The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

correct2

රටක එක එක ජාතියේ 'ජාතික කොඩි' තිබෙන්න බැහැ... 

ජී. එන්. බන්දුසේන මහතාට රට හමුවේ පැවසීමට අවනඩුවක්‌ ඇත. ඒ හරහා ඔහු හෙළිදරව් කිරීමට උත්සාහ දරන්නේ තම පෞද්ගලික අරමුණින් ඔබ්බට ගිය බරපතළ කාරණාවක්‌ය. මේ වනවිට ඒ සඳහා ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථව ගොස්‌ ඇතත් ඔහුගේ අරමුණ අතැර දැමීමට ඔහු තවමත් සූදානම් නැත. රට සතුව පැවතිය යුතු අභි

මානය රැක ගැනීම පිණිස හුදකලා සටනක නිරත වන හේ ඉකුත් දිනක "දිවයින" කාර්යාලයට ගොඩ විය. තම මතය සනාථ කි

රීම පිණිස අවශ්‍ය ලියකියවිලි සහිතව පැමිණ සිටි බන්දුසේන මහතා තමන් විසින් ජාතික කොඩිය "නිවැරැදි" කරන්නට ගත් වෙහෙසත් තවම

ත් එම උත්සාහයේ සැබෑවක්‌ බවට පත් නොවීමත් පිළිබඳ විස්‌තර පවසන්නට විය.

"ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි පිළිගත යුතු ගෞරවය දැක්‌විය යුතු ජාතික කොඩිය 1951 දී පාර්ලිමේන්තුවෙ අනුමත වුණා. ඒ පිළිබඳ වාර්තාවක්‌ පාර්ලිමේන්තු පුස්‌තකාලෙ තියෙනව. ඒ වගේම අනුමත වෙච්ච ජාතික කොඩියෙ පිටපතක්‌ ලේඛනාරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙ තියෙනව. එදා ඉඳල අපි ශ්‍රී ලාංකිකයො විදිහට පිළිගත්තෙ ගෞරවය දැක්‌වූවේ ඒ කොඩියට."

ඔහොම කාලයක්‌ යද්දී නැcorrectවතත් ජාතික කොඩිය වෙනසකට ලක්‌ වෙනව. ඒ සිද්ධිය වෙන්නේ 1972 වර්ෂයේදී. එතෙක්‌ දිනක්‌ අපි විසින් භාවිත කළ ජාතික කොඩියෙ රතුපාට පසුබිමේ තිබුණ කොත් හතර ඉවත් කරල ඒ වෙනුවට බෝ කොළ හතරක්‌ එකතු කරන්නෙ එම වෙනසෙ ප්‍රතිඵලයක්‌ විදිහටයි. ආචාර්ය නිශ්ශංක විජයරත්න මහත්තයගේ මැදිහත්වීම මත සිද්ධ වෙන ඒ වෙනස්‌කම හරහා අපේ ජාතික කොඩියට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‌ඛා කියන හතර මහා ගුණාංග එකතු කරනවා.

ඒ විතරක්‌ නෙවෙයි... ජාතික කොඩියෙ සැලැස්‌ම ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අයත් විය යුතුයි

කියල ප්‍රමිතිකරණයට පවා ලක්‌ කරල තියෙනවා. අන්න ඒ ජාතික කොඩිය තමයි 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් ග්‍රන්ථයේ මුද්‍රණය කරල තියෙන්නේ."

බන්දුසේන මහතා ඉහත සඳහන් අදහස්‌ දක්‌වා සිටියේ ඒ බව ඔප්පු කළ හැකි සාක්‍ෂි සමූහයක්‌ ද අප හමුවේ ගෙන හැර දක්‌වමිනි. ඊට අමතරව

correct1

එකිනෙකට වෙනස්‌ ජාතික කොඩි රැසක්‌ ද ඔහු සන්තකයේ විය. වර්ණ සංයෝජන අතින්ද එකිනෙකට වෙනස්‌ ජාතික කොඩි කීපයක්‌ ද ඔහුගේ එකතුවෙහි විය. එබැවින් ඔහු විසින් නඟන තර්කය කිසිවකුට ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. තම තර්කයට අදාළ පැහැදිලි කිරීම්වලින් අනතුරුව නැවතත් ඔහු අදහස්‌ දක්‌වන්නට විය.

"රටක ජාතික කොඩිය එක එක පාටින් එක එක හැඩයෙන් හිතුන හිතුන ආකාරයට හදන්න පුළුවන්ද? දැන් බලන්න වෙන රටක ජාතික කොඩියක්‌ ගත්තොත් සෑම එකකම තියෙන්නෙ එකම වර්ණයන්. සංකේත ගත්තත් එහෙමයි. නූල් පොටක වෙනසක්‌වත් කරන්න බැහැ. ඒක තමයි ලෝකයේ කොයි රටේ ජාතික කොඩිය ගත්තත් ඇත්ත තත්ත්aවය නමුත් මේ වෙද්දී අපේ රටේ තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌."

මේ වෙනකොට අපේ රටේ භාවිත කරන ජාතික කොඩිය ගත්තොත් මූලික වශයෙන් වැරදි කීපයක්‌ තියෙනව. ප්‍රමිතිගත ජාතික කොඩියෙ නිරූපණය වන සිංහ රූපය වෙනුවට අපි අද භාවිත කරන ජාතික කොඩියෙ තියෙන්නේ විකෘති කරන ලද සිංහ රූපයක්‌. ඒක හොඳින් නිරීක්‍ෂණය කළොත් ඕනෑම කෙනකුට අපහසුවකින් තොරව ඒ වෙනස දැක ගන්න පුළුවන්. සරලවම කිව්වොත් සිංහයගෙ පාද වෙනුවට දැන් භාවිතා කරන ජාතික කොඩියෙ තියෙන්නෙ "කුකුල් කකුල්" බෝ කොළ හතර ගත්තත් එහෙමයි. කොඩි හතරක්‌ ගත්තොත් එකිනෙකට වෙනස්‌ බෝ කොළ දැක ගන්න පුළුවන්. කඩුව වෙනුවට තියෙන්නේ කිනිස්‌සක්‌. රටක ජාතික කොඩිය කියන්නෙ ඒ රටේ ස්‌වාධීනත්වය, අනන්‍යතාවය එක්‌සත්කම වගේ මහා ගැඹුරක්‌ තේරුමක්‌ පෙන්නුම් කරන්නක්‌. එහෙම වටිනාකමක්‌ තියෙන්න ඕන දෙයක්‌ වන අපේ ජාතික කොඩිය මේ වෙද්දි හෑල්ලුවට ලක්‌වෙලා ඉවරයි. මම 2015 වර්ෂයේ ඉඳල අද වෙනකම් මෙන්න මේ ඇත්ත තත්ත්වය වගකිවයුත්තන්ට කියල ජාතික කොඩියෙ තියෙන වැරදි ටික පෙන්නල දෙන්න ලොකු උත්සාහයක්‌ ගන්නව. ගරු ජනාධිපතිතුමාව එතුමන්ගෙ ලේකම්තුමාව ලිපි මගින් දැනුවත් කළා. ගරු අග්‍රාමාත්‍යතුමන්ව එතුමගේ ලේකම්වරුන්ව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට ගිහින් පාර්ලිමේන්තු සහකාර ලේකම්තුමාට මේ බව පෙන්නල දුන්න. ස්‌වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව දෙවරකුත් ඒ අමාත්‍යාංශයේ ලේකම්වරුන්ව හය වතාවක්‌ මුණගැහිල මේ බව දැනුම්දීල තියෙනව. නමුත් මේ වනතුරු ඒ අයට බැරිවෙල තියෙනව කිසිම ක්‍රියාමාර්ගයක්‌ ගන්න..."

"මේක මට ප්‍රසිද්ධියක්‌ ලබා ගන්න දරන උත්සාහයක්‌ කියල කෙනකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි ඇත්ත. මට ඕන වෙලා තියෙන්නේ. ඒකට ප්‍රමිතියෙන් යුත් ජාතික කොඩියක්‌ රටේම තියෙනව දකින්න විතරයි. මේව කරන්න බැරි දේවල් නෙවෙයි. පොඩි නිවැරදි කිරීම් කීපයක්‌ පමණයි කරන්න තියෙන්නෙ. නමුත් ඒක නොකිරීම තුළ අපේ ජාතික කොඩිය විතරක්‌ නෙවෙයි මුළු මහත් ශ්‍රී ලාංකික ජාතියම ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්‌වෙනව. පිටරට කෙනෙක්‌ අන්තර් ජාලය හරහා අපේ ජාතික කොඩිය ගැන යම් අධ්‍යයනයක්‌ කළොත් අන්තර් ජාලයට පවා ඇතුළත් කරල තියෙන්නෙ එක එක ජාතියෙ ජාතික කොඩි. එහෙම වෙන්න බෑ. වෙනත් රටක ජාතික කොඩියක්‌ ගත්තොත් එහෙම නෑ. කොඩි 100 ක්‌ ගත්තොත් ඒ ඔක්‌කොම එක වගෙයි. ඒ හින්ද මේ වරද ජාතියේ නාමයෙන් නිවැරැදි විය යුතුයි."

බන්දුසේන මහතා විසින් පවසා සිටි කරුණු සනාථ කිරීම පිණිස ඔහු සතුව සාක්‍ෂි රැසක්‌ ඇත. ඔහු වගකීව යුත්තන් මුණගැසීමට ගොස්‌ ඔවුන්ව දැනුවත් කරනු ලබන්නේ "වරද" සහ "වැරදි ඇති තැන්" පෙන්වා දෙමින්ය. ඉකුත් නිදහස්‌ උත්සවය වෙනුවෙන් පැවැති පෙරහුරු සංදර්ශනයකදී අවභාවිත ජාතික කොඩි ප්‍රදර්ශනයට විරුද්ධ ව ඔහු පෙනී සිට ඇති අතර ඒ හේතුවෙන් පැය කීපයක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වීමටද ඔහුට සිදුව ඇත.

මීට පෙර ද බෞද්ධ කොඩියේ පැවැති අඩුපාඩුකම් කීපයක්‌ ඔහු විසින් පෙන්වාදී ඇති අතර එවකට බුද්ධ ශාසන අමාත්‍යවරයාව සිටි කරු ජයසූරිය මහතාගේ මැදහත්වීම මත එය වහා නිවැරැදි කොට ඇත.

ඔහු වැඩිදුරටත් පවසා සිsටින්නේ මේ වනවිට ඉතාමත් වේගයෙන් අවභාවිතයට ලක්‌වෙමින් පවතින ජාතික කොඩිය එම තත්ත්වයෙන් මුදා ගත යුතු බවය. ජාතික කොඩියක්‌ ප්‍රදර්ශනය කිරීමේදී සහ මුද්‍රණය කිරිමේදී රීති මාලාවක්‌ පවතින බවත් එම රීතීන් අඩංගු ලියකියෑවිලි අල්මාරි තුළ පුස්‌කමින් පවතිද්දී දොaෂ සහිත ජාතික කොඩි දිගින් දිගටම භාවිත කිරීම කලකදී නිවැරැදි කළ නොහැකි වරදක්‌ වන බවයි.

මේ වනවිට වසර තුනක්‌ පුරා එක අරමුණක්‌ වෙනුවෙන් වෙහෙසෙන බන්දුසේන මහතාගේ හඬට වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුය. ඔහු පෙන්වා දෙන පරිදි අපට අයත් ජාතික කොඩිය යම් අවභාවිතයකට ලක්‌ව ඇත්නම් ජාතියේ නාමයෙන් එය නිවැරැදි කිරීම මුළු මහත් ජාතියටම කරන ගෞරවයක්‌ය.

රුවන් ජයවර්ධන

 

විශේෂාංග

sikuru

සිනමා කලා

dul250

නවලිය

niranjala250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles