Divaina - මන්නාරම් මුහුදේ කැස්බෑවන්, මුහුදු ඌරන් ඩොල්පින් දඩයම.... වනන්තරේ සත්තු දඩයම මදිවාට මුහුදටත් බැහැලා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

- අපරාධ මඬින්න වනජීවී බළකායක් හදන්න

 

 

kasb500



- සාගර නීති විරෝධී කටයුතු බොහෝමයක් සිදුවන්නේ වෙරළ තීරයේ නොගැඹුරු මුහුදේ හා මන්නාරම් මුහුදු කලාපයේ ය. පෙර සතියේ අප දැක්වූ පරිදි ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා සතියකට දින තුන බැගින් අපේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සමස්ත මුහුදු පත්ලේ සාගර සම්පත් ‘බොටම් ට්‍රෝලින්’ ක‍්‍රමයට හූරාගෙන යති. එයින් අපගේ මුහුදු සම්පතට සිදුවන විනාශය අතිමහත් ය. ඒ මගින් කැස්බෑවන්, මුහුදු ඉකිරි, මුහුදු කැකිරි, කොරල් සම්පත් හා මෙකී නොකී බොහෝ දෑ මුහුදේ මඩත් සමඟ හූරාගෙන යන්නේ ඊට එපා කියන්නට සමත් බලධාරියකු ශ‍්‍රී ලංකාවේ නැති නිසා ය. අවම තරමින් උතුරේ (ධීවර) ජනයාගේ විමුක්තිය වෙනුවෙන් බොරුවට හඬගාන දෙමළ ජාතික සන්ධානයවත් ඉන්දියාවේ මෙම පහත් ක‍්‍රියාවට එරෙහිව කටක් හොල්ලන්නේ 
නැත.


kasb1මන්නාරම් මුහුදේ කැස්බෑවන් මුහුණ දී ඇති තර්ජනයක් ගැන පසුගිය සතියේ අපි කරුණු කීවෙමු. ශ‍්‍රී ලංකා නාවික හමුදාව මගින් මන්නාරම් මුහුදේ ධීවරයන්ගේ ජාකොටු (නොගැඹුරු මුහුදේ ලී කණු සිටුවා දැළක් මගින් කොටුකරන ලද ප‍්‍රදේශයකි.) පරීක්‍ෂාවේදී ඒ තුළ සැලකිය යුතු මට්ටමෙන් කැස්බෑවන් කොටු වී, නිදහස් වී යෑමට නොහැකිව සිර වී සිටින බවට තොරතුරු අනාවරණය කර ගත්තේය. අනතුරුව වහා ක‍්‍රියාත්මක වූ නාවික හමුදාව පසුගිය දෙසැම්බර් 24 වැනිදා කැස්බෑවන් 32 ක් ද, 26 වැනිදා තවත් කැස්බෑවන් 12 ක්ද, වශයෙන් 44 දෙනෙකු මුහුදට මුදාහැරීමට කටයුතු කළේය. එහෙත් මේ එක් සිදුවීමක් පමණි. නොහොත් දහසක් සිදුවීම් සිදුවන මන්නාරම් ද්‍රෝණියේ තවත් එක් සිදුවීමක් පමණි. එසේ නම් නිරන්තරයෙන් මන්නාරම් හා උතුරු නැගෙනහිර කලාපයේ සිදුවන පාරිසරික හා වනජීවී සංහාරයේ තොරතුරු වාර්තා නොවන තරම්ය.

n2 1නාවික හමුදාව මෙසේ ධීවරයන්ගේ ජාකොටු පරීක්‍ෂා කරන්නට තීන්දුවක් ගෙන තිබුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක වන ‘නීල හරිත සංග‍්‍රාමය’ට සමගාමීවය. නොහොත් නාවික හමුදාපතිවරයා කැස්බෑවන් රකින්නට දක්වන ලැදියාව අර්ථ ගන්වන්නටය. එසේ හෙයින් නාවික හමුදාව මන්නාරම් මුහුදේ කේරළ ගංජා ජාවාරම, හොරබඩු ජාවාරම මැඬීම ඇතුළු මෙසේ කැස්බෑ සංරක්‍ෂණයට ද දක්වන දායකත්වය අපි අගේකොට සලකන්නෙමු.

මීට අමතරව කලක පටන් මන්නාරම් මුහුදේ මුහුදු ඌරා නම් සුවිශේෂ ක්‍ෂීරපායි සත්ත්වයා ද දැල් දමා අල්ලා මසට මරණ අවස්ථා රැුසක් අනාවරණය කර ගැනීමට නාවික හමුදාව කටයුතු කළේය. අද මන්නාරම් මුහුදෙන් මුහුදු ඌරා වඳ වී යන තරමට ම ඔවුන් මරා දැමීම දරුණු වී ඇත.

බොහෝ අවස්ථාවන්හිදී ඩොල්පින් මත්ස්‍යයාට ද හිමිවන්නේ අකල් මරණයකි. මරන්නට තහනම් ලේඛනයට ඇතුළත්ව සිටියත් මන්නාරම් මුහුදේදී ඩොල්පින් මත්ස්‍යයා පවා මරා මස් කරනු ලබන බව අප එහි කළ සංචාරයකදී අනාවරණය කර ගනු ලැබීය.

ජාකොටු තුළට සිරකර ගන්නා කැස්බෑවන්ට ද හිමිවන්නේ මෙවන් අකල් මරණයකි. අද මන්නාරමේ ජාකොටු භාවිතයට ගනු ලබන්නේ මත්ස්‍ය කර්මාන්තයට නොව, කැස්බෑවන් අල්ලා සඟවා  තබාගන්නා කැස්බෑ කොටු වශයෙනි. මරන්නට අවශ්‍ය වේලාවට තටු දෙකෙන් අල්ලා කූඩුවෙන් එළියට ගන්නා කුකුළන් පරිදි, අද ජාකොටු ද භාවිතයට ගනු ලබන්නේ කුකුල් කොටු පරිදිම කැස්බෑවුන් මරා මස් කිරීම සඳහා ය. නාවික හමුදාව මෙය අනාවරණය කර කැස්බෑවන් අවස්ථා දෙකකදීම සාගරයට නිදහස් කර ඇතත්, වනජීවී අංශ හෝ ධීවර බලධාරීන් කිසිවකුත් මේ ගැන හොයා බලන්නට තවමත් කටයුතු කර නැත. මුහුදේ ජාකොටුවලට හරියට අයිතිකරුවකු හඳුනාගත නොහැකි බැවින් නාවික හමුදාව මීට අදාළව කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. එසේම ඔවුන් පවසන්නේ ඊට අදාළව නීතිමය කටයුතු කිරීම නීති ක‍්‍රියාත්මක කරන ආයතනවල වගකීමක් බවයි. ඒ අනුව මේ සඳහා හැකි ඉක්මනින් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය හෝ එම දෙපාර්තමේන්තුව පොලිසිය ක‍්‍රියාකරනු ඇතැයි අපි බලාපොරොත්තුව පළ කරන්නෙමු.

එනමුත්, සාගර නීති විරෝධී කටයුතු බොහෝමයක් සිදුවන්නේ වෙරළ තීරයේ නොගැඹුරු මුහුදේ හා මන්නාරම් මුහුදු කලාපයේ ය. පෙර සතියේ අප දැක්වූ පරිදි ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා සතියකට දින තුන බැගින් අපේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සමස්ත මුහුදු පත්ලේ සාගර සම්පත් ‘බොටම් ට්‍රෝලින්’ ක‍්‍රමයට හූරාගෙන යති. එයින් අපගේ මුහුදු සම්පතට සිදුවන විනාශය අතිමහත් ය. ඒ මගින් කැස්බෑවන්, මුහුදු ඉකිරි, මුහුදු කැකිරි, කොරල් සම්පත් හා මෙකී නොකී බොහෝ දෑ මුහුදේ මඩත් සමඟ හූරාගෙන යන්නේ ඊට එපා කියන්නට සමත් බලධාරියකු ශ‍්‍රී ලංකාවේ නැති නිසා ය. අවම තරමින් උතුරේ (ධීවර) ජනයාගේ විමුක්තිය වෙනුවෙන් බොරුවට හඬගාන දෙමළ ජාතික සන්ධානයවත් ඉන්දියාවේ මෙම පහත් ක‍්‍රියාවට එරෙහිව කටක් හොල්ලන්නේ නැත.

තත්ත්වය මෙසේ තිබියදී උතුරු නැගෙනහිර හා මන්නාරම් කලාපයේ ඇතැම් ධීවරයන් විසින් ද මත්ස්‍ය කර්මාන්තය සිදුකරනු ලබන්නේ ජාවාරමක් ලෙසිනි. එක් පැත්තකින් ඔවුන් කේරළ ගංජා ජාවාරමට සබඳතා පවත්වනු ලබන අතර, තවත් පැත්තකින් කැස්බෑවන්, මුහුදු ඌරන්, මුහුදු ඉකිරි හා කැකිරි අල්ලන්නේ

එමගින් ඉහළ ආදායමක් ලබාගත හැකි බැවිනි. අප මෙම ප‍්‍රදේශයේ සිදුකරන ලද සංචාරයේ එවන් ජාවාරම් අනාවරණය කරගන්නට උත්සාහ දැරුවෙමු. ඒ අතරින් වැඩි අවධානය යොමුකරන ලද්දේ තවදුරටත් කැස්බෑවුන් මරා මස් කිරීම පිළිබඳවය. මන්නාරම සහ තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ කරන ලද සංචාරයේදී ධීවරයන් රැුසකගෙන් තොරතුරු විමසීම සිදුකළ අතර, ඔවුන් බොහෝ දෙනෙකු පැවසුවේ කැස්බෑ මාංශ ප‍්‍රදේශයේ එතරම් දුලබ නොවන බවකි. ඉඳහිට මුහුදු ඌරාගේ සහ ඩොල්පින් මසුන්ගේ ද මාංශ හොර රහසේ අලෙවි වන බව ඔවුහු පැවසූහ.

එපමණක් නොව තලෙයිමන්නාරම වෙරළ කලාපයේ සහ ආදම්ගේ පාලමේ වැලිපර දූපත් කිහිපයක ඇවිද ගිය අපට කැස්බෑවුන් මරා මාංශ ලබාගත් කැස්බෑ කටු දැක ගන්නට ලැබුණු අතර, තවත් විටෙක දැල්වල පැටලී මියගිය කැස්බෑවන්ගේ සිරුරු ඉන්දීය ධීවරයන් විසින් හා උතුරේ ධීවරයන් විසින් අතහැර ගිය අවස්ථාද ඇති බව දැක ගන්නට ලැබිණි. එක් සතියක් තුළ මෙම කලාපයේදී කැස්බෑවුන් 44ක් මරණයෙන් මුදා ගැනීමට හැකි වූයේ නම්, හොර රහසේ මරා දැමෙන කැස්බෑවන් කොතෙක් වේදැයි අපට හිතාගත හැකිය. ඒ තරමටම මන්නාරම් මුහුදේ කැස්බෑ දඩයම අධිකය.

දකුණු මුහුදට සාපේක්‍ෂව මන්නාරම් මුහුදේ කැස්බෑ විනාශය අධික වීමට හේතූන් කිහිපයක් ම වේ. ඒ අතරින් ප‍්‍රධාන වන්නේ එහි හරිහැටි වනජීවී නීතියක් ක‍්‍රියාත්මක නොකිරීමය. නොහොත් වනජීවී නීති ක‍්‍රියාත්මක කරන කිසිදු බලධාරියකු මන්නාරම් මුහුදු කලාපයේ සංචාරය නොකිරීමය. වැටලීම් සිදුනොකිරීම හා සොයාබැලීම් සිදු නොකිරීමය.

අනෙක් කරුණ නම් ඉන්දියාවත්, ශ‍්‍රී ලංකාවත් වෙන් කෙරෙන මන්නාරම් මුහුදේ පෝක් සමුද්‍ර සන්ධිය බහුල වශයෙන් කැස්බෑවන් සංචරණය කරන මාර්ගයක් වීමය. එනම් ශ‍්‍රී ලංකාවේ දකුණුදිග වෙරළේ කළුතරින් පහළට කොස්ගොඩ, ඉඳුරුව, බෙන්තොට, රැුකව සිට යාල, බූන්දල දක්වා කලාපය කැස්බෑවන් වැඩි වශයෙන්

ගැවසෙන, ඔවුන් කැදලි තනන ප‍්‍රදේශය වුවත්, බිත්තර දමා නික්ම යන කැස්බෑවියන් ඇතුළු ශ‍්‍රී ලංකාවෙන් නික්ම යන කැස්බෑවන්ගේ ගමන් මාර්ගය වැටී ඇත්තේ මන්නාරම හරහා පෝක් සමුද්‍ර සන්ධිය තුළිනි.

එසේ හෙයින් පටු බිම් තීරයකදී වැඩි ගණත්වයකින් හමුවන කැස්බෑ සම්පත දඩයම් කිරීමට මන්නාරම් මුහුද තෝතැන්නකි. රටේ වනජීවී සංරක්‍ෂණය මෙම ප‍්‍රදේශයට ඉතා දුරස් බැවින් කැස්බෑ දඩයක්කරුවන්ට එය නිධානයකි. නීතියෙන් තහනම් බව දනිතත්, හොර ජාවාරමක් වන මෙමගින් කාසි උපයා ගත හැකි හෙයින් කිසිදු පැකිලීමකින් තොරව ධීවරයෝ කැස්බෑ දඩයමට යොමු වී ඇති බව අපගේ විශ්වාසයයි. එසේ හෙයින් වහා වහා මන්නාරම් මුහුදු කලාපයට වනජීවී නීතිය බලාත්මක කරන්නැයි අපි වනජීවී හා පරිසර ඇමැති එස්. එම්. චන්‍ද්‍රසේන මහතා ප‍්‍රමුඛ වනජීවී සංරක්‍ෂණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට කැමතිය. නැතහොත් අප රටෙන් කැස්බෑ සම්පත සදහටම තුරන් වී යනු ඇත.

ලොව කැස්බෑ විශේෂ හතක් දිවි ගෙවන බව

පිළිගැනීමයි. මෙයින් කැස්බෑ විශේෂ පහක් ශ‍්‍රී ලංකාවේ මුහුදේ දිවි ගෙවති. එසේම අපගේ වෙරළේ බිජු දැමීමට පැමිණෙති. දාර කැස්බෑවා, (ගල්/ වැලි) කොළ කැස්බෑවා, පොතු කැස්බෑවා, ඔළුගෙඩි කැස්බෑවා (බටු) මඩ කැස්බෑවා, එම කැස්බෑවුන්ය.

(පැතලි කැස්බෑවා ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව සලකන නමුත් ශ‍්‍රී ලංකා වෙරළේ බිත්තර දමන බවට වාර්තා නැත.) මෙසේ පැමිණෙන කැස්බෑවන් හා බිත්තරවලින් පිටවන කැස්බෑ පැටවුන් බොහෝ විට තම ගමන් මාර්ගය බවට තෝරාගෙන ගමන් කරන්නේ මන්නාරම ඔස්සේ බවට සැටලයිට් (චන්‍ද්‍රිකා) තාක්‍ෂණය ආධාරයෙන් හඳුනාගෙන ඇත. එසේ හෙයින් සාපේක්‍ෂව මන්නාරම් මුහුදේ සුලභ කැස්බෑවන් මෙසේ ජාකොටු තුළට කොටුකර පසුව මරා දැමීම, ඉන්දීය ධීවරයාගේ ටෝලර් දැල්වලට කොටුවීම හා ශ‍්‍රී ලාංකික ධීවරයාගේ දැල්වලට කොටු වීම ද සිදු වේ. එසේ හෙයින් කැස්බෑ මාංශ දුලබ නොවන මන්නාරමේ කැස්බෑවන් සංරක්‍ෂණයට වහාම මැදිහත් වන ලෙස හා සක‍්‍රීය දායකත්වය සපයන ලෙස ද එම කලාපයේ වන සත්ත්ව හා පරිසර අපරාධ වැළැක්වීම සඳහා වනජීවී හා පරිසර බළකායක් නිර්මාණය කරන ලෙස ද අප වනජීවී ඇමැතිවරයාගෙන් හෝ ජනාධිපති

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නට කැමතිය. ඒ සඳහා නාවික හමුදාව හා යුද හමුදාව ද අන්තර්ගත කර ගත යුතු අතර පරිසරවේදීන්ද තම ස්වෙච්ඡුා දායකත්වය ලබාදෙනු නියතය.

අතිරේක තොරතුරු ශ‍්‍රී ලංකාවේ ඉබ්බන් සහ කැස්බෑවන් ග‍්‍රන්ථය මගිනි.

ජගත් කණහැරආරච්චි


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles