Divaina - බොහෝ දෙනෙක් IQ ගැන දරන්නේ වැරදි මතයකි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

- කාටත් වැරදුනු IQ හෙවත් බුද්ධි ඵලය  IQ :(Intelligence Quotient) හෙවත් - පුද්ගල බුද්ධි ඵලය පරීක්‍ෂා කිරීම සඳහා, පරීක්‍ෂාවන් පැවැත්වීමේ මූලාරම්භය වසර සියයකටත් වඩා ඔබ්බට දිව යන්නකිx පළමු ලෝක සංග‍්‍රාමය සඳහා සොල්දාදුවන් තෝරා, බඳවා ගැනීම පිණිස, අමෙරිකා එක්සත් ජනපදය IQ පරීක්‍ෂාවන් භාවිතා කර ඇති බව, ලිඛිත ලෝක යුද මූලාශ‍්‍ර වල සඳහන්ව තිබේx අසමර්ථ සෙබළුන් යුදපිටියට යැවීමෙන් සිදුවන විනාශයන් පිළිබඳව බොහෝ අත්දැකීම් ලැබූ එක්සත් ජනපද හමුදා ප‍්‍රධානීන්, පසුව අති ප‍්‍රභල සෙබළ හමුදාවක් තමන් සතු කර ගත්තේ, ඔවුන් IQ පරීක්‍ෂාවකින් අනතුරුව බඳවා ගත් හෙයිනිx එක්සත් ජනපදය පමණක් නොව ලෝක

n4 1

යේ අනෙකුත් රටවල්ද වර්තමානයේ තම හමුදාවන්ට සෙබළුන් හා නිලයන් පත් කරගනු ලබන්නේ IQ පරීක්‍ෂාවකින් අනතුරුව වේx නිවැරදි යුද උපාය මාර්ගය : (Right Strategy)  හා නිවැරදි විධානය(Right command'), නිවැරදි ස්ථානයේදී (right place)  නියමිත කාලයේදී  (In right time)   ලබා දීමට, සඵල IQ මටිටමක් ඇති නිලධාරියකු පමණක් සමත්කම් දක්වන්නේය යන්න අද පැහැදිළිවම නිගමනය කර තිබේx
 
 IQ හෙවත් ”බුද්ධි ඵලය” යනු ගණිතය හඳුන්වන තවත් නමක් නොවේ. එසේම එය IT (Information Technology) හා සම්බන්ධ පාඨමාලාවක්ද නොවේ. IQ යනු කිසියම් පුද්ගලයකුගේ සාමාන්‍ය බුද්ධිය, එම වයස් කාණ්ඩයකට අයත් පුද්ගලයන්ගේ තිබිය යුතු සාමාන්‍ය බුද්ධියට සාපේක්‍ෂව කොපමණ අගයක් ගන්නේද යන්න විමසා බැලෙන දර්ශකයකි. මෙහිදී සාමාන්‍ය බුද්ධිය යනු සාමාන්‍ය දැනීම ලෙස වරදවා තේරුම් ගැනීමද නොකළ යුතුයx
 
 පුද්ගලයකුගේ IQ මට්ටම මැන බැලීම සඳහා විශේෂයෙන් සකස් කළ පරීක්‍ෂාවන් බොහොමයක් අද භාවිතයේ තිබේ. මෙම වැඩසටහන් පුද්ගලයකුගේ සිතීම, දැනීම, පෙනීම, ඇසීම සහ කාල කළමනාකරණය ආදී සෑම කරුණක්ම විමර්ශනය වන අයුරින් සකස් කර තිබීම විශේෂත්වයකි. අප රටේ බොහෝ ආයතන ඒවාට සේවකයන් බඳවා ගැනීමේදී පවත්වනු ලබන අභියෝග්‍යතා පරීක්‍ෂණ වලදී, එම අයැදුම්කරුවන් ලිඛිත පරීක්‍ෂණයකට යොමු කරනු ලබයිx මෙහිදී ලබාදෙන ”සාමාන්‍ය දැණුම” ප‍්‍රශ්න පත‍්‍ර මගිින් පුද්ගලයන්ගේ IQ මට්ටම මැන බැලිය හැකි යැයි බොහෝ දෙනා වරදවා වටහාගෙන සිටිති. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා කවුද යන්න හෝ ලෝකයේ දිගම ගංගාව කුමක්ද වැනි ප‍්‍රශ්න යොමු කිරීමෙන් අයැදුම්කරුවන්ගේ IQ මට්ටම මැන බැලිය හැකි නොවේx එක්තරා ගුවන් විදුලි නාලිකාවක් මගින් ඉදිරිපත් කරනු ලබන ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ගගගගගගIQ මීටරේ, ලෙස නම්කර තිබේx එහෙත් එම වැඩසටහනේදී විමසනු ලබන ගැටලූ ”සාමාන්‍ය දැණුම” මැන බැලීමේ ගැටලූ විනා, කිසිසේත්ම IQ මට්ටම පරීක්‍ෂා කළ හැකි ගැටලූ නොවේx
 
 IQ අගය අඩු පුද්ගලයනට, IQ අගය වැඩි කර ගැනීමේ ක‍්‍රමද අද ලෝකය හඳුනාගෙන තිබේ. ආහාර රටාව වෙනස් කර ගැනීම, ආදේශක (Supplements) භාවිතය, භාවනා කිරීම, සංගීතය, ක‍්‍රීඩා කිරීම වැනි බාහිර කටයුතු වලින්ද IQ මට්ටම ඉහළ නංවා ගැනීමේ හැකියාව ඇත. එලෙසින්ම කිසියම් විෂයයක් පරතෙරට හැදෑරීම, සමීක්‍ෂණ කිරීම වැනි කටයුතු වලින්ද IQ මට්ටම ඉහළ නංවා ගැනීමට හැකියාව ඇත. එහෙත් IQ මට්ටම ඉහළ නංවා ගැනීමේ සාර්ථකම ක‍්‍රමය වනුයේ හැකිතාක් සරල ගණිත ගැටලූ විසඳීම බව සමීක්‍ෂණ මගින් හෙළිදරව් කර තිබේ. එමගින් ඔබට ඉතා ශීඝ‍්‍රයෙන් ඔබගේ IQ මට්ටම ඉහළ නංවා ගැනීමේ හැකියාව පවතී.
 
 ඔබ ඉදිරි මාස කීපය ඇතුළත මවක් වීමට බලාපොරොත්තුව සිටින්නේ නම්, අද පටන්ම සරල ගණිත ගැටලූ සහිත පොතක් වෙළඳ පොළෙන් මිලදී ගෙන, එහි ඇති ගැටලූ විසඳීමට උත්සාහ කරන්නx නිවැරදි පිළිතුරු ලබා ගැනීමට හැකි වීම ඔබගේ සතුටට හේතු වන නමුත්, එසේ නොවීම ගැන කනගාටු නොවන්නx ඔබ මෙම ගැටලූ විසඳීමට ගන්නා උත්සාහය මගින්ම පමණක් මොළයට ලැබෙන ව්‍යායාමය තුළ උත්තේජනය වන න්‍යුරෝන, ඔබගේද, ඔබගේ කුස තුළ වැඩෙන දරුවාගේද IQ මට්ටම ඉහළ නැංවීමට සමත් වන්නේයx
 
 IQ යනු කිසිසේත්ම එක් විෂයයකට ලඝුකර දැක්විය හැකි විෂයයක් ලෙසද නොසැලකිය යුතුය. සංගීතය නැටුම් වැනි කලා විෂයන්හි මෙන්ම, ක‍්‍රිකට්, මලල ක‍්‍රීඩා, රගර් මේ ආදී ක‍්‍රීඩාවන්හි සාර්ථක වීමටද ඉහළ IQ මට්ට්ටමක් තිබීම අවශ්‍ය වේ.
 
 ක‍්‍රිකට් යනු, ශරීර ශක්තිය, තාක්‍ෂණය මෙන්ම බුද්ධියද බොහෝ කොට මෙහෙයවා කළයුතු ක‍්‍රීඩාවක් බව සැවොම දනිති. ක‍්‍රිකට් හෝ වෙනත් ඕනෑම ක‍්‍රීඩකයකු, චෛතසික හා මානසික ඒකාග‍්‍රතාව, ශාරීරික ඒකාග‍්‍රතාව හා ක‍්‍රමවත් පුහුණුව වැනි  මූලාංගයන්ගෙන් පිරිපුන් වූ ප‍්‍රමාණයට එම ක‍්‍රීඩාව තුළ ඔහු වැඩි සාර්ථකත්වයක් ප‍්‍රදර්ශනය කරනු ඇති බව සාමාන්‍ය  පිළිගැනීමයි. එහෙත් මේ කිසිවකට වඩා ඔහුගේ සාර්ථකත්වය රැුඳී පවත්නේ ඔහුගේ IQ හෙවත් බුද්ධි ඵලයේ දර්ශකය මත බව මනෝවිද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. කෙතරම් දක්‍ෂ වුවද අඩු බුද්ධි ඵලයක් පෙන්වන ක‍්‍රීඩකයකුට සාර්ථක නායකයකු විය නොහැකි වන්නේ එබැවිනි. එසේම නායකත්වය උසුලන්නකු අසාර්ථක වන්නේද, ඔහුගේ IQ මට්ටම සැලකිල්ලට නොගෙන, ජ්‍යෙෂ්ඨත්වය ඇතුළු අනෙකුත් හැකියාවන් මත පමණක් පිහිටා නායකත්වය පැවරීම හේතුවෙනි.
 
 n4 2තරගයක් මැනවින් සැලසුම් කිරීමට මෙන්ම, අසීරු අවස්ථාවන්හිදී සාර්ථක, ක්‍ෂණික තීරණයන් ගැනීමට ඉහළ IQ අගයක් ඇති සාමාන්‍ය ක‍්‍රීඩකයකු, නායකයාට වඩා දක්‍ෂ වන අවස්ථා තිබේ. පටිගත කරන ලද ප‍්‍රතිවාදී පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ උපායයන් මැනවින් හඳුනා ගැනීමට මෙන්ම, ඒ සඳහා පෙර සූදානම් වීමටද ඉහළ IQ අගයක් ඇති ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු, අනෙකුත් ක‍්‍රීඩකයන්ට වඩා සමර්ථකම් දක්වනු ඇත. පිතිකරු ‘රිවර්ස් ස්වීප්’ පහරකට සැරසෙන බව, ඉහළ IQ මට්ටමක් ඇති පන්දු යවන්නකුගේ මනසට, ඔහුගේ අතින් පන්දුව ගිලිහෙන්නට මොහොතකට පෙර අවබෝධ කර ගැනීමට හැකියාව ඇත.
 
 ප‍්‍රබල රිය අනතුරක් වළක්වා ගැනීම සඳහා සාර්ථක වූ ක්‍ෂණික තීරණ ගැනීමේ ශක්තිය ඉහළ IQ අගයක් ඇති රියැදුරකු වෙත පවතීx අඩු IQ අගයක් ඇති රියැදුරන් වෙතින් වැඩි අනතුරු සංඛ්‍යාවක් සිදුවන බව අනතුරු සිදුකළ රියැදුරන්ගේ IQ මට්ටම පිරික්සීමෙන් වටහා ගැනීමට හැකිවේx එබැවින් රියැදුරු බලපත‍්‍ර ලබා දීම සඳහා අවම IQ මට්ටමක් නිර්දේශ කිරීම යෝග්‍ය බවද මෙහිදී පෙන්වා දෙමුx
 
 සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ IQ දර්ශකය 95-100 අතර වේ නම් එය ප‍්‍රමාණවත් අගයක් සේ සැලකේ. එහෙත් ඕනෑම ක්‍ෂේත‍්‍රයක කැපී පෙනෙන දක්‍ෂතා දක්වන පුද්ගලයන්ගේ IQ අගය නිසැකවම 120 ට වඩා ඉහළ අගයක් ගන්නේය.
 
 මයික‍්‍රසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්ගේ IQ දර්ශකය 140 කි. ලෝකයේ IQ දර්ශකය වැඩිම අගයක් දක්වන ක‍්‍රීඩකයා ලෙස සැලකෙන්නේ AB de විලියස් වේ. ඔහුගේ IQ දර්ශකය 170 කි. ක‍්‍රිකට් වාර්තා බොහොමයක් ඉදිරියේ AB de විලියස් ගේ නම ලියවී තිබෙන්නේ එබැවිනිx
 
 වේගවත්ම ලකුණු 50 (පන්දු 16)
 
 වේගවත්ම ලකුණු 100 (පන්දු 31)
 
 වේගවත්ම ලකුණු 150 (පන්දු 64).
 
 වර්ෂ 2016 දී AB de  විලියස් ටෙස්ට් සහ විස්සයි විස්ස ලකුණු 8000 ඉක්මවීමට සමත් වියx 2018 මැයි මස අවසන් වන විට ඔහු මුළු ලකුණු 20014 ක් ලබා සිටි අතර, එය දෙවැනි වූයේ කුමාර් සංගක්කාරගේ ලකුණු ප‍්‍රමාණයට පමණකිx
 
 ඊට අමතරව ඔහු රිචඞ් ඬේවිස් කුසලානයද දිනාගත් අති දක්‍ෂ ටෙනිස් ක‍්‍රීඩකයකු මෙන්ම, සාර්ථක ගොල්ෆ්, රගර්, හොකී, බැඞ්මින්ටන් සහ පිහිනුම් ක‍්‍රීඩකයකුද විය. තවද, AB de විලියස් ගිටාර් වාදනයෙහිද අති දක්‍ෂයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටින අතර, රසායන විද්‍යාවට සම්බන්ධ ව්‍යාපෘතියක් සඳහා නෙල්සන් මැන්ඩෙලා සම්මානයද දිනා ඇත. සචින් තෙන්ඩුල්කාර්, මහේන්ද්‍ර සිං දෝනි වැනි ක‍්‍රීඩකයන් ශරීර ශක්තියෙන් පමණක් නොව බුද්ධියද මෙහෙයවා ක‍්‍රීඩා කල ක‍්‍රීඩකයන්ය. ඔවුන්ගේ IQ දර්ශකයන් ඉහළ අගයක් ගන්නා බව අන්තර්ජාලය පිරික්සීමෙන් අවබෝධ කරගත හැකිවේ. විදේශික ක‍්‍රීඩකයන්ගේ IQ දර්ශකය පිළිබඳව ඔවුන්ගේ බලධාරීන් නිරතුරුව සොයා බලන නමුත් අප නායකයන්ගේ තීරණ ගැනීමේ දුර්වලතා සහ අනෙකුත් ක‍්‍රීඩකයන්ගේ අනවබෝධ ක‍්‍රීඩා විලාශය විමර්ශනය කිරීමෙන් පෙනී යන්නේ ශ‍්‍රී ලංකාවේ එසේ සිදුනොවන බවයි.
 
 ඉහත දැක්වූ සියලූ කරුණු සම්පීඩනය කළ විට, IQ හෙවත් ”බුද්ධි ඵලය” ඕනෑම ක්‍ෂේත‍්‍රයක් සඳහා පුද්ගලයකු තෝරා ගැනීමේදී, එම ක්‍ෂේත‍්‍රය සඳහා එම පුද්ගලයාගේ සාර්ථකත්වය කෙසේ වන්නේද යන්න විමසා බැලීම පිණිස අවශ්‍යයෙන්ම සිදු කළ යුතු විමර්ශනයක් බව පැහැදිලි වේ. අප රටේ විශ්වවිද්‍යාලවලට මෙන්ම බොහෝ ආයතන වලට අපේක්‍ෂකයන් බඳවා ගැනීමේදී, අයැදුම්කරුවන්ගේ IQ අගය මැන බැලීම පිණිස බුද්ධි පරීක්‍ෂණයන් සිදුකරනු ලබන්නේ එබැවිනි. එබැවින් අප රටේ පාර්ලිමේන්තුවට යවන නායක කාරකාදීන්ගේ IQ මට්ටම මැන බැලීමටද ක‍්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන්නේ නම්, එය අප රටේ යහපතට මෙන්ම, අප රට දියුණු වෙමින් පවතින රටක් ලෙස නොව, දියුණු වූ රටක් ලෙස නම් කිරීමට බොහෝ කාලයක් අවශ්‍ය නොවනු ඇතx
 
 ඉහත කෙටියෙන් දැක්වූ කරුණු කිහිපය තුළින් අප පෙන්වා දීමට ප‍්‍රයත්න දැරුවේ IQ හෙවත් Intelligence Quotient යන්න අධ්‍යාපණික විෂයය කරුණක් නොව, ඊට ඔබ්බෙන් වූ බොහෝ ක්‍ෂේත‍්‍රයන් හා බැඳී පවතින්නක් බව පෙන්වා දීම සඳහාය. ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රය පිළිබඳව සලකා බලන විට ක‍්‍රීඩකයන්ගේ IQ මට්ටම ඔවුන්ගේ සාර්ථකත්වය මැන පරීක්‍ෂා කළ හැකි මිම්මක් වන අතර එය, එම ක‍්‍රීඩකයාගේ දක්‍ෂතාවන් උපරිම තලයට ගෙන ඒම සඳහා ලබාදිය යුතු මානසික ව්‍යායාමයන් තීරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමටද උපකාරී වන්නේය.
 
 එබැවින්, නායකයන් පත් කිරීමේදී පමණක් නොව පුහුණු කරුවන්ද, දේශපාලනඥයින්ද, පුද්ගලික හා රජයේ ආයතන වලට නිලධාරීන් බඳවා ගැනීමේදීද, ඔවුන්ගේ වෙනත් සුදුසුකම් පරීක්‍ෂා කරන්නා සේම IQ මට්ටමද මැන බැලීම, අප රටේ සෑම ක්‍ෂේත‍්‍රයක්ම ඉහළ තලයකට රැගෙනයෑම සඳහා අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බව අවසාන වශයෙන් පෙන්වා දීමට හැකිය.
 
 එල්.බී. සි ජයවිලාල්,
 (රාජ්‍ය කළමනාකරණපති)
 IQ දේශක හා ලේඛ


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles