Divaina - දරුවකුගේ ප‍්‍රතිචාරය ගැන සැලකිලිමත් වෙන්න...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

baby499
 
 පුංචි කාලේ යාන්තම් අවුරුදු හතර පහ ගතවෙන කොට තාත්තත් අම්මත් දරුවගෙන් අහන එක ප‍්‍රශ්නයක් තියෙනවාග ඒ පුතේ ඔයා වැඩියෙන්ම ආදරේ කාටදරෑ කියන එකග මේක දරුවො අතරමං වෙන ප‍්‍රශ්නයක්ග ඒ වුණත් මේ ප‍්‍රශ්නය ඇතුළේ ගොඩක් දිග අනාගත කතාවකුත් තියෙනවා. රෑ දවල් නොතකා දරුවන් වෙනුවෙන් මහන්සිවෙන අපි අපේ දරු පැටවුන්ට ආදරය කරන්නෙ කොහොමද එයාලව ධීහරියට හදා වඩා ගන්නේ කොහොමදරෑ ඇහැක් වගේ හදා ගත්තු දරුවා යකෙක් වගේ වෙයිදරෑ අපි ගොඩක් අපේ ළමා කාලයට ගියොත් අපි ගොඩාක්ම ආදරය කරපු එක්කෙනා ගැන මතක් කරන්න කිව්වොත් අපිට සිහියට නැඟන්නේ මොනවගේ කෙනෙක්ද? එහෙම නැත්නම් අපිට ගොඩාක්ම ආදරය කරපු කෙනාගේ තිබුණු ගති ලක්‍ෂණ මොනවාදරෑ පළමුවෙනිම කාරණය තමයි එයාට මගේ හිතේ තිබෙන ඕනෑම දුකක් වේදනාවක් ඒ වගේම ලොකුවට හිතට පීඩාවක් දෙන කාරණයක් වුණත් එයත් එක්ක කියන්න පුළුවන් කම තිබුණු එක.
 
 සමහර විට මගේ අතින් වැරදි වෙනකොට එයා ඒ ගැන පූර්ව විනිශ්චයක් නොකර හිටියාග මගේ අතපසුවීම් ගැන එයා කලබල වුණෙත් නැහැග ගොඩාක් ඉවසිලිවන්තව හිටියාග ඒ වගේම මගේ හිස අතගාලා මාව උණුසුම් විදියට සැනසුවාග පුංචි කාලේ අපි ගොඩාක්ම ආදරය කරපු කෙනා ගැන සිහිකරන්න කිව්වොත් ඔය වගේ ගුණාංග තියෙන කෙනෙක් ගැන තමයි එක පාරටම සිහියට එන්නේග එහෙම කෙනෙක් ගාව ඉන්න අපි ගොඩාක් පි‍්‍රය කළ.
 
 ඒත් මොහොතකට හිතන්න ධීවේවැලක්බ් අරගත්තු කෙනෙක් ඔය අතරට ආපු ගමන්ම මොකක්ද වෙන්නේ ඇත්තටම අපි කැමතිදරෑ අපේ මනසල ශරීරය රිද්දන කෙනෙක් එක්ක මොහොතක් හරි ගැවසෙන්නග වේවැල පරුෂ වචන හිත් බිඳෙන වචන පාවිච්චි කරපු ගමන්ම සිද්ධ වෙන්නේ දරුවාත් ඔබත් අතර තියෙන අන්තර් පුද්ගල සබඳතාව බිඳ වැටෙන එකග හිතල බලන්න අවුරුදු 3 ඉඳලා පුංචි දරුවකුට සැර වැර වෙන්න එයාගේ හිත රිදෙන විදියට කතා කරන්න පටන් අරගෙන එයාට ඒ කාලේ ඉඳලම දඬුවම් දෙන්න පටන් ගත්තොත් එයාගේ ජීවිතයේ ළඟින්ම ඉන්න ඔයාල එයාගේ මනසින් කොයිතරම් දුරට ඈත් වෙයිදරෑ පුංචි දරුවාගේ අන්තර්පුද්ගල සබඳතාව කොයිතරම් දරුණු විදියට කඩාගෙන වැටේවිද?
 
 මේ කාරණයට ඕන තරම් උදාහරණ තියෙනවාග 2017 වසරේ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය අපූර්වතම පර්යේෂණයක් දියත් කළා. මෙම පර්යේෂණයේ අරමුණ වුණේ දරුවත් හික්මවා ගැනීම සඳහා පාසල් පද්ධතිය තුළ කි‍්‍රයාත්මක වන ක‍්‍රම ශිල්ප පිළිබඳව සොයා බැලීමයිග දිස්ති‍්‍රක්ක හයක රජයේ පාසල් 32 ක් තුළ වෙසෙන දරුවන් ගුරු භවතුන් ආශී‍්‍රතව සිදුකළ මෙම පර්යේෂණයෙන් දරුණු සොයා ගැනීම් හෙළිදරව් වුණ.
 
 දරුවන්ව හික්මවා ගැනීම පිණිස කන මිරිකීමල දණ ගැස්වීමල වැරෙන් තල්ලූ කිරීමල අතින් පහරදීමල ටොකු ඇනීමල කෝටුවලින් පහරදීමල වගේම පිළිස්සීමත් භාවිතයට ගෙන තිබුණාග අපි ඒ වගේම සමච්චලයට ලක් කිරීමල පන්තියෙන් ඉවතට දැමීමත් සුලබ ලෙස භාවිතව තිබුණාග කාලාන්තරයක් තිස්සේ මේ පීඩනයට දරුවන් ගොදුරු වෙනවා.
 
 හිතල බලන්න අපේ ගෙදර ඉන්න සුරතල් බල්ලට අපි තදින් පහර දුන්නොත් ඌ පළමුවැනිවර පැත්තට වෙනවාග පාඩුවේ ඉන්නවාග අපි එතනටත් ගිහිල්ලා පහර දුන්නොත් ඒ බල්ලා අපිව හපා කන්න එනවා. හැම තිස්සෙම පහර දෙන්න පටන් ගත්තොත් බල්ලා ඒ ගේ අතඇරලා කන්න බොන්න වගේම සුවපහසුව තියෙන තවත් ගෙයක් හොයාගෙන යනව.
 
 baby1ඒ වුණත් අපේ ගෙදර ඉන්න සුරතල් බල්ලාට පහර නොදෙන අපි අපේ දරු පැටවුන්ට තලනවාග එහෙම ගුටි බැට දෙනකොට මගේ යටිහිත දන්නවාග මගෙන් ගුටිකන පොඩි එකාට යන්න වෙන තැනක් නැහැ කියල. මගේ පොඩි එකාට ඉන්නෙ මම විතරයි කියල එයා දන්නවා. පොඩි එකාත් මමත් දන්නවා එයාට යන්න වෙන තැනක් නැහැ කියලා හිතන්න මේක කොයිතරම් ඛේදනීය තත්ත්වයක්ද කියලග ඒත් කල්පනා නොකර වැඩ කිරීමල මත්ලෝලියකු හෝ වෙනත් මත් ඇබ්බැහියකට ගොදුරු වූවෙකු බවට පත්වීමල මෙවැනි දරුවන් පසුකලෙක මුහුණ දෙන ඛේදවාචකයන. ශාරීරික වශයෙන් තරබාරුව  දියවැඩියාවල ඇදුමල පිළිකා රෝග හෝ පසුකලෙක සමාජ රෝගවලටද මේ ආකාර දරුවන් ගොදුරු විය හැකියිග මේ දරුවන් සමාජ ප‍්‍රශ්න ගණනාවක මුල සිටියන් බව මේ අනුව ඉතාම පැහැදිලිව පෙනෙනවාග අනෙක් බරපතළම කාරණය තමයි මේ දරුවන්ගේ මොළයේ නියුරෝන වර්ධනය කඩා බිඳවැටීම ථෘසිඑරමජඑසදබෆ මේ නිසා මොවුන්ට තාර්කික බුද්ධිය හෝ යමක් කමක් පහසුවෙන් තේරුම් ගැනීම අවම වී යනවාග ධීමොළේ පොඞ්ඩක්වත්බ් නැති තරුණයන් බිහිවන්නටත් ධීපීඩාකාරී ළමා විය හේතු සාධක වන බව ථක්‍ෘක්‍ෆ ආයතනයේ පර්යේෂණ ඉතා පැහැදිලිවම පෙන්වා දෙනවා.
 
 අවසාන ප‍්‍රතිඵලය කුමක්දරෑ මේ පීඩනයට ළමා වියේ ගොදුරුවෙන දරුවන් තරුණ වියේදී අකාලයේ මරණයට පත්වීමයිග මේ සියල්ලම තුළින් අපට නැවත වරක් රටක් විදියට හිතන්න කොයිතරම් බියකරු කරල බලන්න කරදඬු උස්මහත් වෙච්ච අපේ දරුවකුට දෙමාපියන් අර විදියට පහර දෙන්න යනවදරෑ එහෙම දරුවකුට පහර දුන්නොත් දරුවා පෙරළා ප‍්‍රතිචාර දක්වාවි  අපේ යටිහිත එහෙම කියන නිසා අපි එයාලට ඒ විදියට පහර දීමෙන් වැළකී සිටිනවාග බැරි වෙලාවත් එහෙම දරුවකුට පහර දුන්නොත් දරුවා ආදරය සතුට සැනසීම හොයාගෙන වෙනත් තැනකට යන්නත් ඉඩ තියෙනවාග ඒකට අපි ගොඩාක් බයයි.
 
 මේ කාරණයේ තවත් බරපතළ පාර්ශ්වයකුත් තියෙනවාග ඒ පවුල් අභ්‍යන්තර සබඳතාවන් ගිලිහි යෑමයිග ඒ අම්මා දුව අතර සබඳතාව වගේම පිය පුතු අතර සබඳතාවක් බරපතළ ලෙසට පළුදු වෙන්නට දඬුවමට ඉඩකඩ සපයාවිග ඒ වගේම මනෝමය ප‍්‍රචණ්ඩත්වයට ථඡුිහජයද ්ටරුිිසදබෆ දරුවන් ගොදුරු වීම අපේ සමාජයේ ඉහළ ප‍්‍රවණතාවකින් දැක ගන්නට පුළුවන්ග සාහසික ලෙස සැර පරුෂ ලෙස බැණ වැදීම කොන් කිරීමල නොසලකා හැරීම වගේම සැසඳීම්ද මවුපියන් අතින් සිදුවෙනවා.
 
 අවුරුදු 12-14 අතර වයස් මට්ටම්වල පහුවෙන දරුවන්ට මේ ආකාර කායික මානසික හිංසනයකට දරුවන් ලක් වුණාම ඔවුන්ට නිවෙස් ආශී‍්‍රත පරිසරයල පාසල ආශී‍්‍රත පරිසරය තුළ ජීවත්වීම නීරස වෙනවාග එතකොට ඔවුන් ආදරය සොයාගෙන යන්නට පිළිවන්ග දරුවන් අපයෝජකයන්ට ගොදුරු වෙන්නටත් මේ කාරණයම හේතු වෙනවා.
 
 නිසැකවම ළමා අපයෝජකයන් ථක්‍යසකා ්ඉඩ ිැරිෆ මේ කාරණය හඳුනාගෙන සිටිනවාග ළමුන් සොයා යන ආදරයල සෙනෙහසල දරුවන්ට මවගෙන් පියාගෙන් අහිමිව ගිය සෙනෙහස ලබාදෙන්නට ඔවුන් සමත්වෙනවාග ඉතින් ගැඹුරින් හිතල බැලූවොත් නිවසේ පීඩාකාරී පරිසරය නිසා දරුවන්ට අත්වන ඛේදවාචකය දරුණු එකක් බව වැටහේවී.
 
 ජනපි‍්‍රය ගීතයක කියැවෙනවා තම පියා පුංචි කාලේ දරුවාට පහර දෙනකොට ඒ දරුවාට ධීපෙනුණේ හතුරෙක්බ් වගේ කියලග ඇත්තටම අපට පහරදෙන කොට හිංසා කරන කොට අපේ උප විඤ්ඤාණ තැන්පත්වෙලා තියෙනවා එයා මට හතුරකම් කරපු කෙනෙක් කියලාග ලංකාවේ තියෙන සැඟවුණ සමාජ ප‍්‍රශ්නයක් තමයි දරුවන් උස්මහත් වෙලා දෙමවුපියන්ට නොසලකන එකග එහෙමත් නැත්නම් ඔවුන් මහලූ නිවාසවලට ගාල් කිරීම සරලවම කිව්වොත් දෙමාපියන්ට සංවේදී නොවීම.
 
 ඉතින් සංවේදී වෙන්නේ කොහොමද කුඩා කාලයේ අර විදියට සාහසික ලෙස පීඩාවට ඔවුන් පත් කරල තියෙනවානම් අපේ යටිහිතේ මේ කාරණය තදින්ම තැන්පත් වෙලා තියෙනවාග එතකොට දරුවන් මවුපියන් කෙරෙහි සංවේදී වන්නේ නැහැ.
 
 සමහර අය කියනවා පහරදීලා ඔරෝලා කීකරු කරගන්න පුළුවන් කියලාග මේ තර්කය මත පිහිටලා 2017 අපි මුලින් කිව්ව පර්යේෂණයේදී ඒ පාසල්වලදී දරුවන් 80ග4්‍ර ක්ම පළමු වාරය තුළදී කුමන හෝ ආකාරයේ ශාරීරික හිංසනයකට ලක්වෙලා තියෙනවාග එහෙම තද හික්මවීමකට පත් කරල දරුවාව කීකරු කර ගන්නට හික්මවා ගන්නටත් හැකිවේවි කියලා ථධඉැාසැබජැෆ අපි හිතනවාග මතක තියා ගන්න උස්මහත් වෙනකොට දරුවන් මේවාට ප‍්‍රතිකි‍්‍රයා දක්වනවාග ඒ වගේම ඔවුන්ට කෝටුවෙන් සැර පරුෂ බවෙන් යටපත් කරගෙන හිටපු කාරණාවන් නිදහසක් ලැබුණු මොහොතේම මේ සියල්ල ඔවුන් යළිත් සමාජයට මුදාහරිනවාග ඒ වගේම තමන්ගේ යටපත් කරගෙන තිබූ හැසිරීම්වලට වාඩුවක් ඔවුන් ඒ එක්කම අර ගන්නත් පිළිවන්.
 
 ස්නායු මනෝ විසාව ථභැඩරද ඡුිහජයදකදටහෆ ශාරීරික පහරදීමකට දිගින් දිගටම ලක්වෙන දරුවන් පිළිබඳව ගැඹුරින් කතා කරනවාග ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධිත ථක්‍ැබඑැර ත්‍දර ෘසිැ්ිැ ක්‍දබඑරදක ්බා ඡුරුඩැබඑසදබෆ ආයතනය පීඩාකාරී ළමා වියේ අත්දැකීම් වර්ගීකරණ දහයකට ගොනු කරනවාග සරල ගොනු කිරීමක් කළොත්
 
 1. ශාරීරික දඬුවම්
 
 2. මානසික හිංසනයන්
 
 3. ලිංගික අපයෝජනයන්
 
 4. නොසලකා හැරීම්
 
 5ග චිත්ත වේගාත්මක නොසලකා හැරීම්වලට ගොදුරුවීම සමගින් නිවස තුළ පවතින පහත සඳහන් තත්ත්වයන්ට දරුවෝ නිරාවරණය වීමද අනාගතයේ ගැටලූකාරී තත්ත්ව ඉස්මතු කරන්නට හේතු පාදක වෙනව.
 
 6. දරුවා වෙසෙන නිවෙස තුළ ප‍්‍රතිකාර නොගෙන සිටින මානසික රෝගියෙක් ජීවත් වීම
 
 7. කුමන හෝ ආකාරයක මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ඇබ්බැහියකට ලක්වූ තැනැත්තෙක් නිවසේ ජීවත් වීම
 
 8. බන්ධනාගාරගතව පසුව නිදහස් වූ තැනැත්තකු නිවස තුළ ජීවත් වීම
 
 9. තමන්ගේ මවට ප‍්‍රචණ්ඩ ලෙස පහරදෙන සලකන නිවසක ජීවත් වීමට සිදුවීම
 
 10. දික්කසාද හෝ මවුපියන් වෙන්ව සිටින පවුලක නිවසක කල්ගතකිරීමට සිදුවීම
 
 මෙම කාරණා තවදුරටත් විග‍්‍රහකරන ථක්‍ෘක්‍ෆ ආයතනය මෙම සටහනේ කාරණා තුනකට වඩා තම ළමා කාලයේ අත්දකින දරුවකු ශාරීරිකල මානසික මෙන්ම සමාජමය ගැටලූවලටද අනාගතයේ නිශ්චිත වශයෙන්ම ගොදුරු වන බව ප‍්‍රකාශ කරනව.
 
 චර්යාත්මක වශයෙන් කම්මැලිකමල වේලාවට කාරණා මේ පර්යේෂණ ඇතුළේ ගැබ්වෙලා තියෙනවදරෑ සමාජ ප‍්‍රශ්න ගොන්නකට මූලය කොතැනද කියල පැහැදිලිවම මේ කාරණා ඔස්සේ වටහා ගැනීම අසීරු නැහැග මත්ලෝලීන්ල බේබද්දන්ල පාතාලයන් ගේ බිහිවීම ආරම්භ කරල තියෙන්නෙ අපේ ගෙදරින් නම...හිතන්න අපෙන් දුරස්වෙලා අපේ දයාබරත්වයෙන් ඉවත්වෙලා අපේ හැසිරීම්වල අපේ පීඩාකාරීත්වයේ ගැටලූ නිසාම ආදරය හොයාගෙන ධීඅපයෝජකයකුගේබ් ගොදුරක් එහෙමත් නැත්නම් අනාගතයේ ඉහතින් විස්තර කරපු තාලයේ අවාසනාවන්ත යෞවනයකට උරුමකම් කියන තැනැත්තකු බවට අපේ දරුවා අපිම පත්කර ගන්නවද එහෙමත් නැත්නම් ප‍්‍රචණ්ඩත්වයල හිංසනය හා තරවටුව වෙනුවට උණුුසුමල ආදරය සතුට අපේ දරු පැටවුන්ට යහමින් දී ඔවුන්ගේ ජීවිතයම ප‍්‍රබෝධමත් අර්ථාන්විත එකක් කරනවාද තීරණය දෙමාපිය ඔබ සතුයි.
 
 
 කණිෂ්ක රත්නායක
 මනෝ විශ්ලේෂකල ළමා ආරක්‍ෂණය හා ළමා සහභාගිත්වය පිළිබඳ තාක්‍ෂණ උපදේශක


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles