Divaina - මියගිය ආත්මයක වියෝ ගීතය.....! හැම යුවතියක්ම කුසුම් වැනි කන්‍යාවක් යැයි මා සිතූ බව සැබැවි!!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

  චතුර පමුණුව

kus333කරුණාසේන ජයලත් අතින් ලියවුණු හතුරු හිතක් ග‍්‍රන්ථයේ මුල්ම මුද්‍රණය පිටවන්නේ 1972 සැප්තැම්බරයේදීය. ඔහුගේ තුන් ඈඳුතු නවකතාවේ අවසන් කොටස මෙයයි. මුල් කොටස් දෙක ‘ගැහැනු ළමයි’’ හා ‘‘පිරුණු හදක්’’ විය. මුල් නවකතා දෙකම ලියවෙන්නේ කුසුම්ගේ ආත්ම කථනය ලෙසය. නමුත් හතුරු හිතක් ‘නිමල් හතුරුසිංහ’ නොහොත් ‘‘ලොකයියා’’ (ලොකු අයියා) ගේ කතාවයි. මේ නවකතා තුනේම යොවුන් චිත්තාවේශයන් ඉතා සංසක හා සංවේදී අයුරින් විචිත‍්‍රණය කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. කුසුම් චරිතය ඉපදී වසර පනහක් ගෙවුණද, අදත් සිංහල පාඨකයා ඉතා ආදරයෙන් ඒ ‘උතුම් තරුණිය’ සිහි කරන්නේ හද පිරි භක්තියෙනි. නමුත් අද කිව යුත්තේ කුසුම්ගේ කතාව නොව නිමල්ගේ කතාවයි. මේ දෙදෙනාටම කියන්නට තිබුණේ එකම කතාවක් වුවත් එය වෙනස් විය. එකම දෙය වෙත මොවුන් බැලූවේ එකම ඇසකින් නම් නොවේ. කුසුම් හා නිමල්ගේ පේ‍්‍රමය ඛේදවාචකයක් වන්නේ කවර හේතුවක් නිසාද. ඒ ඇගේ කතාව හා ඔහුගේ කතාව එකිනෙකට වෙනස් වන නිසාය. එය ‘හතුරු හිතක්’ තුළ ජයලත් සූරීහු ඉතා හොඳින් සන්නිවේදනය කරවයි. එයින් පාඨකයා කම්පනයට පත් වේ. මේ උපුටනය බලන්න.
 
 හැම කාන්තාවක් ම අම්මා වැනි පතිවතක්ය. හැම යුවතියක් ම කුසුම් වැනි කන්‍යාවක් යැ යි මා සිතූ බව සැබැවි. මගේ බිරිඳ පද්මිණි විවාහයට කලින් කුමරි බඹසර වත් විවාහයට පසු ව පතිවත වත් රැකි එකියක් නොවූවාය.
 
 අම්මා, කුසුම්, පද්මිණි.
 
 මගේ ඉරණම සකස් කළ නොහොත් වෙනස් කළ ස්ත‍්‍රීහු තිදෙනා මොව්හුය. ඔවුන් විසින් මා කෙරෙහි ඇති කරන ලද බලපෑම කෙතරම් විශාල ද ප‍්‍රබල ද යත් මේ ත‍්‍රිමූර්තිය ඉවත් කළ හැකි නම් ජීවිතය යනුවෙන් දෙයක් මට තවදුරටත් ඉතිරි නොවනු ඇත.
 
 තම පවුලේ සහෝදරයන් පස්දෙනාම පිරිමි වීම නිසාම නැගනියක කෙරෙහි ආසාව නිමල් තුළ වැඩෙන්නට පටන් ගත්තේ කුඩා කල සිටමය. ඩැයිවර් මාමා නොහොත් තම පියා කුසුම්ව සුරතල් කරනු දැකීම ද හෙතෙම ආසා කළේය. වීදුරු වළලූ දමා ගත් ලස්සන ගවුමකින් සැරසුනු නැගණියකගේ ස්වරූපය පිළිබඳ භාව අවුස්සනු ලබන්නේ කුඩා කුසුම් දැකීමෙනි. කුසුම් තම ගෙදර අපේම නංගී කෙනෙකු වශයෙන් ඇති දැඩි වනු දැකීම ගැන ඔහු කල්පනා කරයි. එය සිහිනයක් බඳුය. තමා මේ නැඟනියට සියලූ සහෝදරයන්ට වඩා ආදරය කරනු ඇති බව නම් සහතිකය.
 
  n3 1කුසුම් දරුකමට හදාගන්න ගෙනෙමු යි තාත්තා යෝජනා කළ නොයෙක් අවස්ථාවල ‘‘අම්මේ අපි කුසුම් අපේ ගෙදර නතර කර ගනිමුදැ’’ යි කියන්නට මට සිතුණත් මා තුළ එතරම් ධෛර්යයක් නොවීය. එහෙත් ඇය ගැන දෙමාපියන් දෙදෙනා අතර කතා බස් වුණු නොයෙක් රැුයෙක නිදි නැතිව බොහෝ වේලා ගත කළ මම ඇය සම්බන්ධ කර විවිධ විසිතුරු දේවල් සිතින් මවා ගතිමි.
 
 (පිටුව 23)
 
 කමලාවතී (නිමල්ගේ අම්මා) සෑම විටම කීවේ කුසුමේ ගුණයහපත්කමට හැදෙන ගැහැනු ළමයකු බවය. ඇය කිසිවිටෙක මෝස්තරකාරියක් නොවන බව කියයි. මේ කතා ඇසෙන්නේ කුසුම් වැඩිවියට පැමිණීමෙන් පසුව ඇයට දෙන ත්‍යාගය කුමක් දැයි යන්න ගැන දෙමහල්ලන් සාකච්ඡුා වන විටය.
 
 බාහිර ලෝකය වසාගත් සඳරැුසට සාධකයක් වශයෙන් එහි තුනී සෙවනැල්ලක් හැරුනු විට නිවස ඇතුළත පැවැතියේ අඳුරකි. වෙළේදී ඇසටත් සිතටත් දැනුණු සුන්දරත්වය විසින් අවුල් කරන ලද මගේ සිත නන්නත්තාරේ යෑමෙන් වළකා කුසුම් පිළිබඳ ව කුඩා සිට මා තුළ පැවැති හැඟීම් වෙත යළි යොමු කරවනු ලැබුවේ අම්මාත්, තාත්තාත් අතර කතාබහ විසින් මා කෙරෙහි ඇති කරන ලද බලපෑම විසිනි.
 
 (පිටුව 33)
 
  කාලය ක‍්‍රමයෙන් ගෙවී යයි. කුඩා කුසුම් යුවතියක වෙයි. ඒ යුවතිය සිත් පැහැර ගන්නේ කවරකුගේද? එවක විශ්වවිiාල සිසුවකු වන නිමල් මේ යුවතියගේ හදවතේ අරක් ගනී. නමුත් මෙයින් දෙදෙනාටම යහපතක් සිදුවේද? තම ආත්මය පතන ප‍්‍රීතිය තම ජීවිතයට ළඟා කර ගැනීමට කුසුම් අත්‍යවශ්‍ය වන බව ඔහු දනී. ඈ වැනි කරුණාවන්ත පරිත්‍යාගශීලී ලෝකය ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි උගත්කමක් හා බුද්ධියක් ඇති මේ යුවතිය හැර තමාට සුදුසු අන් කිසිවකු නැති බව නිමල් දනී. එහෙත් හිතේ ඇති දොම්නසත් අවිනිශ්චිතභාවයත් දුරු කර ගත හැක්කේ කෙසේද? දෙමාපියන්ගේ කැමැත්තකින් තොරව විවාහය සඳහා කුසුම් කැමති නැත. ඇය කියන්නේ තමා අමතක කරන ලෙසය. ඒ මන්ද ඇය අනාගත ඛේදවාචකය ඉවෙන් වටහා ගෙන ඇති නිසාය. මේ එක් වැදගත් අවස්ථාවකි.
 
 ‘‘මේක අපේ ඉරණමය කියල හිත හදා ගනිමු. සහෝදර සහෝදරියො වගෙ...’’
 
 ‘‘එහෙනම් අපි යමු..’’
 
 එහෙත් ඇය මගේ තුරුළෙන් ඉවත් නොවුණේ ඇයි?
 
 ‘‘අපිට මෙහෙන ඉන්න ලැබෙන අන්තිම දවස ලොකයියෙ. අපි තව ටිකක් මෙහෙම ඉඳිමු. තව ටිකක්....’’
 
 ‘‘තව ටිකක් නෙවි කුසුම් සදහටම - මැරෙන තුරුම’’ යයි කෑ ගසා කියන්නට මට ඕනෑ විය. ජීවිතයේ පළමු හා අන්තිම වරට මා ඇය සිප ගත්තේ එසේ කෑ ගසන්නට බැරි වූ බැවිනි.’
 
 ඇත්ත වශයෙන්ම මට කුසුම් අහිමි වූයේ එදාය. මුහුදු වෙරළේදීය.
 
 (පිටුව 110)
 
 නිමල් උපාධිය ලබා ගුරුවරයකු වශයෙන් තමා කලින් ඉගෙන ගත් මහා විiාලයේම සේවය කිරීමට ගත් තීරණය කමලාවතීගේ නම් සතුටට හේතු නොවෙයි. එසේම එය කුසුම්ගේ කනස්සල්ල ද වැඩිකරන්නේ ඇය මේ විiාලයේම ඉගෙනුම ලබන නිසාය. ගුරුවරයකු වශයෙන් තමන්ට සතුටක් ලැබිය හැකි යැයි ඔහු විශ්වාස කළ ද ඒ සතුට අඩුවන්නේ මන්ද? කුසුම් පමණක් තමා නොදන්නා එකියක මෙන් හැසිරෙන්නට වූ නිසාය. අගේ පංතියට ගොස් ඉතිහාසය ඉගැන්වූවද මේ පාඩමට සම්බන්ධ වන්නේ කිසියම් අප‍්‍රසන්න කටයුත්තකට සම්න්ධ වන ආකාරයටය. මේ ශිෂ්‍යයාවට කිසිවක් සිත්හි දරා ගැනීමට වුවමනාවක් නැත. මේ අතර කුසුම්ගේ හොඳම මිතුරිය පද්මිනී කියන ප‍්‍රකාශයකින් මේ ගුරුවරයා අසරණයකු බවට පත්වෙයි.
 
n3 3 ඇයි සර් අර ගෑනු ළමයට ඔය තරම් දුක් දෙන්නේ.
 
 මම දන්නවා සර් ඉන්නෙත් වේදනාවෙන්. ඈ නැවත සිංහලෙන් කියන්නට පටන් ගත්තාය. ඒ ළමයත් වේදනාවෙන්. දෙන්න දෙන්නටම ඉස්සර වගේ ආදරෙයි. දෙන්නම දුක් විඳිනව. ඇයි ඔය විදිහට තවත් දුක් විඳින්නේ.
 
 (පිටුව 138)
 
 කුසුම් ද නැත්නම් අම්මා ද කවරකු තෝරා ගැනීමේ උභතෝකොටිකයෙන් නිමල් පෙළෙයි. කමලාවතී කුසුම් තම ලේලිය කර ගැනීමට අකැමැති වන්නේ නිමල්ගේ යහපත වෙනුවෙන් ද? ඇයට අවශ්‍ය මේ දුප්පත් කෙල්ල නොව ඉහළ පැලැන්තියේ කුමාරිකාවකි. ඇයට අවශ්‍ය ඉහළ අතු ඇල්ලීමටය. ඒ සිහිනයේ කුසුම්ට කිසිම තැනක් නැත. විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගය අවසානයේ සමුගැනීම සඳහා පැමිණෙන මේ යුවතිය කුමක් ප‍්‍රකාශ කරන්නේද? ඇය කියන්නේ අවසන් මොහොතේ තමාට සිත තැලෙන දේ කතා කළ නොහැකි බවයි. එහෙත් නිමල්ගේ ඉල්ලීම කුමක්ද?
 
 ‘‘බැරිද කුසුම්ට ඔය තීරණය වෙනස් කරන්නම? ය යි ඇසුවේ තවමත් මා කෙරෙහි එදා මෙන් පවතින ආදරයක සේයාව ඇයගේ දෙනෙත් තුළ දැකීමෙන් ඇති කර ගත් දැඩි විශ්වාසය ඇතිවය.
 
 ‘‘මට බෑ බෑ බෑ බෑ කියන්නත් එපා. මම ජීවිතයම නොබැඳ ඉන්නම්. මම ඔයාට ඇර වෙන කිසිම පිරිමියෙකුට කිසිම කාලෙක ආලය නොකර ඉන්නම්. අම්ම කෙනෙකුට ගින්දරයක් දීල එක දවසකටවත් සැප විඳින්න මට බෑ.’’
 
 ඈ හඬන්නට පටන් ගත්තාය. ඇයගේ කඳුළු අවංකය
 
 (පිටුව 150)
 
 ඒ පේ‍්‍රම කතාව එතැනින් නිම විය. එහෙත් එයින් මතුවට ඇරඹෙන ජීවිතය යහපත් වන්නේ ද? පද්මිණී සේනාරත්න නිමල්ගේ බිරිඳ විම අභාවාචක සිද්ධියක් ද? පද්මිණී කුසුම්ට, මිත‍්‍ර ද්‍රෝහී වූවාද? පද්මිණී සේනාරත්න දකින හැම මොහොතකම කුසුම් මතක් වී උපදින පාලූව හා සාංකාව අලූත්වන බව කියන්නේ එකල ගුරුවරයකු වූ නිමල්ය. නමුත් පද්මිනී හා විවාහ වන්නේ තත්වයෙන් උසස් වූ ඞී. ආර්. ඕ. නිමල් සමගය. කොළඹ හෝටලයකදී හමු වූ පද්මිණී, නිමල්ට විවාහ යෝජනාව ඉදිරිපත් කරයි. ඔහුගේ අත්ල මිරිකාගෙන ඇය කියන්නේ කුමක්ද? ‘‘නිමල් ඔයාගේ හැඟීම් රිදෙව්වට මට සමාවෙන්න.’’ යි මා දෙසට නැඹුරුවෙමින් කීවාය. ‘‘ජීවිතයේ නොයෙක් දේවල් වෙනවා නොහිතුව දේවල් වෙනව. මම දන්නවා ඔයා වේදනා විඳන කෙනෙක්. මමත් වේදනා වින්ද කෙනෙක් කියලා කිව්වොත් ඔයා හැබෑ ගන්න එකක් නෑ. ස්වභාවය වෙනස් වෙන්න පුළුවනි. ඒ හැම වේදනාවන්ගේම පීඩනය එකයි. මොන ආයුධයෙන් කැපුවත් එක විදිහටයි රිදෙන්නේ.’’
 
 (පිටුව 184)
 
 ඉහළ පැලැන්තියේ ලක්‍ෂපති පවුලකින් විවාහ යෝජනාවක් ලොකු පුතාට ඉදිරිපත් වීම ගැන කමලාවතී උද්දාමයට පත්වෙයි. නෙළන්න බැරි මල් උඩ පැන හෝ කඩා ගැනීම ඇගේ නොතිත් ආශාවයි. මේ විවාහය ගැලපෙන්නේ ද නැද්ද යන්න සිතීමට ඇයට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ කෙසේ හෝ මොවුන් එක් කිරීමට දුප්පත් කුසුම් නිමල්ගේ සිහිනවලින් ඉවතට විසි කර දැමීමය. එනිසාම ඇය තමන්ගේ හිස මත අත තබා දිවුරා කුසුම් ගැන ඇති සියලූ හැඟීම් ඉවත්කර ගන්නා ලෙස බල කරයි. එය සැබවින්ම ඛේදවාචකයක අවස්ථාවකි.
 
 හදවත දැවී ආත්මය දිය වී යන අවස්ථාවකි. එය කතුවරයා විසින් අනර්ඝ ලෙස විස්තර කර ඇත. එය මේ නවකතා ත‍්‍රිත්වයේ එක් කූට ප‍්‍රාප්ත අවස්ථාවකි.
 
 ඒ ගින්දරෙන් මගේ ආත්මය දැවී අළු වී ගියේය.
 
 ‘දිවුරපන් !’’
 
 ‘‘මම දිවුරන්නම් අම්මේ! මම කුසුම් ගැන අදහස් අත්හරිනව මම පද්මිණී බඳිනව’’
 
 අම්මාගේ මුහුණෙහි මතු වූයේ ඇඬීමක්ද, සිනාවක් ද තෘප්තියක් ද පසුතැවිල්ලක් දැයි කීමට මම නොදනිමි. කිසිවක් බැලීමට නතර නොවුණු මම වහා සාලෙන් පිට ව දොර වසා ගනිමින් ම කාමරයට වැදී ඇඳේ වැතිර හඬන්නට පටන් ගතිමි.
 
 මතක ඇති කාලයක නොහැඬූ ලෙසින් මම හැඬීමි. ටිකකට කලින් ගින්දරකින් දැවී ගිය ආත්මයේ භෂ්මාවශේෂ ඒ කඳුළුවලින් දිය වී සේදී ගියේය. ආත්මය දැවී දිය වී සේදී යෑමෙන් හිස් මිනිසකු බවට පත්වුණු මම මගේ හතුරකු ලෙස ක‍්‍රියා කරන්නට ඉඩ දී දෙනෙත් පියා ගතිමි.
 
 තෙමසක පමණ ඇසුරකින් පසු පද්මිණී හා නිමල්ගේ විවාහය සඳහා දින නියම වෙයි. ඒ කාලය තුළ ඇය හැසිරෙන්නේ සංසාරයේ දිගටම පතාගෙන පැමිණි සහකරු සමග නැවතත් එකතු වන ආකාරයටය. සමාජ තත්ත්වය හා වත්පොහොසත්කම අතර ඇති පරතරය විශාල බව ඔහුට දැනෙයි. නමුත් පද්මිණී ඒ පරතරය ගැන කිසිත් නොතකයි. මේ විවාහය සඳහා මනාලියට මෙන්ම ඇගේ යෙහෙළියන්ට ද ඇඳුම් සුවඳ විලවුන් ගෙන්වන්නේ එංගලන්තයෙනි.
 
 විවාහ උත්සවයට ගමේ ගෙදර සූදානම් වෙද්දී නිමල් එහි පැමිණෙයි. කමලාවතී උද්දාමයෙන් යුතුව උත්ස්වයට සැරසෙයි. ඒ අවස්ථාවේ නිවසට පැමිණ සිටි කුසුම් දැකීමෙන් සර්වාංගයම දැවී යයි. විටක ඇය ඇසිපිය නොහෙලා ඔහු දෙස බලා සිටී. ඒ බැල්ම තුළ ද්වේශයක් හෝ ක්‍රෝධයක් නොමැත. ඇත්තේ සෙනෙහසකි. කරුණාවකි.
 
 ‘‘කුසුම්ට කියන්න බොහෝ දේවල් තියෙනවා’’යි මා දුබල ලෙස කියන විට ‘‘මම ආවේ ඒව අහන්න නෙවි’’ යි ඇය ස්ථිර සාර හඬින් කීවේ මුළු අතීතය ම දෙපයින් පාගාගෙන ය යි මට හැඟිණි.
 
 ‘‘මම ආවේ ඔයාට සුබ පතල යන්න....’’ මගේ ගමන නිරපරාදෙ වුණාය කියල හැඟීමකින් මට ආපහු යන්න ඉඩ තියන්න එපා.. විශ්වාස කරන්න.. මම ඔයාට සුබ පතන්නෙ බොහොම පිරිසිදු සිතින් අවංකවමයි.’’
 
 (පිටුව 214)
 
 විවාහයෙන් පසු සේනාරත්නලාගේ ලෝකයෙන් පද්මිණී ඉවත් කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. එය මානසික වුවමනාවකට වඩා භෞතික වුවමනාවකි. මන්ද සතියකට වරක් කොළඹ හෝටලයක කෑමට යා යුතුය. සති කිහිපයකට වරක් හෝ වෙරළබඩ හෝටලයකට ගොස් කා බී නටා දවස ගත කළ යුතුය. කොළඹට එන සෑම චිත‍්‍රපටයක් ම නැරඹිය යුතුය. එය සුළු පටු වියදමක් නොවේ.
 
 නිමල් රැකියාව කරනුයේ රජරට වියළි කලාපයේ බැවින් දෙදෙනාටම එහි ගොස් නතර වන්නට සිදුවේ. නමුත් මාස කිහිපයක් ම ගෙවෙද්දී පද්මිණී දොම්නසින් සිටින බව ඔහුට හැෙඟයි. ඇයට තම නාගරික ජීවිතයේ සතුට මෙහි ලබාගත නොහැකි වීම පශ්චත්තාපයට හේතුවක් බව වැටහේ. නමුත් සෑම සති අන්තයකම කොළඹ යෑම ඔරොත්තු නොදෙන තරම් වියදමකි. එසේම ඇය සිය වැඩකාරියට දක්වන තරමේ සෙනෙහසක් හෝ තම මවට නොදක්වන බව අවබෝධ කර ගනී. මේ නිසා ඇතිවන්නේ ඊර්ෂ්‍යාවකි. ක‍්‍රමයෙන් තමා මේ විවාහය නිසා ආත්ම පරාජයක් ලබන බව අවබෝධ කරගනී. එනිසාම පද්මිණි කොළඹ නතර කර රාජකාරිය සඳහා තනිවම රජරට යන්නට ඔහු තීරණය කරන්නේ තවත් මාස කිහිපයක් ඇවෑමෙනි. දෙදෙනා දෙතැනක සිටීම පද්මිණීට නම් වේදනාවක් නොවීය. ඇය කිසි දිනෙක නිමල් ඔයා කොළඹට මාරුවක් ගන්නේ කවදා දැයි විමසුවේ නැත. ‘‘එයා එහේ මම මෙහේ’’ පිළිවෙළ මේ ගැහැනියට සතුටක් විය. සති අන්තයට පවා ඇය මුණගැසෙන්නට ගියත් ‘සේනානි’ නිවසේ ඇය නොවීය. දුරකථනයෙන් ඇමතූ කල ලැබුණු පිළිතුරු වූයේ කුමක්ද? අක්ක එළියට ගිහිල්ලා කොහේ ගියාද කීයට එයිද දන්නේ නෑ’’ යන්නය.
 
 බිරිඳක නිසා පිරිමියෙකුට විඳින්න යන දුෂ්ටම වේදනාවෙන් වියරු වූ මම පැයක් පමණ කාලයක් කිසි අරමුණක් නොමැතිව අගනුවර මාවත් ඔස්සේ රිය පැදවීමි. මේ උමතු ගමනේදී මම හෝටල් කීපයක් පසුකර ගෙන ගියෙමි. ඒ හැම තැනකටම ඇතුළු වන්නට මට සිතිණි. පද්මිණී ඒ හැම හෝටලයකම කිසිවකු සමඟ නටමින් ඇතැයි මට සිතිණි. වරක් මම ගාලූ මුවදොර පාරට වැටුණෙමි. පිට්ටනිය කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා අඩ අඳුරේ පේළියට නතර කර තිබුණු හැම එකකම කිසිවකු සමග තුරුළු වී පද්මිණී ද ඇතැයි සිතන්නට සිතින් මවා ගන්නට මට ඕනෑ විය.
 
 (පිටුව 246)
 
 උමතුවෙන් මෙන් කොළඹ පාරවල් දිගේ වාහනය පැදගිය නිමල් කොල්ලූපිටියේ වෙසෙන පද්මිණීගේ සහෝදරියක වන කල්‍යාණිගේ නිවසට යයි. එහි උඩුමහලේ කාමරයක ඇඳ මත වැතිර තම ජීවිතයට සිදුවූයේ කුමක්ද? සිදුවන්නේ කුමක් දැයි මෙනෙහි කරයි. හදිසියේ ම කිසිවකු පැමිණ දොරට තට්ටු කරයි. ඔහු පහන දල්වා දොර හරී. ඒ අන් කිසිවකු නොව තම බිරිඳ පද්මිණී ය. අඩ නිරුවත් නර්තන ඇඳුමින් සැරසී සිටි ඇයගේ දෙනෙත් මත් ගතියෙන් පිරී ගොසිනි. විලවුන් සුවඳ සමඟ මත්පැන් සුවඳ හමයි. හිසකෙස් මදක් අවුල්ව ඇත. ඇය සමග කතා කිරීමට ඔහුට ආත්ම ශක්තිය උපදවා ගැනීමට අපහසුය. නමුත් වෙර වෑයමින් කියන්නේ කුමක්ද? ඇයි ඔයා මේ ටික කළේ. එවිට මේ ගැහැනිය දෙන පිළිතුර කුමක්ද? මේ එදා මගුල් දිනයේදී ඇය කුසුම්ට කී දෙයම නොවේද?
 
 හැමදාම හංගාගෙන ඉන්න ඕනකමක් නැහැ. ඒ වගේම ඔයාට කියන්න බැරිකමක් තිබුණේ නැහැ. මම අවංකව කළේ පළිගැනීමක්. දෙවියන්ගේ නාමෙන් මම ඔයාට මොන වරදක් කළාටද? තත්ත්පර කිහිපයක නිහඬතාවකි. නිමල් හතුරුසිංහ නෙවෙයි. පිරිමියෙක් කළ වැරැද්දකට ඔයත් පිරිමියෙක් එච්චරයි.’’ කී ඈ මා දෙස බැලූවාය.
 
 මීට වසර ගණනාවකට පෙර පද්මිණී කුසුම්ට හෙළි කළ කතාව දැන් යළිත් නිමල්ට කියයි. ‘‘මම මේ කතාව ඔයාගේ ගෑනු ළමයට සම්පූර්ණයෙන් ම කියල ඇති’’ යනුවෙන් ද මෙහිදී යළි මෙනෙහි කරයි. ඒවා අසා සිටියදී කිසිවක් නොදැනෙන හිරිවැටෙන තත්ත්වයකට ඔහු පත්වෙයි. මේ
 
 ගැහැනිය විසින් අනාවරණය කරන ලද ඇයගේ අතීතය ගැන ඇති වූයේ පිළිකුලක් හා කලකිරීමකි. සිය ආදරණීය මිතුරිය වෙනුවෙන් කළ පළිගැනීම මෙයද? කුසුම් ගැන පාඨකයා කම්පා වුවද, පද්මිණී ගැන ඇතිවන හැඟීම කවරේද? ඇයත් ලේ මස් ඇති ගැහැනියකි. ඇයට අනුකම්පාව ලැබිය යුතුද? ඒ චරිත ස්වභාවය ගැන මම විනිශ්චයක් දීමට උත්සාහ නොකරමි. වියෝ ගී සෑම විටම ගැයෙනු ඇත. එය ඊයේ හා අදට පමණක් නොව හෙටටත් උරුමය. කෙසේ නමුත් මේ කොටස කියවන්න. එය හතුරු හිතක් 251 පිටුවේ සඳහන්ව ඇත.
 
 ‘‘ඔය සේරම හරි. තාමත් මම අහන්නෙ ඇයි මමම?’’
 
 ඉන්න පොඞ්ඩක් ඒ කාලෙ ඔයාගෙ ගෑනුු ළමයයි මමයි හරි යාළුයි. ඒ යාළුකමත් ඒ වයසෙදි ඇතිවුණු අවංක එකක්. එයා අනාථ වුණේ ඔයගොල්ලන්ගෙ අම්ම නිසාය කියල මට හැඟුණ. ඒ විදියෙන් මට ඕන වුණා පළිගන්න ඒ යාළුව වෙනුවෙන්. ඒ අතරම පිරිමින්ට දිරච්ච ලණු දීල රවටල ඒ විදියෙන් පළි ගන්න අනිත් ආශාව තිබුණා. එක අතකින් ඉගෙන ගන්න ළමයෙකුට වඩා ඒ කාලෙදි ගුරුවරයෙක් තරුණයෙක් රවටන එක ලොකු විනෝදයක් වුණා. ඒ කාලෙ හැටියට ඔයා සම්බන්ධව තව එකක්. පොදුවේ පිමින්ට තිබුණු වෛරයයි අර යාළුව වෙනුවෙන් යුතුකමක් කරන හැඟීමයි යන දෙකම එකතු වුණා.’’
 

විශේෂාංග

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles