Divaina - බිම්මහලේ සිරගත කළ දියණියට දරුවන් පස් දෙනෙක් ලබා දුන් පියෙක්...! නිවසේ හැසිරුණේ සාන්තුවරයෙක්‌ වගෙයි!!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

 

josap2

 

ඔස්ටි‍්‍රයානු ජාතික Josef Fritzl දිනක් ඔහුගේ දියණිය බිම් මහලට කැටුව ගියේ දොරක් උඩුමහලට රැගෙන ඒමට සහය වීම පිණිසයි. ඒත් මෙම පියා තම දියණිය සිහිසුන් කොට බිම් මහලේ සිරගත කොට මවටත් පොලිසියටත් දියණිය අතුරුදන්ව ඇති බවට අපූරු රංගනයක යෙදුනා.. ඒ අතරම දියණිය එලිසබෙත් විසින් ලියන ලද ලිපියක් ඔහු විසින් පොලීසියට ඉදිරිපත් කළ අතර එහි සටහන්ව තිබුණේ මෙම නිවසේ ගෙවන ජීවිතය ඇයට හිරිහැරයක් බැවින් නිවස හැර යන බවයි.

කොහොම වුණත් කාලය සමග ඇය ගැන සෙවිල්ල අමතක වුණා. ඒත් එළිසබෙත් බිම්මහලේ සිරකාරියක්ව සිටි අතර පියා විසින් විටින් විට බිම්මහලට ගොස් ඇය සමග ලිංගිකව සම්බන්ධකම් පැවැත්වීම නතර කළේ නැහැ. ඇතැම් අවස්ථාවලදී තම බිරිඳ රෝස්මේරිට බිම්මහලේ වැඩ කටයුතු තිබෙන බැව් සඳහන් කරමින් මුළු රාති‍්‍රයේම විටන් විට ඔහුගේම ලෙයින් මසින් දාව උපන් දියණිය අපයෝජනය කිරීමට තරම් නරුමයෙක් වුණා.

 

 

josap700

 

 වසර දෙකක් ගෙවෙද්දී එලිසබෙත් තම පියා නිසාම ගැබ් ගත්තා. කෙසේ හෝ ජෝසප් විසින් ඇගේ ගැබ්බර කාටවත්ම නොදැනෙන සේ මේ බිම්මහලේදීම නිදහස් කර ගත්තා. දරුවා හදා වඩන අතරවාරයේම ජෝසප් නැවත නැවතත් දියණිය සමග ලිංගිකව එක්වීම නැවැත්වූයේ නැහැ. තවත් වසර දෙකක් ගෙවෙන විට ඇය පියාගෙන්ම තවත් දරුවන් දෙදෙනෙක් බිහි කළාය. මේ අන්දමින් පියා නිසා එලිසබෙත්ට වසර 24 ක් වෙන විට දරුවන් පස් දෙනෙක් බිහි කිරීමට සිදු විය. කි‍්‍රස්ටින් (19), ස්ටෙෆන් (18), ලිසා (16), මොනිකා සහ ඇලෙක්සැන්ඩර් (12) ඇය තමාගේ පියාට දාව උපන් දරුවන්ය.

මේ සිදුවීමේ ලොකුම විහිළුව මෙයයි. තම දියණියට දාව උපන් දරුවන්ගෙන් තිදෙනෙක් ජෝසප් විසින් උඩු මහලට රැගෙන ගොස් බිරිඳ රෝස්මේරිට කියා සිටියේ මෙම දරුවන් කවුරුන් හෝ නිවස ඉදිරිපිට තබා ගොස් තිබුණ බවත් ඔවුන්ට අනුකම්පාවෙන් මෙම දරුවන් කරුණාවෙන් හදා වඩා ගත යුතු බවයි. කිසිම දෙයක් නොදත් රෝස්මේරීද තම සැමියාගේ සංවේදී බවට එකහෙළාම මනාපය පළ කළාය.

‘අනේ මගේ සැමියා මොනතරම් හොඳ චරිතයක්දැ’යි ඇයටත් නොසිතුණා නොවේ...’

මේ අතර ජෝසප්ගේ වෙස්මුහුණ ගැලවෙන දිනය අනපේක්ෂිත ලෙසින් උදා විය. එළිසබෙත්ගේ දරුවෙක් රෝගාතුර වූයෙන් ඇය තම පියාගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටියේ මේ දරුවා රෝහල්ගත කරන ලෙසයි. මීට පෙරාතුවත් ඇගේ දරුවෙක් මේ බිම්මහලේම මියගියෙන් කෙසේ හෝ දරුවාගේ ජීවිතය බේරා ගැනීමේ දැඩි සටනක එලිසබෙත් යෙදුනාය. මහත් සේ අයැද සිටීමෙන් අනතුරුව ජෝසප් කෙසේ හෝ කැමැති කරවා ගෙන දරුවා රෝහල්ගත කිරීමට ඇය සමත් වූවාය.

රෝහලේදී දරුවාගේ පියා ගැන විමසන විට ජෝසප් වෙතින් ඉස්මතු වුණ හැසිරීම රෝහල් බලධාරීන්ට සැකයට හේතු විය. ඔවුන් අසල පොලිසියට මේ බව දන්වා සිටි අතර පොලිසිය විසින් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ජෝසප් නිරුත්තර විය.

සිද්ධිය මුල පටන් ඉදිරියට පැමිණි අතර එලිසබෙත් වසර 24 කට පසුව බිම්මහලෙන් පිටතට පැමිණියාය. පියාගේ නරුම හැසිරීම ගැන ඇය කියන විට බිරිඳ රෝස්මේරිටත් අදහා ගත නොහැකි වූයේ තමා ඉදිරියේ සාන්තුවරයෙක් සේ හැසිරෙන සැමියාගේ කි‍්‍රයාකලාපයයි. මේ අතර ජෝසප් අත්අඩංගුවට ගත් අතර එළිසබෙත් අදටත් වෙනත් නාමයකින් දැඩි ආරක්ෂිතව ඔස්ටි‍්‍රයානු ගම්මානයක ජීවත් වේ.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles