Divaina - අලූත්ම ක්‍රොකඩයිල් හන්ටර් මෙන්න...! කිඹුලන් සමග දිවිගෙවන ආචාර්ය රුචිර සෝමවීර.... ඔස්ටේ‍්‍රලියාවේ හිටියත් ඔහු ශ‍්‍රී ලාංකිකයෙක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

kora1
 
  ‘ක්‍රොකඩයිල් හන්ටර්’ නමින් වූ චරිතයක් ලෝක ප‍්‍රසිද්ධ වනජීවී රූපවාහිනී නාළිකා තුළ ප‍්‍රකටව සිටියා අපට මතකය. එම අන්වර්ථ නාමයෙන් හැඳින් වූ ඔස්ටේ‍්‍රලියානුවා ‘ස්ටීවන් රොබර්ට් අර්වින්’ ය. ඔස්ටේ‍්‍රලියාවේ සත්වෝiාන පාලකවරයකු, සත්ත්ව සංරක්‍ෂණවේදියකු, වනජීවීන් පිළිබඳ විශේෂඥයකු වූ ‘අර්වින්’, මේ සියල්ලටත් වඩා ප‍්‍රසිද්ධ වූයේ උරගයන් පිළිබඳ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වශයෙනි. ඔහු සේම ඔහුගේ දරු පවුලම ඒ කටයුතු සඳහා දායක වෙමින් කාගේත් අවධානය දිනාගත්හ. එනමුත් ලොව පුරා ඔහුගේ රසිකයන්ගේ නෙතඟට කඳුළක් එක්කරමින් ‘ස්ටීවන්’ අර්වින්, නොහොත් ‘ක්‍රොකඩයිල් හන්ටර්’ 2006 වසරේදී අප අතහැර ගියේ මෙවන් රූපවාහිනී වැඩසටහනක් රූගත කරමින් සිටින අතරතුර මුහුද යටදී යෝධ මඩු මත්ස්‍යයකුගේ තියුණු වල්ගා පහරකින් පපු කුහරය සිදුරු වී යෑම හේතුවෙනි. එනමුත් ලොවක් අමන්දානන්දයට පත්කළ මේ මිනිසා අදත් අප හදවත් තුළ පැළ පදියම්ව ඇත.

 

kora2
 
 මට හදිසියේම ‘ක්‍රොකඩයිල් හන්ටර්’ මතක් වූයේ නූතන ක්‍රොකඩයිල් හන්ටර්වරයකු අර්වින්ගේ නිජ භූමිය කළඹමින් හා අර්වින්ගේ භූමිකාවට පණ පොවමින් සිටින රූප රාමු පෙළක් දැකගන්නට ලැබීමෙනි. ඔහු ශ‍්‍රී ලාංකිකයකු වීම ද මෙහි ඇති විශේෂත්වයයි. දැනටත් ඔස්ටේ‍්‍රලියාවේ ‘පර්ත්’ හි පදිංචිව හිඳිමින් ඔස්ටේ‍්‍රලියාවේ ජාතික විiා නියෝජිතායතනය යටතේ පවතින පොදුරාජ්‍ය මණ්ඩලීය විiා සහ කර්මාන්ත සංවිධානයේ (CSIRO) පර්යේෂණ විඥයකු සේ කටයුතු කරන ඔහු, රුචිර සෝමවීර තරුණ විඥයාය. රුචිර පිළිබඳව මීට පෙර ලිපි දෙකකින්ම අපි ඔබට කරුණු කියා ඇත්තෙමු. එහිදී ඔහු ඔස්ටේ‍්‍රලියාව ඇතුළු මහද්වීප හතරක එකවර උරගයන් පිළිබඳව පර්යේෂණ සිදුකරමින් උරගයන් පිළිබඳව දැනුම සමාජගත කරන්නට ගන්නා උත්සාහයත්, උරගයන්ගේ හැසිරීම් රටා අධ්‍යයනයෙන් ඔවුන් සංරක්‍ෂණයට ලබාදෙන දායකත්වය ගැනත් කතා කළෙමු.

 

kora3
 
cro2 සැබැවින්ම ලොව නොයෙකුත් උරගයන් අතරේ ආචාර්ය රුචිර සෝමවීර වඩාත්ම ප‍්‍රිය කරන උරග කාණ්ඩය කිඹුලන් යැයි මට සිතෙන්නේ කරුණු දෙකක් නිසාය. එකක් ඔහු ශ‍්‍රී ලංකාවේ පශ්චාත් උපාධියෙන් පසුව ඔස්ටේ‍්‍රලියාවට යන්නේ ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහාය. එහිදී ඔහු ඒ සඳහා අධ්‍යයන ක්‍ෂෙත‍්‍රය වශයෙන් යොදාගන්නේ ඔස්ටේ‍්‍රලියාවට ආවේණික කිඹුලකු පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වීමය. මේ අනුව රුචිර එම කිඹුලා (Crocodylus johnstoni) පිළිබඳව සිදුකරන ලද අධ්‍යයන හා පර්යේෂණ නිබන්ධනය ඇසුරෙන් ආචාර්ය උපාධිය හිමිකර ගන්නා ලදී. එසේම අනෙකුත් උරගයන්ට වඩා රුචිර කිඹුලන් ඇල්ලීම, ඔවුන්ගේ තොරතුරු අධ්‍යයනය සඳහා මහත් උනන්දුවක් ගන්නා බව පෙනේ. එසේ හෙයින් ඔහු ඇසුරෙන් ප‍්‍රකට වී ඇති ඡුායාරූප ගොන්නේ වැඩිපුරම ඇත්තේ කිඹුලන් අල්ලාගනු ලබන ඡුයාරූපය. ඒ කොතෙක් ද යත් රුචිර තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන කාලයේ වසර තුනකටත් වඩා වැඩි කාලයක් ගතකර ඇත්තේ පර්ත් හි සිට බොහෝ දුර බැහැර ප‍්‍රදේශයක (කිම්බලි* ‘කැරවෑන්’ රථයකට වීය. එම කාලය පුරාවට ඔහු විසින් සිදුකරන ලද්දේ කිඹුලන් අල්ලා කරන ලද පර්යේෂණය. මේ නිසා ‘ක්‍රොකඩයිල් හන්ටර්’ වරයකු වූ රුචිර ඒ මතු ද නොව එම තොරතුරු සුවහසක් වන සත්ත්ව ලෝලීන් දැනුවත් කිරීම හා පිනවීම පිණිස ලෝ ප‍්‍රකට ‘නැෂනල් ජියෝග‍්‍රැෆික්’ චැනලය මගින් ද ප‍්‍රචාරය කරනු ලබන්නේ අති දක්‍ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසය.
 
 මේනිසා නූතන ‘ක්‍රොකඩයිල් හන්ටර්’ ‘තනතුර’ ආචාර්ය රුචිර සෝමවීරට හිමිව ඇති බව අපගේ හැඟීමයි. එය ඔහු සේවය කරන රටේ, ඔස්ටේ‍්‍රලියානුවන්ට පමණක් නොව ශ‍්‍රී ලංකාවාසී අපට ද ආඩම්බරයකි. මන්ද ඔහු අප රටෙන් උරග විiාව හදාරා අපේ රටේ විද්වතුන්ගේ ආභාසය මැද මෙවන් තැනකට පිය නැඟීම නිසාය.
 
 එනම් කෑගල්ලේ ඉපිද කෑගල්ල කුඩා පාසලකින් හා මහනුවර ත‍්‍රිත්ව විiාලයෙන් අධ්‍යාපනය හදාරා ‘මෙඩිකල් කොලේජ්’ යෑමට අවස්ථාව තිබියදී පේරාදෙණිය සත්ත්ව විiා පීඨයට ඇතුළුවන රුචිර, එහිදී සත්ත්ව විiා විශේෂ උපාධිය හිමිකරගෙන උරග විiාව පිළිබඳව පුරෝගාමී මෙහෙයක් සිදුකළ අයෙකි. අද ඔහු විදෙස් රටක විසුවත් ඒ එහි පර්යේෂණ විiාඥයකු වශයෙනි.
 
 රුචිර කියන පරිදි ලෝකයේ කිඹුලන් විශේෂ 23 ක් වෙසේ. ක්‍රොකඩයිල්, ඇලිගේටරයන්, ගේ‍්‍රවියල්, කයිමන් වැනි විවිධත්වයක් පෙන්නුම් කරන කිඹුලන්ගේ ශ‍්‍රී ලංකාවේ වෙසෙන්නේ හැල කිඹුලා සහ ගැට කිඹුලා යන විශේෂ දෙක පමණි. රුචිර තම ආචාර්ය උපාධිය ලබන්නේ ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන මෙවන් එරටටම ආවේණික කිඹුලන් විශේෂයක් ගැන අධ්‍යයනය කිරීමෙනි.
 
 ජීව ලෝකයේ ආරම්භය දුටු සත්ත්ව කාණ්ඩ අතර කැස්බෑවන්, ඉබ්බන් මෙන්ම කිඹුලන් ද ඇති බව අප අසා ඇති කතාවකි. මන්ද උභයජීවී (දිය - ගොඩ දිවියක් ගතකරන, එහෙත් උරගයකු වන කිඹුලා මිරිදිය ජලයේ, කරදිය (කළපු හා ගොඩබිම තම වාස භූමිය කරගෙන දිවි ගවන්නෙක් වන අතරම ප‍්‍රාග් ඓතිහාසික බැඳීමක් ඇති ජීවියකු වන නිසාය.
 
  ආචාර්ය රුචිර සෝමවීර පවසන්නේ ඔස්ටේ‍්‍රලියාවේ තමන්ගේ කිඹුල් පර්යේෂණ සඳහා ආචාර්ය උපාධිය හදාරණ විශ්වවිiාල සිසු සිසුවියන්ගෙන් මහත් සහායක් ලැබෙන බවය. ඒ ඔස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය හදාරණ සිසු - සිසුවියන් අනිවාර්යයෙන් ක්‍ෂේත‍්‍රයේ කටයුතු කර පළපුරුද්දක් තිබිය යුතු වන නිසාය. එසේ හෙයින් සිසු - සිසුවියන් තමන්ගේ පර්යේෂණ කටයුතු සඳහා ස්වෙච්ඡුාවෙන්ම ඉදිරිපත් වී අතින්ම වියදම් කරගෙන කිම්බලි වැනි ප‍්‍රදේශ වෙත යෑමට පැමිණෙන බවය. එසේ හෙයින් ඔස්ටේ‍්‍රලියානුවන් බොහොමයක් අද ආචාර්ය රුචිර සෝමවීරගේ ශිෂ්‍යයන් බවට පත්ව සිටිති.
 
 තවදුරටත් හෙතෙම ඔස්ටේ‍්‍රලියාවේ පර්යේෂකයන් හා එක්ව කිඹුලන් ගැන අධ්‍යයන කටයුතුවල නිරන්තරයෙන් කටයුතු කරන අතර ඔහු පවසන්නේ කිඹුලන් (උරගයන් බොහෝමයක් ද තම නිජභූමිය අතහැර වෙනත් ප‍්‍රදේශයකට යන්නට අකමැති බවය. ඔහු ඒ සඳහා උදාහරණයක් ලෙස ගන්නේ රේඩියෝ කොළර (කරපටි යොදාගෙන මෙසේ කිලෝමීටර 200 කටත් එහා රැගෙන ගොස් අතහැර දැමූ කිඹුලකු යළිත් ඌ ජීවත් වූ නිජබිමට පැමිණීමේ සාක්‍ෂිය ගෙනහැර පාමිනි.
 
 එසේ හෙයින් රුචිර පවසන්නේ මිනිසා සුළුකොට තැකුව ද සත්ත්වයන් ද තමන්ගේ නිදහසට, ජීවත්වීමේ අයිතියට, තම නිවසට (නිජබිමට ඇල්ම දක්වන බැවින් සත්ත්ව අයිතීන් පාගා දමා අපට නිදහස් විය නොහැකි බවකි.
 
 ඔහුගේ රූපවාහිනී වැඩසටහන්වලට පාදක වී ඇත්තේ ද කිඹුලන්ගේ සහ උරගයන්ගේ හැසිරීම් රටා, ඒවා වෙනස්වන අයුරු හා කිඹුලන්ගේ උරගයන්ගේ මිථ්‍යා මත දුරලා සත්‍යතා සමාජගත කරලීමය.
 
 එබැවින් අද ආචාර්ය රුචිර සෝමවීර නම් වන නූතන ‘‘ක්‍රොකඩයිල් හන්ටර්’’ ඔස්ටේ‍්‍රලියාවේ කිඹුල් පර්යේෂණ සඳහා පමණක් නොව ලෝකයේ මහාද්වීප වැඩි ගණනක පර්යේෂණ සඳහා පමණක් නොව ලෝකයේ මහාද්වීප වැඩි ගණනක පර්යේෂණ වෙනුවෙන් ද නැෂනල් ජියෝග‍්‍රැෆික් චැනලයකට ද නැතිවම බැරි ‘චරිතයක්’ වී ඇත. එහි සාඩම්බරයේ කොටසක් ශ‍්‍රී ලංකාවාසී අපට ද හිමිවේ.
 
 ජගත් කණහැරආරච්චි


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles