The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

 

n9 22018 ඉන්දියාව ‘සුළු ධාන්‍ය වසර’ ලෙසත් නම්කරලා
ලංකාවේ ඕනෑම පරිසරයක වැවෙනවා’ ලෙඩරෝග පවා අඩුයි
අපි කුරහන් හොයන්නේ දියවැඩියාව හැදුනොත් යකඩ” කැල්සියම් සපිරි නිධානයක්
 

 මීට දශක හතරකටත් වඩා එපිට දිනයකදී අප පාසලේ උද්භිද විද්‍යාව ඉගැන්වූ නෝනිස් මහතා හොඳට අත දිගහැර සුදුපාට කම්මුලක් රතු වෙන්නට මගේ පන්ති සගයෙකුට පහරක් එල්ලකළේ ඔහු දුන් නොහොබිනා පිළිතුරක් හේතුවෙනි’ ප‍්‍රශ්නය වූයේ කැන්ද ගස හඳුන්වන විද්‍යාත්මක නාමය කුමක්ද යන්නයි’ මගේ මිතුරු ගැටවරයා අහක බලාගෙන ‘හැලපේනියා ඔතානිස්’ යයි කීවේය’ හෙමිහිට කීවත් හදිසියේ පන්තියේ ඇතිවූ නිහඬතාව නිසා එය සද්දෙට ඇසුනි’ විහිළුව නිසා ඇස් රතු නොවුණත්” පැය කීපයක් යනතුරු කම්මුල නම් රතුවී තිබිණ’ ඒ කාලේ ගෙදර ගොස් ගුටි කෑ හැටි කියන්නටවත්” පොලිසියට ගොස් ගුරුභවතාට එරෙහිව පැමිණිලි දමන්නටවත් සමාජයේ පුරුද්දක් නොතිබුණි‘ ගෙදරට කිව්වානම් අනෙක් කම්මුලටත් සාත්තුවක් ලැබෙනවාට වඩා දෙයක් නැත’ ගුරුවරුන්ද” සංයමයකින් දඬුවම් කළ නිසා” දරුවන්ද එය භාරගත්තේ තමාගේ යහපත උදෙසාය’ පෙර කී පන්ති සගයා අද විශේෂඥ වෛද්‍යවරයෙකි’ අදටත් කොළඹ සුපිරි පාසලක් ලෙස හඳුන්වන මෙහි තිබූ විශාල ආපන ශාලාවේවත්” කෑමට එදවස හැලප තිබුනේ නැත’ ඈත අතීතයක සිට ලාංකික ජනතාව අතර තිබූ මෙවැනි ආහාර ගැන” එකල නාගරික පරිසරයේ එතරම් අවධානයක් නොතිබුනත්” වසවිස සහිතව කෘතිම ආහාරයන් විදුලි බුබුලින් සැරසූ වීදුරු කුටි පුරවා සිටින වර්තමානයේ” ඇසින් බලා කටේ දමාගැන්මට පෙර මොළයෙන් විමසන කීපදෙනෙක් හෝ” හැලප සොයා යෑම අගය කළ යුත්තකි’ ජාතියේ වාසනාවකි’
 
 කැන්ද කොළයක් දෙකට නමා එතුළ සිරකර තැම්බූ පැණිරස ආහාරයක් වන හැලප ගැන කියන විට නව පරපුරේ අයට නම් කුරහන් හෝ කුරක්කන් ගැන අදහසක් සිතට ආවත්” මේ අපූරු බෝගය ගැන තවමත් අප විධිමත් අවධානයක් යොමුකර ඇතිදැයි මා හට නම් ඇත්තේ බරපතළ දෙගිඩියාවකි’ මීට වසර 20 කට පමණ පෙර ‘රාවනා’ සහ 2007 වසරේදී ‘ ඕෂධ’ වශයෙන් වැඩි අස්වැන්න දෙන කුරක්කන් ප‍්‍රභේද දෙකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර තිබේ’ නිසි ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් තවාන් දමා පසුව පැළ සිටුවීම වැනි දෙපාර්තමේන්තුව දෙන වගා උපදෙස් අනුගමනය කරන්නේ නම් හෙක්ටයාරයකට ටොන් 3-4 ක් වැනි අස්වැන්නක් ලබාදීමට වුවද මේ මාදිලි සමත්ය’ 2014 සිට 2017 වැනි වසර තුන ගතහොත් අප කුරක්කන් නිපදවා ඇත්තේ පිළිවෙළින් මෙටි‍්‍රක් ටොන් 8850” 8925 හා 8565 වැනි ප‍්‍රමාණයකි’ එසේනම් දේශපාලන වේදිකාවල කුරහන් ගැන කතා ඇසුනද” ඒ සද්දය ගොවිබිම වෙතට එතරම් දුරට කාන්දු වූ බවක් නොපෙනේ’ අනෙක් අතට කුරක්කන් ආනයන වාර්තා දෙස බැලූ විටද පෙනෙන්නේ එය වසරකට මෙටි‍්‍රක් ටොන් 1400 ක් වැනි අගයක් අවට එහා මෙහා වෙමින් පවතින බවයි’ මෙහි අරුත වන්නේ මේ සැඟවුණු නිධානය ගොඩගන්නට අපේ ජනතාව තවමත් සූදානම් නැති බවද?
 
 නිධානය වළලනු ලැබුවේ” තිරිඟු” බඩඉරිඟු” වී වැනි බෝග වර්ග තුනක් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර” හැටේ දශකයේදී ලොව පුරා පැතිරුණු හරිත විප්ලවය විසින්ය’ ඒ වනවිට ඉන්දියාවේ පමණක් ඉඩම් හෙක්ටයාර් මිලියන 37 ක කුරහන් වගාකර තිබුණි‘ වාරි ජලය ලබාගත හැකි ඉඩම්” ගොයම් හා තිරිඟු වලට වෙන්කර දෙමින් ඉන්දියාව හරිත විප්ලවය හරහා පැමිණි අතර 2016 වසර වනවිට එහි වවා තිබූ කුරහන් වපසරිය වූයේ හෙක්ටයාර් මිලියන 14 ක් නොහොත් විප්ලවයට පෙර ප‍්‍රමාණයෙන් 35% ක් පමණ ප‍්‍රමාණයකි’ එහෙත් ඉන්දියාව අද අවදිව සිටී’ තම සාම්ප‍්‍රදායික බෝගයන් වෙත යමින්” කුරහන් පමණක් නොව ආදි ඉන්දියානුවන් රස කර කර අනුභව කළ” අද වනවිට වැඩි අවධානයක නැතිව කොන්වී සිටින සුළු ධාන්‍ය (Millets) වර්ග බොහොමයක් කෙරෙහි ඔවුන් අවධානය යොමු කර අවසන්ය’ ”වී කිලෝවක් හදන්න වතුර ලීටර් 5000 ක් පමණ වැයවෙනවා’ කුරක්කන් කිලෝ එකකට ජලය අවශ්‍ය වෙන්නේ ලීටර් 250-300 අතර ගණනක්’”
 
 n9 3ඇඟට දැනෙන එම අනාවරණය කරන්නේ මෙනේරි වර්ග පිළිබඳව සමස්ත ඉන්දීය පර්යේෂණ ව්‍යාපෘතියක් මෙහෙයවන ප‍්‍රභාකර් නමැති විද්වතෙකි’ නියඟයෙන් පීඩා විඳින” උදේ හවා වැස්ස වලාහක දෙවියන් යදිමින් දිය බිඳක පහස අයදින” වියළි කලාපීය ගොවියාට පෙනෙන්නට මෙම ප‍්‍රකාශය පෝස්ටරයක අච්චුගසා ගහක් ගලක් පාසා ඇලවිය යුතු නොවේද?
 
 ”අපි ළඟ හොඳ ප‍්‍රභේද එකතුවක් තියෙනවා’ සමහර ඒවා විදේශික වර්ග’ තවත් ඒවා මෙරට ගොවීන්ගෙන් එකතු කළ ඒවා’ අතීතයේ ඉඳල ගොවීන් හොඳ කුරහන් වර්ග තෝරලා” අතින් අත හුවමාරු කරගෙන තිබෙන නිසා ඒ අය සතුව තිබෙන ප‍්‍රභේදත් ඉතා හොඳ වැඩි අස්වැන්න දෙන ඒවා’ මේ බෝගය ව්‍යාප්ත කිරීමට පරිසරයෙන් කිසිම බාධාවක් නෑ’ ජනතාව කුරක්කන් වල වටිනාකම නිවැරදිව දැනගතහොත් ලොකු ඉල්ලූමක් තිබේවි’”
 
 එසේ පවසන්නේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) රංජලා කුමාරි විජේරත්න මහත්මියයි’ මහඉලූප්පල්ලම ක්ෂේත‍්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කුරක්කන්” බඩඉරිඟු ආදී වැඩසටහන්වල භාරකරු වන්නේ ඇයයි’ දුෂ්කර පරිසර දරා සිටීමේ ගතිගුණය නිසාම මෙම බෝගය එවන් පරිසර වලටම සීමා කිරීමට මිනිසා උනන්දු වීම” කුරහන් බෝගය ව්‍යාප්ත කිරීමට ඇති ප‍්‍රධාන බාධාවක් ලෙස ඇය හඳුනාගෙන තිබේ’ කැලේ පිපුනාට කැලෑමල කැලයේම මිලින වියයුතු නැත’ රට පුරාම වුවත් කුරක්කන් වැවීමට පරිසරය හෝ භූ විෂමතා බාධාවක් නොවන බව ඇය පවසයි’
 
 ”උෂ්ණත්වය අංශක 40 ට නැග්ගත් බෝගය බේරෙනවා’ කරල් බොල්වෙන්නෙත් නෑ’ වතුර නැතුව මාසයක් වුණත් ඉන්නවා’ වතුර රැුඳිල තියෙන පසේත් වැවෙනවා’ නුවරඑලිය වලපනේ වගේ උඩරට පළාත් වලටත් සුදුසුයි’ සරලව කියනවානම් රට පුරාම ඕනෑම දේශගුණයක් යටතේ වවන්න පුළුවන්’ වාසි ඒ විතරක් නෙවෙයි’ ලෙඩ රෝග නැති තරම්’ කොලපාළුව කියන රෝගය ඇතැම් විට එනවා’ ඒත් ගොයම වගේ ඒ හමුවේ විනාශ වෙන්නේ නෑ’ කෘෂි රසායන ද්‍රව්‍ය ඉතාම අඩුවෙන් යොදවල වගාව අවසන් කරන්න ගොවියාට හැකිවෙනවා’”
 
 ඇය කුරහන් වලට දෙන්නේ රන්වන් සහතිකයකි’ කර්කශ අප‍්‍රිකාවේ උගන්ඩා හා ඉතියෝපියා භූමියන්හි වසර 5000 ක පමණ සිට ආදිවාසීන්ගේ ආහාරයක් වූ කුරක්කන් ඉන්දියාවට පැමිණ ඇත්තේ මීට වසර 3000 කට පමණ පෙරදීය’ උපතින් ලද පන්නරය එලෙසම රැුක ගනිමින් මුහුදු මට්ටමෙන් මීටර් 2000 කට වඩා උසැති හිමාල අඩවියේද මෙය වැවේ’ බීජවල ජීව්‍යකාලය ඇතැම්විට වසර 50 ක් පමණ රැකෙනා බවටද වාර්තා ඇත’ ඒ නිසාම අප‍්‍රිකානු රටවල පවතින දිගු සාගතයන් අවසානයේ පැළ කළ හැකි යමක් ඉතිරි වන්නේ කොතැනද” එතැන ප‍්‍රමුඛත්වය ගන්නේත් කුරහන් බීජ අහුරකි’ ජලය ඉතා අවමයෙන් ලැබෙන” දුර්වල පසෙහිදී වැඩි උෂ්ණත්වයන් පවා දරාගෙන” පොහොර හා කෘමිනාශක අවශ්‍යතාවක් ගොවියාට නොපෙන්වා මිනිසා වෙනුවෙන් පල දරන කුරක්කන්” වචනයේ පරිසමාප්තියෙන්ම ”දේශගුණ සුහුරු” (Climate Smart) ධාන්‍යයක් වේ’ ඉන්දියාවේ ජාතික ආහාර සුරක්ෂිතතා මෙහෙයුම යටතේ” ආන්ද්‍රා ප‍්‍රදේශ්” කර්නාටකා” තමිල්නාඩු වැනි ප‍්‍රාන්තයන්හි n9 4සහභාගිත්වයෙන් 2018 වසර ”සුළු ධාන්‍ය බෝග වසර” ලෙස ප‍්‍රකාශයට පත්කරන්නට එරට බලධාරීන් කටයුතු කර ඇත්තේ බෝගය සතු මෙම දිරිය යළි අවදිකර” ජනතා සුබසිද්ධිය වෙනුවෙන් උපරිමයෙන් ලබා දෙන්නටය’ මීට අමතරව” තිරිඟු වැනි බෝග බහුලව වගාකරන උතුරු ඉන්දියානු වෙළඳසල්වල කුරක්කන් වලින් තැනූ ළදරු ආහාර” අතුරුපස” අයිස්ක‍්‍රීම් වැනි දේ පමණක් නොව කුරක්කන් පිටි යොදාගෙන පෙරූ මත්පැන් පවා විකිණීමට තිබීම හරහා පෙනී යන්නේ ඉන්දියානුවන් ”ඊයේ රළු ධාන්‍යය - අද පෝෂ්‍ය ධාන්‍යය” යන උද්‍යෝගිකරන පාඨයට කෙතරම් අවනත වී ඇතිද යන්නයි’
 
 ග්ලූටන් යනුවෙන් හඳුන්වන්නේ තිරිඟු” බාර්ලි වැනි ධාන්‍ය වර්ගයන්හි අන්තර්ගත ප්‍රෝටීනයකි’ මිනිසුන් සිය දෙනකුගෙන් එක අයෙක් මෙම ප්‍රෝටීනයට සංවේදී බවත්” ඔවුන් ග්ලූටන් සහිත ආහාරයක් ගත්විට” ඒ මගින් කුඩා බඩවැලේ තුවාල හටගන්නා බවත් වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීමකි’ මේ තත්ත්වය අප කවුරුත් දන්නා ගැස්ට‍්‍රයිටීස් රෝගයට නෑකම් කියන්නක් වුවත් නිවැරදිව
 
 රෝගය හඳුන්වන්නේ නම් එය සේලියැක් රෝගයයි ’ කුඩා බඩවැලේ තුවාල හටගත්තා යනු ඔවුන්ගේ ආහාර ජීර්ණයත්” අවශෝෂණයත් යන දෙකම අඩාලවී මන්ද පෝෂණය මූලික කරගත් තවත් රෝග ගණනාවකට ඒ හරහා මුල පිරේ’ මව්පිය පරපුරෙන් ආවේනිගතවෙන රෝගයක් වුවත්” ඇතැමුන් තමාට මේ රෝග තත්ත්වය තිබෙනවාදැයි දන්නේවත් නැත’ ඇමරිකානුවන් පමණක් මිලියන දෙක හමාරක් දෙනා තමාට මෙවැනි රෝගයක් ඇතැයි නොදැනම පීඩා විඳිමින් සිටී’ එය වඩාත් භයංකාරය’ රෝගයට ප‍්‍රතිකාර මොනවාදැයි ලිවීමට අප දන්නා තරම ප‍්‍රමාණවත් නොවුණත් ආහාර තාක්ෂණඥයින් නම් ඒ ගැන යමක් දනී’
 
 ”සේලියැක් රෝගයෙන් පෙළෙන්නන්ට ග්ලූටන් සහිත පිටි අගුණයි’ සමහරු පාන්පිටි වලින් සෑදු ආහාර හමුවේ බඩ දැවිල්ල වගේ තත්ත්වයට මුහුණ දෙන්නේ යම් පමණකට ඔවුනටත් ග්ලූටන් අගුණ නිසා’ ඒ අය ග්ලූටන් නැති පිෂ්ඨය තම ආහාරය සඳහා යොදාගත යුතු වෙනවා’ හාල්පිටි එක උදාහරණයක්’ ග්ලූටන් නැති නිසා තමයි හාල්පිටි වලින් හදන ආහාර එකට ඇලිලා පවතින්නේ නැත්තේ’ සම්පූර්ණයෙන්ම හාල්පිටි දාල පාන් වැනි බේකරි නිෂ්පාදන හදන්නත් බැරි ඒකයි’ හැදුවොත් ව්‍යුහය එක හැඩයකට පවතින්නේ නැතුව කැඩිලා කුඩු වෙලා යනවා’ ඒ නිසා තමයි පාන් හදනවනම් 30% ක පමණ උපරිමයකට යටත්ව හාල්පිටි දාන්න කියන්නේ’ කුරක්කන් පිටි මීටත් වඩා ග්ලූටන් රහිත ආහාරයක්’ ඉතාමත් හිතකරයි පාන්පිටි අගුණ අයට’ අනෙක් එක හාල්පිටි සමග සසඳා බලනවිට එහි පෝෂණ ගුණය ඉස්තරම්’ ඒ නිසා මම හැම දෙනාවම උනන්දු කරවනවා කුරක්කන් ආහාරයට ගන්න’ රොටි” පාන්” විස්කෝතු ආදිය සෑදීමේදීත්” පාන්පිටි වලට යම් ප‍්‍රමාණයක් කුරක්කන් පිටි එකතු කිරීමෙන් ග්ලූටන් අඩුකිරීමත්” පෝෂණය වැඩිකිරීමත් දෙකම කරගන්න පුළුවන්’ නිපැයුමේ හැඩය නම් පාන්පිටියෙන් හැදුව වගේ ලස්සනට පිපිලා තියෙන එකක් නෑ’”
 
 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි ආහාර තාක්ෂණඥයෙකු වූ සෙනරත් ඒකනායක මහතා තම අදහස් ප‍්‍රකාශ කෙරුවේ එලෙසය’ ඔහු පැවසූ ආකාරයට කුරක්කන් යනු ”කැල්සියම් බලාගාරයකි”’ වෙනත් කිසිදු ධාන්‍යයකින් ලද නොහැකි තරමට මේ තුළ කැල්සියම් හා යකඩ තිබේ’ අපගේ මුතුන්මිත්තන් ඇතැම් විටදී තම ප‍්‍රධාන ආහාරය ලෙස පවා කුරක්කන් අනුභව කරමින් ලැබූ ආශ්වාදය කෙතරම් දැයි සිතෙන්නේ පාන්පිටි රොටියක් හෝ එසේත් නැත්නම් පරිප්පු ඇට කීපයක් පාවෙන හොදි පීරිසියක ඔබමින් පාන් කාලක් ගිල දමන නාගරිකයෙකු දකින විටය’ ඉන්දියානුවන් පවා මේ වනවිට මෙම වැළලූනු නිධානය ගොඩ ගැනීමට යන්ත්‍රෝපකරණ වලට තෙල් දමද්දී” අප තවමත් කුරක්කන් අනුභවය” හැලපයකට හෝ දිලිසෙන ඇසුරුමක දැවටූ කුරක්කන් බිස්කට් කීපයකට සීමාකර තිබීම වහ වහා නිවැරදි කරගත යුතු තත්ත්වයකි’
 
 වතුර මුට්ටියක් ළිප තබා ලූණු ටිකක් එකතුකර” උතුරන වතුරට ටිකෙන් ටික කුරහන් පිටි එකතුකරමින් හා හැඳිගාමින් ‘තලපයක්’ සාදාගන්නා සූපවේදය” සංකීර්ණ විච්චූරණ කෑම හදන බොහොමයක් බවලතුන්ට සරල වැඩි නිසා නොතේරෙන්නට පුළුවන’ කුඩා ගුලි ලෙස මෙම තලපය හසුරුවමින් මස්හොදී හෝ එවැනි ස්නේහකයක් සමග බඩකට පුරා ගිල දැමුවත් මින් අගුණයක් නම් වාර්තා නොවේ’ කුරක්කන් පිටිවල තන්තු බහුල නිසා උදරගත වෙන ආහාරයෙන් සෑහෙන කොටසක් ජීර්නයටවත් හසුවන්නේ නැත’ ග්ලූටන් නැති නිසා ආන්ත‍්‍රික හානිද නැත’ ජීර්ණය හෙමිහිට සිදුවෙන බැවින් රුධිරයට ග්ලූකෝස් නිදහස් වීමද මන්දගාමීව සිදුවේ’ එබැවින් දියවැඩියා රෝගීන්ටද මෙය ආරක්ෂා සහිත ආහාරයකි’ කුරක්කන් අනුභවය නිසා ශරීරගත වෙන කැල්සියම්” යකඩ ඇතුළු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථයන් එකමුතුවට සමකරන්නට” සුදු පාට පාන් කමින් මල්ටි විටමින් කරල් ලොරියක් ගිලදැමුවත් බැරිය’
 
 ”දැන් අපේ රටේ කුරක්කන් සිරිත අභාවයට ගිහිල්ලා’ අපේ ළමා කාලේදී ගෙවල් වල මොනතරම් කෑම ජාති හැදුවද ප‍්‍රධාන ආහාර වේලට අමතරව’ ගෘහනියන්ට ඒවා හදන්න වෙලාවත් තිබුණ’ හදන විධිය දැනගෙනත් හිටිය’ කුරහන් රොටි” හැලප” කැඳ” පිට්ටු වගේ දේ අද මොනතරම් අඩුවෙන්ද ගෙවල්වල හදන්නේ’ හැලපයක් කෑවත් කඩෙන් තමයි’ දෙමව්පියන්ගේ උනන්දු කිරීමක් නැති වෙනකොට දරුවෝ කුරක්කන් කයිද? සියලූම ගැටලූ විසඳන්නේ පේස්ටි‍්‍ර ෂොප් එකෙන්’ උදේ කෑමත් එතනින්” ස්නැක් එකත් එතනින්” හවසට තේ වලට ෂෝර්ට් ඊට්සුත් එතනින්’ එක එක හැඩයට” නොයෙකුත් බරට පාන්පිටි ගුලි ගිලිනවා’”
 
 එය තරමක් වේගවත් අදහස් දැක්වීමකි’ නම පළකරනවාට අකමැති වූ විධායක ශ්‍රේණියේ ඉහළ නිලතලයක් උසුලන ඇය වියළි කලාපයේ අතිරේක ආහාර බෝග ව්‍යාප්තිය ප‍්‍රවර්ධනය උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ මහත් කාර්යයක් මෙහෙයවන්නියකි’ රස්සාවෙන් විශ‍්‍රාම ලබන්නට කිට්ටුවෙනවිට” රුධිරයේ සීනි පරීක්ෂණයේ ප‍්‍රතිඵල හරහට සිටිනවිට බොහෝ දෙනකුට කුරක්කන් සිතිවිලි පහළවෙන බව ඇය පවසා සිටී’ ටවුමේ කඩයෙන් හැලපයක් කා කහට උගුරක් බී හවසට ගෙදර යන වැඩිහිටියා” දරු පැටවුන්ට දෙන්නට අතේ ගුලිකරගෙන යන්නේ පාන්පිටි පොත්තෙන් ගනකමට සෑ¥ එළවළු පැටිස්ය’ මේ කිසිවක් නොදන්නා සේ අප දේශීය ආහාර ප‍්‍රවර්ධනයක් ගැන කතා පවත්වමු’ ගෙදර කුස්සියේ තිබූ කුරහන් ගල අද ඇත්තේ කෞතුකාගාරයේය’ තව ටික දිනකින් වංගෙඩිය” මෝල්ගස මෙන්ම මිරිස් ගලද එහි යනු ඇත’ ඊට විකල්ප මෙවලම් පැන්ටි‍්‍රයට පැමිණ ඇති නිසා අප එහි කිසිදු වරදක් නොදකිමු’ පොඩි පරහකට ඇත්තේ නිවැසියන් ස්වාභාවිකවම ලැබූ ව්‍යායාම” දැන් වෙනම වෙලාවක” ඇතැම්විට මුදලට පවා ගන්නට සිදුවීමයි’ අප එයද ඉවසා සිටිමු’ කුරහන් ගල ගෙදර නොතිබුනාට” ඉතා පිරිසිදුවට ඇඹරූ කුරහන් පිටි සිල්ලර කඩයේ ගන්නට තිබේ’ පාරිභෝගිකයාගේ ඉල්ලූම ශක්තිමත් නම්” පිටි කම්හල් යන්ත‍්‍ර තුළ වැඩි වැඩියෙන් කුරහන් මලූ ඇඹරෙනු ඇත’ ඊට සාපේක්ෂව ආනයනය සීමා කරන්නේ නම්” ගොවියා හැරෙන්නේ කුරහන් වගාව පැත්තටය’ මන්දයත් ඔහුගේ දේශීය නිෂ්පාදනයට හොඳ මිලක් ලැබෙන බැවිනි’ මේ හරහා පසුගිය වසර කීපය තුළ දේශීය නිෂ්පාදනය වශයෙනුත්” ආනයනය කෙරෙන තොගය වශයෙනුත්” එක තැන පල්වෙමින් පවතින දත්තයන් මඳක් එහා මෙහා වෙනු පෙනෙන්නට පටන් ගනීවි’ ගොයම නැත්නම් ඉරිඟු යැයි මතුරමින් සිටින ගොවියාගේ අතට කුරහන් අහුරක් මිට මෙලවීමත්” තම ව්‍යාප්ති හා ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය හරහා අවශ්‍ය පණිවිඩය ඇසෙන්නට සැලස්වීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමත් වේ නම් සැඟවුණු නිධානය ක‍්‍රමයෙන් ගොඩට එනු ඇත’ එම නිධන් ගල පිපිරවීමට අප මෙසේ කටයුතු සම්පාදනය කළද” වෙඩි නූලට ගිනි තැබිය යුත්තේ වෙන කවුරුවත් නොව මේ ලිපිය කියවන ඔබමය’ සතියකට දෙතුන් වතාවක්වත් කුරහන් මිශ‍්‍ර ආහාරයක් අනුභව කළයුතු යැයි ඔබ හිත හදාගන්නේ නම්” දියවැඩියාව හැදුනු අය කෑ යුතු ආහාරයක් සේ නොසලකා දරුවන්ටත් කුරහන් රස හුරු කරන්නේ නම්” අනාගත පරපුරේ නිරෝගී බවට මෙන්න කැට!’
 
 සනත් එම්’ බණ්ඩාර
 sanathmalka@hotmail'com

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles