Divaina - බුද්ධගයාවට බෝම්බ තැබීම පිටුපස බෙංගාලි මුජහිදීන්වරු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

n2 1ටිබෙට්‌ ආධ්‍යාත්මික නායක දලයිලාමා පසුගිය 28 වැනිදා බුද්ධගයාවෙන් නික්‌ම ගියේය. පුරා මාසයක්‌ පැවැති කාලචක්‍ර වැඩසටහනට සහභාගී වූ අධ්‍යාත්මික නායකයා ගයාවෙන් පිටත්ව යැම බිහාර් ප්‍රාන්ත ආරක්‍ෂක නිලධාරීන්ට සැනසිල්ලක්‌ විය. දලයිලාමාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස්‌ නිලධාරීන් තුන්දහසක්‌ යොදවා තිබූ අතර ඒ සඳහා වැයබර ඉන්දීය රුපියල් කෝටි 12 ක්‌ බව හින්දු පුවත්පත සඳහන් කර තිබිණි.
 
 බිහාර් බලධාරීන් දලයිලාමාගේ ආරක්‍ෂාව ගැන වැඩි අවධානයක්‌ යොමුකළේ පසුගිය 19 වැනිදා සවස්‌ යාමයේදී බුද්ධගයාවට පිවිසෙන සිව්වැනි ගේට්‌ටුව අසලදී කිලෝ දහයක්‌ බරැති බෝම්බ දෙකක්‌ හමුවීම නිසාය. මෙම බෝම්බ දෙක හමුවීමට පෙර සුළු පිපිරීමක්‌ ද සිදුව තිබිණි. වාසනාවට මෙම බෝම්බ පුපුරා නොගිය අතර හදිසියේ හෝ මේවා පුපුරා ගියානම් මහා විනාශයක්‌ සිදුවන්නට ඉඩ තිබිණි. ඒ මහා පුදබිමේ පින් මහිමය නිසා මේ විපත වැළකිණි.
 
 එහෙත් 2013 ජූලි 07 වැනිදා බුද්ධගයාවේ බෝම්බ දහයක්‌ පුපුරා ගිය අතර භික්‍ෂූන් දෙනමක්‌ ඇතුළු පස්‌දෙනෙක්‌ තුවාල ලැබීය. මේ ප්‍රහාරය එල්ල කළේ ඉන්දීය මුජහිඩීන් සංවිධානය විසිනි. බුරුමයේ රොහින්ග්‍යා මුස්‌ලිම්වරුන්ට එල්ලවන ප්‍රහාරවලට පළිගැනීමක්‌ වශයෙන් මේ ප්‍රහාරය එල්ල කළ බව පසුව අත්අඩංගුවට ගැනුණු ත්‍රස්‌තවාදීහු හෙළිකර තිබිණි. 2018 වසරේදී බුද්ධගයාවට බෝම්බ තැබුවේ කවුරුද? ඉන්දීය ආරක්‍ෂක අංශ කරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ කුමක්‌ද? මේ බෝම්බය තබා ඇත්තේ ඉන්දීය මුජහිඩීන්වරු නොවේ. බංගලාදේශය ත්‍රස්‌aතවාදී කණ්‌ඩායමක්‌ විසිනි. ජමාතුල් මුජහිඩීන් බංගලාදේශ් නම් සංවිධානය මෙලෙස කිලෝ දහයේ බෝම්බ දෙක ටිබෙට්‌ පන්සල ආසන්නයේ තැන්පත් කර ඇත.
 
 මේ බෙංගාලි මුජහිඩීන්වරු බංගලාදේශයේ පමණක්‌ නොව අසෑමයේ මෙන්ම බටහිර බෙංගාලයේද ක්‍රියාත්මක වේ. බුද්ධගයාවේ බෝම්බ සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වන බුද්ධි නිලධාරීන් පවසන්නේ 19 වැනිදා සවස්‌ යාමයේදී බටහිර බෙංගාලයේ සිට බුද්ධගයාව වෙත දුරකථන ඇමතුම් රාශියක්‌ ලැබී ඇති බවයි. ඉන්දීය බලධාරීන් මුජහිඩීන්වරුන්ගේ මෙහෙයුම් සිදුකෙරෙන ප්‍රදේaaශයක්‌ ලෙස හඳුනාගෙන ඇති බටහිර බෙංගාලයේ නගරයක සිට මෙම දුරකථන ඇමතුම් ලැබී ඇත.
 
 ඩකා නගරයේ හෝලි ආටිසන් අවන්හලට ප්‍රහාරයක්‌ එල්ල කර පුද්ගලයන් 24 දෙනකු මරා දැමුවේද මෙම සංවිධානයේ සාමාජිකයන් විසිනි. 2008 අහමදාබාද් නුවරදී බෝම්බ ප්‍රහාර රැසක්‌ සිදුකළේ ද මොවුන් විසිනි.
 
 බුරුමයේ රොහින්ග්‍යා මුස්‌ලිම්වරුන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව බුද්ධගයාවේදී බෞද්ධයන් මරාදැමීම සඳහා මේ ප්‍රහාරය සැලසුම් කර ඇති බව ඉන්දීය ආරක්‍ෂක අංශවල මතයයි. ඉන්දීය මාධ්‍ය පවසන්නේ මොවුන්ට පකිස්‌තාන ඔත්තු සේවාවේ සහාය හා ආධාර ලැබෙන බවයි.
 
 අබ්දුල් රහමාන් නමැති පුද්ගලයා 1998 අප්‍රේල් මාසයේදී මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ බංගලාදේශය ශරියා නීතියට යටත්වූ මුස්‌ලිම් රාජ්‍යයක්‌ බවට පත්කිරීමේ අරමුණිනි. 2005 දී මෙම සංවිධානය ඩකා ආණ්‌ඩුව විසින් තහනම් කරන ලදී. මොවුන්ට දස දහසක පමණ සාමාජික පිරිසක්‌ සිටින බව විකිපීඩියා වෙබ්අඩවියේ සටහන් වී ඇත.
 
 ඉන්දීය අන්තවාදීන් පමණක්‌ නොව බෙංගාලි අන්තවාදීන් ද බුද්ධගයාවට වෛර කරන බව පැහැදිලිය. මෙයින් පෙනී යන්නේ බෞද්ධයන්ට එරෙහිව යුද්ධයක්‌ ආරම්භ වී ඇති බවයි. ලොවපුරා විසිරී සිටින මිලියන හාරසියක්‌ වන බෞද්ධයෝ මේ ගැන අවදියෙන් සිටිය යුතුය. බුරුමයේ හා ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදයක්‌ ගැන කතාකරන බටහිර මාධ්‍ය බුද්ධගයාවට බෝම්බ තැබීම ගැන කතා නොකරයි. මේ කුහකත්වය කවරක්‌ද? අශ්වින් විරාතු හිමියන්ගේ ප්‍රකාශ ගැන ටයිම් සඟරාව උනන්දු වූවත් බුද්ධගයාවේ බෝම්බ තැබීම ගැන වාර්තා ලියන්නේ නැත.
 
 බිහාර් ප්‍රාන්ත මහ ඇමැති හිටිෂ් කුමාර් ප්‍රකාශ කරන්නේ බුද්ධගයාව පිහිටා තිබීම බිහාර් ප්‍රාන්තයට බලවත් ආශිර්වාදයක්‌ බවයි. බිහාර් ප්‍රාන්ත ආණ්‌ඩුවට ද ලොව පුරා නන්දෙසින් පැමිණෙන බෞද්ධ සංචාරකයන් නිසා ප්‍රකෝටි ගණනක ආදායමක්‌ ලැබුණ ද මේ බෞද්ධ පුදබිම ආරක්‍ෂා කිරීම සඳහා නිසි උනන්දුවක්‌ ගන්නේ ද යන්න ප්‍රශ්නයකි. බුද්ධගයාව හින්දු පුදබිමක්‌ නොවන නිසා දිල්ලි මධ්‍යම ආණ්‌ඩුව ද මේ ගැන තැකීමක්‌ නොකරන බව පෙනේ.
 
 එහෙත් දැන් බෙංගාලි මුජහිදින්වරු ලොව උතුම්ම බොදු පුදබිම වෙත රතුඑළි දල්වා ඇත. අයිසිස්‌ ත්‍රස්‌තයෝ වතිකානුවට පහරදෙන බවට ප්‍රකාශ කළහ. එහෙත් බෙංගාලි ත්‍රස්‌තයෝ බුද්ධගයා පිංබිමේ බෝම්බ තැන්පත් කළහ. කෙසේ නමුත් ඉන්දීය ආරක්‍ෂක අංශ පවසන්නේ මේ බෝම්බය කෙළින්ම දලයිලාමා ඉලක්‌ක කරගෙන තැබුවක්‌ නොවන බවයි. එහි ඉලක්‌කය බෞද්ධ බැතිමතුන්ය. රොහින්ග්‍යා, මුස්‌ලිම්වරුන්ට සිදුවන පීඩා ගැන දලයි ලාමා කනගාටු වුවද බුද්ධගයාවට බෝම්බ තැබීම ගැන එතුමාණෝ කිසිවක්‌ ප්‍රකාශ කර නැත. 2013 දී මේ පිංබිම ලෙයින් නැහැවුණ ද ටිබෙට්‌ ආධ්‍යාත්මික නායකයා මුස්‌ලිම් අන්තවාදීන්ට එරෙහිව කිසිවක්‌ ප්‍රකාශ කළේ නැත. මෙය බලවත් කුකුසකි. එතුමා අනෙක්‌ ආගමිකයන් තරහ කර ගැනීමට අකැමැතිද? බෞද්ධයන් වෙනුවෙන් හඬ නැඟීම එතුමාට අකැපද? එතුමාට අවශ්‍ය චීනයට එරෙහිව හඬනැඟීමද? දලයිලාමාගේ ප්‍රතිපත්තිය කවරක්‌ වුවත් බෙංගාලි මුජහිදින්වරු බුද්ධගයාවට කුරුමානම් අල්ලන බව ලෝවැසි බෞද්ධ ජනතාව හොඳින් වටහාගත යුතුයි. අපේ පුදබිම ආරක්‍ෂා කර ගැනීමට කැපවිය යුතුය.
 
 බිහාර් ප්‍රාන්ත මහ ඇමැති හිටිෂ් කුමාර් ප්‍රකාශ කරන්නේ බුද්ධගයාව පිහිටා තිබීම බිහාර් ප්‍රාන්තයට බලවත් ආශිර්වාදයක්‌ බවයි. බිහාර් ප්‍රාන්ත ආණ්‌ඩුවට ද ලොව පුරා නන්දෙසින් පැමිණෙන බෞද්ධ සංචාරකයන් නිසා ප්‍රකෝටි ගණනක ආදායමක්‌ ලැබුණ ද මේ බෞද්ධ පුදබිම ආරක්‍ෂා කිරීම සඳහා නිසි උනන්දුවක්‌ ගන්නේ ද යන්න ප්‍රශ්නයකි. බුද්ධගයාව හින්දු පුදබිමක්‌ නොවන නිසා දිල්ලි මධ්‍යම ආණ්‌ඩුව ද මේ ගැන තැකීමක්‌ නොකරන බව පෙනේ.
 
 එහෙත් දැන් බෙංගාලි මුජහිදින්වරු ලොව උතුම්ම බොදු පුදබිම වෙත රතුඑළි දල්වා ඇත. අයිසිස්‌ ත්‍රස්‌තයෝ වතිකානුවට පහරදෙන බවට ප්‍රකාශ කළහ.
 
 චතුර පමුණුව

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles