Divaina - තිස් අවුරුදු යුද්ධයට රුපියල් බිලියන 30000ක් වැයවුණා - කොටි 27693 ක් හමුදා නිලධාරීන් 23790 ක් මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

- හිටපු විදේශ ලේකම් ශිව ශංකර් මෙනන් හෙළිකරයි
 
n3 3 ශ‍්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්ධයට රුපියල් බිලියන 30000 ක් වැයවී ඇත.
 
 මේ බව හෙළිකළේ ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන්ය.
 
 1983 වසරේ සිට 2009 දක්වා කාලය තුළ 80000 ක් 100000 ත් අතර සංඛ්‍යාවක් මියගොස් ඇතැයි ඔහු තවදුරටත් හෙළිකර තිබේ.
 
 මෙම යුද්ධ
යේදී කොටි 27693 ක් හමුදා නිලධාරීන් 23790 ක් ඉන්දීය සාම සාධක භටයන් 1155 ක් ජීවිතක්‍ෂයට පත්වී ඇත.
 
 එසේම උතුරු නැගෙනහිර වළ දමා තිබූ බිම් බෝම්බ සංඛ්‍යාව ලක්‍ෂ 16 ක් වේ.
 
 මේ හැර රාජපක්‍ෂ පාලනය යුද්ධයට ජාත්‍යන්තර මැදිහත්වීමක් හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත සටන් විරාමයක් ගැන තැකීමක් කර නැති බවත් කොටි නායකත්වය විනාශ කළ යුතු බව ඔවුන්ගේ මතය වී තිබූ බවද හිටපු ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටී.
 
 1980 සහ 2009 සමය තුළ ශ‍්‍රී ලංකාව මෙම යුද්ධයට වැයකළ වියදම ඩොලර් බිලියන 200 ක් වේ.
 
 වන්නි මෙහෙයුමේ අවසාන සමයේ තමිල්නාඩුවේ බලපෑම නිසා ඉන්දීය රජය එම මෙහෙයුම ගැන ශ‍්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඇත.
 
 2009 වසරේ මුල් මාස පහ තුළ මෙනන් ශ‍්‍රී ලංකාවට පැමිණ යුද්ධය ගැන සාකච්ඡුා කර තිබේ.
 
n3 4 එසේම 1970 සිට ඉන්දීය රෝ බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත්වී ඇත.
 
  රෝ සංවිධානය විසින් ප්ලොට් - ඊරොස් - ටෙලෝ ඊ.පී.ආර්. එල්. එෆ්. සහ ටෙලෝ යන සංවිධාන පුහුණුකර ඇතැයි මෙනන් තවදුරටත් හෙළිකර ඇත.
 
 ඉන්දීය හිටපු විදේශ ලේකම්වරයා තවදුරටත් හෙළිකරන්නේ 2000 සහ 2003 මාර්තු අතර පැවැති සාම සාකච්ඡුා සමයේ ෆෙඩරල් ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟ වූ බවයි.
 
 ඔහු වැඩිදුරටත් දක්වන්නේ ත‍්‍රස්තවාදය හමුදා කි‍්‍රයාමාර්ග වලින් පරාජය කිරීමට හැකිවූ රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකි බවයි.
 
 මෙම වන්නි මෙහෙයුම කි‍්‍රයාත්මක වන සමයේ පුද්ගලයන් 300000 කට අධික පිරිසක් අවතැන් වී ඇත.
 
 හිටපු ඉන්දීය විදේශ ලේකම්වරයා තවදුරටත් පවසන්නේ 2009 වසරේදී කොටි නායකයාට උදව් කිරීමට කිසිවකු නොසිටි අතර අවසාන යුද්ධ සමයේ සත්‍ය තත්ත්වය ඔහුට පැවසීමට කිසිවෙක් නොසිටි බවයි.
 
 ෂිවශංකර් මෙනන් විසින් රචිත ඉන්සයිඞ් ද මේකින් ඔෆ් ෆොරින් පොලිසි නමැති ග‍්‍රන්ථයේ තවදුරටත් මෙලෙස දක්වා ඇත.
 
 ‘‘කොටි සංවිධානය යුද කණ්ඩායමක් බවට පත්වූ බව ශ‍්‍රී ලංකා නායකත්වය දැන සිටියා. මේ නිසා ජයග‍්‍රහණය තමන්ට හිමිවන බව සනාථ වුණා. එසේම සිවිල් ප‍්‍රදේශවල කොටි සිටින නිසා ශ‍්‍රී ලංකා ප‍්‍රහාරක යානා භාවිත නොකරන ලෙස ඉන්දියාව ශ‍්‍රී ලංකා රජයට කියා සිටියා. සිවිල් වැසියන් මැද කොටි කි‍්‍රයාකාරීන් කොටුවී සිටියදී බර අවි භාවිත නොකිරීමටද ශ‍්‍රී ලංකා රජය එකඟ වුණා.
 
 මේ හැර කොටි සංවිධානය මරාගෙන මැරෙන ප‍්‍රහාර 378 ක් සිදුකළා. ඊට හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයත් ඇතුළත් බව කිව යුතුයි.
 
 ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්වරයාගේ මෙම හෙළිදරව්වෙන් ශ‍්‍රී ලංකාවේ රජය ශ‍්‍රී ලංකාව තුළ චීන හමුදා ස්ථාපිත නොකරන බවටත් හමුදා පුහුණුවීම් සහ බුද්ධි සේවා තොරතුරු ලබාගැනීමට ඉන්දියාවේ සහාය ලබාගන්නා බවටත් ප‍්‍රතිඥා දුන් බව අනාවරණය වී ඇත.
 
 එසේම වන්නි මෙහෙයුම සමයේ නෝර්වේ සහ ඇමරිකාව සටන් විරාමයක් ඇතිකර ප‍්‍රභාකරන්ට පිටව යෑම සඳහා ඉඩ ලබාදීමට උත්සාහ කළේ පසු කලෙක කොටි සංවිධානය යාවත් කිරීම සඳහා බවද හෙළිවිය.
 
 මෙයට අමතරව නෝර්වේ රාජ්‍යය තෙවරක්ම ශ‍්‍රී ලංකාවේ අර්බුදයට මැදිහත්වුවත් එම උත්සාහය අසාර්ථක වී ඇත.
 
 2009 පෙබරවාරි 3 දා අවසාන මුහුදු කොටි කඳවුර වූ චලෙයි කඳවුර ඇදවැටීම නිසා වසර 3 ක් තිස්සේ යාපනය අර්ධද්වීපයේ වර්ග කිලෝ මීටර 15000 ක ප‍්‍රදේශයක් පාලනය කළ කොටි සංවිධානය වර්ග කිලෝමීටර සුළු ප‍්‍රමාණයකට සීමාවූ බවද ශිවශංකර් මෙනන් හෙළිකර ඇත.
 
 කීර්ති වර්ණකුලසූරිය


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles