Divaina - ජෝතිමත් ජෝති හා ජාති ජාතීත් මිතුරු ජයනන්ද....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

jothi555
 
 * වසර 33ක් පුරා ජෝති සමරා වසරකට දෙවරක් වියළි ආහාර මලූ බෙදා දෙයි
 * ජෝතිමත් ජෝති නමින් පුවත් පතක්
 
jotas පිටකොටුව මල්වත්ත පාර කවදත් ජනාකීර්ණය. දහවල එහි දකින්නට ලැබෙන්නේ ඇවිස්සුන කඩිගුලක් බඳු ස්වරූපයක්ය. මේ වන විට පාවහන්, බෑග් වර්ග ඇතුළු වෙනත් වෙනත් වෙළෙඳ භාණ්ඩ සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන මල්වත්ත පාර කලකට පෙර කැසට්පට සඳහා ඉහළ ජනප‍්‍රියත්වයක් දිනාගත් මාවතක් ලෙස ප‍්‍රකටව තිබූ අතර එකල එම`ග ගමන් කරන්නකුට රටේ ජනප‍්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතයක් දෙකක් ශ‍්‍රවණය කිරීමේ අවස්ථාව නිරායාසයෙන් හිමිවී ඇත. ඒ හේතුවෙන්ම එකල විසූ ගීත රසිකයන් මල්වත්ත පාරේ නිකරුණේ ඔබ මොබ සැරි සරමින් තම සිතැඟි ගායක ගායිකාන්ගේ ගීත නොමිලේ රසවින්ද අයුරු මල්වත්ත පාර වෙළෙඳාම් කටයුතු වල නිරත පැරණි ව්‍යාපාරිකයන්ගේ මතකයෙන් තවම බැහැරව ගොස් නැත. ඒ නුව ගත්කල කලක් මල්වත්ත පාර ‘කැසට් වීදිය’ යන නාමයෙන් පවා හඳුන්වාදී ඇත.
 
  කාලය ඉතිහාසයට එකතු වන්නේ ක‍්‍රියාදාමයක් ලෙසය. කලින් කල එම ක‍්‍රියාදාමය විවිධ ස්වරූපයන්ට ලක්වන්නේය. ඒ අනුව ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වීමත් සමග විවිධ වාණිජ රැුලි ජාත්‍යන්තරව මෙන්ම දේශීයව නැෙ`ගන්නට ගන්නා අතර එම ප‍්‍රවාහය හමුවේ කැසට් කර්මාන්තය පිණිස ඉහළ ජනප‍්‍රියත්වයක් දිනා සිටි පිටකොටුව මල්වත්ත පාර :ත්‍රදබඑ ිඑරුැඑ* විවිධ වෙනස්කම් ආදියට ලක් විය. මෙම සටහන ආරම්භයේ සඳහන් කර සිටියේ එහි වත්මන් මුහුණුවරය.
 
 ඉකුත් දිනක මේ කියන මල්වත්ත පාර පිහිටි එක්තරා ව්‍යාපාරික ස්ථානයක් වෙත ගොඩවූයේ එක්තරා ව්‍යාපාරිකයෙක් මුණගැසීමේ අදහසින් යුතුවය. ඔහු මෙරට කැසට් පට කර්මාන්තය ඉහළ දියුණුවක් ලබා තිබුණ අසූව දශකය තුළ කැසට්පට නිෂ්පාදනය අතින් ඉහළ ජනපි‍්‍රයත්වයක් හිමිකරගත් අයෙක්ය. නම ඇසූ පමණින් බොහෝ දෙනකු හඳුනන කොළඹ මල්වත්ත පාර අංක 17 ජයනන්ද රෙකෝඞ්බාර් අධිපති ඩබ්. ජයසේන ද අල්විස් (ජයනන්ද* නම් ඔහු මෙවර අප හා කතාබහට එක්වූයේ මෙරට බිහිවූ අසහාය ගායකයෙක් වූ එච්. ආර්. ජෝතිපාල පිළිබඳ අතීත මතකයන් රැුසක් පිළිබඳ නැවත මෙනෙහි කිරීම පිණිසය. තමන් හා එච්. ආර්. ජෝතිපාල අතර මිතුදමක් ගොඩනැ`ගුන ආකාරයත් එය ජෝතිපාලගේ මරණයෙන් පසු වුවද නොමැරුණ හිතවත් කමක් බවට පත්වූ ආකාරය පිළිබඳ ඔහු විසින් විස්තර කරන්නට වූයේ මෙරට කැසට්පට කර්මාන්තයේ ආරම්භක යුගය පිළිබඳව කෙටි හැඳින්වීමක් සහිතවය.
 
 ‘‘මම මේ ස්ථානය මුල් කර ගනිමින් ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්නෙ 1972 වර්ෂයෙදි. රෙදිපිළි අලෙවිය තමයි මගේ මුල්ම බිස්නස් එක වෙන්නෙ. ඒ කාලෙ ලංකාවෙ කැසට් කර්මාන්තය කියල දෙයක් තිබුණෙ නෑ. ග‍්‍රැමෆෝන් තැටි තමයි ඒ කාලෙ තිබුණෙ. රෙදිපිළිවලට අමතරව ඒ කාලෙ මමත් ග‍්‍රැමෆෝන් තැටි අලෙවියට අත ගැහුව. ඔහොම ව්‍යාපාර කටයුතු කරගෙන යන අතරතුර 1977ට පස්සේ තමයි මුල් වරට කැසට්පට යුගය ආරම්භ වෙන්නෙ. නිව් සවුන්ඞ් එන්ටප‍්‍රයිසස්, තරංගා සූරිය ලේබල් යටතේ තමයි මුල්වරට කැසට් පට හඳුන්වා දෙන්නෙ. ඊට පස්සෙ මමත් ඒ අයගෙන් කැසට් පට අරන් විකුණන්න ගත්ත 1980 වර්ෂයේදි තමයි මම මුල් වරට කැසට් පටයක් නිෂ්පාදනය කරන්නෙ.’’
 
 ඩබ්ලිව්. ජයසේන ද අල්විස් (ජයනන්ද* තම පළමු කැසට් පටය සඳහා ගී ගැයීම පිණිස තෝරාගනු ලබන්නේ අල්හාජ් මොහිදින් බෙග්ය. ජෝර්ජ් ලෙස්ලි රණසිංහ විසින් රචනා කරන ලද ගී පද මාලා 14 එම කැසට් පටයට අඩංගුවී ඇති අතර එය නම් කරනු ලබන්නේ ගුම් ගුම් න`ගා යනුවෙන්ය. භාරතීය ගායක මුකේෂ්ගේ හින්දි තනුවලට ලියන ලද එම ගීත 14 පටිගත කර ඇත්තේ මර්වින් රුද්‍රිගුට අයත් ශබ්ධාගාරයේදීය. තමන් කැසට්පට නිෂ්පාදනයට පිවිසි ආකාරය පිළිබඳව විස්තර කළ ජයසේන ද අල්විස් සිය මුල්ම කැසට් පටය වෙළෙඳපොළට නිකුත් කළ ආකාරය පිළිබඳව නැවත මෙනෙහි කරන්නට විය.
 
 ‘‘ඒ කාලෙ ලංකාවෙ කරන්නෙ ගීත පටිගත කරන එක විතරයි. මාස්ටර් කැසට් එක සිංගප්පූරුවට යවල තමයි ලේබල් ගහල පැක් කරල ආපහු මෙහෙට ගේන්නේ. කොහොම හරි ජනන්ද රෙකෝඞ්බාර් නමින් බෙග් මාස්ටර්ගෙ ගුම් ගුම් න`ගා කැසට් එක ජනප‍්‍රියවෙලා ගියා. ඒ කාලෙ කැසට් පටයක් රු. 50යි. උපරිම උනොත් රු. 60යි.
 
 එය දීර්ඝ ව්‍යාපාරික ගමන් මගක ආරම්භය වී ඇත. මෙරට බිහිවූ අසහාය ගායකයෙක් වන එච්. ආර්. ජෝතිපාල ජයසේන ද අල්විස් සුසංයෝගය පිණිසද ගුම් ගුම් න`ගා කැසට් පටය ඉවහල්වන අතර එහි ප‍්‍රතිඵලයක් බවට පත්වෙන්නේ එච්. ආර්. ජෝතිපාල විසින් ගී ගැයූ කැසට් පටයක් ජයනන්ද ලේබලය යටතේ වෙළෙඳපොළට නිකුත් වීමය. එම අසිරිමත් මතකය සිහිපත් කළ ජයනන්ද රොකෝඞ්බාර් අධිපති ජයසේන ද අල්විස් සඳහන් කර සිටියේ තමන් හා එච්. ආර්. ජොතිපාල අතර ඒ ආකාරයෙන් ඇරඹුන මිතුදම එච්. ආර්. ජෝතිපාල මිය යන තුරා නොබිඳුණු මිතුදමක් වූ බවක්ය.
 
 ‘බෙග් මාස්ටර්ගෙ කැසට් එක එළියට දැම්මට පස්සෙ දවසක් ජෝති අයිය මට කිව්ව හින්දි තනු ටිකක් දෙන්න එයාටත් ගීත කීපයක් කරගන්න කියල. ඒ වෙද්දි අපි අතර ලොකු හිතවත්කමක් තිබුණෙ නෑ. නමුත් සුචරිත දහම් පාසලේ අධ්‍යාපනය ලබන කාලෙ ඉඳල මම එයාව දන්නව. ඔය සිදුවීමෙන් පස්සෙ තමයි අපි කතාබහ කරන්න ගත්තෙ. මේ කියන කාලය වෙද්දි ජෝති අයිය හරිම ජනප‍්‍රියයි. රෝයි ද සිල්වගෙ චිත‍්‍රපට ගත්තොත් ගීතා, සුජීවා, සුනේත‍්‍රා සූකිරි කෙල්ල චිත‍්‍රපටවල ගීත ගායනය ජෝති අයිය 1970 දශකයේ ඉඳලම චිත‍්‍රපට ගීතවලට ජෝති අයියයගෙ කටහඬ තමයි වැඩිපුරම ගන්නෙ. මොනතරම් ජනප‍්‍රිය වුණත් ජෝති කියන්නෙ හරිම සරල ගතිගුණ තිබුණ චරිතයක්. කොටින්ම කියනව නම් ඒ කාලෙ වුණත් ඇඳගෙන ඉන්න සරම පිටින් ජනාධිපතිතුමාව මුණ ගැහෙන්න පවා එයාට යන්න පුළුවන්කම තිබුණ... ඒ වගේ තමයි ජෝති අයියට ඉතා හොඳින් ඉංග‍්‍රීසි කථා කරන්න පුළුවන්. ඒ කාලෙත් ජෝති අයිය ජීවත් වුණේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයෙ ගෙදරක. කොහොම හරි ජෝති අයියගෙ ඉල්ලීම අනුව බෙග් මාස්ටර්ගෙ කැසට් එකේ තනුවලටම සින්දු 14ක් ලියල ජෝති අයිය වොයිස් කළා. ජයනන්ද ලේබලය යටතේ ඒ කැසට් එක නම් කරන්නෙ ජෝතිමත් ජෝති කියල. ඒ කාලෙ කැසට් පටයකට ඇතුළත් කරන්නෙ ගීත 14යි. ඒ ගීත දාහතර රචනා කළේ හේම ශී‍්‍ර ද අල්විස්. ඒ කැසට් පටයට ලොකු ඉල්ලූමක් ආව. ඒ කාලෙ කැසට් පටයක් නිකුත් කළාට පස්සෙ ඕකත් අරන් රට වටේ ගිහින් වෙළෙඳාම් කරනව. ඒ කරල ආපහු කොළඹට එන්නෙ තව කැසට් එකක් කරන්න පුළුවන් තරමේ මුදලකුත් අරගෙන තමයි. ඔය වෙද්දි කැසට් නිෂ්පාදකයන් අතරේ හොඳ සමගියක් වගේම ලොකු තරගයකුත් පැවතුණා.
 
jothi3 එච්. ආර්. ජෝතිපාලගේ ජෝතිමත් ජෝති කැසට් පටය නිෂ්පාදනය කරමින් ජෝති හා සමීප ඇසුරක් ඇති කර ගන්නා ජයසේන ද සිල්වා ඉන් අනතුරුව ජෝති විසින් ගීත ගායනා කරන ලද කැසට් පට විශාල ප‍්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇත. ආදායම් වාර්තා තැබීමට සමත් එම කැසට් පට එකල ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රියවීමට තවත් එක හේතුවක් බවට පත්ව ඇත්තේ ජෝති සමග මුල් ගීතය ගායනා කළ ගායිකාවන් එම කැසට්පටවල යුග ගීත ගායනය සඳහාද දායක කර ගැනීමය.
 
 දශක තුන හතරකට එපිට ජෝතිමත් මතකයන් හෙළි කරන ජයසේන ද අල්විිස් අද පවා ජෝති පිිළිබඳ මතකය මෙනෙහි කරන්නේ හදවතේ ගැඹුරුම තැනින් උපදින සිතිවිල්ලෙන්ය.
 
 ඔහුගේ කටහඬ තුළින් පිටවන්නේ මියගිය තම ආදරණීය මිතුරා පිළිබඳ මිය නොගිය මතක සැමරුම් හා සදානුස්මරණීය සිදුවීම් පෙළකි.
 
 සතියකට අඩුම තරමින් දවස් පහක්වත් ජෝති මල්වත්ත පාරට එනව. ඒ ඇවිත් ටික වෙලාවක් මගෙත් එක්ක කතා කර කර ඉන්න එක එයාගෙ පුරුද්දක්. දවසක් එක මහත්තයෙක් ඇවිත් මට කිව්ව පුතා මම තමයි සිරි පී. අබේරත්න කියන්නේ. ඔයාග සාප්පුවට ජෝතිපාල නිතර යනව එනව කියල මට ආරංචි වුණා. මම ඉන්නෙත් මේ කිට්ටුව. ජෝතිපාල ආව වෙලාවකට කරුණාකරල මට එයාව මුණගස්වන්න කියල. ඒ කාලෙ සිරිල් පී. අබේරත්න මහත්තය පදිංචිවෙලා හිටියෙ පිටකොටුවෙ කුමාර වීදියෙ. ඒ පණිවිඩය මම ජෝති අයියට කියල දවස් දෙකක් විතර යද්දි දවසක් මම දැක්ක සිරිල් පී. අබේරත්න මහත්තය කුමාර වීදිය දිගේ හෙමින් හෙමින් මේ පැත්තට එනව. ඒ වෙලාවෙ සාප්පුව ඇතුළෙ ජෝති අයියයි මමයි කතා කර කර හිටියෙ. ඒ පාර මම ජෝති අයියට සිරිල් මහත්තයව පෙන්නල කිව්ව අන්නර අර පුද්ගලය තමයි සිරිල් පී. අබේරත්න කියන්නේ එයා තමයි ජෝති අයියව මුණ ගැසෙන්න ඕන කළේ කියල කිව්වෙ කියල. මට අද වගේ මතකයි ජෝති අයිය සාප්පුවෙන් පිටවෙලා එතුම ඉස්සරහට ගියා. ගිහින් පදික වේදිකව මතදිම දණ ගහල එතුමට වැන්ද. මමත් පස්සේ තමයි දැන ගත්තේ සුරතලී චිත‍්‍රපටයට සිරියමේ සාරා ගීතය ඇතුළු අනිත් ගීත ලියල තියෙන්නෙ කියල. ඔය එක සිදුවීමක් පමණයි. ඔය වගේ පුදුම ගතිගුණ තිබුණ නිරහංකාර පුද්ගලයෙක් තමයි ජෝති අයිය කියන්නේ...’’
 
 සොඳුරු මිනිසුන් මිය ගියද ජනතා හදවත් තුළ සදා අමරණීයය. එයට කදිම උදාහරණයක් ලෙස ජනප‍්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාල නාමය නම් කළ හැකිය. 1987.07.07 වන දින හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔහු දැයෙන් සමු ගන්නේ ලක්‍ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිරිසක් සදාතනික සෝ සයුරක ගිල්වමින්ය. එතැන් සිට එච්. ආර්. ජෝතිපාල යනු මෙරට අමරණීය ගායකයෙක් බවට පත්වන අතර තවමත් ලක්‍ෂ සංඛාත රසික රසිකාවියන් පිරිසක් ඔහුගේ ගීත කෙරෙහි දක්වන්නේ ඉමහත් කැමැත්තක්ය. එම පිරිස අතරින් ජයනන්ද රෙකෝඞ් බාර් අධිපති ජයසේනද අල්විස් හට හිමිවන්නේ සුවිශේෂී තැනකි. තම කල්‍යාණ මිතුරා මියගිය වර්ෂයේ සිට මේ දක්වා වසරකට දෙවතාවක් දානමය පුණ්‍ය කටයුතු සිදු කරමින් ජෝති සිහිපත් කරන ජයසේන ද සිල්වා අඛණ්ඩව වසර 33ක් එම කටයුත්තේ නිරත වන අතර මෑතක සිට ජෝතිමත් ජෝති නමින් තම පුද්ගලික වියදමින් පුවත්පතක්ද මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කර ඇත. මිත‍්‍රත්වය යනු වාසි ප‍්‍රයෝජන ආදිය මත පමණක් පදනම්ව ගොඩනැංවෙන්නක් නොව ලේ, මස්, ඇට නහර තුළට පවා කිඳා බසින සුළු ගැඹුරු බැඳීමක් බව කථාවෙන් පමණක් නොව ජයසේන ද සිල්වාගේ ක‍්‍රියා කලාපයෙන්ද මනාව පැහැදිලි විය.
 
 ‘ජෝති අයිය අසනීපයෙන් රත්නම් රෝහලට ඇතුළත් කරල කියල මම දැන ගන්නෙ ත‍්‍රිකුණාමලයෙදි. පහුවැනිදා උදේ ආරංචි වුණා ජෝති අයිය මිය ගියා කියලා. බිස්නස් පැත්තකට දාල මම කෙළින්ම කොළඹ ආව. මොකද මම ජෝති අයියව ආශ‍්‍රය කළේ යාළුවෙක්, සහෝදරයෙක් විදිහට. ඒ වගේම තමයි ජෝති අයිය සහ විජය කුමාරතුංග අතරෙත් තිබුණෙ පුදුම හිතවත්කමක්. ඊට අමතරව ජෝති අයිය ගොඩක් ළඟින් ආශ‍්‍රය කළ අය අතර ඇම්. ඇස්. ප‍්‍රනාන්දු, ක‍්‍රිෂ්ටි ලෙනාඞ්, මිල්ටන් පෙරේරා වගේ හිතහොඳ පිරිසක් හිටිය. ඊට අමතරව ගත්තොත් ජෝති අයිය කියන්නෙ යන යන තැන විශාල මිතුරන් හිටිය හිතහොඳ චරිතයක්. මමත් කලා ක්‍ෂේත‍්‍රයේ විශාල පිරිසක් හඳුනා ගන්නෙ ජෝති අයිය හරහා. එයත් මාව සැලකුවෙ තමන්ගෙ පවුලේ කෙනෙක් විදිහට හිතල තමයි. ඉතින් ඔය කාරණා හින්ද මම තීරණයක් ගත්ත ජෝති අයියගෙ උපන්දිනය යෙදෙන පෙබරවාරි 12 වෙනිදත් ඔහු මිය ගිය ජූලි 07 වැනිදාත් එතුමව සිහිපත් කරල හොඳ පුණ්‍ය කටයුත්තක් කරන්න. ඒ අනුව තමයි ඒ දවස් දෙක මුල්කරගෙන දැන් වසර 33ක් පුරා මේ ස්ථානයෙදි නැති බැරි දුප්පත් ජනතාවට වියළි ආහාර මලූ ප‍්‍රදානය කරන්නෙ. එදාට ජෝතිට ආදරය කළ අයත් ඒ අයට පුළුවන් අයුරින් යම් යම් දේ පරිත්‍යාග කරල ඒ කටයුත්තට දායකත්වය ලබා දෙනව. ඊට අමතරව එයාගේ ගීත, ගීත ඇතුළත් චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයක් මා විසින් සංරක්‍ෂණය කරනව. තවමත් මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්න කෙනෙක් ලෙස මම දකින දෙයක් තමයි මිනිස්සු තුළ ජෝති අයියට තියෙන ආදරය. ඒ හැම කෙනෙක්ම ජෝති අයියගෙ ගීතවලට පමණක් නොවෙයි, සමස්තයටම ආදරය කරන පිරිසක්...’’
 
 ඔහු පවසා සිටින දෙය සැබෑවක්. මෙරට බොහෝ ප‍්‍රදේශ හා ස්ථාන ආදියෙහි අඛණ්ඩව 33 වසරක් පුරා වාර්ෂිකව ජෝති අනුස්මරණ සැමරුම් උත්සව ආදිය පවත්වන අතර ජෝති සිහිපත් කිරීමට දුප්පත් පොහොසත් භේදයකින් තොරව එක්වන රසික පිරිස දහස් සංඛ්‍යාතය. මුදලට මුල් තැනක් නොදුන් ගායකයන් අතර ඔහු ඉහළින් වැජඹුණු ගායකයෙක් විය. ඔහු ජනතාවගේ ගායකයා බවට පත්වූයේ එබැවින්ය. එයට කලගුණ දැක්වීම පිණිස එච්. ආර්. ජෝතිපාලගේ අභාවයෙන් අනතුරුව ජෝති ගුණානුස්මරණ පදනම ආරම්භ වන්නේය. නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය හා ෆ‍්‍රැන්සිස් වන්නිආරච්චිගේ මූලිකත්වයෙන් ඇරඹෙන එම ගුණානුස්මරණ පදනමේ සභාපති ධුරය පසු කලෙක ජයසේන ද අල්විස් වෙත පැවරෙන අතර වසර 10ක් පමණ කාලයක් එහි සභාපති ධුරය හොබවනු ලබන්නේ ඔහු විසින්ය. ඉදිරියේදී ඒ හරහා සිදු කිරීමට නියමිත කාරණා කීපයක් සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට ජයසේන ද සිල්වා අමතක නොකළේය.
 
 ‘ජෝතිපාල මහත්තයගෙ පිළිරුවක් අලූතින් ඉදිකරන්න අපේ අදහසක් තිබෙනව. ඒක කරනව නම් එල්ෆින්ස්ටන් ර`ගහල ඉදිරිපිට තමයි ඒ දෙය කරන්න ඕන. ඒ සඳහා රජයෙන් යම් සහයෝගයක් ලැබෙනව නම් ඒක ලොකු දෙයක් වෙනව. ඊට අමතරව ජෝති නමින් කලාගාරයක් ඉදිකිරීම අපේ තවත් සැලැස්මක්. ඔහු ලබාගත්ත සම්මාන සහතික, ඇඳුම් පැළඳුම් ඇතුළු බොහෝ දේ අපි ළඟ තිබෙනව. ඊට අමතරව ඔහුගේ රසිකයන් ළඟත් සිහිවටන විශාල වශයෙන් තිබෙනව. ඔවුන් ඒව පණ වගේ ආරක්‍ෂා කරගෙන ඉන්නව. ජෝති නමින් කලාගාරයක් ඉදි කළොත් මේ හැම දෙයක්ම එක වහලක් යටට අරන් අනාගතය පිණිස සංරක්‍ෂණය කරන්න පුළුවන්. ඊට අමතරව ජෝති නමින් නිවාසයක් ඉදි කරන්නත් අපේ අදහසක් පවතිනව. මේ සඳහා රජය මැදිහත්වෙලා ඉඩමක් පරිත්‍යාග කරනව නම් ඉදිකිරීම් සිද්ධ කරන්න ජෝතිගෙ රසිකයන් ඉදිරිපත් වෙනව...’’
 
 මේ වන විට ජෝති ගුණානුස්මරණ පදනම ඔහුගේ බාල දියණිය වන කි‍්‍රෂ්ණි ජෝතිපාල ඇතුළු තවත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මකය. ජයනන්ද රෙකෝඞ්බාර් අධිපති ජයසේන ද සිල්වා එහි පූර්ණ කාලීන ක‍්‍රියාකාරිකයෙක්ය. ජෝති නමින් තවත් බොහෝ දේ සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔවුන් ජෝති නමින් නිවාසයක් ඉදිකිරීමට සැලසුම් සකස් කර ඇත්තේ තවත් උදාර අරමුණක් සැබෑවක් බවට පත්කර ගැනීමේ අටියෙන් යුතුවය. ඒ හරහා කිසිවකුගේ සරණක් නැති වියපත් කලාකරුවන්ට නේවාසික හා සෞඛ්‍ය පහසුකම් ලබාදීමටත් ඔවුන්ගේ අවසාන කාලය සතුටින් ගත කිරීම පිණිසත් අවශ්‍ය පහසුකම් සපයාදීම ජෝති ගුණානුස්මරණ පදනමේ අරමුණ වී ඇත.
 
 කාලය ඉතිහාසයට එකතු වන්නේ යම් යම් සමාජ පරිවර්තනයන්ද සහිතවය. ඒ අනුව මේ වන විට කැසට් කර්මාන්තය මුළුමනින්ම පාහේ අභාවයට ගොස් ඇත. එම හිස්තැන පිරවීම පිණිස නවීන තාක්‍ෂණය පැමිණ ඇත. කර්මාන්තය කඩා වැටුණු පමණින් සංගීත ක්‍ෂේත‍්‍රය විනාශයට පත්නොවූ බව සඳන් කරන ජයසේන ද සිල්වා තවමත් එම ක්‍ෂේත‍්‍රය තුළ සාර්ථක ගමනක යෙදෙන අතර ඔහුගේ මතය වන්නේ පැරණි දේ අගයන විශාල පිරිසක් තවමත් සිටින බවත් ඔවුන්ගේ රස වින්දනය පිණිස දස දහස් ගණනින් යුත් ගීතාවලියක් දහස් ගණනින් යුත් චිත‍්‍රපට නාමාවලියක් තමන් සන්තකයේ පවතින බවත්ය. තවමත් කොළඹ පිටකොටුව මල්වත්ත පාර අංක 17, ජයනන්ද සීඞී මියුසික් වර්ල්ඞ් නමින් පවත්වාගෙන යන ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ගොඩවන ඕනෑම කෙනෙකුට එදා මෙදාතුර මෙරට කලාකෙත අස්වැද්දීම පිණිස ගීතය, චිත‍්‍රපටය විසින් කරන ද මහඟු මෙහෙවර සියැසින් දැකගත හැකිය.
 
රුවන් ජයවර්ධන


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles