Divaina - හොර බිලක්...! තානායම්පල්ලාගේ සටහන...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

taana333
මනාල යුවලකගේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් තානායමේ සියලූ අංශ සූදානම් වී තිබුණා. මා නැවත නැවතත් මුළුතැන් ගෙය ඇතුළු එකී අංශ වෙත ඇවිද යමින් සියල්ල සොයා බැලූවා.ඒ අතරේ විවාහ උත්සවයේ බුෆේ කෑම මේසය ආරම්භ වී තිබුණා. එහි යම් අඩුපාඩුවක් ඇත්දැයි නැවතත් සොයා බලා මම සම්භාෂණ ශාලාවෙන් ආලින්දය වෙත ඇවිද ආවා.ආලින්දයේ සිටි විවාහ උත්සවයට පැමිණි අමුත්තන් නොවන සිව් දෙනෙක් අපේ තානායම් වේටර් මහේෂ් එක්ක සංවාදයකට පැටලී සිටිනු පෙනුණා.
 
 ‘‘...ඒ කියන්නෙ වේටර් මල්ලි තානායමේ වෙඩින් එකක් තියෙන දවසට පිට අමුත්තන්ට සංග‍්‍රහ කරන්නෙ නැද්ද?.. කොටින්ම එහෙම දවස්වලට මේ අපි වගේ පොඩි අයට තානායමෙන් බත් වේලක් කන්න බැරිද?...’’
 
 මැදිවියේ අමුත්තන් සිව් දෙනා අතරේ සිටි ජ්‍යෙෂ්ඨතමයා අපේ වේටර් මහේෂ් ගෙන් පැහැදිලි විමසීමක් කරනු ඇසුණා.‘‘...මේ මහත්තුරුන්ට මොකක්ද අපෙන් වෙන්න ඕනෑ...’‘මම ගැටලූවට අවතීරණ වුණා.
 
 ‘‘...අපි බොස් දවල්ට කෑම ටිකක් ගන්නයි බැලූවෙ... නමුත් මේ වේටර් මල්ලි කියනවා අද මෙහේ වෙඩින් එකක්ය කියලා... ඉතින් මහත්මයා තානායම් කියන්නේ සුපිරි තරු හෝටල් වලට යන්න බැරි සාමාන්‍ය මිනිහට පය ගහන්න තියෙන තැන්...
 
 ඉතින් ඒවගේ පොදු ස්ථාන මේ වගේ ලොකු බිල් ගෙවන වැඩ වලට විතරක් කොටු කරගත්තාම, පොඩි බිල් ගෙවන මේ අපි වගේ හුදී ජනයට සේවයක් අරගන්න තැනක් නැතිව යනවා... අන්න ඒකයි බොස් අපි මේ බැලූවෙ...’’අමුත්තා ආවේගය ස`ගවා ගනිමින් කියා සිටියා.
 
 ‘‘....හරි ඉතින් මේ වේටර් කීවාද ඔබ තුමාලාට කෑම අරගන්න බෑ කියලා... එහෙම කීවෙ නෑ නේ... මෙතන තියෙන ගැටලූව මේකයි... තරු හෝටල් වගේ නෙමෙයි... තානායමක බොහෝ විට පැවැත්වෙන්නේ තියෙන එකම ප‍්‍රධාන ශාලාවෙ එක වෙඩින් එකයි... ඒ හේතුව නිසාම මුලූ තානායමම තමුන් ගෙ වැඬේට වෙන් වෙලාය කියලා වගේ හැ`ගීමක් තමයි වෙඩින් එක කරන අයට තියෙන්නේ... ඒ වගේ මානසිකත්වයක් ඇතුළෙ වෙඩින් එකේ අමුත්තො මැද්දෙ ආගන්තුක ඔබ තුමාලා මේසෙකට වෙලා කෑම කනකොට වෙඩින් එකේ සංවිධායකයට හිතෙන්නේ එයාලාට පිළියෙල කරපු කෑම පිටස්තර අයටත් විකුණලා අපි අයුතු ලාබයක් ගන්නවා වගේ හැ`ගීමක්...
 
 මම මේ කියන්නේ අතීතෙ අපි මුහුණ දීපු සජීවී අත්දැකීම් තුළින්... ඒ නිසා තමයි අපේ වේටර්ගෙන් හරි පිළිතුරක් එන්න නැත්තේ... ඒත් කමක් නෑ... අද අපි රයිස් ඇන්ඞ් කරි හැදුවෙ නැතත් මම වෙනම පිළියෙල කරලා හරි ඔබ තුමාලාගෙ ඉල්ලීම ඉටු කරන්නම්...
 
 නමුත් අර ලොකු බිල් පොඩි බිල් කතාව නම් මෙතනට අදාළම නෑ.. අද පොඩි බිලක් ගෙවන අමුත්තට හරියට සැලකුවොත් තමයි ඔහු හෙට අපිට ලොකු බිලක් ගෙවන අමුත්තෙක් බවට පත් වෙන්නෙ... අපේ දැක්ම ඒකයි...’’මමත් එක හුස්මට දීලා ඇද්දා.
 
 ‘‘... කනගාටුයි... අපි එච්චර හිතුවෙ නෑ බොස්... කමක්් නෑ... අපි තත්ත්වය තේරුම් ගන්න එපායැ... අපි වෙනින් දවසක එන්නම්...’’
 
 ‘‘...පිස්සුද...? එහෙම යන්න දෙන්න බෑ...’’
 
 මම අමුත්තාගේ අතින් ඇල්ලූවා. ඒ ස්පර්ශය ඔහුගේ හදවතේ සංවේදීම නිලයන් ආමන්ත‍්‍රණය කරන්නට ඇති.
 
 ‘‘...එළකිරි මැනේජර් මහත්තයා...’’එතැන් පටන් අපි යාලූවො බවට පත් වෙනවා.
 
 ‘‘...ඔබත් මාත් පිහිනන්නේ එකම මුහුදක... උපදින්නේ එකම වැල්ලක...’’
 
 මට පතීගෙ බඹරු ඇවිත් චිත‍්‍රපටයේ උද්ධෘත පාඨය සිහි වෙනවා.
 
 ‘‘...මැනේජර් මහත්තයා... අපි ළ`ග තියෙනවා පෙර භාවිත කරපු වයින් කොටයක්... කටට හලා ගත්තට කමක් නෑ නේද?...’‘
 
 අපි ඔවුන්ගේ කෑම ඇනවුම සකස් කරනා තුරු එතැන් පටන් අමුත්තන් පිරිස ඔවුන්ගේ රහමෙර කතිකාව ආරම්භ කරනවා.
 
 ‘‘...යන්න හිතෙන රටක්...’’ වගේ ස්ලෝගන් ගැලපෙන්නේ ඉතියෝපියාව වගේ කර්කෂ රටකට නේද?...’’
 
 ‘‘....චටාස්...’’
 
 ‘‘...ඌයි...’’
 
 පිරිස අතරේ සිටි වැඩිහිටියා ඔහු සමග සිටි තරුණ සගයාට හෙලූ කම්මුල් පහර ඇත්තටමද?
 
 ‘‘...මං උඹට තරයේ අවවාද කරලා තියෙනවා දිවා කාලයේ සිදුකරන මේ වගේ මත්පැන් කතිකාවලට දේශපාලනය ගේන්න එපා කියලා. අනික මේ වගේ ඕපන් තැන් වල...’’
 
 ‘‘...හරි හරි ඉතින්... මං හිතුවේ රට අවුලක් නෑ කියලා... ඒකයි...’’
 
 ‘‘...ෂටා..ප්... නවත්තපිය කීවම අහලා....’’
 
 මංගල උත්සවයක සුන්දරත්වය අතරේ එකම වහලක් යට සිදුවන මේ කතිකාවන් කෙතරම් පරස්පරද?
 
 ‘‘එස්කියුස් මී සර්... වෙඩින් එකේ මනමාල මහත්තයා සර්ට පොඞ්ඩක් කතා කරනවා...’’
 
 වේටර් මහේෂ් ගේ මුහුණ අ`දුරුයි. එකත් එකටම මේ ආගන්තුක අමුත්තන් සිව් දෙනාට සම්භාෂණ ශාලාවේ අමුත්තන් නොගැවසෙන කෙළවරක අසුන් පැනවීම සම්බන්ධයෙන් පවා මනාලයා එරෙහි වී ඇතුවා විය යුතුය.
 
 ‘‘...මේකයි බොස් වෙන්න ඕනෑ....’‘
 
 සුකුමාල සුරූපී මනාලිය එක් අත් බාහුවක එල්ලාගෙන කැමරා විදුලිසර අතරට මැදිව හුන් මනාලයා මා දැක දිව විත් කනට කො`දුරන්නට පටන් ගත්තා.
 
 ‘‘....මේකයි බොස් වෙන්න ඕනෑ.... අපි තානායමෙන් ඕඩර් කළේ කෑම ප්ලේට් එකසිය පනහයිි....’’
 
 ‘‘...ඔව්... කියන්න....’’
 
 යමෙකු හට ගොත ගැසී, උගුරු ඇටය වේගයෙන් උඩ පහත සෙලවී පිට පිට ඇසිපිය සෙලවෙන්නේ නම් ඒ හිතට විරුද්ධ යමක් ප‍්‍රකාශ කිරීමේදී බව මට එසැණ සිහිවුණා.
 
 ‘‘...අපි ඕඩර් කළ ඒ වෙඩින් ලන්ච් එක ප්ලේට් එකසිය පණහටම අපි ෆුල් පේමන්ට් එක කරලයි තියෙන්නේ...’’
 
 මනමාල මහතා කියාගෙන යනවා.
 
 මම හූමිටි තියන්නෙත් නැතිව ඔහුට සවන් දීගෙන හිටියා.
 
 ‘‘...දැන් මට ඔබතුමාගෙන් බෑ නොකියා පොඩි උදව්වක් ඕනෑ...’’
 
 මම ඒ කට හ`ඩ හො`දින් ශ‍්‍රවණය කෙරුවා.
 
 යමෙක් බෑ නොකියා කිසියම් ඉල්ලීමක් කරනවා නම් ඒක කුමන අතින් හෝ අවදානම් බව අමුතුවෙන් කිව යුතු නෑ.
 
 ‘‘...තරහ නැතුව මට තවත් එක්ස්ට‍්‍රා ලන්ච් ප්ලේට්ස් පනහකට බිල් කෑල්ලක් ඕන මැනේජර් මහත්තයා...’’
 එහෙම කියූ මනමාල මහතාගේ මුවින් දිගු සුසුමක් පිටවෙනවා.
 
 ඒ අනපේක්‍ෂිත ඉල්ලීමට පිළිතුර පටන් ගන්නේ කොතනින්ද කියලා හිතා ගන්න බැරිව මම පඹ ගාලක පැටලෙන අතරෙ මනමාල මහත්තයාම නැවත කථාව අරඹනවා.
 
 ‘‘... මේකයි මැනේජර් මහත්තයා... මගේ බ‍්‍රයිඞ් ගේ අම්මා ඉන්නේ සිංගප්පූරුවෙ... වැඩ කරන්නේ බි‍්‍රටිෂ් කම්පැණියකට... පට්ට බර... ඉතින් එයා තමයි එකම දුවගෙ වෙඩින් එකට එහේ ඉ`දන් ඔක්කොම වියදම් බලන්නේ...’’
 
 ඒ නිසා මට තව ලන්ච් ප්ලේට් පණහක නෙමෙයි සීයක බිලක් වුණත් නැන්දම්මාගෙන් අරගන්්න පුළුවන්...’‘
 
 මම මීක් සද්දයක් නෑ.
 
 ‘‘...නැත්නම් මැනේජර් මහත්තයා මෙහෙම කරන්න... ලන්ච් ප්ලේට් පණහක බිලක් දාලා විසි පහක සල්ලි ඔබ තුමා තියාගෙන මට බැලන්ස් එක දුන්නත් කමක් නෑ..’’
 
 මගේ මුවින් සුසුමක් පිටවෙනවා.
 
 ඒ අපේ කාලයේ සමහරක් මනමාල මහත්තුරුන්ගෙ හැටි.
 
 මම මගේ නිහ`ඩතාවය ඔහුට පිළිතුර විදියට හැෙ`ගන විදියට දත කට තද කරගෙන ඉන්නවා.
 
  රන්ජන් ගාමිණී ජයවර්ධන


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles