Divaina - මැරුවාද විදුලි සැර වැදුනාද? මළ සිරුරක් හෙළිකල අභිරහසක්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

dead499
 
 
කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප‍්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙනි.විලියම් අයියා හැටතුන් හැවිරිදි වියේ පසු වූ අයෙකි. ඔහු දරුවන් පස් දෙනකුගේ පියෙකි. විලියම් අයියාගේ දූ දරුවන් සියලූ දෙනාම විවාහ වී සිටි අතර ඔහු බිරිඳත් සමග වැල්ලකරය ආශ‍්‍රිත ගම්මානයක පදිංචිව සිටියේය. විලියම් අයියා මැදිවියේ පසුවූ අයෙකි. ඔහු පෙදරේරුවකු ලෙස රැකියාව කළේය. විලියම් අයියා ගමේ ජනප‍්‍රිය පුද්ගලයෙකි.
 
 ගමේ හැම පොදු වැඩකදීම විලියම් අයියා පෙරමුණ ගෙන කටයුතු කළේය. ගමේ තොවිල් පොලක් මළ ගෙදරක් දාන ගෙයක් සහ බණ ගෙදරක් විලියම් අයියාගෙන් මග හැරුණේ ඉතා කලාතුරකිනි. ඔහු මළ ගෙවල්වල හා දාන පලවල් වල අළුයම වන තෙක් නිදි වැරුවේය. එවැනි අවස්ථාවල විලියම් අයියා රැුකියාවට ගියේ නැත. ගමේ කොයි කවුරුත් සමග විලියම් අයියා ඉතා සුහදව කටයුතු කළේය.
 
 විලියම් බාස් උන්නැහේ ගැන කීවොත් ඔහු ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. විලියම් අයියාට ගෝල බාලයින් පිරිසක්ද සිටියහ. ඔහු තම ගෝලබාලයන් සමග ඈත එපිට දුරබැහැර ප‍්‍රදේශවලද ගොස් රැුකියාව කළේය. විලියම් බාස්ගේ එක් ගෝලයකු ඔහුත් සමග අමනාපයෙන් සිටියේය. එහෙත් ගෝලයා ඒ බව හැඟවූයේ නැත. විලියම් බාස් නැති තැන ඔහු විවේචනය කළේය. මේ ආරංචිය විලියම් බාස්ගේ පවුලේ අයගේ කනටද වැටී තිබුණි. විලියම් බාස්ට මම හොඳ වැඩක් කරනවා. මිනිහ හදන්නේ අපෙන් වැඩ ගන්න විතරයි. හරියට දවසේ කුලියවත් බේරන්නේ නැහැ. එක්දිනක් ගෝලයා තම හිතවතුන් පිරිසක් සමග කීවේය. එහෙත් විලියම් බාස් ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. එක් දිනක් විලියම් බාස් මෙකී ගෝලයා සමග දෙමහල් නිවසක වැඩට ගියේය.
 
 විලියම් බාස් සහ ගෝලයා දෙමහල් නිවසේ වැඩ කරමින් සිටියහ. එකවරම බුදු අම්මෝ කියා කෑගසන ශබ්දයත් සමග නිවෙස් හිමියා පැමිණෙන විට විලියම් බාස් ලේ පෙරාගෙන බිම වැටී සිටියේය. ඔහු කරාපිටිය හික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියේය. ගෝලයා විලියම් බාස් දෙමහල් නිවසින් පහළට තල්ලූ කරලා. විලියම් බාස් එක්ක ගෝලයා හිටියේ තරහෙන්. මේ කථාව ලැව් ගින්නක් ලෙස ගම පුරා පැතිරී ගියේය. විලියම් බාස්ගේ පවුලේ අයගෙන්ද ගෝලයාට චෝදනා එල්ලවන්නට විය. උඩ තට්ටුවේ සිටි විලියම් බාස් පහළට වැටුණේ කෙසේද මේ ගැන කොයිකාටත් ප‍්‍රශ්නයක් විය. විලියම් බාස්ගේ ගෝලයා විසින් ඔහු උඩුමහලෙන් තල්ලූකොට ඇති බවට පොලිසියේ පැමිණිල්ලක්ද සටහන් විය. පොලිසිය විසින් ද විලියම් බාස්ගේ මරණය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේය. පොලිසියේ සොකෝ නිලධාරීන්ද පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකරනු ලැබීය.
 
 විලියම් බාස්ගේ ගෝලයාගෙන් පොලිසියද ප‍්‍රශ්න කොට ප‍්‍රකාශයක් සටහන් කරගත්තේය. මම නම් මේ වගේ දෙයක් කළේ නැහැ. බුදු අම්මෝ කියන ශබ්දයට තමයි මමත් ඇවිත් බැලූවේ ඔහු ඒ වනවිට බිම වැටී සිටියා විලියම් බාස්ගේ ගෝලයා කීවේය.
 
 විලියම් බාස්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාය. සැබැවින්ම විලියම් බාස් බිමට වැටුනාද නැතිනම් ගෝලයා විසින් බිමට තල්ලූ කළාද මෙය පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගතයුතු දෙයකි. විලියම් බාස්ගේ සුසුම්නාවට දැඩිලෙස හානිවී තිබුණි. අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා විලියම් බාස්ගේ සිරුර බාහිරව පරීක්ෂා කළේය. ඔහුගේ දෑත්වල විශේෂ වර්ගයේ තුවාල දක්නට විය. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් එම තුවාල ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළේය. දෑත්වල විශේෂිත ආකාරයේ පිළිස්සුම් තුවාල කිහිපයක් විය. සමහරක් තුවාල කළු පැහැගැන් වී තිබුණි.
 
 මෙවැනි තුවාල දැකගතහැකි වන්නේ අධිබලැති විදුලි සැර වැදුණු අවස්ථාවකදී බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිගමනය විය. විලියම් බාස්ට විදුලිසර වැදුණේ කෙසේද එය තවත් ප‍්‍රශ්නයකි. ඒ නිසා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් කිරීමට එම ස්ථානයට ගියේය. මෙකී දෙමහල් නිවස අසලින් අධිබලැති විදුලි රැුහැන් පද්ධතියක් තිබුණි. දෙමහල් නිවසට පහළින් යකඩ කූරක් වැටී තිබුණේය. විලියම් බාස් මෙකී යකඩ කූර භාවිත කොට තිබුණේය. යකඩ කූර අධිබලැති විදුලි රැුහැන් පද්ධතියේ ගැටී විලියම් බාස්ට විදුලි සර වැදීමෙන් ඔහු බිමට වැටී ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.
 
 මෙම බාස් උන්නැහේ මියගොස් තිබුණේ විදුලි සර වැදීමෙන් නෙවෙයි. විදුලි සර වැදිලා මොහු දෙමහල් ගොඩනැගිල්ලෙන් බිමට වැටිලා සුසුම්නාවට බරපතළ හානිවෙලා තිබුණා. ඒ තුවාල වලින් තමයි මොහු මියගොස් තිබුණේ. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා කීවේය. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු විලියම් බාස්ගේ ගෝලයාට එල්ල වූ චෝදනාවලින් ඔහු නිදහස් විය.
 
 ලලිත් චාමින්ද


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles