Divaina - ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමෙන් පමණක් ස්ථාවරත්වය ලබාගත හැකිද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sajith499
 
 * විකල්පය ජවිපෙ විය යුතුය
 
 * පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වූයේ අස්ථාවර වූ රටකටය
 
 * රට අවුල් කළ එජාප-ශී‍්‍රලනිප හවුල
 
 * බිමල් හෙළිකළ ‘පැජට් රෝඞ්’ ගනුදෙනුව
 
 * පක්‍ෂ ‘මාරුව’ පරාජිතයන් පාර්ලිමේන්තුවට පත් කිරීම නතර කළ යුතුමය
 
 * මාර්තු 12 ව්‍යාපාරය නොඇසූ ප‍්‍රශ්න
 
 
 තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව ශී‍්‍ර ලංකාව අනාරක්‍ෂිත බව මුළු ලොවටම පෙන්වා දුන්නේය. ජීවිත 270ක් බිලිගත් ත‍්‍රස්ත ප‍්‍රහාරය 2019 නොවැම්බර් 16 ජනපතිවරණය නව අතකට යොමු කළේය. ද්‍රවිඩ ත‍්‍රස්තවාදය අතුගා දමා වසර 10 ට පසු එල්ල කළ ප‍්‍රහාරය ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නව කථිකාවක් ඇති කළේය.
 
 එම ප‍්‍රහාරයත් සමගම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට ඇති වඩාත්ම සුදුස්සා බවට පත්විය. ගෝඨාභය රාජපක්‍ෂ එම පාර්ශ්වයේ ප‍්‍රමුඛ අපේක්‍ෂකයා වීමත් සමගම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නමද එජාප ජනාධිපති අපේක්‍ෂකයා ලෙස කතා බහට ලක්විය. ෆොන්සේකා ද තමන් එම අභියෝගය පිළිගැනීමට සූදානම් බව පැවසීය.
 
 කෙසේ වෙතත් එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස තම දේශපාලන අභිලාෂය ඉටුකර ගත්තේය. කෙසේ වෙතත් පේ‍්‍රමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙනි. හංසයා ලාංඡුනයට හිමිකම් කියන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ හරහා එජාපය ප‍්‍රමුඛ කණ්ඩායමේ අපේක්‍ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන්නේ 2009 යුද්ධය අවසන් වූවායින් පසුව තුන්වැනි වරටය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ පවසන්නේ ඔහුගේ ප‍්‍රමුඛ කාර්යය ජාතික ආරක්‍ෂාව නැවත ස්ථාපිත කිරීම බවයි. ඔක්තෝබර් 25 දින නෙළුම් පොකුණ රඟහලේදී ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ප‍්‍රමුඛස්ථානය ජාතික ආරක්‍ෂාව විෂයට හිමි වීය.
 
 සජිත් පේ‍්‍රමදාසත් තමන්ගේද ප‍්‍රමුඛ කාර්යය ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම බව ප‍්‍රකාශ කර ඇත. ජාතික ආරක්‍ෂාව සහ නීතිය සහ සාමය අමාත්‍ය ධුර දෙකම ෆොන්සේකාට භාරදෙන බව සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කර ඇත.
 
 මීට පෙර පැවැති කිසිදු ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ආරක්‍ෂක ඇමැති ධුරය හෝ වෙන ඇමැති ධුරයක් ලබාදෙන බවට පොරොන්දුවක් දී නැත. ජාතික ආරක්‍ෂාව දැඩි අනතුරකට භාජන කළ පවතින එජාප රජය ෆොන්සේකා මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීම දෛවයේ සරදමකි.
 
 ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමෙන් රටේ ස්ථාවරත්වය ස්ථාපිත කළ නොහැක. ජාතික ආරක්‍ෂාව රටක ස්ථාවරත්වය තීන්දු කළ හැකි ප‍්‍රබලම සාධකයකි. ජාතික ආරක්‍ෂාව තහවුරු කළ පමණින් රටේ ස්ථාවරත්වය කිසි ලෙසකින්වත් ඇති කළ නොහැක.
 
 තරගකරුවෝ 35 ජනාධිපතිවරණ සටන් බිමේ සිටිති. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රධාන අපේක්‍ෂකයෝ වෙති.
 
 බහුජන සංවිධානයක් හරහා ඉදිරිපත්වී ඇති ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ප‍්‍රධානතම ‘විකල්ප’ අපේක්‍ෂකයාය. පවතින අසික්කිත දේශපාලන ක‍්‍රමයට සැබෑ අභියෝගයක් එල්ල කිරීමට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අනෙකුත් සිවිල් සංවිධානවලට සැබෑ වුවමනාවක් තිබුණේ නැත. සජිත් පේ‍්‍රමදාසට සහ ගෝඨාභය රාජපක්‍ෂට අභියෝග කිරීමට එම සියලූම සංවිධාන අනුර කුමාර දිසානායකට සහයෝගය දිය යුතුව තිබිණ. ඡුන්දදායකයා පවතින තත්ත්වය නිසියාකාරව තේරුම් ගතහොත් තම වටිනා ඡුන්දය අනුර කුමාර දිසානායකට දෙනු ඇත. ජවිපෙ 2010 සහ 2015 ජනපතිවරණයේදී එජාපය සමග සන්ධනාගත වීම සහ 2015 අගෝස්තුවේදී පත්වූ පාර්ලිමේන්තුවේ යම්තාක් දුරකට එජාපය සමග කටයුතු කිරීම පිළිබඳව පිළිකුලක් ලියුම්කරුට ඇත. නමුත් ජවිපෙට ඕනෑම පක්‍ෂයක් සමග සන්ධානගත වීමේ අයිතිය ඇත. මන්තී‍්‍රවරු හය දෙනකුගෙන් සමන්විත ජවිපෙ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ තම යුතුකම නිසි ලෙස ඉටුකර ඇත. උදාහරණ බොහෝ දිය හැක. ජවිපෙ මෑතකදී පාර්ලිමේන්තු ක‍්‍රමයේ නිරුවත පෙන්වා දුන්නේය. ජවිපෙ මන්තී‍්‍ර බිමල් රත්නායක ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ එජාප රජය අතර එතුමා නිල නිවස ලෙස පාවිච්චි කරනු ලබන පැජට් පාරේ රජයට අයිති නිවෙස් තුනක් එකතු කර සාදා ඇති ජනාධිපති නිල නිවෙස ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කළේය. එජාපයට, ශී‍්‍රලනිපයට සහ ඒකාබද්ධ විපක්‍ෂයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට පැජට් පාරේ නිවස සම්බන්ධයෙන් කතා කළ නොහැක.
 
 මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශී‍්‍රලනිපය සමග ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා සන්ධානගත විය. එම පක්‍ෂ දෙක 2020 මහා මැතිවරණයේදී ද සන්ධානයක් ලෙස තරග කරනු ඇත. එවැනි තත්ත්වයක් තුළ පැජට් පාරේ නිවස සම්බන්ධයෙන් එම පාර්ශ්ව දෙකම කතා නොකරනු ඇත.
 
 ජාතික ආරක්‍ෂාව සහ රටේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් සාකච්ඡුා කළ යුත්තේ පවතින දේශපාලන තත්ත්වය පදනම් කරගෙනය. පැජට් පාරේ නිවස සම්බන්ධයෙන් මන්තී‍්‍ර බිමල් රත්නායක සහ මුදල් ඇමැති මංගල සමරවීර අතර ඇතිවූ වචන හුවමාරුව අන්තර්ජාලයේ ඇත. මුළු පාර්ලිමේන්තු ක‍්‍රමයම දේශපාලන පක්‍ෂ තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයට කි‍්‍රයාත්මක කරනවාදැයි පෙනේ. රට අස්ථාවර වූයේ තව්හිද් ජමාත් මිනීමරුවන් පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට පෙරය. තව්හිද් ජමාත් ප‍්‍රහාරය ඇත්ත වශයෙන්ම රට අස්ථාවර වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වා දීම වරදක් නැත. ඇත්ත වශයෙන්ම තව්හිද් ජමාත් ප‍්‍රහාරය නිසැකවම පැවතුණ අස්ථාවර භාවය තිව‍්‍ර කිරීමට කළ මෙහෙයුමක් බව පැහැදිලිය.
 
 ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තවාදී සංවිධානයේ අනුදැනුම මත මෙම ප‍්‍රහාරය එල්ල කළ බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු රජය පාර්ශ්වය ප‍්‍රකාශ කළත් අපේ‍්‍රල් 21 අපරාධය විමර්ශනය කළ පාර්ලිමේන්තු කාරක සභාව ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තයන් පිළිබඳව කිසිදු සඳහනක් කරන්නේ නැත.
 
 එජාප-ශී‍්‍රලනිප හවුල රට අස්ථාවර කළේය. ජනාධිපතිවරණයෙන් දින 50 කට පසු මහ බැංකුව මංකොල්ල කෑවේය. යහපාලනය කඩාවැටුණේ එදාය. මහා මැතිවරණයක් නොතබා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස අගමැති ලෙස පත්කළ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලූ පක්‍ෂ මෙම තත්ත්වයට වගකිවයුතුය. රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ ඔහුගේ මන්තී‍්‍ර කණ්ඩායමේ මන්තී‍්‍රවරු අවම ලෙස 50 ක් සිටියේ නැත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් එවකට හිමි අගමැති දි. මු. ජයරත්න එම තනතුරෙන් ඉවත් කර රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප‍්‍රධානියා කිරීමට කටයුතු කළ සියලූම මහජන නියෝජිතයෝ රට අස්ථාවර කිරීමේ හවුල්කරුවෝය. 2015 ජනවාරි 09 සිට 2015 ජුනි 26 පාර්ලිමේන්තුවේ බලය හිමිකර ගත් මන්තී‍්‍රවරු 50 නොමැති සුළුතර රජය රටට කළ විපත බරපතළය. පවතින අස්ථාවර භාවයට හේතුව 2015 ජනවාරි 09 අගමැති මාරුව බව තේරුම් ගැනීමට අපහසු නැත.
 
 අගමැතිකම ලබාගත් රනිල් වික‍්‍රමසිංහ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපතිකමට පත් කළේය. එම පත් කිරීමට විරුද්ධ වූ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හෝ කැබිනට් මණ්ඩලයේ කිසිදු සාමාජිකයකු කිසිවක් කළේ නැත.
 
 මහ බැංකුව කැඩූ කණ්ඩායම රටේ ආර්ථිකයට එල්ල කළ බලපෑම තව්හිද් ජමාත් පාස්කු ප‍්‍රහාරය හේතුවෙන් ආරක්‍ෂාවට සහ ආර්ථිකයට කළ අපරාධය සමග සංසන්දනය කරන්න. එලෙස කිරීමේ කිසිදු වැරැුද්දක් නැත.
 
 පළමුවැනි මහ බැංකු වංචාව යටපත් කිරීමට ශී‍්‍රලනිපය කටයුතු කළේය. පාර්ලිමේන්තුව 2015 ජුනි 26 විසුරුවා හැර විමර්ශන යටපත් කිරීමට කටයුතු කළේය. නැවතත් රවි කරුණානායක මුදල් ඇමැති ලෙස පත් කළේ ජනාධිපති සිිරිසේනය. එම පත්වීම 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව කිරීම අදටත් ප‍්‍රහේළිකාවකි. අර්ජුන මහේන්ද්‍රන් නැවතත් 2016 මාර්තු 29 කි‍්‍රයාත්මක විය. මහ බැංකුව නැවත කොල්ලකෑවේය. මෙම මහ වංචා දෙක සිදුවී මාස 10 ක් යනතුරු ජනාධිපති කොමිසම පත් කිරීම කළේ නැත.
 
 2017 ජනවාරි කොමිසම පත්කර රජය නිදාගත් බව රහසක් නොවේ. 2017 දෙසැම්බර් මස වාර්තාව ජනාධිපතිට භාරදුන් අතර 2018 මුල එය පාර්ලිමේන්තුවට භාරදුනි.
 
 පාර්ලිමේන්තුව එම වාර්තාව විවාදයට ගත්තේ නැත. මෙවැනි පාර්ලිමේන්තුවක් කි‍්‍රයාත්මක වන තත්ත්වයක් මත රට අස්ථාවර කිරීමට තව්හිද් ජමාත් හෝ ද්‍රවිඩ කොටි ත‍්‍රස්තවාදී අවතාර අවශ්‍ය නැත.
 
 ආරක්‍ෂාව තහවුරු කිරීම ශී‍්‍ර ලංකාව නැවත ස්ථාවර කිරීමේ වෑයමේ ප‍්‍රධාන සාධකයක් විය යුතුය. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යය. ආරක්‍ෂාව යම්තාක් දුරකට දේශීය හෝ විදේශීය සතුරු බලවේගවල ඉලක්කයක් විය හැක. එසේත් නැතහොත් විදේශීය බලවේග සමග සන්ධානගත වී ඇති දේශීය කණ්ඩායම් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා විය හැක. තර්ජනය මොනයම් ආකාරයට පැමිණියත් පාර්ලිමේන්තුව ස්ථාවර නම් කිසිදු බලවේගයකට රට උඩුයටිකුරු කළ නොහැක. 2009 මැයි මස ද්‍රවිඩ ත‍්‍රස්තවාදය අවසන් කිරීමට දේශපාලන ස්ථාවරත්වය විශාල පිටිවහලක් විය. එවකට ජනපති මහින්ද රාජපක්‍ෂ යුද්ධය මෙහෙයවීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ලබා දුන්නේය. එවකට එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇතුළත් කර ගත්තේය. එජාපය දෙවරක් 2005-2009 කාලය තුළදී අයවැයේදී රජය පැරදවීමට උත්සාහ ගත් බව රහසක් නොවේ. පාර්ලිමේන්තු ඉතිහාසය අතිශය ¥ෂිතය. අයවැය පරදා ද්‍රවිඩ ත‍්‍රස්තවාදීන්ට එරෙහි ඒකාබද්ධ හමුදා මෙහෙයුම කඩාකප්පල් කිරීම එජාප ප‍්‍රමුඛ බලවේගයේ දුෂ්ට අරමුණ විය. එජාප ප‍්‍රයත්නය සාර්ථක වූවානම් වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට එරෙහි මෙහෙයුම යුද හමුදාව කිළිනොච්චියට ළඟා වීමට පෙර නතර වන බවට සැකයක් නැත. හතරවැනි ඊළාම් යුද්ධය තීරණාත්මක අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යම් මන්තී‍්‍රවරුන්ට විදේශීය ගණිකාවන් පවා ලබාදීමට සූදානමක් තිබූ බව මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම ලියුම්කරුද එම මාධ්‍ය හමුවට සහභාගී විය. මන්තී‍්‍රවරුන් මිලදී ගැනීම මගින් පවතින රජය අස්ථාවර කර ත‍්‍රස්තවාදයට එරෙහිව කරන මෙහෙයුම නතර කිරීමට දේශපාලන පක්‍ෂ උත්සාහ කළ රටක ජාතික ආරක්‍ෂාව අනතුරේ බව මතක තබා ගන්න.
 
 පාර්ලිමේන්තුව අදවන තුරු ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළුෑ කිසිදු මන්තී‍්‍රවරයෙකුට එරෙහිව කිසිදු ¥ෂිත කි‍්‍රයා මාර්ගයක් ගෙන නැත. ප‍්‍රධාන දේශපාලන බලවේග ජාතික ආරක්‍ෂාව සහතික කිරීමට පොරොන්දු වී ඇත. සජිත් පේ‍්‍රමදාස ප‍්‍රමුඛ හංසයා ලාංඡුනයෙන් තරග කරන බලවේගය සහ ගෝඨාභය රාජපක්‍ෂ නායකත්වය දෙන පොහොට්ටුව ලකුණෙන් දේශපාලන පොරපිටියේ සිටින පක්‍ෂය ආරක්‍ෂාව පිළිබඳව සහතිකය ඇතුළු බොහෝ පොරොන්දු දී ඇත.
 
 නමුත් දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට මෙම බලවේග කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය පැහැදිලි නැත. ජනාධිපතිවරණයෙන් කුමන පාර්ශ්වය ජයග‍්‍රහණය කළත් එම පක්‍ෂය පාර්ලිමේන්තුවේ බලය ස්ථාවර කර ගැනීමට උත්සාහයක් කරනු ඇත.19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව 2020 මහ මැතිවරණය 2020 මාර්තු මාසයට පෙර පැවැත්විය නොහැක. ඊට පෙර මහ මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය. ජනාධිපතිවරණයේදී පරාජය වන පක්‍ෂය සන්ධානය එවැනි යෝජනාවකට කිසිසේත් එකඟ නොවනු ඇත. එවැනි තත්ත්වයක් තුළ පරාජිත කණ්ඩායම නියෝජනය කරනු ලබන මන්තී‍්‍රවරු ‘මිලට’ ගැනීමට උත්සාහ කරනු ඇත. නමුත් එවැනි කි‍්‍රයාදාමයක් ප‍්‍රායෝගිකද? එවැනි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළ හැකි හැකියාව විමසා බැලිය යුත්තේ වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය සැලකීමට ගෙනය.
 
 හංසයාට සහයෝගය දෙනු ලබන මන්තී‍්‍රවරු සංඛ්‍යාව පොහොට්ටුව සමග සිටින මහජන නියෝජිතයන්ගේ ගණනට වඩා වැඩිය. නමුත් සරල බහුතරය නැත. 2018 ඔක්තෝබර් 26 ජනපති මෛති‍්‍රපාල සිරිසේන කි‍්‍රයාත්මක කළ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය එජාපය ජයග‍්‍රහණය කළේය. එම ජයග‍්‍රහණයට හේතුව මෛති‍්‍රපාල සිරිසේන-මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ සරල බහුතරය පෙන්වීමට නොහැකි වීමයි. නමුත් රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් නැවතත් 2018 දෙසැම්බර් තුන්වන සතියේ නැවතත් රජය පිහිටුවීය. නමුත් 113 පෙන්වීමට අද දක්වා නොහැකි විය. ද්‍රවිඩ ජාතික සන්ධානය මෛති‍්‍රපාල සිරිසේන-මහින්ද රාජපක්‍ෂ සන්ධානයට එරෙහි නමුත් එජාප රජයේ අමාත්‍යධුර භාර ගැනීමට සූදානම් නැත.
 
 වර්තමාන මන්තී‍්‍රවරු පක්‍ෂ මාරු කිරීම හේතුවෙන් මුළු පාර්ලිමේන්තුවම උඩු යටිකුරු කර තිබේ. 2015 19 වන සංශෝධනය හරහා පක්‍ෂ මාරු කිරීම තහනම් කිරීමට තිබිණි. නමුත් මන්තී‍්‍රවරු කණඩායමක් එම යෝජනාවට බලවත් ලෙස විරුද්ධ විය. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද නියෝජනය කරනු ලබන කණ්ඩායම පක්‍ෂ මාරුව තහනම් කළහොත් තමන් 19 වැනි සංශෝධනයට සහයෝගය නොදෙන බවට තර්ජනය කළේය.
 
 තව්හිද් ජමාත් සහ ද්‍රවිඩ ත‍්‍රස්තවාදය නැවත නැගීටීම වැළැක්වීමට ගතහැකි සියලූ ආරක්‍ෂක පියවර ගත යුතුය. එම කි‍්‍රයා මාර්ගවලට සමගාමීව පාර්ලිමේන්තු ක‍්‍රමය නිසියාකාර ලෙස ප‍්‍රතිස්ථාපනය කළ යුතුය. ඇමරිකාව සමග ගිවිසුම් හරහා පාර්ලිමේන්තුව යහපත් කළ නොහැක. 2016 අග භාගයේ පාර්ලිමේන්තුව සහ ඇමරිකාව එකඟවූ
 
 රු. බිලියන 1.92 වටිනා (ඇමරිකානු ඩොලර් මිලියන 13* වටිනා ගිිවිසුම කි‍්‍රයාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රටට හෙළි කළ යුතුය. නොවැම්බර් 16 ජනපතිවරණයට පෙර එම හෙළි කිරීම කළ යුතුය.
 
 කථානායක කරු ජයසූරියගේ උපදේශක හිටපු විදේශ ලේකම් සහ ඇමරිකාවේ හිටපු තානාපති ප‍්‍රසාද් කාරියවසම් මෙම කටයුත්තේදී කුමන ආකාරයට කටයුතු කරන ආකාරය වැදගත්ය. ප‍්‍රසාද් කාරියවසම් කථානායක උපදේශක තනතුරට පත්කළේ ඇමරිකානු බදු මුදල් හරහාය. පසුව පාර්ලිමේන්තුව ඔහුගේ චේතනය සහ අනෙකුත් පහසුකම් ලබාදීමේ වගකීම ගත්තේය.
 
 ඇත්ත වශයෙන්ම වසර තුනකින් අවසන් කිරීමට නියමිත මේ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව සහ ඇමරිකාව අතර ගිවිසුම ප‍්‍රකාර රුපියල් බිලියන 1.92 මුදල වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් අවශ්‍යය. විදේශීය උපදෙස් හරහා පාර්ලිමේන්තු ක‍්‍රමය යහපත් කිරීම හෝ ස්ථාවර කළ නොහැක. මහජන නියෝජිතයෝ කිසිවෙකු පිළිබඳව විශ්වාසයක් නැත. ජනාධිපති පාර්ලිමේන්තුවේ 225, පළාත් සභාවල 455 සහ 8,000 ට අධික සාමාජිකයන් සිටින පළාත් පාලන ආයතන ව්‍යුහය සම්බන්ධයෙන් ජනතාවට ඇත්තේ කල කිරීමකි. පාර්ලිමේන්තු ක‍්‍රමයම විකාර ස්වරූපයක් ගෙන ඇත. පක්‍ෂ මාරු කිරීම සහ ජාතික ලැයිස්තුව හරහා කරනු ලබන පත්වීම් ඉතාමත් නරක අතට හැරී ඇත. මීට පෙරද පාර්ලිමේන්තුවේ පක්‍ෂ මාරු කිරීම් සිදුවිය. 2001 චන්දි‍්‍රකා කුමාරණතුංග රජය පෙළීමට මන්තී‍්‍රවරු 13 එජාපයට එකතු වීම සහ 2006 දී එජාපයෙන් මන්තී‍්‍රවරු 17 මහින්ද රාජපක්‍ෂට එකතු වීම සිදුවිය. නමුත් 2015 සිට මන්තී‍්‍රවරු තමන්ට රිසි සේ පක්‍ෂ මාරු කරමින් මුළු පාර්ලිමේන්තු ක‍්‍රමයම අගතියට පත්කර ඇත. මෙම අවාසනාවන්ත තත්ත්වය නැති කිරීමට අවශ්‍ය නීති නොපමාව පැනවිය යුතුය.
 
 සජිත් පේ‍්‍රමදාස සහ ගෝඨාභය රාජපක්‍ෂ දෙදෙනාම පාර්ලිමේන්තුව ස්ථාවර කිරීම හරහා ශී‍්‍ර ලංකාවේ ස්ථාවරත්වය ස්ථාපිත කළ යුතුය. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම රටේ ස්ථාවරත්වය ඇති කිරීම සමග පටලවා නොගත යුතුය. රට අස්ථාවර කිරීමට පාර්ලිමේන්තුවට ආයතනයක් ලෙස හෝ ජනතා නියෝජිතයන්ට අවසර නැත. ජාතික ලැයිස්තුව හරහා කරන පත්වීම් ඇත්ත වශයෙන්ම සංගීත පුටු තරගයක් බවට පත්කර ඇත.
 
 මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට මාදුළුවාවේ සෝභිත හිමි සමග පෙරමුණ ගත්තේ පූජ්‍ය අතුරලියේ රතන හිමිය. පූජ්‍ය අතුරලියේ රතන හිමි හයවන පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරයකු ලෙස
 
 ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් තේරී පත්විය. 2010 අපේ‍්‍රල් මැතිවරණයේදී උන්වහන්සේ ජාතික හෙළ උරුමයේ සාමාජිකයකු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළේය. 2014 මහින්ද රාජපක්‍ෂ පාලනය අවසන් කිරීමට පූජ්‍ය රතන හිමි පූජ්‍ය සෝභිත හිමි සමග එක්විය. කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට ඒ වන විට පත්වී සිටි එජාපයට නායකත්වය දීමට එම දෙපළ සමත්විය. එජාප-ජාතික හෙළ උරුමය අතර ගිවිසුම අනුව ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් හිමිවිය. එම මන්තී‍්‍ර ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලැබිණි. ඒ අනුව 2015 අගෝස්තු මස පාර්ලිමේන්තු ඡුන්දයෙන් පසුව උන්වහන්සේ ජාතික ලැයිස්තුවෙන් මැති සබයට ඇතුළු විය. අන් සියලූම මන්තී‍්‍රවරු ලෙසම රුපියල් ලක්‍ෂ 330 ක් වටිනා තීරු බදු රහිත වාහනයක් ආනයනය කිරීමේ අවස්ථාව උන්වහන්සේටද ලැබිණි.
 
 තීරුබදු රහිත එම වාහනය උන්වහන්සේ විකුණා දැම්මේය. මීට පෙර මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින එජාප, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග‍්‍රස් මන්තී‍්‍රවරු තමන්ගේ වාහන විකුණා දැමූ බව රහසක් නොවේ. 2017 පූජ්‍ය අතුරලියේ රතන හිමි එජාපයෙන් ඈත්විය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සමග කාලයක් කටයුතු කළේය. මෑතකදී ගෝඨාභය රාජපක්‍ෂට එකතු විය. පොහොට්ටුවට සහයෝගය දීමේ කිසිදු වරදක් නැත. නමුත් තමුන්ට ලැබුණ ජනවරම තම පක්‍ෂයට එරෙහිව යොදා ගැනීම අනුමත කළ හැකිද? ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂද එජාප මන්තී‍්‍ර ධුරයේ සිටම ගෝඨාභය රාජපක්‍ෂට සහයෝගය පළ කළේය. එම දෙපළට අමතරව ආනන්ද අලූත්ගමගේ, දුනේෂ් ගන්කන්ද එජාපයට පිටුපා ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වී ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. වියෙලේන්ද්‍රන් ද තම කණ්ඩායම අගතියට පත්කර ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවී ඇත. තමන් පාර්ලිමේන්තුවට යැවූ ඡුන්දදායකයන්ට එරෙහිව යෑම කිසි ලෙසකින් පිළිගත නොහැක. තම පිල මාරු කිරීම ව්‍යවස්ථාවෙන්ම ඇහිරීමට කාලය පැමිණ ඇත.
 
 පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රටේ ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට පක්‍ෂ මාරුව නැවතිය යුතුමය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු ගණනාවක්ද එජාපයට එකතුවී ඇත. විජිත් විජයමුනි සොයිසා ඒ. එච්. එම්. ෆවුසි සහ මනුෂ නානායක්කාර එම කණ්ඩායමේ සාමාජිකයෝය.
 
 ජාතික ලැයිස්තුව පරාජිතයන්ගෙන් පුරවා ඇත. පත්කළ හැකි මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව 29 කි. එම සංඛ්‍යාවෙන් දුසිමක් පමණ ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ අපේක්‍ෂකයන් වීම ඛේදවාචකයකි. මැතිවරණ දෙපාර්තමේන්තුව සහ 2016 අග 19 වැනි සංශෝධනය හරහා පිහිටුවූ මැතිවරණ කොමිසම පරාජිතයන් ජාතික ලැයිස්තුව හරහා පත් කිරීම සම්බන්ධයෙන් නිහඬය. 2015 මහ මැතිවරණයෙන් පසුව පළමු වරට වෙනත් පක්‍ෂයකින් තරග කර පරාද වූ අපේක්‍ෂකයකු වෙනත් පක්‍ෂයක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත් බව ජනතාවටද අමතකය.
 
 2015 මහා මැතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයෙන් තරග කර කොළඹ ඡුන්දදායකයන් ප‍්‍රතික්‍ෂේප කළ සරත් ෆොන්සේකා 2016 පෙබරවාරි එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුල් විය. ෆොන්සේකා එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන හදිසියේ මිය යෑමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවිය.
 
 රටේ ස්ථාවරය පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වය මත රඳා පවතී. පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වය ඇති කිරීමට පක්‍ෂ මාරු කිරීම සහ ප‍්‍රතික්‍ෂේප කළ අපේක්‍ෂකයන් ජාතික ලැයිස්තුවෙන් මැති සබයට ගැනීම අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාව හරහා අහුරා දැමිය යුතුය. මෙම සාධක දෙකට අමතරව ජනාධිපති සමාව ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුය. අධිකරණයෙන් වරදකරුවකු කළ කිසිවෙකු නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබිය යුතු නැත. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්‍ෂකයන්ට ෆැපරල් ආයතනය ඔක්තේබර් 05 සංවිධානය කළ වැඩසටහනකදී පහත සඳහන් ප‍්‍රශ්න ඉදිරිපත් කළේය.
 
 * නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම් සහ ජාතික ආරක්‍ෂාව සුරැුකෙන පරිදි ආයතනික ව්‍යුහයන් ඔබ ශක්තිමත් කරන්නේ කෙසේද?
 
 * රාජ්‍ය ණය සහ අයවැය පරතරය කළමනාකරණය කරමින්, තිරසාර ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට ඔබට ඇති සැලසුම් කවරේද?
 
 * ශී‍්‍ර ලාංකීය අනන්‍යතාව ගොඩනැඟීමේදී වාර්ගික සහ ආගමික අයාතිවාසිකම් තහවුරු කරන්නේ කෙසේද?
 
 * අනාගතයේ ශී‍්‍ර ලංකාවට අවශ්‍ය මානවයා කවර ආකාරයේ කෙනෙක් විය යුතු යැයි ඔබ සිතන්නේද? ඒ සඳහා අධ්‍යාපනය යොදා
 
 ගැනීමට ඔබට ඇති වැඩපිළිවෙළ කුමක්ද?
 
 පැෆරල් නොහොත් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ප‍්‍රමුඛ මාර්තු 12 ව්‍යාපාරය සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී සජිත් පේ‍්‍රමදාස සහ අනුර කුමාර දිසානායක ඇතුළු අපේක්‍ෂකයන් කිහිප දෙනකු එකම වේදිකාවකට ගෙන ඒමට සමත්විය. ගෝඨාභය රාජපක්‍ෂ එම අවස්ථාවට පැමිණියේ නැත. මාර්තු 12 ව්‍යාපාරය පක්‍ෂ මාරු කිරීම, පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු කිරීම, අසික්කිත ජනාධිපති සමාව අහෝසි කිරීම සහ අප රට තවදුරටත් පීඩාවට පත් කරමින් ඇති ‘ජිනීවා මර උගුල’ පිළිබඳව විමසිය යුතුව තිබිණි. මාර්තු 12 ව්‍යපාරය අපේක්‍ෂකයන්ට ප‍්‍රසිද්ධියේ ඇසූ ප‍්‍රශ්න ඊට පෙර ලබාදුන් බව රහසක් නොවේ.
 
 අප රට බරපතළ අනතුරක බව පැහැදිලිය. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ප‍්‍රධාන පක්‍ෂ සිවිල් සංවිධාන සහ මාධ්‍ය රටේ ස්ථාවරත්වයට බලපාන සාධක සැබෑ ලෙස සාකච්ඡුා කළ යුතුය.
 
 
 ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles