Divaina - ඇත්තම ඇත්තයි.... කේන්දරයෙන් සියයට හතලිහයි තත්කාලයෙන් සීයට හැටයි.... සුජාතා සහ සුනිමල්ට වුණේ මොනවාද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

naksසුනිමල්ට මොකක් හරි ගැටලූවක් තියෙන බව මට පේන්න ගත්තෙ අවුරුද්දක විතර ඉඳල. එතකොට අපි බැඳල අවුරුදු තුනයි. ගෙදර ඉන්නකොට වැඩි සතුටක් නැති බව පේන සුනිමල්, සමහර වෙලාවට කේන්තියෙන් කෑගහනව. ඔය අතරෙ නිතර නිතර අසනීප වුණා, සෙම් රෝග. වී. පී. කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත. ඒ වුණත් නිතරම සෙම හැදුන. එයා වැඩ කළේ මහනුවර ඉස්කෝලෙක නියෝජ්‍ය විදුහල්පති තනතුරක. මමත් එහෙම ඉගැන්නුව. අපි හිටියෙ සුනිමල්ගෙ මහ ගෙදර. එයාගෙ අම්මත් හිටිය.
 
 මට හිතුන සුනිමල්ගෙ කේන්දරේ බැලූවොත් හොඳයි කියල. ඉතිං මම මේ ගැන මුලින්ම කීවෙ එයාගෙ අම්මට. සුනිමල්ට කේන්දර ගැන විශ්වාසයක් තිබුණේ නෑ. අම්ම කීවෙ මෙහෙම කතාවක්.
 
 ”අපෝ සුජාත, ඔයාට ඕන නං කේන්දර බලාගන්න හැබැයි ඕව සුනිමල්ගෙ ඔලූවට නං දාන්න එපා. අර මිනිහ කියල තිබුණ බොරුවම ඇතිනේ. ඊට පස්සෙ තමයි සුනිමල් පුතත් කේන්දර ගැන විශ්වාස නොකරන්නෙ.”
 
 ”කවුද අම්මෙ? මොකක්ද කීවෙ?” මම ඇසුවෙමි.
 
 ඇය පැවසුවේ කාගෙදෝ නමකි. එහෙත් කුරුණැගල පැත්තේ දෛවඥයකුගේ නමක් බව මගේ මතකයේ තිබුණි.
 
 ”ඒ මිනිහ කීවනේ සුනිමල්ට කවදාවත් ඉගෙනගෙන උපාධියක් ගන්න බෑ කියල. හරියට විභාගෙට මාස තුනයි තිබුණෙ. සුනිමල් පුතා මානසිකව ඇද වැටුණනේ. ඒ වුණත් මම කියල කියල බය ඇරිය. ඔය අපූරුවට ගෞරව උපාධියක්ම ගත්තෙ. ඊට පස්සෙ තමයි මම කේන්දර බැලූවත් කවදාවත් එයාට ඒව ගැන නොකියන්න ගත්තෙ. හිතට අමාරු වෙනවනේ අර අපල, මේ අපල කියල හරියට සාප කළා වගේ.”
 
 සුනිමල්ගේ අම්මාටත් සුනිමල්ටත් ඇත්තේ ජ්‍යොතිෂය ගැන අමිහිරි අත්දැකීමකි. විවාහයකදී පොරොන්දම් නැකත් බලන්නේ මනාලයාගේ පාර්ශ්වයෙනි. එහෙත් අපේ විවාහයේදී නැකත් බැලීම අපටම පැවරූ අයුරු මට මතකය.
 
 ”සුජාත, අපි දැං අවුරුදු ගාණක් ආශ‍්‍රය කළානේ. මට නං ඔය පොරොන්දම් බලන්න වුවමනා නෑ. එයාම අම්මට කියල මඟුල් නැකත් හදාගන්න. අම්මල දන්න අය ඇතිනේ.”
 
 මගේ අම්ම මඟුල් නැකත් හැදීමේ කාර්යය භාරගත්තේ ඒ අනුවය. මේ දක්වා අපි සමගියෙන් කල්ගත කළෙමු. එහෙත් සුනිමල්ට අපල ඇතැයි මට සිතේ. මේ අනුව මම කාරණය මගේ අම්මාට ද කීවෙමි.
 
 ”ඉතිං ඔයාලට නැකත් හදපු මහත්තයටම කියල සුනිමල්ගෙ කේන්දරේ බලවගමු.” යැයි කියමින් මගේ අම්ම එකඟ වූවාය. සුනිමල්ගේ අම්ම නම් කීවේ කේන්දර බලා කියන පලාපල කිසිවක් සුනිමල්ට නොකිව යුතු බවය. අපි ඊට එකඟ වීමු. ඉන් පසු දිනෙක මමත් අම්මත් සුනිමලූත් මගේ මංගල නැකත් සෑදු ජ්‍යොතිර්වේදී මහතා වෙත ගියෙමු.
 
 අපි මේ ගමන ගියේ සුනිමල්ගේ මෝටර් රථයෙන්ම වුව ද සුනිමල් කාරයේම සිටින බව කියා නතර වූයේය.
 
 ”මම එන්නෙ නෑ. ඔයගොල්ලො බලාගෙන එන්න. මම පත්තරේ බලන්නම්”
 
 සුනිමල් එසේ පැවසුව ද ඔහුගේ මුහුණේ ලියැවී තිබුණේ ”අම්මයි දුවයි කරන බොරු වැඩ” යන අදහසය.
 
 මගේ බුලත් අත අතට ගන්නා ගමන්ම ඔරලෝසුව දෙස බැලූ ජ්‍යොතිර්වේදී මහතා මෙසේ කීවේය.
 
 ”වෘෂභ උදා වුණා. ශනි හෝරාව ලග්නාධිපතිය හතේ කේන්දරේ කාගෙද මහත්තයගෙද?”
 
 ”ඔව් මහත්තයගෙ.”
 
 ”මේ දුවගෙ මහත්තයනේ. මේ ගොල්ලන්ගෙ මඟුල් නැකත් හැදුවෙ ඔබතුමාම නේ. මතකද?” යැයි අම්මා ප‍්‍රශ්නයක් නැඟුවේය.
 
 ”ආ...ඒ වුණාට දැන් නම් මෙයාට අපල තියෙනව. සෙනසුරු ඒරාෂ්ටකේ. ඉස්සරහට ලබන අවුරුද්දෙ මැද වෙනකල් තියෙනව. සෙම් රෝග, වැඩ කල්දාන එක චිත්ත පීඩා, ධන හානි, වතුරෙන් අපල ඔය වගේ කාලයක්.”
 
 එතුමා දිගටම කියාගෙන ගිය අතර මම මේ අනාවැකි ඇසින් දුටුවාක් මෙන් කීම ගැන සතුටින් අසා සිටියෙමි.
 
 ”අපල ගැන එච්චර කියන්න ඕන නෑ. හැබැයි ශාන්ති කර්ම කරගන්න ඕන. ලෙඬේට බෙහෙත් ඕන නේ...කෝ මේ මහත්තය? ඇයි ආවෙ නැත්තෙ?”
 
 මේ ප‍්‍රශ්නයට මම නිරුත්තර වීමි. අම්මා කතා කළාය.
 
 ”මේකයි මහත්තය වැඬේ. මෙයාගෙ අම්ම කියල තියෙනව කේන්ද්‍ර බලල මොනවත් කියන්න එපා කියල ඒකයි ආවෙ නැත්තෙ. පහළ කාර් එකේ ඉන්නව.”
 
 ජ්‍යොතිර්වේදී මහතා මෙසේ කීවේය,
 
 ”ඒක වැරදියි. ඇයි එහෙම කරන්නෙ. ලෙඬේ ගැනත් බෙහෙත් ගැනත් දැනගන්න ඕන ලෙඩානේ. ලෙඩාගේ නෝනටවත් ලෙඩාගෙ අම්මට වත් බෙහෙත් දීල හරියනවද? එයා එක්කල එන්න එපායැ...”
 
 මමත් අම්මාත් ඊට එකඟ වීමු. එහෙත් දෙවරක් එකම දේකට කාලය ගත කිරීම ගැන ජ්‍යොතිර්වේදී මහතා සතුටු නොවීය.
 
 ”හරි ඉක්මනට එක්කල එන්න.”
 
 අපි සුනිමල් කැඳවාගෙන ආවෙමු. එතුමා සුනිමල්ට මෙසේ කීවේය.
 
 ”මහත්තය ජීවිතේ කියන්නෙ අටලෝ දහමට අනුව පවතින දෙයක්. ඒකට හේතුව කර්ම, කුසලාකුසල කර්ම අනුව දුක - සැප ලැබෙනවා. මහත්තයට මේ ගතවෙන්නෙ ටිකක් කරදර කාලයක්. දැන් අවුරුද්දක් විතර ගතවෙලා ඉවරයි. මම එන්න කීවේ අපලයි කියන්න විතරක් නෙවේ, ඒකට කරන්න ඕන ප‍්‍රතිකර්මත් කියන්නයි. ප‍්‍රශ්නෙත් විසඳුමත් දෙකම දෙන එකයි කේන්දර බලල කරන්නෙ. මහත්තය කරන්න ඕන දේවල් මම ලියල දෙනව. හැබැයි වතුරෙන් ප‍්‍රවේශම් වෙන්න ඕන. 2017 ජනවාරි වෙනකල් විශේෂයි.”
 
 මෙයට එකඟ බව පළ කළ සුනිමල් අතීත සිදුවීම කීවේය.
 
 ”මහත්තය මම ආවෙ නැත්තෙ මේකයි. මට අහවල් දෛවඥ මහත්තය කීව කවදාවත් ඉගෙනගන්න බෑ කියල. ඉතිං මම දැන් අධ්‍යාපන පරිපාලනේට ඇවිත් ඉන්නෙ. ඊට පස්සෙයි මට ජ්‍යොතිෂය එපා වුණේ.”
 
 සුනිමල්ගේ කතාවට එතුමා දුන්නේ මෙවැනි පිළිතුරකි.
 
 ”ජ්‍යොතිෂය ගැන මම කියන දෙයිනුත් මනින්න එපා. බුද්ධ ධර්මය ගැන පන්සලක ඉන්න හාමුදුරුවන්ගෙන්ම මනින්න බෑ නේද? ඒ වගේ.”
 
 නැවත එතුමා සුනිමල්ගේ කේන්ද්‍රය දෙස විමසුම් සහගතව බලා සිටියේය. මිනිත්තු තුන හතරකින් මෙසේ කීවේය.
 
 ”පුර හඳ හතරෙ බලවත් වෙලා. රවි බුධ එකොළහේ සිකුරු දොළහෙ උච්ච වෙලා.”
 
 ”මහත්තයට පදිංචියට ගෙවල් දෙකක් ලැබෙන්න ඕන”
 
 ගෙවල් දෙකක්?
 
 සුනිමල් සිනාසුනේය. පිළිතුර දුන්නේ අම්මාය.
 
 ”ඇත්ත මහත්තය ගෙවල් දෙකක්ම තියෙනව.”
 
 ”නිකං නොවේ. ඒ ඉඩම්වල වතුර ළිං තියෙනවා.”
 
 ”ඔව්...ඔව්...!”
 
 ”ඊළඟට, මහත්තය විදේශ රටවල යන්න ඕන...”
 
 ”ඔව්. දැනටම දෙපාරක් ගිහිල්ල තියෙනව.”
 
 ”තවත් යන්න ලැබෙනව ඉදිරියට. රටවල් කීපෙකට විදේශ ගමන් වාසනාව තියෙනව.”
 
 සුනිමල් විස්මිතව බලා සිටියේය.
 
 ”කේන්දරෙන් එහෙම කියන්න පුළුවන් නේද?”
 
 එතුමා අවසානයේ මෙසේ කීවේය.
 
 ඔව්...ඔව්. හැබැයි සීයට හතළිහක් කේන්දරෙන්, ඉතිරි හැට තත්කාලයෙන්. ඒ කියන්නෙ කේන්දරේ අතට ගන්න වෙලාවෙන්. මේක දේවාරූඨයක්, ආවේශයක්, අංජනමක් නෙවේ. ගණිත ක‍්‍රමයක්. ඔන්න මම අනාවැකි තුනක් කීව. කලින් කියපු ඒව මම දන්නෙ නෑ. හැබැයි මමත් ඔක්කොම දන්න විශාරදයෙක් නෙවේ.
 
 සුනිමල් ආපසු ආවේ සතුටිනි. සුනිමල්ගේ අම්ම මොකද කීවේ? යැයි රහසින් මගෙන් විමසනවා සුනිමල්ට ඇසෙන්නට ඇත. ඔහු ශබ්ද නඟා පිළිතුරු දුන්නේය.
 
 ”අම්මෙ එයා මහ පුදුම මනුස්සයෙක්නෙ. මට ගෙවල් දෙකක් තියෙන්න ඕන කීවා. ඒ ඉඩං වල වතුරත් තියෙනව කීව. මට රට යන්න වාසනාව තියෙන කෙනෙක් කීව.”
 
 සුනිමල්ගේ අම්ම කලබල වූවාය. ”ඔයත් අහන්න ගියාද?”
 
 ”නැතුව. එයා හරියට ලෙඬේ ගැනත් කියල සනීප වෙන්න බෙහෙත් දෙන වෛiවරයෙක් වගේ. මම දැං ජ්‍යොතිෂය විශ්වාස කරනව.”
 
 සුනිමල් එසේ කීවේ අම්ම සමග පමණක් නොවේ, ඔහුගේ මිතුරන් බොහෝ දෙනකුට ද එය කීවේය.
 
 (නම් ගම් පමණක් මනඃකල්පිතයි*
 
කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles