Divaina - මහනුවර රෝහලට අක්කරයක ඉඩමක් පරිත්‍යාග කර සංහිදියාවේ පාඩමක් කියාදී මෙලොව හැරගිය රාෆික්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n2 1‘මිනිසකු’ වන්නට වෙර දරන මිනිස්සු අපමණය. අප විශ්වාස කරන්නේ එය අසීරු කාරණයක් බවය. ‘මිනිසකු’ වන්නට, නොඑසේ නම් මිනිසත්කම කවරාකාර දැයි ලෝකයාට කියන්නට, පෙන්වා දෙන්නට හැකි මිනිසුන් දුලබය. ‘මොහොමඞ් රාෆීක්’ යනු ඒ වග ප‍්‍රායෝගිකවම පෙන්වා දුන් ‘යුගයේ මිනිසකු’ බව අපි විශ්වාස කරමු.

 
 ‘සංහිඳියාව’ නමට පමණක් සීමා වූ සමයක විශේෂයෙන්, ජනාධිපතිවරණයක් අභිමුව එය ‘විහිළුවක්’ වන කාලයක සංහිඳියාව යනු ඊට වඩා වටිනා එකක් බව රටට ලෝකයට පෙන්වූයේ රාෆීක්ය. බුදුරදුන් ”වෛරයෙන් වෛරය නොසන්සිඳේ” යනුවෙන් වදාරණ විට, ජේසුස් වහන්සේ අසල්වැසියාට පේ‍්‍රම කරන්නට යැයි දේශනා කරන විට, කුරාණය සැමට පේ‍්‍රම කරන්න යැයි කියන විට, එය සැබෑවක් බවට ඔප්පුකර පෙන්වූ මිනිසා රාෆීක්ය.
 
 මොහොමඞ් රාෆීක් තමන් සතු සියල්ල දනට පිනට දුන්නේය. සියල්ලන්ටම ආදරය කළේය. බුදුරදුන් දෙසූ ‘අත්හැරීම’ රාෆීක් ප‍්‍රායෝගිකවම පසක් කොට පෙන්වා දුන්නේය. එසේ වූ රාසීක් පසුගිය නොවැම්බර් පළමුවැනිදා තමන් විශ්වාස කරන ස්වර්ග රාජ්‍යයට පියමං කළේය. මොහොමඞ් රාෆීක් තමන්ගේ ජීවිතය අත්හරින විට රටත් - ලෝකයත් දන්නා ‘මිනිසකු’ බවට පත්ව සිටියේ. තමාගේ
 

 ගුණාංගයන් පූර්වාදර්ශයෙන් පෙන්වා දෙමිනි. ඒ මහනුවර රෝහල් භූමි පරිශ‍්‍රයේ අක්කරයකුත් පර්චස් හතළිස්තුනක් වන තමාගේ ඉඩම මහනුවර රෝහලට පරිත්‍යාග කිරීමේ මහඟු පුණ්‍යකර්මය යි. අක්කර සිය ගණනකට නොව අඩියක වැට මායිමටත් ලෝබ බඳින, ගහමරාගන්නා කාලයක මහනුවර නගර මධ්‍යයේ කෝටි ගණනක් වටිනා ඉඩමක් පරිත්‍යාග කළ හැක්කේ මිනිසත්කම ප‍්‍රගුණ කළ එහෙව් ‘මනුස්සයෙකුට’ පමණි. ඒ නිසාම මොහොමඞ් රාෆීක්ට කට පුරා,  ‘යුගයේ මිනිසා’ යැයි කීමේ වරදක් නැත.
 
 රුපියල් කෝටි ගණනක් වටිනා මෙම භුමිය ඔහු පරිත්‍යාග කළේ , ජාති, ආගම්, කුල භේදයකින් තොරව, අන්ත අසරණව රෝගීව මහනුවර රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගන්නට පැමිණෙන මිනිසුන් උදෙසාය. ඔහුට එය කළ හැකි වූයේ ඵෙතිහාසික දිනයකදීය. ඒ මහනුවර රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීමේ නිල අභිසෙස් උත්සවය පැවැති ඔක්තෝබර් තිස්වැනි දිනය.
 
 වසර එක්දහස් නවසිය හැටඑකේදී කොලරා රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කළ මහනුවර රෝහල සතුව එවකට ඉඩම් අක්කර පනස් අටකුත් පර්චස් හතරක් තිබිණි. නමුත්, විවිධ කාලවකවානුවලදී අනවසර ඉදිකිරීම් සහ අනවසර පදිංචි කරුවන් හේතුවෙන් n2 2රෝහල් භූමිය අන්‍යන්ගේ අත්පත්කර ගැනීම්වලට නතුව තිබිණි. මහනුවර රෝහල ජාතික රෝහලක් ලෙස පරිවර්තනය කරමින් පළාත් නවයක ජනතාවට සේවය පහසුවෙන් සැලසීම පිණිස, සංවර්ධනය කරා ගෙන යෑමට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප‍්‍රසිද්ධියේ අනවසර පදිංචිකරුවන්ට දැනුම් දී තිබුණේ, ඉන් ඉවත්ව ඉඩකඩ සියල්ල රෝහල වෙත ලබා දෙන ලෙසය.
 
 මහනුවර මහ රෝහල සතුව දැනට ඇති අක්කර විසිපහක භූමි භාගයක පමණක් රෝහල් ගොඩනැඟිලි ඉදිකොට ඇත. ඉන් පීඩා විදින රෝගින් සම්බන්ධයෙන් රාෆීක් ට මහත් කම්පනයක්ද ඇතිව තිබිණි. ඔහු වරින්වර රෝහල් අධ්‍යක්ෂකවරයා මුණගැසී තමන්ගේ පරපුර සතුව ඇති රෝහල අවට ඉඩම හි අයිතිය රෝහල වෙත පැවරීමට කටයුතු කරන බව කියා සිටියේය. ඔහු නිතර ගොස් රෝහලේ අඩුපාඩු සොයා බැලූවේ කාර්යයමණ්ඩල සාමාජිකයකු පරිදිය.
 
 මොහොමඞ් රාෆික් උපන්දා සිට මහනුවර පදිංචි කරුවෙකි. ඔහුගේ පියා ෂේක් ඩාවුඞ්ය. මීරා සයිබු යනු ඔහුගේ පියාය. පෙරකී රෝහල් පරිශ‍්‍රයේ ඉඩමේ මුල් අයිතිකරු මීරා සයිබුය. ඉඩමට හිමි මුල් ඔප්පුව තිබුණේ, මොහොමඞ් රාෆික් සතුවය.
 
 හසන් ෆාතිමා සහ ෂේක් ඩාවුඞ් යුවළගේ පුත් වන මොහොමඞ් රාෆික්ට සහෝදර සහෝදරියන් හය දෙනකි. රාෆික් මහනුවර ත‍්‍රිත්ව විදුහලෙන් අධ්‍යාපනය ලබා පරම්පරා උරුමයෙන් ලද ව්‍යාපාරික කටයුතු සඳහා කැපවී සිටියේය. ඔහු ගේ බිරිඳ ෆසීනා ය. ඔවුනට හිමිව සිටි එකම පුත‍්‍රරත්නය වයස අවුරුදු විස්සක් වනවිට මෙලොව හැර ගියේ විවිධ රෝග තත්ත්වයන් නිසාය.
 
 රාෆික් වකුගඩු රෝගියකු බවට පත්ව ඇත්තේ දැනට වසර අටකට පෙරදාය. ඒ දෙදහස් දහය, එකොළහ කාලය වන විටය. එතැන් පටන් දිගින් දිගටම මහනුවර රෝහලේ වකුගඩු ප‍්‍රතිකාර ඒකකයෙන් ප‍්‍රතිකාර ලබා ගත් ඔහු, රුධිර කාන්දුකරණ ප‍්‍රතිකාර සඳහා යොමුව සිටියේය.
 
 රෝහලක් වෙත පැමිණෙන රෝගියකු තමන් කුමන ජනවර්ගයකට අයත්ද යන්න හෝ තමන් කුමන ආගමක් අදහන්නේද කියා හෝ හැඟීමක් ඇත්තේ නැත. මන්ද රෝහලක් වෙත පැමිණෙන රෝගියකු තමන්ගේ ජීවිතය රැුකගැනුම උදෙසා ප‍්‍රාර්ථනා කරනවා විනා ඉන් පරිබාහිර කිසිදු කල්පනාවක් සිතට නැෙඟන්නේ නැති නිසාය. මෙලොව ජීවත් වන සමස්ථ මිනිසුන් අවබෝධ කර ගතයුතු සත්‍යය එයය.
 
 රාෆික් මෙම සත්‍යය අවබෝධ කරගනිමින් එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවේ යොදවා අන්‍යන් වෙනුවෙන්, සිය පරම්පරා බූදලය දන් දුන්නේය. එහි පසුකාලීන සේවාව අතිමහත්ය. අනවසර ඉදිකිරිම් සහිත රෝහල් භූමියේ ඉදිරිපස මාර්ගයේ අක්කර තිස්තුනක කොටසින් පළමු කොටස (බ්ලොක් වන් * වන අක්කර එකකුත් පර්චස් හතළිස් තුනක කොටස රාෆික් මහජන සේවය පිණිස පිරිනමන්නේ, ඒ න්‍යාය මත සිටය.
 
 මේ මිනිස් ප‍්‍රජාව ගේ සිරුරේ දුවන්නේ ලේ වර්ග හතරක් පමණි. හදිසි ප‍්‍රතිකාර සඳහා රෝගියකු වෙත රුධිරය පරිත්‍යාග කරන්නැයි ආයාචනා කරද්දී ඔහුගේ ජාතිය ආගම හෝ n2 3කුලය පිළිබඳව කිසිදු වර්ග කරීමක් සිදු නොකරයි. වර්ගීකරණය වන්නේ ඒ. බී. ඒ බී හෝ ඕ යන කාණ්ඩ හතරින් කුමන කාණ්ඩයට අයත්ද යන වග පමණි. මෙලෝ ජීවත් වන ඕනෑම මිනිසකු තමන්ගේ හුස්ම පොද වාතලයට එක්වන්නට පෙර දරුණු ලෙස රෝගිවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. රෝගියකු ලෙස ලෙඩ ඇඳේ සිටින විට තමන්ට ජීවය ලබා දෙන ලේ බින්දුව ලැබුණේ කුමන ජාතියකින් දැයි ඔහුට හෝ ඇයට වැදගත් නොවන්නේ ජීවිතයේ වටිනාකම ඒසියල්ල අභිබවා ඉහළට එසවෙන නිසාය.
 
 රාෆික් මේ සියල්ල මෙපරිද්දෙන් අත් විඳ ඇත. රුධිර කාන්දුකරණ ඒකකයේ දීත් වකුගඩු ඒකකයේදීත් ඔහු ජාති ආගම් භේද නොතකා රෝගීන් ජීවිතය යදින අන්දම දැක ඇත. එහි දුක්ඛදායි සිදුවීම් ඇසින් දැක හදින් වේදනා විද ඇත. මේ මිනිස් ජීවිතය මිස ආගම් ජාති කුල භේද පදනම් විරහිත බවත් ඉන් සිදුවන යහපතක් නොමැති බවත් ඔහු වටහා ගෙන සිටින්නට ඇත. රාෆික් තමා සතු සියල්ල හැකි පමණින් අන්‍යන්ට පරිත්‍යාග කොට ඇත්තේය. මෑතදී ඉදිකරන ලද වකුගඩු රෝගින් සඳහා නවාතැන් පහසුකම් සපයන නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම තීන්ත ගා හුණුපිරියම් කොට සකස් කළේ ඔහුගේ වියදමිනි.
 
 රාෆික් සමග මහජන සේවාවේ නියැළුණු ප‍්‍රධාන අයෙකි මහනුවර වකුගඩු ඒකකයේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍ය අරුණ අබේසිංහ මහතා. ඔහු රාෆික් ගේ මරණය පිළිබඳව දැඩිව කනගාටු වූයේ , දැන් අපේ ඒකකයේ බර කරට අරන් කරන්න කෙනෙක් නැති
 
 ගාණයි කියමිනි.
 
 ” රාෆික් කියන්නේ අමුතුවෙන් උදව් ඉල්ලන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. කාගේ හරි අඩුපාඩුවක් නැතිබැරි කමක් දැක්ක ගමන් උදව් කරන පුද්ගලයෙක්. ඉස්පිරිතාලේ තියෙන හැම උත්සවයකටම එන, කෑම බීම ගෙනැත් දෙන අඩුපාඩු සොයා බලන කෙනෙක්. මොනයම් හෝ ඒකකයක් උපකරණයක් බෙහෙතක් අත්‍යවශ්‍ය මොනවා හෝ දෙයක් නැති වග දැන ගත්තොත් කොහොම හරි ඒ අඩුපාඩුව සපුරන්න කටයුතු කරන කෙනෙක්. අපේ වකුගඩු ඒකකයේ එක කොටසක ටයිල් අතුරන්න තීන්ත ගාන්න අපි කවුරුත් ඉල්ලීමක්වත් කළේ නැහැ. ඔහු ඇවිත් අඩුපාඩු බලලා ඉෂ්ට කරලා දෙනවා. ඔහු කරපු සේවය අතිමහත්....” වෛද්‍ය අරුණ මහතා කියා සිටියේය.
 
 මොහොමඞ් රාෆික් තමන් සතු දෑ කෙලෙස දන් දුන්නේ දැයි සිය සහෝදරයින් පවා දන්නේ නැත. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන හාෆීස් පැවසූයේ, තම බාල සහෝදරයා සිදුකළ බොහෝ සේවාවන් පවුලේ කිසිවකුත් නොදන්නා බවය.
 
 ” එයා මිනිසුන්ගේ වේදනාව ගැන උවමනාවට වඩා කල්පනා කරනවා. සමහර වෙලාවට තමන්ගේ අතේ තියෙන දේත් දී ලා ඇවිත් තිබෙනවා. වසර ගාණක් රෝහල එක්ක ළඟ ඇසුරක් තිබුණ නිසා එයා හිතන්න ඇති මිනිස්සුන්ගේ ජීවිත මොන තරම් අස්ථිරයි ද කියලා. සමහර තරුණ ළමයන්ගේ ජීවිත අවදානම් තත්ත්වයේ තියෙද්දී මට මතකයි එයා ගොඩක් දුක් වුණා. ඒ අයට මොනවිදිහට උදව් කළාද කියලා අපි දන්නේ නැහැ. නමුත් උදව් නොකර ඉන්නේ නැහැ කියලා විතරක් අපි දන්නවා. එයා දැන් හුගාක් කාලෙකට ඉස්සර නුවර ලේවැල්ල පාරේ ඉඩමක් අරගෙන ඒ පැත්තේ මිනිසුන්ට වතුර නැහැ කියලා ළිඳක් කපලා දුන්නා. අදටත් ඒ පැත්තේ මිනිස්සු ඒ ළිඳෙන් වතුර පාවිච්චි කරනවා. සමහරු පිං දෙනවා අපේ මල්ලිට.....” යැයි හාෆීස් කියා සිටියේය.
 
 ඒ රාෆික් යන තැනකට පිං රැුස්කරගත් අන්දමය. ඔහු මිය යන්නට පැය දෙකකට පෙර ද සිට ඇත්තේ මහනුවර රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා
 
 මුණගැසීමට ගොස්ය. ඒ රෝහලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් තමන් පරිත්‍යාග කළ ඉඩමේ ඔප්පු සඳහා වන නීතිමය පවරා දීමට අදාළ කටයුතු සිදු කිරීමටය. ඉන් පැය දෙකකට පමණ පසුව රාෆික් දැඩිලෙස
 
 රෝගීව රෝහල් ගත කෙරිණි. තවත් පැය දෙකකට පමණ පසුව , ඔහු සියල්ල අතහැර යන්නට ගියේය.
 
 ජීවිතය එබඳුය. අපට මේ සියල්ල හැරදා නොසිතූ මොහොතක යන්නට සිදුවන්නේ යැයි තබාගත යුතු බව රාෆීක් අපට පෙන්වා දී තිබේ. තමන්ට හිත සැහැල්ලූවෙන් ස්වර්ග රාජ්‍යය කරා යෑමට හැකි බව අවසන් මිනිත්තුවේදීත් මොහොමඞ් රාෆීක් කල්පනා කරන්නට ඇති බව නිසැකය.
 
 සමන්තී වීරසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles