Divaina - විවාහයට අහිතකර ග‍්‍රහ සංයෝග

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n6 5පේ‍්‍රම සම්බන්ධතාවකින් හෝ මංගල යෝජනාවකින් යුගදිවියට එළැඹෙන කාගේ වුවත් එකම බලාපොරොත්තුව පී‍්‍රතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමයි. එහෙත් වර්තමානයේ මේ වාසනාව ලැබී ඇත්තේ කීයෙන් කී දෙනාටද? විවාහ වී කෙටි කාලයකින් බොහෝ දෙනාගේ විවාහ දිවිය තුළ අවුල් වියවුල් හට ගන්නා අතර, එයට බලපාන බොහෝ හේතු කාරණා ඇත. ඒ සියලූ හේතුවලට මුල් වන ජ්‍යොතිෂමය කරුණු අතර යුගදිවියේ අවුල් ඇති කෙරෙන ප‍්‍රධාන ග‍්‍රහයෝග කීපයක් මේ ලිපියෙන් හඳුනා ගනිමු.
 
 කුජ - ශනි සංයෝගය
 
 කුජ - ශනි සංයෝගය ජන්ම පත‍්‍රවල වසරකට වරක්වත් යෙදෙන අතර, එය දින 45 කට ආසන්න කාලයක් පවතී. මෙම සංයෝගය විවාහය කෙරෙහි ඉතාමත් අසුබ බලපෑම් ඇති කරයි. සෙනසුරු නීච හෝ සතුරු රාශිගතව සිටිමින් කුජ සමග සංයෝග වුවොත් හෝ නීච හෝ සතුරු රාශිගත කුජ සෙනසුරුට යෝග වුවහොත් ලැබෙන ප‍්‍රතිඵල ඉතාම අයහපත්ය.
 
 අඟහරු කටක රාශියට නීච වන අතර සිංහ, ධනු, කුම්භ, මීන රාශි සතුරු වේ. සෙනසුරුට මේෂ රාශිය නීච වන අතර කටක, සිංහ, කන්‍යා, වෘශ්චික රාශි සතුරු වේ. මෙම සංයෝගය විවාහ ස්ථානය හෝ විවාහයට සම්බන්ධ ස්ථානයක යෙදීමෙන් විවාහ ජීවිතයේ අවුල් පමණක් නොව දික්කසාදය හෝ සහකරුගේ මරණය පවා සිදුවිය හැක. එබැවින් යුගදිවියට එළැඹීමට පෙරාතුව විසි පොරොන්දම් පමණක් නොව මෙබඳු ග‍්‍රහ පිහිටීම් පිළිබඳව ද පරීක්ෂා කර බැලිය යුතුය.
 
 සඳු - කුජ සංයෝගය
 
 සඳු - කුජ සංයෝගය කේන්ද්‍රයේ බලවත් ස්ථානයක යෙදීමෙන් ජීවිතයේ බොහෝ සුබපල ලැබෙන අතර, සඳු - කුජ දෙදෙනාට අසුබ රාශිවල මෙම සංයෝගය යෙදීම නිසා විවාහ ජීවිතයේ බොහෝ ගැටලූ ඇති වේ. දුර්වල සඳු කුජ සමඟ සංයෝග වූ විට යහපත් චරිතයක් පවත්වා ගැනීම අසීරු වේ. මෙම සංයෝගය විවාහයට සම්බන්ධ ස්ථානයක යෙදී ඇත්නම් ඔවුන් කාමාශාවන්ගෙන් අධික පුද්ගලයෝ වෙති. ඒ නිසා යුග දිවියෙන් අනතුරුව අනියම් සබඳතා ගොඩනඟා ගනිති. මෙම යෝගය සිකුරුගේ දෘෂ්ටියට ලක් වුවහොත් ඔවුන්ට ලිංගික ආශාවන් පාලනය කර ගැනීම අසීරු වේ. සෙනසුරුගේ දෘෂ්ටියට ලක් වුවහොත් විවාහය බිඳ වැටීමට ඉඩ ඇත. සඳු - කුජ සංයෝගයට රාහු ද සම්බන්ධ වුවහොත් එය අතිධාවන කාම යෝගයක් වන අතර, කේතු සම්බන්ධ වුවහොත් රහසිගතව අනියම් සම්බන්ධතා පවත්වා ගනී.
 
 සඳු - සිකුරු යෝගය
 
 මෙම යෝගය ද දුර්ලභ යෝගයක් නොවන අතර මෙය බලවත්ව කේ්න්ද්‍රයේ සුබ ස්ථානවල යෙදීමෙන් බොහෝ ලෞකික සැප සම්පත් ලැබේ. එහෙත් මෙම යෝගය අයහපත් ආකාරයට යෙදීම විවාහ ජීවිතයට සුබ නැත. සඳු - සිකුරු දෙදෙනා නීච හෝ සතුරු රාශිගතව යෙදීමෙන් ඔවුහු අතිශයින් ලිංගිකත්වයට බර, කාමුක අය වෙති. ඔවුන්ගේ විවාහ ජීවිත බොහෝ විට අවුල් වන්නේ ද
 
 ලිංගික ජීවිතය හා අනාචාරය නිසාය. මෙම සංයෝගය ඇති අයට බොහෝවිට තම සහකරුගෙන් හෝ සහකාරියගෙන් නිසි ලිංගික තෘප්තියක් ලැබීම අසීරුය.
 
 රවි, සිකුරු යෝගය
 
 රවි සිකුරු යෝගය ඇති අය ද ලිංගික ජීවිතය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. ඔවුන් විවිධත්වය පි‍්‍රය කරයි. මෙම යෝගය ඇති අයගේ විවාහ ජීවිතය අවුල් වන්නේ අනියම් සම්බන්ධතා ගොඩනඟා ගැනීම නිසාය. බොහෝ විට මොවුන් විවාහයට පෙර පවා අනියම් සම්බන්ධතා පැවැත්වීමට පෙළඹෙයි.
 
 විදුහල්පති,
 කපිල ඉන්දික ගුණදාස
 මනස ජ්‍යොතිෂ හා වාස්තු
 විiා සේවය


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles