Divaina - අපේ තාත්තා....! මං උපන් දවසේම අප්පච්චි මට හිසතෙල් ගෑවා.... මගෙ අම්මා මට රන් කිරි කට ගෑවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

tatta499
 
 සම්මානිත මහාචාර්ය - ජේ. බී. දිසානායක
 
tatta2 සිංහල භාෂාවේ වාග් ව්‍යවහාරය පිළිබඳ ලංකාවේ දිවමන්ව සිටින මහා ප‍්‍රාඥයා කවුරුන්දැයි කෙනෙකු මගෙන් විමසුවොත් මගේ නිසැක පිළිතුර වන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායක යන්නය. එතරම් මැද ශක ගණනාවක් පුරා මෙරට විශ්වවිල සිසුවන්ගේ මෙන්ම බුද්ධිමත් පාඨකයාගේ භාෂා ඥානය වර්ධනය කරන්නට එතුමන් මහ මෙහෙවරක් ඉටු කළ මහා විද්වතාණ කෙනෙකි. එසේම ‘‘දෙසට - බසට රැුසට අපේ - පණ දීමයි අපට සැපේ.. කියමින් හැමදා පොත් ලියන වැඩ කරන මේ සම්මානිත මහාචාර්යවරයා කොළඹ සරසවියේ සිංහල අධ්‍යයන අංශය දිගු කාලයක් පුරා බැබළුවාක් මෙන්ම අදත් අපේ සාහිත කෙත සරු කරයි. එතුමාගේ උප්පැන්නයෙහි නම රාජපක්ෂ රාජකරුණා මහවාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩාර දිසානායක ය. එතුමා ජයරත්න බණ්ඩා දිසානායක වුවත් එහි පිළිතුරු ජේ. බී. යන වචන දෙක ජන බස් ලෙස ගෙන එතුමන්ට ජන බස් දිසානායකයන් ලෙස ගෞරවයෙන් වහරන්නෝ ද මෙරට සිටිති.
 
 මෙරට මතු නොව නොරටදීත් ගරු සම්මානයට පාත‍්‍ර වූ ජේ. බී. දිසානායකයන් දැන් මා අබිමුව හිඳී ඒ තමාගේ ජීවිතය හැඩ ගන්වන්නට දුක කඳුළ හෙළු ඒ දයාබරිත අප්පච්චි ගැන කියන්නටය.
 
 මගේ අප්පච්චිගේ නම රාජපක්ෂ රාජකරුණා මහ වාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ උක්කු බණ්ඩා. එතුමා හරිම නිවුණු සැනසුණු කෙනෙක්. කලබලකාරී ගති නෑ. ඒක එන්න ඇත්තෙ පරම්පරාවෙන්. ඒ නමට එන ‘දුක්ගන්නා. කියන කෑල්ල අපේ මුතුන් මිත්තන්ටත් තිබුණා. මේ මී මුත්තෝ අතර මහ වාසල වැඩ කළ අය හිටියා. ඒ අය දුක තුනී කරන” දුක ඉවසන්නට ක‍්‍රමවේද කියන රජු විපතට පත් මොහොතක කලබලයට පත් මොහොතක රජුගේ සිතේ පවත්නා වියවුල තැවුල සටහන් කරන්නට බැඳී සිටි පිරිසක්.
 
 මේක හොඳ වගේම නරකට හිටින්නත් පුළුවන් නේද? මම විමසමි. ‘‘ඔව්” ඒකෙ අවදානමකුත් තියෙනවා... ජේ. බී. සර් හිනැහෙයි.
 
 අනෙක රජ්ජුරුවන්ගේ ශරීරය (ඇඟ) අත ගාන්න කිසිම පිටස්තර කෙනෙකුට පුළුවන්කමක් නෑ. එහෙම කළ අවස්ථාවල පුරවැසියන් රටින් පිටුවහල් කළ අවස්ථාත් ඉතිහාසයේ තියෙනවා. මගේ මී මුත්තන්ට ඒ වරය මහවාසලින්ම ලැබිලා තිබුණා. ඒ ‘දුක්ගන්නා. කෑල්ලත් එක්කමයි.
 
 මගේ අප්පච්චි උඩුනුවර එළඳ කියන ප‍්‍රදේශයේ කෙනෙක්. රොබට් නොක්ස් කාලයෙත් එළදැත්ත ප‍්‍රදේශයේ ඉඳලා තියෙනවා. ගඩලාදෙණිය” ඇම්බැක්ක දේවාලය මේ ගමට කිට්ටුවයි පිහිටන්නෙ. අපේ අප්පච්චි වෙද මහත්මයෙක්. එතුමා වෙදකම ඉගෙන ගන්න සියනෑ කෝරළයට ආවා. කල්එළියේ හිටි ඉතා ඉහළ මට්ටමේ වෙද හාමුදුරු කෙනෙකුගෙන් තමයි වෙදකම උගෙන තිබෙන්නෙ. ඒ කාලෙ එතුමා කලල්පිටියේ ගේක නැවතිලයි වෙදකම ඉගෙන ගන්නට කල්එළිය පන්සලට ගිහින් තියෙන්නෙ. මා හිතන්නෙ ඒ පවුල් පරම්පරාව විජය ගුණරත්න පරම්පරාවයි. එහෙත් දරුවන් 11 ක් ඉඳලා තියෙනවා. අපේ අප්පච්චි එහෙම ගියාම එහි මහ ඇත්තො කියා තිබෙන්නෙ දැන් ගණපූර්ණය හරි” 12 හරි ගියා කියලයි.
 
 මගේ අම්මා හතර කෝරළේ. එතුමිය නම්සර ලන්දේ උඳුගොඩ ගෙදර මුතුමැණිකේ නමින්. එතුමියගේ පියා මගේ කිරි අත්තා කුඹුරු වතුපිටි ආදිය බෙහෙවින් තිබුණු ගොවි මහතෙක්. නම උඳුගොඩ ගෙදර කළුබණ්ඩා අපේ කිරි අම්මා කෝනාර මුදියන්සේලාගේ මැණික්හාමි.
 
 ඔය කාලේ අපේ කිරි අත්තගෙ ගෙදර අසනීප කාරියක් ඉඳලා තියෙනවා. බෙහෙත් කොතරම් කළත් හොඳ අතට ගන්ඩ බැරි. මේ අසාධ්‍ය රෝගියාව බේරා ගන්ඩ නොකළ වෙදකමක් නැති තරම්. අන්තිමේ කෙනෙක් යෝජනා කරලා තියෙනවා මගේ අප්පච්චි ගැන. ඒ වෙද මහත්මයා හොඳයි. එතුමාට ලෙඩා පවරවා බලමු කියලා. අපේ කිරි අත්තාත් කැමැති වුණා. ඔය විදියට තමයි අපේ අප්පච්චි වෙදකමට ඒ ගෙදරට යන්නෙ.
 
 මේ වෙද මහත්මයා බෙහෙත් ටික දවසක් කරනකොට මෙන්න අසාධ්‍ය රෝගියා සුව වුණා. දැන් තෑගි භෝග මොනවා හරි දෙන්ඩ එපායැ. ඒ වෙදකමට යනකොට මුහුණ හෝදන්න වතුර බේසම” තුවාය” තේ ටික මේවා දෙන්නෙ මුතුමැණිකෙ. සමහර විට දැකලා සිතිවිල්ලක් ඇති වුණා ද දන්නෙත් නෑ. කොහොම හරි අපේ කිරි අත්තයි” කිරි අම්මයි කල්පනා කළා. මේ විස්මිත වෙද මහත්මයාට දුව දෙන්න. හැබැයි! එක කොන්දේසියක් පිට. ඒ තමයි දුව කසාද බැඳලා දීග ගෙනියන්න බැහැ තාත්තගේ ගම එළඳට. මෙහෙ බින්න බැහැලා මේ කුඹුරු” වතුපිටි ආදිය බලා දියුණු
 
 කරගෙන ඉන්නා පොරොන්දුව පිට. අපේ අප්පච්චිත් කැමැති වුණා. ඒ විදියට දෙපැත්තෙම වැඩිහිටියන් කතා කරලා අප්පච්චි අම්මගේ ගමේ බින්න බැස්සා.
 
 එදා ඉඳන් මේ දෙමාල්ලො පදිංචි වුණේ පරණ ගෙදර. කිරි අත්තයි කිරි අම්මයි අලූත් ගෙයක් හදාගෙන ඒ වත්තේම වෙනත් තැනකට ගිහින්. විශාල වෙල්යායක් කුඹුරු යායකින් වටවූ දුපතක තමයි මේ පරණ ගෙදර පිහිටියෙ.
 
 ජේ. බී. සර් ගේ නිවසින් කොයි පසින් පිටතට පැමිණියත් නෙතට පෙනුණේ අපූරු දසුන් පෙළකි. එක්කෝ නිල්වන් වනවදුලය. නැත්නම් පුංචි පුංචි දියත්තන්ය. නැත්නම් පන්සලය. නැත්නම් සුළඟට වැනෙන කිරි වැදී සාර වුණු බණ්ඩි ගොයමය. කුඹුරු යායය. මෙය ගමක අසිරිය හොඳින්ම පෙනෙන මතු කරන තැනෙකි. මේ ඉඩමෙහි තිබුණේ නිවාස දෙකක් හා පන්සලක් පමණි.
 
 අපේ අම්මගේ ගම පුවක්මොටේ. හරියටම කිව්වොත් කිණිගොඩ කෝරළේ කොරහැත්ත වසමේ වල්ගම්පත්තුවේ පුවක්මොටේ කියන ගමේ. අපේ පවුලේ පිරිමි දරුවන් 5 යි. සහෝදරයන් පස් දෙනා අතරින් මං හතරවැන්නා. අපේ ගෙදරට කීවේ ‘පරණ ගෙදර වෙදමහත්මයාගේ ගෙදර. කියලයි. මේ දරුවන් පස් දෙනාම ගුරුවරු වීමෙන් වෙදගෙදර පසුව ගුරු ගෙදරක් වුණා.
 
 මං ඉපදුනේ 1937 අපේ‍්‍රල් මස 16 වැනිදා ඒක අපේ සංස්කෘතියෙත් විශේෂ දවසක්. සාමාන්‍යයෙන් සිංහල අවුරුද්දේ හිස තෙල් ගාන නැකතට ගමේ මිනිස්සු අපේ ගෙදර පිරෙනවා. ඒ ගමේ වෙද මහත්මයා අතින් නැකතට තෙල් හා නානු ටිකක් හිසේ ගා ගන්න. මෙහෙම සෙනඟ එන දවසක ගෙදර තිඹිරිගෙයි (කළුවර කාමර) මං ඉපදුණා අප්පච්චි අවුරුදු නැකතට එදිනට උපන් පුතාට හිස තෙල් ගාලා තියෙනවා. අම්මා රන් කිරි කට ගාන වෙලාවෙම අප්පච්චි හිස තෙල් ගාලා තියෙනවා. මෙහෙම භාග්‍යයක් ලැබූ එකම පුතා මා වෙන්න ඇති.
 
 මට අවුරුදු 4 ක් විතර වුණාට පස්සෙ මාව අකුරට මුලින්ම දැම්මෙ පුවක්මොටේ බෞද්ධ මිශ‍්‍ර පාඨශාලාවට. ලොකු අයියා ගියේ මහනුවර ධර්මරාජ විලයට.
 
 මගේ ජීවන තක්සලාවේ මුල් ගුරුවරයා අප්පච්චි. මගේ අම්මත් අනෙක් නෑසියන් හා අප්පච්චිත් අතර මුලින්ම මා දුටුවේ භාෂා වෙනස්කම. ඒ අය බොහොම එකමුතුයි. ඒත් හතර කෝරළේ අය පියාට කීවේ ‘අපුච්චා. නැත්නම් ‘අප්පුච්චා. කියලයි. අපේ අප්පච්චි කීවෙ උඩුනුවර වීදිය. අප්පච්චි කියලයි. හතර කෝරළේ මාමණ්ඩියලාට අම්මණ්ඩියා කීවා. උඩුනුවර ඒ වචන කීවෙ වෙනත් අරුතකින්. මේ වාගේ වචන වෙනස්කම් බොහෝමයි. මා වාග් ව්‍යවහාරය මුල් පාඩම කියවන්න ගත්තා.
 
 අපේ අප්පුච්චිගේ බෙහෙත් බෝතල්වල නම් තිබිණේ. සංස්කෘත භාෂාවෙන්. මට ඒ වචන ටික ටික පුරුදු වුණා. බැරි ඒවා අප්පච්චි කියලා දුන්නා. අම්මත් උදව් කළා. පාසලේ අනෙක් ළමයින්ට වඩා කුඩා දවසෙම මට සංස්කෘත කියවන්ට හැකියාව ආවෙ අප්පච්චිගේ බෙහෙත් බෝතලවල නම් කියවලායි. පන්සලට පේරු දානය දෙන එක නොවරදවාම අපේ අප්පච්චියි අම්මයි කරනවා. හාමුදුරුවෝ නියර දිගේ වඩිද්දී අප්පච්චි ඒ දර්ශනය මට ආසාවෙන් පෙන්වනවා. පන්සලේ හේවිසි ගහද්දි අප්පච්චි වැඩ නවත්වලා හොඳට ඒකට සවන් දෙන්න කියනවා. පන්සලේ තිබෙන බිතු සිතුවම් චිත‍්‍ර පෙන්වලා ඒවා විග‍්‍රහ කරලා දෙනවා.
 
 පොඩි එකා හැටියට අර බෝතලයක තිබෙන කේ....ත‍්‍ර....කා.....න්.....ති තෛ.....ල....ය වචන පුරුද්ද පුරුද්දා කියන විට අප්පච්චි මගෙ ඔළුව අතගානවා. තව පුරුදු වෙන්න කියනවා.
 
 වෙදකම වගේම හෙදකමත් මගේ පියාට තිබුණා. ලෙඞ්ඩුන්ගෙන් මුදල් අය කළේ නෑ. බුලත් අත විතරයි ගත්තෙ. ඒකෙ තිබුණු පඬුරු දිහා බැලූවෙවත් නෑ. අප්පච්චිගෙන් බෙහෙත් ගන්න ආපු කෙනෙක් සමඟ ඉස්සෙල්ලාම දේශගුණය ගැන” ගහකොළ ගැන” එතුමාගේ පවුලේ දරුවන් ගැන වගේ නොයෙක් වෙනත් දේවල් කතාකරලා ඒ මනුස්සයාගේ හිත සකස් කරනවා. එයාට මේ වෙද මහත්මයා ගැන විශ්වාසයක් ඇති කරනවා. ඊට පස්සෙ ලෙඩ බලන්නෙ. වෙදකම වගේම හෙදකමත් තිබුණා. ඒ විශිෂ්ට හෙදකම නිසා ගුලියක් අප්පච්චි අතින් දුන්නත් ලෙඩා සනීපයි. අප්පුච්චිගේ වෙදකමේ බෙහෙත් වගේම කරුණාව” දයානුකම්පාව” පිය ගුණය ද හොඳින්ම මුසු වී තිබුණා.
 
 ‘‘මේ ගමේ මනුස්සයෙක්. මේ මනුස්සයාව මම හොඳ කරන්න අවශ්‍යයි. කියන හැඟීම අපේ අප්පච්චි තුළ තිබුණා. මං පුංචි වුණාට ඒ දේවල් හොඳට බලාගෙන හිටියා. කවරදාවත් මුදල් පසුපස හඹා නොගිය අප්පච්චිගේ ආදර්ශය මගේ ජීවිතයටත් බලපෑවා. අප්පච්චි ලෙඩුන් බලන විට අම්මාත් ගෙදර වැඩ කටයුතුවලට අමතරව අප්පච්චිට සහාය දුන්නා. ලෙඞ්ඩුන්ට සාත්තු කළා...
 
 ඒ කාලේ අපේ ගෙදර දරුවන් හැමෝටම සිරිතක් තිබුණා. ගෙදරින් පිට වෙනවා නම් අම්මටයි අප්පච්චිටයි වඳින්න ඕනෑ.
 
 ඒ වගේම ගෙදරට ආවාහමත් ආයෙත් වඳින්න ඕනෑ. ඒකෙන් අපේ අප්පච්චි අදහස් කළේ් අපූරු දෙයක්. ‘‘අපි ආපහු ගෙදර ආවා කියලා
 
 දැනගන්ඩ ඕනෑ නිසාලූ ආයෙත් වඳින්නෙ.. එතුමා කියයි.
 
 අපේ පරණ ගෙදර මැද මිදුලක් තිබුණා. පැරැුණි ගෙවල්වල රස්නය නෑ. හොඳට වාතාශ‍්‍රය තියෙනවා. එහෙම තමා හදන්නෙ. මේ මැද මිදුලේ තමයි හදිසි ලෙඩෙක් ආවොත් අවශ්‍ය දේ ළඟින්ම සොයා ගන්නට තියෙන්නෙ. දෙහි” ඉඟුරු වගේ දේවල් එක්ක තවත් බෙහෙත් වර්ග තිබුණා.
 
 ‘‘අපේ අප්පච්චි වෙද මහත්මයා වුණාට කුඹුරට බැහැලා ගොවිතැන් කරනවා. එයා එතකොට හොඳ ගොවියෙක්. දකුණු පළාතේ ඇඹුල වෑදම නම්වලින් කුඹුරුවල වැඩ කරන ගොවියන්ට දිවා ආහාරය ගෙනාවාට මෙහෙ කියන්නෙ මුත්තෙට්ටුව. දවල් 12 ට හරියට සියලූ දෙනා වැඩ නවත්වලා මුත්තෙට්ටුව ගන්ඩ ඕනෑ. එහෙ මිනිස්සු වැඩ කළේ බුලතට” කයියට” අත්තමට මේ ඕනෑම ක‍්‍රමයකට නැත්නම් පිනට. සල්ලි ගත්තෙ නෑ කවුරුවත්.... ඒකනෙ ‘එදා හෙළදිව' පොතේ රොබට් නොක්ස් පවා කියා තිබෙන්නෙ ලංකාවේ මිනිස්සු කිසිම දෙයකට මුදලක් වටිනාකම් ලෙස ගත්තෙ නෑ. තම යුතුකම පමණක් ඉටු කළා විතරයි කියලා. බැරි මනුස්සයාගේ කුඹුුුර පුළුවන් මිනිස්සු හාලා දුන්නා.
 
 අප්පච්චි මී හරක් දක්කනකොට මාත් ඒ එක්ක යනවා. මං හරිම ආසයි පෝරු පිට යන්න. මට මතකයි අපේ අයියලා එක්ක මම පෝරු පිට යනවා. අපේ වැඩිහිටියන් කරන හැම චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ම අපිත් බලා ඉන්නවා. ඒ කාලෙ ගොයම මැඩවන්න ගෙනෙන හරකුන්ට පිදුරු දෙන්නෙ මං. ‘‘අපේ අප්පච්චිලා ඒ වගේම ගමේ අනෙක් වැඩිහිටියන් ගොයම් කපන කොටත් ඒවා කමතට ගෙනැත් දාන කොටත් ගොයමට නම පාරක් වඳිනවා. ඒ නිසා අපේ අප්පච්චියි අම්මයි නිතරම කීවෙ.. පුතේ එක බත් ඇටයක් අහක දාන්න එපා. අපි ඕවා ගෙනාවේ නම වැඳුම් වැඳලා කියලා එදා අප්පච්චි දුන්නු උපදෙස් මා අදටත් පිළිපදිනවා. ඒ එක්කම අපේ අම්මා නිතරම කී කාරණා තුනක් තිබුණා. එකක් තමයි බත් නාස්ති කරන්න එපා. අනෙක තමයි තමුන් කාපු පිඟාන හෝදන්න ලැජ්ජා වෙන්න එපා. අනෙක තමයි තමුන් කාපු පිඟානට අත හෝදන්න එපා කියන එක.
 
 කිරි අත්තලයි කිරි අම්මලයි ගෙදර ගියාම මට සිද්ධ වෙන්නෙ ජාතක පොත් වහන්සේ කියවන්න. ඒ පැත්තට යොමු වෙනවාට අප්පච්චි හරි ආසයි. මං දෙවැනි අවුරුද්දේ ඉඳන් නුවර ධර්මරාජ ඉස්කෝලෙට ගියෙ. ඊටත් පස්සෙ කොළඹ ආනන්දයට ආවා. පාසල් නිවාඩු කාලෙට අයියයි මායි ගමට එනවා. ඒ කාලෙ තමයි අපේ සුන්දරම කාලය.
 
 අපේ අප්පච්චි හුඟක් නිහඬ කෙනෙක්. අවශ්‍ය වෙලාවටයි කතා කළේ. හිටි ගමන් මිදුලේ සක්මන් කරනවා ලෝවැඩ සඟරාවෙ” නැත්නම් පාලි ගාථාවක් කියමින්. මං ආනන්ද විiාලයට යන්න හදනකොට අප්පච්චි මෙහෙම කීවා.
 
 ‘‘පුතේ” උඹ කවදහරි අනගාරික ධර්මපාල වගේ නැත්නම් ගුණපාල මලලසේකර මහත්මයා වගේ කෙනෙක් වෙන්න ඕනෑ කියලා. ඒ කාලේ ගැමි ප‍්‍රභූවරුන්ගේිඍදකක ඵදාකැ ඒ මහාචාර්ය මලලසේකර වගේ අය.
 
 කුඹුරු වැඩ කරන කාලෙට අපේ උයන ගේ හරිම සුවඳයි. ගමේ ගෑනු ඔක්කොම එකතු වෙනවා. මනුස්සයා කුඹුරේ වැඩට ආවාම ගෑනු මනුස්සයා අපේ කුස්සියේ වැඩ. මට මතකයි අප්පච්චිත් හරිම කැමැති ‘උම්බලකඩ හොද්ද. පුදුම රසයක්. අපේ ගෙවල්වල මුහුදු මාළු (අලූත් මාළු ගමේ අය කියන්නේ ඒවට) මස්් මාංශ හැදුවෙ නෑ. කරවල” හල්මැස්සෝ් ටිකක් ඉඳහිට හදනවා. ඒක අප්පච්චිගෙයි අම්මාගෙයි පුදුම සිරිතක්. එක් නැදෑයෙක් ගෙදර ඇවිත් බිත්තරයක් තම්බාගෙන කාලා හොඳටම අම්මාගෙන් බැනුම් ඇහුවා.
 
 අප්පච්චි ගත්තේ හරිම නිරෝගී ආහාර. උදේට හැමෝටම දියබත්. ආප්ප” ඉඳිඅප්ප ඒවා නෑ. අර දිය බත කවුරුත් කන්න ඕනෑ. දවල්ට රාති‍්‍රයට එළවළු පලා එක්ක බත්.
 
 ඒ කාලෙ ගැමි ගෙවල්වල ‘පැටි පස් පරාණයක්. හිටියා. දරු පැටියෙක්” බලූ පැටියෙක්” බළල් පැටියෙක්” කුකුළු පැටියෙක් එළ හරක් පැටියෙක් මේ විදියට. දරු පැටියා දරු කාන්තාවට බලූ පැටියා ගෙදර මුරට. බළල් පැටියා මීයෝ අල්ලන්නට කුකුළු පැටියා බිත්තර ගන්නට එළ හරක් පැටියා කිරි ගන්නට මේ ආදී වශයෙන්. එසේ අපේ ගෙදර පැටි හතර පරාණයයි තිබුණා. කුකුළු පැටියා නෑ. හේතුව බිත්තරයක්වත් තම්බන්ඩ බෑ. ඒ සිරිත් හොඳයි.
 
 අපේ අප්පච්චිට බක්කි කරත්තයක් තිබුණා. ඒකෙන් යන්නෙ බොහෝ විට දුම්රියපළට වගේ. පස්සෙ අපේ ගම්වලටත් කාර් ආවා.
 
 අපේ ගේ ළඟ තිබුණ සෙක්කුවක්. ඒ සෙක්කුවේ වැඩ කරන දිහා බලන් ඉන්න මට හරි ආසයි.
 
 මගේ අප්පච්චි හරිම නිවුණු කෙනෙක්. අම්මා සැරයි. සතා සරුපයාට වුවත් අප්පච්චි කරුණාවයි. අප්පච්චි ගෙදර ඉන්නකොට බල්ලෝ දෙන්නෙක් විතර පුටුව යට ඉන්නවා. අම්මා එනකොට උන් දුවනවා. බල්ලොත් දැන හිටියා අම්මා අවශ්‍ය තැනට සැරයි කියලා. එතුමියත් කරුණවන්ත වුණාට අප්පච්චි තරම් සත්ව කරුණාව දෝරේ ගලලා නෑ. මං එංගලන්තෙ ගිහින් උපාධියක් ලබාගෙන එනකොට අප්පච්චි කොළඹ ජැටියට ආවා. ඒ ආවෙ රෝද පුටුවෙන්.
 
 කවරදාවත් අපේ පවුලේ දරුවන්ට මඟුල් තුලා කටයුතුවලින් අප්පච්චිව විරුද්ධ වෙලා නෑ. හැබැයි කේන්දරය ඉල්ලාගෙන බලනවා. ලෙඞ්ඩු බලන විටත් සුව කරන්නට බැරි නම් කේන්දරය බලලා පිළියම් කියනවා.
 
 අපේ අප්පච්චි මං ඉපදිච්ච වෙලාවෙ මට හිස තෙල් ගෑවා. මගේ අම්මා මට රන් කිරි කට ගෑවා. මේක මගේ ජීවිතයේ අමතක කළ නොහැකි අපූරුම සිදුවීම.
 
 මට අමතක කළ නොහැකි ප‍්‍රධානම සිදුවීම මා දැන් කියන්නම්. අපේ කුඹුරු යායවල අප වැඩ කරන්න හුරු වෙනවාට අප්පච්චි හරිම කැමැතියි. එදා ඒ කුඹුරු යායවල ගොනුන් පස දිව ගිහින් ‘ගොම්පස්. අහුල ගන්නේ මං ගොම දැමීමට සූදානම් හරකුන් දෙස මා උකුසු ඇසින් බලා ඉන්නවා. ඒ වේලාවට දුවගෙන ගිහින් ඒ ‘ගොම්පස්. දෝතට අල්ලන විට අප්පච්චිට සතුටුයි. ඒ තනතුරට ගමේ කිව්වෙත් ‘ගොං කොල්ලා. කියලයි. ඒ මෝඩ කොල්ලා යන අරුතින් නොවේ. ගොම්පස් එකතු කරන්නා යන අරුතින්. අනෙක් සියල්ලටම පෙර මේ සේවාව වෙනුවෙන් මට ඉතා හොඳ ප‍්‍රණීත ආහාරයක් ලැබෙනවා. ඒ තමයි ‘ගොම්බත්. අපේ සංස්කෘතිය හා මුසු වූ හැඩතලයක් මට ලැබුණා නම් ඒකට මුළුමනින්ම හේතුව අප්පච්චි හා මගේ අම්මා.
 
 
 උපාලි සමරසිංහ


විශේෂාංග

sikuru

සිනමා කලා

utern450i

නවලිය

otara250

දියග

jbdis

මීවිත

gamya250

More Articles