Divaina - අම්මාගේ ලෙඬේ නිසා දුවට යකා වැහිලා

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

leda499
 
 * හිත ලෙඩ කරන බොරු භූතයෝ -44
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ ව්‍යාධි ඒකකයේ විශේෂඥ වෛස රූමි රූබන්
MBBS, MD Psychiatry - Counsultant Psychiatristමහතා සමඟ කෙරෙන සාකච්ඡුා මාලාවක හතළිස් හතර වැන්නයි මේ.
 
අම්මාගේ වියෝව භාග්‍යාට දරාගන්න බැරි තරම්ග ඇයත් මවත් අතරෙ තිබුණෙ අසීමිත බැඳීමක්ග ඈ නිතර දෙවේලේ අම්මා ගැනමයි කල්පනා කරන්නෙග නින්දට ගියත්ල කෑමක් බීමක් කන්න බොන්න ගියත්ල ගෙදර දොර වෙන වැඩක් පළක් කරද්දිත්ල අම්මා මතකයට නැඟීමෙන් ඕ විඳින දුක කියා ගන්න බැරි තරංග අහල පහල වගේම ඔෆිස් එකේදිත් යාළු මිත‍්‍රයින්ටල නෑ හිතවතුන්ට අම්මා නැති පාඩුව ඈ කියන්නෙ කඳුළු පෙර පෙරා. යාළු මිත‍්‍රයින් දල නෑ හිතවතුන් ද හැකි හැම වෙලාවෙමල ඇගේ දුක තුනී කරන්න බෝ වෙර වීරිය ගන්නවාග ඒත් භාග්‍යාට නෙවෙයි අම්මා ගැනල මතකයට නැඟන සිතිවිලි පාලනය කර ගන්න හැකි වුණේ.
 
 භාග්‍යාගෙ අම්මා මියගියේ ගලනාලයෙ හටගත් පිළිකාවකින්ග එයින් අම්මා කොච්චර දුකක් වේදනාවක් වින්දද කියන එක ඈ හොඳහැටි දන්නවග ගෙදර ඇගේ තනිනොතනියට අන් කවුරුන් හිටියත් ඈට බැහැ අම්මා නැති පාඩුවෙ වේදනාව තුනී කරගන්න.
 
 රෝගී වූ අම්මා කෑම බීම ගන්න අන්දම හරිම වේදනාකාරී වුණාග ඒ දිහා භාග්‍යා බලා හිටියෙ දරාගත නොහැකි තරමේ වේදනාවකින්ග අවසන් කාලය වෙන විට මවගේ පණ කෙන්ද රැක ගන්න දියර වර්ග විතරක් බැරි අමාරුවෙන් පොවන්නල සැමියටත්ල සොයුරුල සොයුරියන්ටත් සෑහෙන්න වෙහෙස මාන්සියක් දරන්න සිද්ධ වුණා. කාලය ගෙවී ගියේ වේගයෙන්. ඒත් ඈට මව තමන් අසල නිතරම පාහේ රැඳී ඉන්නවා වගෙයි දැනෙන්නෙග ඕන්න ඔය අතරෙ දවසක් දහවල් බත් කද්දි භාග්‍යාගේ උගුරෙ මාළු කටුවක් හිරවුණාග ළඟ ඉඳපු සැමියා ටක් ගාලා කුස්සියට දුවල ගිහින් වතුර ජෝගුවක් ගෙනැවිත් ඈට දීලා කීවෙ මාළු කටුව උගුරෙන් ගැලවෙන්න බත් ගුලියක් ගහලල නොවිකා කන්න කියලයිග ඈ බත්ගුලි දෙක තුනක්ම ගිලල දැම්මාග බත් ගුලියත් මාළු කටුව උගුරෙන් පහළ එක්ක යන්න ඇතිග හැබැයි ඒ කටුව ඇනිච්ච වේදනාව නං තාමත් ඒ වගේම කියලයි භාග්‍යාට දැනෙන්නෙ.
 
 ටික දවසක් ඒ කටුව ඇනිච්ච වේදනාව පැවතුණාග හැබැයි පහුවෙන කොට හරිගියා වගේ කියල ඈට දැනුණෙග ඒත් හිටිවනම උගුරෙ වේදනාව වරින් වර මතුවෙලා ඈට එක දිගට වේදනාවක් දැනෙන්න පටන් ගත්තෙන් භාග්‍යාට තරමක බයක් ඇල්ලූවාග ඈ හිතන්නෙ මාළු කටුව තවමත් උගුරෙ රැඳවෙලා තියෙනව කියලයි ඈ නිතරම පාහෙ හිතන්නෙග වරින් වර වරින් වර මාළු කටුව උගුරෙ ඇණෙනවා වගෙත් දැනෙන හින්දග තවත් දවස් කීපෙකට පස්සෙ භාග්‍යා පොඩි දරුවකු වගේ අඬන්න පටන් ගත්තාග උගුරෙ වේදනාව එන්න එන්නම වැඩියි කියමින් වේදනාවෙන් පිරුණු වතක් එල්ලන් ඉන්න කොට ඇගේ සැමියා හුඟක්ම බයවුණේ ඇගේ වෙනදා දකින්නට තිබුණු කඩිසරකම පහවෙලා දුකෙන් කනගාටුවෙන් කෑ මොර දෙන්න පටන් අරන් ඉන්න කොටග භාග්‍යා හැම වෙලාවෙම කෙඳිරිලි නඟමින් උගුර කකියනවා ය කියන කතන්තරේ අහන් ඉන්න බැරිම තැන මහත්තයා සමුපකාර ඉස්පිරිතාලෙට ඈත් එක්ක ගිහින් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛසවරයකු වෙත පෙන්නුවාග දොස්තරවරයා භාග්‍යා පරීක්ෂා කළාග ඇගේ උගුර හොඳහැටි පරීක්ෂා කළාග ඒත් කියන්නට තරම් විශේෂයක් ඔහුට පෙනුණෙ නෑග අවසානයේ ඇගේ උගුරෙ කිසිම ආබාධයක් නැති බවයි වෛසවරයාගේ නිගමනය වුණ.
 
 තවත් සතියකින් විතර ආපහු භාග්‍යා උගුර වේදනාවයි කිය කියා හඬන්න පටන් ගත්තාග ගෙවල් කිට්ටුව කෙනෙක් කීවහම ලූණුවතුරෙන් උගුර හොඳට හේදුව. එයින් පොඩි සහනයක් ඈට දැනුණත් ඇගේ හිත කියන්නෙම මාළු කටුව තාමත් උගුරෙ තියෙනව කියල ඈට දැනෙන වගග ආපහු සැරයක් දොස්තර මහත්තයෙක් කරා සැමියා ඈ කැටිව ගියේ ඈ දුකෙන් වේදනාවෙන් පෙළෙන හැටි බලා ඉන්න බැරිවග ඒ උගුර කන නාසය පිළිබඳ වඩාත් විශේෂඥ දොස්තරවරයෙක්ග ඔහු භාග්‍යාගේ උගුරට සියුම් උපකරණයක් රිංගවා පිරික්සුවාග ඒත් ඒ සියුම් උපකරණය යොදා කළ පරීක්ෂණයෙනුත් ඒ විශේෂඥ වෛසවරයාටත් කිසිදු අමුත්තක් ඇගේ උගුරෙ ඇතැයි අනාවරණය කරගන්න බැරිවුණා.
 
 දැන් දැන් භාග්‍යා උගුරෙ වේදනාවෙන් විතරක් නෙවෙයි තව තව ලෙඩ රෝග ගණනාවකින් පෙළෙන්නට පටන් අරන්ග ඉවසන්න බැරි කැක්කුමක් ඇඟපත පුරාම තියෙනව කියල දැන් දැන් ඈ කියෝනවග ඇගේ මහත්තයටත් භාග්‍යගෙ තියෙන මේ රෝගාබාධා නිසා එක එක සැක සංකා මතුවෙන්න පටන් ගත්තාග මහත්තයා භාග්‍යාට බෝම ආදරබර සැමියෙක්ග ඉතින් ඇඟපතේ ඇති වේදනා හින්දා බිරිය ඇඳටවෙලා කෙඳිරිගගා ඉන්න කොට ඇගෙන් කෙරෙන ඔක්කොම වැඩපළ කරන්න මහත්තයා පැකිළුණේ නෑ.
 
ledad ledadඔය අස්සෙ වරින් වර ඈ අර උගුරෙ වේදනාවෙනුත් පීඩා විඳින්නෙ සිතේ දවට ගත්තු සැකේකිනුත් එක්කයිග ඈට වරින් වර අම්මා වේදනාවෙන් සුසුම්ලෑ හැටි මතකයට නැඟන්න වෙත්ම කොහේදෝ හිට හිතට කඩා පාත්වුණේ බරපතළ සැකයක්. අම්මත් උගුරෙ අමාරුවෙන් මේ වගේම වේදනාවෙන් ඇඹරුණු හැටි ඈට මැවි මැවී පේන්න පටන් ගත්තාග ඒත් එක්කම හිත ඇතුළෙන් කියන්න වුණේ අම්මට වගේම භාග්‍යටත් උගුරෙ පිළිකාවක් හටගෙනය යන අනිසි බියක්ග ඒ බිය වඩ වඩාත් තීව‍්‍ර වෙන්නෙ උගුර ඇතුළෙන් ලොකු දැවිල්ලකුත් ඇති කරන්ග උගුරෙ දැවිල්ල හරියට ගින්දරකට අහුවෙලා පිච්චෙන කොට වගේ වේදනාවක් භාග්‍යාට හටගත්තාග ඒක එක පාරක් දෙපාරක් නෙවෙයිග එක දවසක් දෙකක් නෙවෙයිග හැමදාම හැම මොහොතකම වගේ උගුරෙ රැඳිල තියෙනවග ඈ මහත්තයට ඒ ගැන කීවේ ධීධීඅනේ ඒයි මටත් අම්මට වගේ... සැමියාට කියන්න ආ වචන ඔක්කොම පිටකළේ නෑග ඉතිරි වචන පිටකරන්න ඈ බයවුණා.
 
 යළිත් වතාවක් විශේෂඥ වෛසවරයකු හමුවට යන්න ඈ මහත්තයට පෙරැුත්ත කළේ ඒ සැකය ඇගේ හිත මුළුමණින්ම පාහෙ වහගත්ත නිසාග තුන් වැනි වරටත් වෙනත් වෛසවරයකු සොයා කොළඹ ගියේ කලින් ඈ පිරික්සූ විශේෂඥ වෛසවරුන් නිසි විදිහට ඈ පරීක්ෂා නොකළ බවට ඇගේ හිත කියන්න පටන් ගත්ත හින්ද.
 
 කොළඹ පෞද්ගලික රෝහලකදී ඈ පරීක්ෂාවට ලක් කළ වෛසවරයාද පැය භාගෙකට කිට්ටු කාලයක් භාග්‍යා වෙනුවෙන් මිඩංගු කළාග ඒත් ඔහුටත් ඈ කිසිදු ආකාරයක රෝගාබාධාවකට ගොදුරු වී නැති බව සඳහන් කළාග හැබැයි ඔහු සතියකට ප‍්‍රමාණවත් කිසියම් ඖෂධ දෙකක් දිනපතා ගන්න කියා ලියල දුන්නා.
 
 ඒ් බෙහෙත් බීවාට පස්සෙ දවස් කීපයක සුවයක් ඈ ලැබුවාග ඒත් සතියක් විතර ගෙවුණට පස්සෙ මේන්න භාග්‍යා උගුර රිදෙනවයල ඇඟපත කකියනවයල හිසේ ඇම්ම යල කිසිම දෙයක් කන්නට පිරියක් නැත වගේ එක එක කතා කියන්න පටන් ගත්තා.
 
 සැමියත් සහෝදරයනුත් අතරෙ කෙරුණු කතා බහේ දී භාග්‍යාට කිසියම් අමනුස්ස දෝෂයක් ඇතිවෙලා දෝ යන සැක සංකාවක් මතුවුණාග ඒ හින්දා ශාස්ත‍්‍රයක් අහල බලල සෙත් සාන්තියකුත් කළාග ඒකෙනුත් සතියක් දෙකක් ගෙවුණු තැන භාග්‍යා පුරුදු විදිහටම උගුරෙ කැක්කුම තියෙන බව කීවාග ඇඟ පත ඇද්දුම් දෙනවය කියා කියන්න වුණාග ක්ලාන්ත ගතියක් වරින් වර ඇති වෙන බවක් කීවා.
 
 මේ වන විට සැමියා විසින් ගේ දොර සියලූ වගකීම් කරට අරන් භාග්‍යාට නිදහසක් ලබල දීලයි තිබුණෙග ඒත් දැන් ඈ ඇඳටවෙලා ඉඳන් වේදනාවෙන් කෙඳිරිගානවාග කළයුත්තක් ගැන සැමියාට කිසිදු අදහසක් පහල වෙන්නෙ නැති තරම්ග ඒ මනුස්සයත් හොඳටෝම බියපත් වෙල.
 
 භාග්‍යා හිතන්නෙම අම්මටත් මේ වගේම රෝග ලක්ෂණ තිබුණු බවග මුලින් මුලින් අම්මගෙත් උගුරෙ කිසිම රෝගී ලක්ෂණයක් පෙන්නුම් කළේ නැතැයි යන අදහස ඈ වඩාත් ඔත්පල කළාග දැන් දැන් ඈ හිතන්නෙම තමාටත් අම්මට වගේ ම පිළිකාවක් වැළඳී ඇතැයි යන විශ්වාසය එන්න එන්නම හිතේ මුල් බැස ගත්තා.
 
 කොහොම හරි යකැදුරුකම් වලිනුත් විශේෂඥ වෛස ප‍්‍රතිකාර වලිනුත් කිසිම සහනයක් ඈට නැතිවග කියන්නෙ භාග්‍යා මොකක් හෝ මානසික රෝගයකට ගොදුරුවීම නිසා දෝ යන සැකයක් සැමියාගේ හිතට නැඟුණාග ඒ හින්දම මනෝ වෛස විශේෂඥවරයකු කරා භාග්‍යා එක්ක සැමියා ගියා.
 
 මනෝ වෛසවරයා විශේෂඥ වෛස වාර්තා හොඳින් කියවා බලා භාග්‍යා එක්ක කතාබහේ යෙදුණෙ ඇත්තටම ඈට මානසික ව්‍යාධියක් ඇත්දැයි හොයාගන්න.
 
 මානසික වෛස විශේෂඥවරයා භාග්‍යා පිරික්සීමේ දී හඳුනා ගත්තා ඈ කායික මෝහ රෝගයට
(Hypochondriasis ගොදුරු වී ඇති බව.
 
 මේ රෝගී කාන්තාවට දිගටම වගේ වෛස පරීක්ෂණ කර ගන්නට සිතිවිලි ඇති වන්නේ ඇත්තටම ශාරීරික රෝගාබාධයක් නිසා නෙවෙයිග මානසික රෝගී ස්වභාවයක් නිසාග මැය මවගේ වියෝදුකින් දැඩිව පීඩා විඳීමෙන් කායික මෝහ රෝගය වැළඳීම නිසා විශාදයට ගොදුරුවෙලාග මෙවන් රෝගීන්ට අනවශ්‍ය විදියට වෛසවරුන් හමුවී පරීක්ෂණ කරගැනීම වළක්වාලිය යුතුයි. රෝගියාට රෝගයක් ඇති වග අපි පිළිගත යුතුයිග මේ රෝගී ලක්ෂණ ශාරීරික රෝගයක ලක්ෂණ නොවනා බව පෙන්වා දිය යුතුයිග එය මානසික රෝගාබාධයක් බව වටහා දිය යුතුයිග රෝගියා රෝග ලක්ෂණ ගැන නැවත නැවත කියන විට ඊට ඇහුම්කන් නොදිය යුතුයි. රෝග ලක්ෂණ අඩු යැයි කියන විට ඔහුට ප‍්‍රශංසා කළ යුතු යි. රෝගියා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හුරුකළ යුතුයිග ඔහු හෝ ඇය හෝ කලින් කරන ලද වැඩ කටයුතුවල නිරත වන්නට පෙළඹවිය යුතුයි. මේ රෝගය දිගට පැවතීමෙන් විශාදයට ගොදුරු වෙනවාග ඒ නිසා විශාදයට අවැසි ඖෂධ ප‍්‍රතිකාර නොඅඩුව ලබාදිය යුතුයිග දීර්ඝ කාලයක් ප‍්‍රතිකාර කිරීම තුළින් රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවාග මේ රෝගී කාන්තාව නිසි අයුරින් වෛස ප‍්‍රතිකාර ගැනීම නිසා සුව ලබා ඇගේ පුරුදු කාර්යයන් ඒ විදයටම කරන්න පටන් ගත්තාග මේ කාන්තාව මවගේ වියෝවීමෙන් හටගත් වියෝදුකින් දැඩි සේ පීඩා වින්ද බව අනාවරණය කරගත්තාග එනිසා ඒ වියෝදුක තුනී කරගන්නට අවශ්‍ය මනෝ වෛස උපදේශනය ලබා දුන්නාග මේ රෝගී කාන්තාවට වසරක තරම් කාලයක් ඖෂධ ප‍්‍රතිකාර කළාග ඒ වගේම මනෝ වෛස උපදෙස් නොඅඩුව ලබා දුන්නා.
 
 
 සුගතපාල මැන්දිස


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles