Divaina - 20 වැනි සංවත්සරය සමරන ඉතාලියේ සමාධි විහාරය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

san499
 ඉතාලියේ Firenze නගරයේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන්නේ සමාධි විහාරස්ථානයයි. වර්ෂ 1999 දී ආරම්භ කළ මෙහි මේ වන විට බොදු බැතිමතුන්ගේ ස්වකීය පරමාර්ථයන් ඉටුකර ගැනිමෙහිලා සිය අධ්‍යාත්මයට අමිල මෙහෙවරක් ඉටුකළ හැකි පරිසරයක් නිර්මාණය වී තිබීමද බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා අවශ්‍ය සියලූම සුවපහසුකම් විහාරස්ථානය තුළ ස්ථාපිත කොට තිබීමද සඳහන් කළ යුතුය.
 
 
 වර්ෂ 1999 සිට මේ දක්වා ශ‍්‍රී ලාංකීය බොදු බැතිමතුන්ගේ ධන පරිත්‍යාගයෙන් විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ‍්‍රී ශාස්ත‍්‍ර විශාරද ශාස්ත‍්‍රවේදී දොඩන්දෙනියේ නන්දසිරි නාහිමියන් සහ ලංකාතිලකේ අරියධම්ම හිමියන්ගේ දැඩි කැපවීමෙන් දිනෙන් දින දියුණුවට පත්වන Firenze සමාධි විහාරය පසුගියදා 20 වෙනි සංවත්සරය පවත්වනු ලැබුවේ කඨින මහා පිංකමට සමගාමීව රෝමයේ ශ‍්‍රී ලංකා තනාපති කාර්යාලය ත්‍සරුබ‘ැග ඛමජ්ල ්රු‘‘දල ීසැබ් නගරවල බොදු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් ඉතාලියේ රාජ්‍ය අනුග‍්‍රහයද ඇතිව අති උත්කර්ෂත් අන්දමිනි.
 
 
 මෙදින සිදුවුණ සුවිශේෂ සිදුවීම් අතර මූලිකත්වය වූයේ 1999 ආරම්භ කළ සමාධි විහාරය හරියටම මීට වසර පහකට පෙර වර්ෂ 2014 දී පමණ ත්‍සරුබ‘ැග ඛමක්‍්ල ්රු‘‘දල ීසැබ් නගරවල පදිංචි බෞද්ධ බැතිමතුන්ගේ සිය ධන පරිත්‍යාගයෙන් සමාධි විහාරය ස්ථාපිත කොට ඇති ගොඩනැගිලි සින්නක්කරවම මිලදී ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා වසර දහයකින් ගෙවා නිමකිරීමට ඉතාලි මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදල වසර පහකින් ගෙවා නිමකොට ඊට අදාළ හිමිකම් ඔප්පුව සඟසතුකොට පූජා කිරීමද, විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ‍්‍රී ශාස්ත‍්‍ර විශාරද ශාස්ත‍්‍රවේදී දොඩන්දෙනියේ නන්දසිරි නාහිමියන් රාමඤ්ඤ මහ නිකායේ ඉතාලියේ අභිනව ප‍්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීමද උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබීමක් පුරා වසර 20 ක් සමාධි විහාරස්ථානයේ උත්නතිය වෙනුවෙන් කැපවුණු ශ‍්‍රී ලාංකිකයන් උදෙසා උපහාර තිළිණ පිරිනැමීමද සංවිධානය කර තිබීමය.
 
 
 මුළු ඉතාලියේම ආවරණය වන පරිදි සියලූම විහාරස්ථානවල සහ ලංකාවේ මෙන්ම විදේශීය රටවලින් වැඩම වන ලද පනහකට අධික මහ සංඝරත්නයෙන්
Firenze  නගරයම කසාවතින් බැබලූවේ බොදු දහමට නව පුනර්ජීවයක්ද ලබා දෙමිනි.
 
 
 කඨින චීවරය රැුගත් මහ පෙරහැරක්ද සංවිධානය වි තිබුණේ පොදු සංවිධාන සහ
`Firenze, LuCA, Arezzo, සමාධි සිංහල පාසලේ  දරුවන් ඉදිරිපත් කළ නර්තනයක් මෙන්ම සම්ප‍්‍රාදියක බෞද්ධ උරුමයෙන් අලංකාර වූයේ දේශීය සංස්කෘතියට අති ගෞරවයක් එකතු කරමිනි.
 
 
 ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපතිතුමා සහ ත්‍සරුබ‘ැ නගර සභාවේ නගරාධිපතිතුමා මෙන්ම දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සමාධි විහාරයේ 20 වෙනි සංවත්සරය අවසන් වූයේ අති උත්කර්ෂවත් අන්දමිනි.
 
 
 ලලිත් හෙට්ටිආරච්චි - ඉතාලියේ


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles