Divaina - නගර සෝභනියන් සොයා යන්නේ බිරිඳගේ පෙම්වතියගේ වරදක් නිසා නොවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

N6 3

- නගර සෝභනියන් සොයා යෑමේ ඇත්ත හේතුව-02
 
  - දෙවඟනක් හා සමාන ගති පැවතුම් හා රුවක් සහිත බිරින්ඳන් තමන් සන්තකයේ සිටියදී ඇතැම් තරුණ විවාහකයන් ? සමනළියන් සොයන්නට යති. එලෙස වන්නටද හේතු තිබේ. බොහෝ සමාජ විද්‍යාඥයන් ප‍්‍රකාශ කරන්නේ තමන්ට නවමු අත්දැකීම් සොයා යන්නට ඇති වුවමනාව මේ සඳහා හේතු පාදක වන බවය.
 

 මෙය බරපතළ සමාජ ගැටලූවක් බවට ක‍්‍රම ක‍්‍රමයෙන් පත්වෙමින් යන සෙයක්ද දැකගතක හැකිය. වෙසෙසින් තරුණයන් තම සරසවි අධ්‍යාපනය ලබන කාලය අතරතුරදී හෝ අලූතෙන්ම ජීවිතය පටන් ගන්නට කොළඹ රැකියාවකට ආ විටදී තම ප‍්‍රථම ලිංගික අත්දැකීම බවට ? සමනළියන්ගේ පහස විඳගන්නට උත්සාහ කිරීම දැකගතහැකිය.
 
 මෙහි බියකරු පාර්ශ්වය වන්නේ මේ ආකාර ඇසුරකට යොමුවන තරුණයාට ඉන්පසුව අත්වන ඉරණමයි. අබිසරුලියක් තමන් වෙතට එන කවරෙකුට හෝ සලකන්නේ තමන් දිගින් දිගටම ගනුදෙනු කර ගැනීමට හැකි අයෙකු ලෙසටය. ඔවුන් තමන්ගේ ගනුදෙනුකරුවා සතුටු කිරීමට නොයෙකුත් ක‍්‍රම උපා යොදති. බොහෝ විට මේ උපක‍්‍රම ලිංගික හැසිරීම් පදනම් කරගෙන ඉස්මතු වෙයි. මේවා නම්කරනු ලබන්නේ කින්කි සෙක්ස් :ණසබනහ ීැං* ලෙසටය. ජීවිතයේ මුල්ම වරට ලිංගික අත්දැකීමක් මෙබඳු අරුමාකාර හැසිරීම් සමග ලබා ගන්නා ගැටවරයකු ඉන්පසුව සිතන්නේද සැබෑ
 
 ලිංගික චර්යාව ‘මේ ආකාරයමය’ යනුවෙනි.
 
 එහෙත් ආදරය, ස්නේහය සහ විශ්වාසය මුසුවූ ලිංගික හැසිරීම්වල සුන්දරත්වය ඔවුන් නොදකිති. කෙදිනක හෝ ඔවුන් තමන්ගේ සැබෑ පෙම්වතිය සමගින් විවාහ වූ පසුවද ඇගෙන්ද බලාපොරොත්තු වන්නේ තමන්ගේ මුල්ම අත්දැකීම ලබාගත් තැනැත්තියගේ හැසිරීම් රටාවමය. එහෙත් ඒ ආකාර වූ
 
 ලිංගික හැසිරීම් ගැන ඉතාම අඩුවෙන් දන්නා අහිංසක තරුණ බිරිඳට ටික කලක් ඉක්ම යන්නට පෙරාතුව රාගයෙන් උමතුවූ තරුණ විවාහක සැමියාව එපාවෙයි. එපමණක් නොව ඇයට තමන්ගේ විවාහ දිවියම ගැටලූවක් බවට පත්වෙයි. ‘බඳින්න කලින් එයා හරිම හොඳ කෙනෙක්. බැන්දට පස්සේ මේ ඉන්නේ එයාමද කියල මට හිතාගන්නටවත් බැරිව
 
 ගියා. එයාට මෙහෙම වුණේ ඇයිද කියලවත් අහන්න බයයි. මේ ගැටලූව අපේ අම්මටවත් ගෙදර කාටවත් මං කියන්නේ කොහොමද ඇත්තටම මම ගොඩාක් අසරණ වුණා. මට ඕන මේ ජීවිතෙන් අයින් වෙන්න’ යැයි මෙබඳු පීඩාකාරී දිවියකට ගාල්වුණු තැනැත්තියක් අපේ හිතවත් මනෝ උපදේශිකාවකට පවසා තිබුණි.
 
 මෙහි තවත් පාර්ශ්වයක්ද තිබේ. ඇතැම් විට වියපත් පිරිමි ලාබාල වයසේ පසුවන තැනැත්තියක් සමගින් ලිංගික හැසිරීමකට පි‍්‍රය කරති. මැදපෙරදිග බොහෝ රටවල වෙසෙන වියපත් පිරිමින් බොහෝ විටෙක ළාබාල තැනැත්තියන් සමගින් ලිංගික හැසිරීම්වලට යොමුවන්නේ ඔවුන් විවාහකර ගෙනය. එම රටවල මිථ්‍යාමතවාදයක්ව ඇත්තේ ළාබාල තැනැත්තියන් සමගින් ලිංගිකව හැසිරීම පිරිමියාව තිරිහන් කරන බවය. මෙබඳු මතවාදයන්ද අබිසරුලියන් ඇසුරට ‘වියපත්’ තැනැත්තන් යොමු වීමටද හේතුකාරකයක්ව තිබේ. අනෙක් අතට ඇතැම් පිරිමින් එක් එක් ජනවර්ගවල ළඳුන් ඇසුරටද එක් එක් ශරීර හැඩතලවල අංගනාවන් සමගින් එක්වීමටද පි‍්‍රයකරති. මේ අවස්ථාවන් ඔවුන්ට උරුම කරන්නේ අබිසරුලියන්ය. තවද විශේෂිත
 
 ගැටලූකාරි ලිංගික ආශාවන් සහිත තැනැත්තන්ද අප අතර එමට සිටිති. ග‍්‍රැන්ටෝපිලියා :ඨර්බඑදචයසකස්* එබන්දකි. මෙයින් කියැවෙන්නේ වියපත් තැනැත්තියන් සමගින් පමණක්
 
 ලිංගික ඇසුරකට යොමු වීමට දරන අසීමිත ආශාවය.
 
 කොළඹ කොටුවේ මධ්‍යම බස් නැවතුම තුළ පැය කිහිපයක් හොඳින් නිරීක්‍ෂණය කරන්නට ඔබට හැකිනම් රාග සිත් තෙමන්නට ‘ආච්චිලාගේ’ සෙනෙහස සොයා යන ඇත්තන් පහසුවෙන්ම සොයා ගැනීමට හැකිවනු ඇත.
 
 නිවසක් තුළ අඹු සැමියන් ලෙස කල්ගත කිරීම පහසු කාර්යයක් නොවේ. බුදුන්වහන්සේ පෙන්වා දී ඇත්තේ අඹු සැමියන් දෙදෙනාට සමතාවන් (ශීල, සමාධි, ප‍්‍රඥා* වන්ගෙන් සුසැදි විය යුතු බවයි. එහෙත් ගිහිගෙය ආර්ථික ප‍්‍රශ්න, දුක්කරදර, ජීවිත වෙහෙස සහ මානසික පීඩන නිසා ගිනි ගෙයක් බවට ඉබේම පත්වෙයි. දරුවන් සමග උදේ පාන්දර සිට පොර අල්ලන ස්වාමි දියණියට සැමියාගේත් දරුවන්ගේත් කුසගිනි පිරවීම බරපතළම අභියෝගය සේ පෙනේ. බොහෝ සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ බොහෝ පේ‍්‍රමවන්තියන්ගේ ආදරය විවාහයත් සමග නිමාවට පත්වන බවය. එහෙත් රාගාශාවන් එලෙස නිමාවට පත් කළ නොහැකිය. සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් අපේ යටි සිතේ සැඟව ඇති රාගාශාවන් තිරස්චීන සහජාශයන් ලෙසට පෙන්වන්නේද එබැවිනි. මේ කාරණයන්ද අබිසරුලියක් වෙතට විවාහක දරු මල්ලන් සිටින තැනැත්තෙකු තල්ලූ වීමට තරම් හේතු සපයයි.
 
 අබිසරුලියක් සමගින් යහන් ගත වීමට පිරිමින් යොමුවන තවත් කාරණාවක්ද සමාජ විද්‍යාඥයෝ ඉස්මතු කරති. සාමාන්‍ය සමාජයේදී තරුණියක සමගින් ලිංගික හැසිරීමකට යොමු වූවාට පසුව එම තැනැත්තියව ගැබ් ගතහොත් තරුණයා ලොකු ගැටලූවකට මුහුණ දෙයි. ඔහුට ස්තී‍්‍ර ¥ෂණ චෝදනාව එල්ල වන අතර ඇතැම් විට ඔහුට දඟගෙයි විසීමටද සිදුවෙයි. අනෙක් අතට ඔහුට එල්ලවන සමාජ අවමානයද තරුණියට එල්ලවන සමාජ හංවඩුවද ඉතා සාහසිකය. මේ ආකාරකයේ බරපතළ
 
 ගැටලූවලට ලක්වන දේ වලින් අත්මිදී වගකීම් විරහිතව තමන්ගේ ලිංගික ආශාවන් සමනය කරගත හැකි ක‍්‍රමයක් ලෙසට බොහෝ විවාහකයෝ අබිසරුලියන්ගේ ඇසුර තෝරා ගනිති.
 
 අනෙක් අතට අබිසරුලියක් වෙතට යන්නට ඇතැම් පිරිමින් උත්සාහ කරන්නේ තමන්ට කවරෙකුට හෝ කියා ගන්නට නොහැකි ගැටලූකාරි වන ශාරීරික අඩුපාඩු හෝ දුබලතාවන් හේතුකොට ගෙනය. මෙම අඩුපාඩු දරාගෙන ලිංගික හැසිරීමකට පොදු සමාජයේදී පෙම්වතියක සමගින් උත්සාහ ගැනීම ඔවුන් සිතන ආකාරයට ඔවුන්ට මානසික වදයක් වෙයි. එමනිසා මුදලට සීමිත වේලාවකට අබිසරුලියක් සමගින් කල්ගත කිරීමට ඔවුහු කල්පනා කරති.
 
 ඉහත කාරණාවන් අනුව පෙනී යන්නේ
 
 ගණිකාවක් වෙතට පුද්ගලයෙකු යොමුවීම ආශි‍්‍රතව පෙනෙන තත්ත්වයන්ට වඩා බොහෝ කාරණාවන් අන්තර්ගතව පවත්නා වගය. තවද සමලිංගික හැසිරීම්වලටම වෙන්වූ පිරිමි
 
 ගණිකාවන් දැකගත හැකිය. මේල් හෝමෝසෙක්ෂුවල් ප්‍රොස්ටිටියුට්ස් :ඵ්කැ ්‍යදපදිැංම්ක ඡුරදිඑසඑමඑැි* ලෙසට බටහිර සමාජයේ මොවුන් හඳුන්වති. ලංකාවේ සතිපතා පළවන ඉංගී‍්‍රසි පුවත්පත්වල මෙබන්දන් පළකරන ලූහුඬු දැන්වීම්වලට ප‍්‍රතිචාර දක්වන ඇතැමුන් මෙබන්දන් සමගින් ලිංගික හැසිරීම්වලට යොමුවෙති. (ඉදිරියේදී මෙම චර්යාවන් ගැන සවිස්තරව සාකච්ඡුා කිරීමට අපේක්‍ෂිතය.*
 
 ඒ හැරෙන්නට කුඩා දරුවන් සමගින්
 
 ලිංගිකව හැසිරීමටද ඇතැම් තැනැත්තන් පි‍්‍රය කරයි. මේ ආකාරයට ළමා ගණිකාවන් ලෙසට කටයුතු කරන්නන් චයිල්ඞ් ප්‍රොස්ටිටියුෂන් :ක්‍යසකා ඡුරදිඑසඑමඑසදබ* ද වෙති. භාරතයේ, පිලිපීනයේ හා කාම්බෝජයේ මේ ගැටලූව සාහසික සමාජ ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ.
 
 ගණිකා වෘත්තිය තුළ පවත්නා ස්ථිර රටාව තුළ පහළම ශ්‍රේණිය නියෝජනය කරන්නේ මාවත්වාසී ගණිකාවන්ය. ඔවුන්ගේ
 
 ගනුදෙනුකරුවන්ද බොහෝවිට ‘අඩු ආදායම් ලබන තැනැත්තන් ලෙසටද සඳහන් වේ. ඉහළම පන්තිය නියෝජනය කරන අබිසරුලියන් නම් කෙරෙනුයේ දුරකථන ඇමතුම් මගින් ලබාගත හැකි නැතහොත් කෝල්ගර්ල්ස් :ක්‍්කක ඨසරකි* ලෙසින් හඳුන්වනු ලබන තැනැත්තියන්ය. තමන්ගේ නිවෙස්වල හෝ සුපිරි හෝටලවල සිට දුරකථන ඇමතුම්වලට පමණක් මොවුන් අවශ්‍ය ග‍්‍රාහකයාට ලබාගත හැකිය.
 
 ඉහත කාරණා සියල්ලෙන්ම පෙනී යන ප‍්‍රකට කාරණයක් වන්නේ පිරිමින්ට අබිසරුලියක් වෙතට ප‍්‍රවේශවන්නට හේතු පාදක වන කාරණාවන් බොහෝ වන බවය. කෙසේ වෙතත් අප‍්‍රමාණ ලිංගික හැසිරීම් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකළ තැනැත්තෙකු ලෙසට ප‍්‍රකට ජේම්ස් සී. කෝල්මන් :න්‍්පැිග ක්‍ග ක්‍දකැප්බ* නම් මනෝවිද්‍යාඥයා ගණිකාවන් වෙතට යොමුවන බහුතරය විවාහයට පෙරාතුව මෙම අත්දැකීම් සොයා යන බවත් විවාහකයන් අතරින් තම පවුල් ජීවිතයේ ගැටලූකාරි තත්ත්වයන් මානසික පීඩාකාරී තත්ත්වයන් මත ගත කරන්නවුන් මෙබඳු අනියම් ලිංගික සබඳතාවයකට යොමුවන බවත් හෙළිදරව් කරයි. විශේෂයෙන්ම විවාහ ජීවිත දෙදරා
 
 ගිය තම බිරිඳගෙන් වෙන්ව ජීවත් වන්නවුන්ද, දික්කසාදයට යොමු වූවන්ද, මේ අතර බහුතරයක් වෙසෙති. තවත් විශේෂිත කාරණයක්ද ඔහු පෙන්වා දෙයි. තම බිරිඳගෙන් තමන් සිතන ආකාරයේ ලිංගික ආකර්ෂණයක් නොලැබෙන විටද පිරිමින්
 
 ලිංගික ආකර්ෂණයන් සහිත අබිසරුලියන් වෙතට යොමුවීම ඒ විශේෂිත කාරණාවය.
 
 ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
 සමාජ විiාව පිළිබඳ හිටපු කථිකාචාර්ය
 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලය


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles