Divaina - ලංකාවටත් සුපිරි පහසුකම් සහිත සත්ත්ව රෝහලක්... සාධාරණ මිල අයකිරීම තුළ වැයකළ මුදල උපයන්න අපට තව බොහෝ කල්යන්න පුළුවන්....!

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

pet499
 
* තිරිසන් සතුන්ටත් හොඳ කලක්
* වායු සමනය කළ වාට්ටු සංකීර්ණ
* සුනඛයන් හා පූසන් වෙනුවෙන් නේවාසිකාගාර පහසුකම්
* ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් රසායනාගාර
* ලේ බැංකුවක්
 
 
sathwa1වාට්ටු සංකීර්ණය මුළුමනින්ම වායුසමනය කර ඇත. එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නන් අසලට ලංවීම පවා ආගන්තුකයන් වූ අපට තරමක් බියමුසු හැඟීමක් දනවන්නක් වූහ. ඊට හේතුව බවට පත්වූවේ බැල්මෙන් පවා බිය උපදවන සුළු රෝගීන් කීප දෙනෙක් එම වාට්ටු සංකීර්ණයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන ආකාරයක් දැකගත හැකිවීමත් සමගය. සියලූ සැප පහසුකම්වලින් සමන්විත තවත් එවැනිම වාට්ටු සංකීර්ණ හතරක් මේ කියන්නට යන රෝහලේදී දැකගත හැකිවූ අතර ඊට අමතරව ලොව අතිනවීන පහසුකම් හා සේවාවන් රැුසකින් සමන්විත වෛμ රසායනාගාර පහසුකම් දියුණුම තාක්‍ෂණයෙන් යුත් ශල්‍යාගාර දෙකක් එක්ස්රේ, ස්කෑන් සහ එකෝ පරීක්‍ෂාවන් පිණිස වෙන්වූ නවීන පරීක්‍ෂණාගාර කීපයක්, සාමාන්‍ය රෝග සඳහා ප‍්‍රතිකාර කරනු ලබන බාහිර රෝගී අංශයක්, ලේ බැංකුවක්, ගිලන් රථ සේවාවක් ප‍්‍රධාන වශයෙන් පවතින අතර වෙනසකට ඇත්තේ මෙම සුපිරි රෝහල් සංකීර්ණය මුළුමනින්ම වෙන්ව පවතින්නේ අප අවට පරිසරයේම කොටසක් වන සත්ත්ව ලෝකයේ සුව පැවැත්ම පිණිස වීමය.
 
  අංක 125/4 පන්නිපිටිය පාර, බත්තරමුල්ල පිහිටි මෙම රෝහල් භූමියට ඇතුල්වීමේදී හැ`ගී යන්නේ මෙරට පිහිටි සුපිරි පන්තියේ පුද්ගලික රෝහලකට මුල් වරට ඇතුල්වීමේදී ආගන්තුකයකුට දැනෙන හැ`ගීමකි. සමස්ත රෝහල් සංකීර්ණයම මුළුමනින් වායුසමනය කර ඇති අතර ඉදිරිපස ආලින්දය වෙන්කර ඇත්තේ පිළිගැනීමේ කවුන්ටරය සහ අමුත්තන්ට අසුන් ගැනීම පිණිසය. ඉන් මදක් එපිටින් සුරතල් සතුන් සහ වෙනත් සත්ත්වයන්ගේ රෝගාබාධ පිණිස ඖෂධ සහ අනිකුත් උපකරණ ආදිය මිලදී ගැනීම පිණිස වෙන්කර ඇති ඔසුහලක්ය. පසෙකින් නවීන පන්නයේ හදිසි ප‍්‍රතිකාර ඒකකය දැකගත හැක. පළමු මහලේ කොරිඩෝව මතින් මද දුරක් ගිය පසු විදුලි සෝපානයක් වෙත ළ`ගාවිය හැකි අතර ඒ මගින් ඉහළ මාලයන්ට පිවිසීමත් සමග ඉහත විස්තර කරන ලද සියලූ කාරණා මැනවින් දැකබලාගත හැකි විය.
 
 ‘රෝවර්’ සත්ව රෝහල් සංකීර්ණයේ දෙවන මහලේ පිහිටි සුවිසල් කාර්යාල කාමරයක් තුළදී එහි නිර්මාතෘ කළමනාකාර අධ්‍යක්‍ෂ උදිත වනිගසිංහ මහතා මුණගැසීමේ අවස්ථාව උදාවිය. අනාදිමත් කාලයක පටන් සතුන් කෙරෙහි මහත් ඇල්මක් සහ කරුණාවක් දක්වන ජාතියක් ලෙස ප‍්‍රකට ලාංකිකයන් අතරින් මතුවූ සත්වවේදියෙක් ලෙස හඳුන්වාදිය හැකි උදිත වනිගසිංහ අප හමුවේ සිය කටහඬ අවදි කරන්නට වූයේ රෝවර් සත්ව රෝහලේ ආරම්භය පිළිබඳ මූලික හැඳින්වීමක් සිදු කරමින්ය.
 
 ‘‘ලෝකයේ රටවල් රැුසක සංචාරය කළ පුද්ගලයෙක් ලෙස මම දැක්ක දෙයක් තමයි මිනිසාට වගේම අනිකුත් සත්ත්වයන්ගේ යහපත පිණිසත් දියුණු සෞඛ්‍ය සේවාවක් පවතිනව කියන කාරණය. ඒ කාරණයත් එක්ක අපේ රට සංසන්දනය කර බලද්දී මට තේරුණා ඒ පැත්තෙන් අපි ඉන්නෙ තරමක් පහළින් කියල. රට තුළ රජය විසින් ක‍්‍රියාත්මක පශු වෛμ සේවාවක් මෙන්ම පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යන සත්ව සායන විශාල වශයෙන් පැවතුනත් අංගසම්පූර්ණ සත්ව රෝහලක අඩුවක් රට තුළ පවතිනව කියන මූලික අවබෝධය මත තමයි මේ වගේ අතිනවීන පහසුකම් ආදියෙන් සමන්විත අංගසම්පූර්ණ සත්ව රෝහලක් පිණිස මුදල් ආයෝජනය කරන්න මා විසින් තීරණය කරන්නෙ. ඒකෙ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මීට වසරකට පමණ පෙර මේ වගේ අංගසම්පූර්ණ සත්ව රෝහලක් මේ ස්ථානයේ ඉදිකරන්න මට පුළුවන්කම ලැබෙන්නෙ...’’
 
petsd කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ කෙටි පැහැදිලි කිරීමෙන් අනතුරුව රෝවර් සත්ව රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමේ අවස්ථාව උදා විය. පළමුව අපගේ නිරීක්‍ෂණයට ලක්වූවේ රෝවර් රෝහල් සංකීර්ණයේ පළමු මහලේ පිහිටි හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ඒ අවස්ථාවේ සිදුවෙමින් පැවති දසුන් පෙළක්ය. පශු වෛවරියක් ඇතුළු හෙද හෙදියන් කීප දෙනෙක් එහි රාජකාරියේ නිරතව සිටිනු දක්නට ලැබුණු අතර හදිසි ප‍්‍රතිකාර පිණිස රෝහල වෙත ඇතුළත් කළ විවිධ වර්ගයට අයත් සුනඛයන් හා පූසන් කීපදෙනෙක් සුවපත් කිරීම පිණිස ඔවුන් විසින් වෛμ ප‍්‍රතිකාර කරන අයුරු දැකගත හැකි විය. රෝවර් සත්ව රෝහලේ රාජකාරයේ නියුතු පශු වෛ සේවා කළමනාකාරිනී වෛμ යුෂිකා ධර්මසූරිය සමග එහිදී කෙටි කතා බහක නිරතවීමේ අවස්ථාව උදාවූ අතර රෝවර් සත්ව රෝහලේ සිදුවන සමස්ත ක‍්‍රියාවලිය පිළිබඳ පැහැදිලි හැඳින්වීමක් ඇගේ කටහඬෙහි විය.
 
 කුමන වර්ගයකට අයත් සත්වයෙක් ගත්තත් ඒ සතුන්ට ප‍්‍රතිකාර කරනව කියන්නෙ සංකීර්ණ කටයුත්තක්. තමන්ට තියෙන රෝගය ගැන වෛμවරයෙක් මුණ ගැහිල කියන්න ඒ සඳහා ප‍්‍රතිකාර ගන්න අපට පුළුවන්කම තිබුණට අනිකුත් සත්වයන්ට ඒ හැකියාව නැහැ. නිවසක ඇති කරන සුනඛයෙක් වේවා වෙනත් සුරතල් සතෙක් වේවා ඒ අය රෝගී වුණොත් ඒ සතුන්ව ප‍්‍රතිකාර පිණිස යොමු කරන්නෙ ඔවුන්ගේ හිමිකරුවන් විසින්. ඊට අමතරව හදිසි අනතුරක් හෝ වෙනත් කරදරයක් හේතුවෙන් මහමග තුවාල වෙලා රෝගී වෙලා ඉන්න සත්තු අරගෙන ඇවිත් ප‍්‍රතිකාර පිණිස යොමු කරන පිරිසකුත් අද අපේ රටේ ඉන්නව. ඒව ඒ අය කරන්නෙ තමන්ගේ පුද්ගලික ධනය වැය කරමින්. ඒක හොඳ ප‍්‍රවණතාවක්. ඒ කොහොම වුණත් මේ රෝහලට රෝගී සතෙක් ගෙනාවොත් ඒ අයට ප‍්‍රතිකාර කරන එක තමයි අපේ වගකීම. ඒ සඳහා පැය 24 පුරා සේවය කරන්න ප‍්‍රධාන විධායක පශු වෛμ නිලධාරි ආචාර්ය එරන්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන වෛμවරු අටදෙනෙක් විශේෂ පුහුණුව ලත් හෙද සහායක සහයිකාවන් දාහතරදෙනෙක් ඇතුළු සමස්ත හෙද කාර්ය මණ්ඩලය හතළිහක් පමණ සේවය කරනව. අද අපේ රට ගත්තොත් ප‍්‍රවණතාවක් ලෙස දකින්න ලැබෙන දෙයක් තමයි තරුණ පිරිස් රට හැරයන එක. ඔවුන්ගේ දෙමාපියන්ගේ තනියට ඉන්නෙ ගෙදර ඇති කරන පූසා හෝ සුනඛයා පමණයි. ඒ අය තමන්ගේ දරුවන් තරමට ඒ සතුන්ට ආදරය කරනව. ඒ අයට යම් රෝගයක් වැළඳුනොත් කොහොමහරි සුවපත් කර ගන්න තමයි ඔවුන් බලන්නෙ. මෙවැනි අවස්ථාවක නිවසට පැමිණ රෝගී සතා රැුගෙන ගොස් අවශ්‍ය ප‍්‍රතිකාර කර නිවසටම රැුගෙන ඒමේ සේවාවන් මේ රෝහල සතුව තිබෙනව. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ වගේ අංගසම්පූර්ණ සත්ව රෝහලක් ඒ අයගෙ තෝරා ගැනීම වෙන්නෙ...
 
 වෛμවරිය විසින් පැවසූ පරිදි රෝවර් සත්ව රෝහල මෙරට පිහිටි අංගසම්පූර්ණ රෝහල බවට අවබෝධ වන්නේ එහි සමස්ත ක‍්‍රියාවලිය දෑසින් දකින විටය.

 

sath3
 
 සුනඛයන් පනහකට ආසන්න පිරිසකට එකවර නේවාසිකව ප‍්‍රතිකාර ලැබිය හැකි සුපිරි වාට්ටු සංකීර්ණයක් එහි පවතින අතර සෑම නේවාසික සුනඛයකු වෙනුවෙන් ක්‍ක්‍ඔඪ කැමරා පද්ධතිය බැගින් එහි ස්ථාපිත කොට ඇත. නිවසේ හෝ වෙනත් රටක සිට සුනඛයා නිරීක්‍ෂණය කිරීම පිණිස ඒ හරහා හිමිකරුට අවස්ථාව ලබාදී ඇත. ඒ ආකාරයටම පූසන්ගේ නේවාසික ප‍්‍රතිකාර පිණිස වෙනම වාට්ටු සංකීර්ණයක් එහි දකින්නට ලැබෙන අතර එම සතුන්ගේ රෝගී තත්ත්වයන් පරීක්‍ෂා කිරීම පිණිස ඇමරිකානු තාක්‍ෂණයෙන් යුත් රසායනාගාර පහසුකම් පැවතීම රෝවර් සත්ව රෝහලේ දකින්නට ලැබෙන විශේෂත්වයකි. එම රසායානාගාර සේවයේ වටිනාකම වන්නේ එය සතුන් සඳහා නිපදවන ලද තාක්‍ෂණයක් තුළින් ප‍්‍රතිඵල ලබාදෙන බැවින් රෝග නිර්ණය ඉතාමත් නිවැරැුදි ආකාරයට සිදු කිරීමට හැකියාව ලැබීමයි.
 
 මෙරට පිහිටි බොහෝ සත්ව සායන හා සත්ව රෝහල්වල දකින්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් වන්නේ ප‍්‍රතිකාර පිණිස එම ස්ථානවලට රැුගෙන එන සතුන් සඳහා ප‍්‍රතිකාර ආදියට යොමුවීමේදී සතුන් පිළිබඳ මතුපිටින් කරනු ලබන නිරීක්‍ෂණ, ලේ පරීක්‍ෂණ ආදියෙන් අනතුරුව ප‍්‍රතිකාර පිණිස යොමුවීමය. රෝවර් සත්ව රෝහල තුළ සිදු කරන ප‍්‍රතිකාර ක‍්‍රියාවලිය ඊට මුළුමනින්ම වෙනස් ආකාරයකින් යුක්තය. එහිදී පළමු දිනය තුළ අදාළ රෝග විනිශ්චය නිවැරැුදිව සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය නවීන යන්ත‍්‍ර උපකරණ සියල්ලක්ම රෝවර් සත්ව රෝහල තුළ ස්ථාපිත කොට ඇත. ඉන් අනතුරුව වෛμ නිගමනයන්ට අනුව ප‍්‍රතිකාර අරඹන අතර ඕනෑම ශල්‍යකර්මයක් සිදු කිරීම පිණිස නවීන ශල්‍යාගාර දෙකක්ද එහි ස්ථාපිත කොට ඇත. රෝවර් සත්ව රෝහලේ ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේදය ප‍්‍රධාන මූලධර්ම දෙකක් අනුගමනය කරයි. පළමුවැන්න නිශ්චිත රෝග නිර්ණය සඳහා සාක්‍ෂි ලබාගෙන ප‍්‍රතිකාර නියම කරීම සහ දෙවැන්න රෝග වැළඳීමට පෙර රෝග නිවාරණය වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමයි. මෙහිදී උදාහරණයක් වශයෙන් මෙම රෝහල තුළ වයස අවුරුදු 8ට වැඩි නිරෝගී සතුන් සඳහා සුවතා පර්යේෂණ පවත්වයි. මෙමගින් රෝගයක් වැළඳීමට පෙර සතෙකුගේ මූලික අවස්ථාවේදී රෝගී ලක්‍ෂණ හඳුනා ගැනීමෙන් වැඩිමහල් සතුනගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වාගත හැක.
 
 මෙහිදී මෙම රෝහලේ සිදු කරන ප‍්‍රතිකාර සහ පර්යේෂණ කටයුතු සඳහා සුරතල් සතුන් සඳහා වන රක්‍ෂණාවරණයක් ලබා ගැනීමේ පහසුකම්ද ඇත.
 
 ඉහත සඳහන් සේවා හා පහසුකම් යටතේ හදිසි ප‍්‍රතිකාර පිණිසත් නේවාසිකව සිදු කරන ප‍්‍රතිකාර සඳහාත් රැුගෙන එන සුරතල් සතුන් විශාල පිරිසක් එහි ගිය අපට දැකගත හැකි විය. එම සතුන්ට අවශ්‍ය ඖෂධ වර්ග සහ හදිසි අවස්ථා අනුව විදේශයන්ගෙන් ඖෂධ වර්ග ගෙන්වීමද රෝවර් සත්ව රෝහල විසින් සිදු කිරීම විශේෂත්වයකි.
 
 වෛ සත්කාර සේවාවට අමතරව ගෘහාශ‍්‍රිත සුරතල් සතුන් වෙනුවෙන් පවත්වාගෙන යන සත්ව නේවාසිකාගාර දෙකක්ද රෝවර් සත්ව රෝහල් පරිශ‍්‍රයේදී දැකගත හැක. විදේශ සංචාර ඇතුළු විවිධ සංචාර ආදියේ නිරත පුද්ගලයන්ගේ පහසුව පිණිස එම නේවාසික පහසුකම් ලබාදෙන අතර ඒ අනුව තම සුරතල් සතුන් එහි නේවාසිකව නතර කර තැබීමට හිමිකරුවන්ට අවස්ථාව උදාකර ඇත. එලෙස නේවාසික සතුන් රැුකබලා ගැනීම පිණිස වෙනම කාර්ය මණ්ඩලයක් සේවයේ නිරතව ඇත. දිනපතා තුන් වරක් ශාරීරික ව්‍යායාම ආදියට එම සතුන් යොමු කිරීම, පිරිසිදු කිරීම හා හිමිකරුවන්ගේ ඉල්ලීම මත අවශ්‍ය විශේෂ ආහාර වට්ටෝරු ආදියද එහිදී ලබාදෙන අයුරු දැකගත හැකි විය.
 
 මෙරට පවතින තරගකාරී සහ වඩාත් සහනදායී මිල ගණන් යටතේ ඉහත සඳහන් සේවාවන් ලබා ගැනීමට රෝවර් සත්ව රෝහල හරහා ඕනෑම කෙනෙකුට අවස්ථාව පවතින අතර වඩාත් ආරක්‍ෂාකාරී හා ගුණාත්මක සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීම රෝවර් කළමනාකාරීත්වයේ දැක්ම බවට පත්ව ඇත. අපගේ කථාබහ නිමා කිරීමට මත්තෙන් එහි කළමනාකාර අධ්‍යක්‍ෂ උදිත වනිගසිංහ මහතාගෙන් අප විසින් විමසා සිටියේ මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් පිණිස අතිවිශාල මුදලක් ආයෝජනය කිරීම අභියෝගයක් මෙන්ම යම් අවදානමක් සහිත කරුණක් නොවේද? යන්න යනුවෙන්ය.
 
 ‘‘ව්‍යාපාරිකයෙක් විදිහට ඕනෑම කෙනෙක් අලූත් දෙයක් කිරීම පිණිස මුදලක් ආයෝජනය කරද්දි ඔය කියන අභියෝගය වගේම ඒ පිටුපස පවතින අවදානම ගන්න ඕන. මටත් එහෙමයි. නමුත් අපි ඒ අභියෝගය බාර අරන් මේ වගේ දෙයක් කරල ඒ හරහා මේ රටේ විශාල පිරිසකට තෘප්තිමත් විය හැකි යමක් කරන්න මට පුළුවන්කම ලැබෙනව. ඒ හරහා විශාල ආත්ම තෘප්තියක් මම ලබනව. මේ වගේ පහසුකම් සහිතව ලංකාවෙ පවතින එකම සත්ව රෝහල ඇති කරල ඒ හරහා වසරක් වගේ කෙටි කලක් තුළ ජාත්‍යන්තර මට්ටමේ පශු වෛμ සේවාවක් මේ රටේ නිර්මාණය කරන්න මට පුළුවන්වීම ඇතුලේ දහස් සංඛ්‍යාත පිරිසකගේ ප‍්‍රශංසාව මේ වෙද්දි මට හිමිවෙලා තිබෙනවා. දුප්පත් පොහොසත් බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට තමන් ඇති කරන සුරතල් සතාට එහෙමත් නැත්නම් හිමිකරුවන් නැතුව නිදැල්ලේ හැසිරෙන සතෙක්ව මේ රෝහලට ගෙනවිත් අවශ්‍ය ප‍්‍රතිකාර කරන්න පුළුවන් මට්ටමේ සාධාරණ මිල ගණන් අය කිරීම තුළ මා විසින් වැය කළ මුදල උපයන්න තව බොහෝ කල් යන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඒක නොවෙයි. මේ මොහොතේ මෙතන සිදුවන මහා මෙහෙවර පමණයි.
 
  රුවන් ජයවර්ධන
 
 ඡුයාරූප - තුෂාර අතපත්තු


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles