍්‍රියාවලිය ඉතා සැලසුම් සහගතව කි‍්‍රියාත්මක විය. දිස්ත‍්‍රික්කයේ බොහෝ ස්ථානවලින් ආරක්ෂක හමුදාවන්ට එරෙහිව චෝදනා එල්ල වුවද දෙනියාය භාරව සිටි කපිතාන් එල්. සී. පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිපදෙනකු කැරලිකරුවන්ට එරෙහිව ආරක්ෂක මෙහෙයුම් සිදුකළේ හමුදාවේ විනයට යටත්වය. විශේෂයෙන් අත්අඩංගුවට ගෙන දෙමාපිය භාරයට පත්කරන ලද පාසල් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් පිළිබඳව ඔවුහු පසු විපරම් ක‍්‍රියාවලියක්ද සිදුකරන ලදී.
 
 මාතර දිස්ත‍්‍රික්කයේ කැරලිකරුවන් ගේ ක‍්‍රියාකාරකම් 1990 මාර්තු මුල් සතිය වනවිට මුළුමනින්ම වාගේ නතර විය. එයට හේතුව වූයේ ඉතිරිව සිටි කැරලිකරුවන් 81 දෙනකු ජීවිතාරක්ෂාව සඳහා පසුබසිමින් වනගතවීම නිසාය. ජවිපෙ 2වැනි කැරැුල්ලේ පරාජයෙන් පසු වැඩිම කැරලිකරුවන් පිරිසක් වසර 3 ක පමණ කාලයක් වනගතව සිටි දිස්ත‍්‍රික්කය මාතර දිස්ත‍්‍රික්කය වේ. (ජවිපෙ 2 වැනි කැරලි සමය පිළිබඳ මෙම ලිපි මාලාව ඇතුළත් ජවිපෙ 2 වැනි කැරැල්ල ග‍්‍රන්ථය පිළිබඳ විස්තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)

jvp2

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles