Divaina - නොමිලේ දෙන වීසා වලිනුත් මුදල් අය කරන ජාවාරමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

visa99
 
 
රටකින් රටකට සංචාරය කිරීමේදී අදාළ රටට ඇතුළුවීම සඳහා වීසා බලපත් අවශ්‍යය. වීසා බලපත් ලබා දීමේදී අනුගමනය කරන ක‍්‍රම කිහිපයක් ඇත. සංචාරක වීසා, රැකියා වීසා, ව්‍යාපාරික වීසා අධ්‍යාපන වීසා, සරණාගත වීසා ආදි ලෙසින් වර්ග රැසක් තිබේ.
 
 මෙහිදී කිසියම් රටකට වානිජ අතින් වැදගත් වන්නේ සංචාරක වීසාය. එම වීසා මගින් යමෙක් රටට ඇතුළුවන්නේ අදාළ රටේ සිරි අසිරිය නැරඹීමටය.
 
 එසේ සංචාරක වීසා මත පැමිණෙන පුද්ගලයෝ අදාළ රටේ හෝටල් පරිහරණය කරති. රටේ ආගමික සංස්කෘතික සහ ඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා සංචාරය කරති.
 
 අප රටටද වර්තමානයෙ වැඩි වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා සංචාරකයනට නොමිලයේ වීසා ලබාදීමට පසුගිය රජය සමයේ තීරණයක් ගනු ලැබීය.
 
 ඒ අනුව අදාළ සංචාරකයාට වීසා සඳහා ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. මෙම නොමිලේ වීසා ලබාදීම බලපැවැත්වෙන්නේ බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු ධනවත් රටවලට සහ යුරෝපා සංගමයට අයත් රටවල් 40 ක පමණ ප‍්‍රමාණයටය.
 
 මෙම තීරණය ගැනීමට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයනට වීසා ගාස්තු ලෙස රුපියල් දසදහසකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවිය.
 
 සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා රජය සද්භාවයෙන් අනුගමනය කළ නොමිලයේ වීසා ලබාදීමේ ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් තවමත් ඇතැම් ගුවන් ගමන් පහසුකම් සපයන පුද්ගලයන් අදාළ රටවලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අය කරන බවට තොරතුරු හෙළිවී ඇත.
 
 බටහිර රටවල සංචාරකයන්ට අප වැනි දකුණු ආසියානු රටක සංචාරය කිරීමේදී වීසා ලබා ගැනීම එතරම් අපහසු නැත.
 
 ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව අප රටේ රුපියල අවප‍්‍රමාණ වී ඇති නිසා ඇමෙරිකානු ඩොලර් දෙතුන් සියයක් රැුගෙන ශ‍්‍රී ලංකාවට පැමිණෙන අයකුට සතියක් දෙකක් සාමාන්‍ය හෝටලයක නවාතැන් ගෙන හිඳ යා හැකිය.
 
 එනිසා බටහිර රටවල සාමාන්‍ය පැලැන්තියේ ජනතාවට අප වැනි රටවලට පැමිණ සතියක් දෙකක් විනෝද වී යෑමට ඇති පහසුකම් බොහෝය.
 
 බටහිර රටවල පුරවැසිභාවය ලබා සිටින ශ‍්‍රී ලාංකිකයනටද මෙම වීසා ගාස්තු ඉවත් කිරීම විශාල සහනයකි. ද්විත්ව පුරවැසිභාවය නැති නිසා ඔවුනට ශ‍්‍රී ලංකාවට පැමිණීමට සිදුවන්නේ සංචාරකයන් ලෙසිනි.
 
 එසේ පැමිණෙන ශ‍්‍රී ලංකාවේ උපන් අයට වීසා සඳහා ගෙවිය යුතු ඩොලර් 35 ත් 50 ත් අතර මුදල විශාල සහනයකි.
 
 මන්ද යත් විදේශයන්හි පුරවැසි බව ලබා ගත්තද සිතින් සිටින්නේ ශ‍්‍රී ලංකාවේය. එනිසා ඔවුන් ඩොලරය මිල කරන්නේ රුපියල් වලිනි. ඩොලර් 50 ක් ඔවුන් ගණන් බලන්නේ රුපියල් වලින් වැඩි කිරීමෙනි. මේ වනවිට ඩොලරය රුපියල් 180 ක් පමණ වන බැවින් ඔවුන් ඩොලර් 50 මිල කරන්නේ 50 x 180-9000 ලෙසිනි.
 
 වීසා ගාස්තු අය කරන සමාගමකට හසු වු ශ‍්‍රී ලාංකිකයා පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ සිටය. ඔහු එරට පුරවැසිභාවය ලබා ඇත. එනිසා සංචාරක වීසා මත මාස දෙකක කාලයකට ශ‍්‍රී ලංකාවට පසුගියදා පැමිණි ඔහු ගුවන් ගමන් ප‍්‍රවේශපත් සහ වීසා ලබාගැනීම කර තිබුණේ අන්තර්ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක සමාගමක් හරහාය. එනම් ඔන්ලයින් ක‍්‍රමටය.
 
 ඔහුගෙන් අදාළ සමාගම වීසා ගාස්තු ලෙස ඩොලර් 56 ක මුදලක් අයකර ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණ ගුවන් තොටුපළේදී වීසා නිකුත් කරන කවුලූව වෙත ගිය ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ වීසා සඳහා මුදල් අය නොකරන බවය.
 
 නමුත් ඔහු වීසා ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 56 ක් :56 180 රු.10,080* හෙවත් රුපියල් 10080 ක මුදලක් ගෙවා ඇත.
 
 මෙම මුදල ගෙවා ඇත්තේ රජයේ ෑඩසිෙැැ ගිණුමටය.
 
 රජය වීසා සඳහා මුදල් අය නොකරද්දී මෙලෙස රජයේ ගිණුමක් වෙත වීසා ගාස්තු බැර කරන්නේ කුමන හේතුවක් නිසා දැයි කියා එම සංචාරකයා විමසා ඇත. නමුත් ඊට ගුවන්තොටුපළ බලධාරීන් නිසි පිළිතුරක් දීමට අපොහොසත් වී ඇත.
 
 මෙලෙස බටහිර රටවල සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන් නොවන සංචාරකයන් ගෙන්ද තවමත් වීසා ගාස්තු අය කරගන්නවා නම් රජය වීසා ගාස්තු අහෝසි කිරීමෙන් බලාපෙරොත්තු වන අරමුණ ඉටු නොවන අතරම කිසියම් අතරමැදියන් පිරිසක් වීසා ගාස්තු වංචාවකද නිරතව සිටිති.
 
 අප රටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ බටහිර රටවල සංචාරකයින් අතර ප‍්‍රවර්ධනය කළ යුත්තේ අදාළ රටවල සිටින ශ‍්‍රී ලංකාවේ තානාපතිවරයා ඇතුළු තානාපති නිලධාරීන් හරහාය. නමුත් පසුගිය කාලයේ අප රට නියෝජනය කරමින් පත්වූ තානාපතිවරුන් බහුතරයක් දේශපාලන හිතවතුන්ය. එසේත් නැති නම් රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගිය පසු ලැබෙන විදේශ රටක ජීවත්වීමේ තෑග්ගකි. ඔවුන් අදාළ රටවල සිට සිදු කළේ තම උපන් රටට සේවය කිරීම නොව තමාගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කිරීම සහ තම ¥ දරුවන් නෑ හිතමිතුරන්ට සේවය සලසා ගැනීමය.
 
 එවැනි තානාපතිවරුනට මෙවැනි වීසා ගාස්තු අය නොකිරීම ගැන කිසිදු අවබෝධයක් නැත. වීසා ගාස්තුවෙන් තමාට කොමිස් මුදලක් ලබාගත හැකිනම් ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ යක නිරත වෙති.
 
 එබැවින් මෙම වීසා ගාස්තු වංචාව පිළිබඳව රජයේ අවධානය වහාම යොමු විය යුතුව ඇත.
 
 උපාලි ද සේරම්


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles