Divaina - අමරදේව චිත‍්‍රපට සංගීත භූමිකාවෙහි ගාන්ධර්ව සිනමා සප්තකය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n8 1ඔහු හෙළයේ මහා ගාන්ධර්වයාය’ වසර තුනකට පෙර ඔහුගේ මහාර්ඝ මධුර ස්වරය ගොළු වූ මොහොතේ” වෙණ තත් බිඳී නිහඬ වූ මොහොතේ ශ‍්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙහි කුලපති ධුරය හෙබවූවෝ එතුමෝ ය’ ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන්ගේ තෙවන ගුණ සැමරුම වෙනුවෙන් අමරදේව පදනම ර්‍ණ මහා ගාන්ධර්වයාගේ පුත් රංජනගේ ප‍්‍රමුඛත්වයෙන් මහානර්ඝ සිනමා සප්තකය නම් වූ චිත‍්‍රපට උළෙල” ජාතික චිත‍්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ඇරැුඹුණේ නොවැම්බර් පළමුවැනිදාය’ අද උළෙල අවසාන දින පෙරවරුවේ මඩොල්දූව චිත‍්‍රපටය ද” පස්වරුවේ හා සන්ධ්‍යා කාලයේ දෙලොවක් අතර හා සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා ( අමරදේව” ලෙස්ටර් ර්‍ණ සුමිත‍්‍රා සුසංයෝගය ) යන චිත‍්‍රපට ත‍්‍රිත්වය ද තිරගත වීමට නියමිතය’ නොවැම්බර් පළමුවැනි දා ගම්පෙරළිය ද” දෙවැනි දා තරංගා” වෙසතුරු සිරිත හා රන්සළු යන චිත‍්‍රපට ද තිරගත වී හමාරය’ උළෙලෙහි මෙතෙක් තිරගත වූ හා අද තිරගත වන චිත‍්‍රපට අතරින් අමරදේව ගාන්ධර්වයා ගේ සංගීත නිර්මාණයෙන් වර්ණවත් වූ චිත‍්‍රපට වන්නේ ගම්පෙරළිය”රන්සළු”මඩොල්දූව” දෙලොවක් අතර හා සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා පමණි‘ වෙසතුරු සිරිත හා තරංගා චිත‍්‍රපට සඳහා ගීත නිර්මාණයෙන් පමණි ඔහු දායක වී ඇත්තේ’ එහෙත් දශක හතරක තරම් දිගු කාලයක් තුළ ර්‍ණ 1962 රන්මුතු දූවේ සිට 2003 සක්මන් මළුව දක්වා අමරදේව සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති චිත‍්‍රපට රැුසක්ම” උළෙලින් ගිලිහී යෑම පිළිබඳ අමරදේව ලෝලීන් අපේක්ෂා භංගත්වයට පත් වී සිටින්නේ යැයි සඳහන් කිරීම යුක්ති යුක්තය’ ගැටවරයෝ (1964) සාමා” සාරවිට (1965) තුං මං හංදිය (1970) වැනි චිත‍්‍රපටයක් මේ උළෙලෙහි තිරගත නොවීම පිළිබඳ කනස්සල්ලට පත් මගේ සිත මෙලෙස ප‍්‍රශ්න කරනු දැනේ’” අනේ ඒ විපත සිදුවිණි නොදනිමි කාගෙ දොසා ” වැනි පැනයකි එය’ කෙසේ වූවත්” ගැටවරයෝ” සාරවිට” සාමා හෝ තුං මං හංදිය අතරින් චිත‍්‍රපට දෙකක් හෝ තිරගත විණි නම්” එක් අතකින් එය අමරදේව චිත‍්‍රපට සංගීතය පිළිබඳ මහරු මතකය” තරුණ පේ‍්‍රක්ෂක පරපුර” සිනමාව හදාරන විද්‍යාර්ථීන් විසින් ආදරයෙන් වැළඳ ගනු ලැබීම මෙන්ම අමරදේව නම් වූ මහානර්ඝ ගාන්ධර්වයාට කරනු ලබන ගෞරවනීය උපහාරය ද වන්නට ඉඩ තිබිණි‘
 
 රන්මුතු දූව (1962) සංගීත අධ්‍යක්ෂණය සමග චිත‍්‍රපට සංගීතයට ආගමනය වූ අමරදේවගේ සංගීත අධ්‍යක්ෂණ භූමිකාව තුළ ඔහුගේ නම ඉදිරියෙහි සටහන් වූ චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂණ නාමාවලිය මෙසේය’ උළෙලෙහි තිරගත වූ චිත‍්‍රපට හැරුණ කල” 1963” අදට වැඩිය හෙට හොඳයි ( ගීත සඳහා තනු නිර්මාණය හා සංගීත සංයෝජනය ) ගැටවරයෝ (1964) සාරවිට” සාමා ( 1965) සැඩොල් කඳුළු (1967) තුං මං හංදිය (1970) පිංහාමි” වාලම්පුරි (1981) අහස් මාලිගා (1994) හා සක්මන් මළුව (2003) ආදී චිත‍්‍රපට වේ’ සිකුරු තරුව චිත‍්‍රපටයෙහි ඉර හඳ පායන ලෝකේ ( තනුව හා පසුබිම් සංගීතය ) අමරදේව සිනමා සංගීත දායකත්වය තුළ සටහන් වන තවත් විශිෂ්ට නිර්මාණයක් වේ’ සම්මානනීය චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂණ භූමිකාව මෙන්ම ඉහත කී චිත‍්‍රපට අතර ඔහුගේ ගායක භූමිකාව වෙනුවෙන් ද සරසවිය” ජනාධිපති ආදී සිනමා උළෙලෙහි දී දිනූ සම්මාන පවසන්නේ අපගේ කුඩා කොදෙව්වෙහි උපත ලද මේ කුඩා මිනිසා අප මවුබිමෙහි නාමය ලොවට හඬ ගා පැවසූ විසාල ප‍්‍රතිභාවක් සතු වූ මහා කලාකරුවකු” මහා පුරුෂයකු බවයි’ ඔහුගේ තෙවස් පූර්ණ ගුණ සැමරුම අරබයා අමරදේව සිනමා සංගීතයෙන් බිඳක් හෝ පිරි නැමූ අමරදේව පදනමට රසික ජන ප‍්‍රසාදය හිමි විය යුතුය’
 
 සිංහල චිත‍්‍රපට සංගීත ඉතිහාසයෙහි චිත‍්‍රපට සංගීතය ලෙස අර්ථ නිරූපණය කළ හැකි සංගීත සංරචනයේ  පුරෝගාමීන් අතර පෙරමුණෙහි සිටින්නේ පණ්ඩිත් අමරදේව බවයි විචාරක මතය’ චිත‍්‍රපට සංගීතය යනු චිත‍්‍රපටයෙහි හිස් තැන් පුරවනු වස් සංවාද අතරට”එහෙන් මෙහෙන් එකතු කරනු ලබන සංගීත ඛණ්ඩ රැුසක් නොව” චිත‍්‍රපටයේ ආත්මය” තේමාව” හා බැඳුණු ර්‍ණචරිත හැසිරෙන ස්වභාව”ඔවුනගේ අභිනය මගින් ප‍්‍රකාශිත සියුම් භාව” ඉංගිත පේ‍්‍රක්ෂකයන්ගේ දෑසට මෙන්ම හදවතට ද ළං කිරීමට ර්‍ණ සහානුභූතියක් බවට පත් කිරීමට ඉදි කළ පාලමක් වැන්න’ චිත‍්‍රපටයකට අවශ්‍ය ගීතමය ජවනිකා තිබුණ ද නැත ද එකදු ගීතයක් හෝ නොතිබුණ ද චිත‍්‍රපටයේ තේමාව” තිර රචනය විසින් ඉල්ලා සිටිනු ලබන සිනමානුරූපී දෘශ්‍ය මාධ්‍ය සංගීත ශෛලිය හඳුනා ගත් භාරධුර නිර්මාණ කාර්යයක් ලෙස චිත‍්‍රපටයක සංගීතය හැඳින්විය හැකිය’ මෙරට සිනමා වංශ කතාවේ ර්‍ණ සිනමා සංගීතය” චිත‍්‍රපටය හා බැඳුණු අවියෝජනීය කලාංගයක් බව හඳුනාගෙන පර්යේෂණාත්මක හා අත්හදාබැලීම් ස්වරූපයේ සංගීත නිර්මාණය කළෝ අමරදේව” පේ‍්‍රමසිරි කේමදාස” හා සෝමදාස ඇල්විටිගල ආදීහු ය’ මෙම පුරෝගාමීන් තිදෙනා අතරින් අප විසින් ගුණ සමරු උළෙල ඔස්සේ අනුස්මරණය කරනු ලබන අමරදේව 1962 දී තිරගත වූ රන්මුතු දූව සිනමා කෘතිය සමගින් චිත‍්‍රපට සංගීතයට එක් වන්නේ එතෙක් පැවැති දෙමළ චිත‍්‍රපට මගින් හඳුන්වා දී තිබූ අමිහිරි කර්ණ කටුක පසුබිම් සංගීතය බැහැර කරමින් වීර ක‍්‍රියාවන්ගෙන් පිරි තරුණ පෙම්වතුන්ගේ ලෝකය අපූර්ව ලෙස විචිත‍්‍ර ලෙස පසුබිම් සංගීතයෙන්” මිහිරි ගී තනුවෙන් නිර්මාණය වූ ගීතාවලියකින් පේ‍්‍රක්ෂකයනට නැවුම් සංගීත අත්දැකීමක් රැුගෙනය’ අමරදේව විසින් අනුදත් සිනමා සංගීත ශෛලිය චිත‍්‍රපටය හා මනාව සුසංයෝගී වූ බවට සාක්ෂි සැපයෙන්නේ අමරදේව සංගීතයෙන් ඔපවත් වූ රන්මුතු දූවෙහි ගීත අද දවසෙහි ද පේ‍්‍රක්ෂක” ශ‍්‍රාවක මනසින්” මතකයෙන් ඈත්ව නොගොස් පවතිනු දැකීමෙනි’ ජවනිකා හෝ දර්ශන සඳහා උචිතම සංගීත නාද මාලා තුළින් චිත‍්‍රපටයේ සිදුවීම් පෙළට මෙන්ම නළු නිළියන්ගේ චරිතාභ්‍යන්තරයට ද පිවිසෙන්නට අමරදේව සමත් වූ බව ර්‍ණ‘පිපී පිපී රේණු නටන වනේ මලක හැංගිලා හෝ ගලන ගඟකි ජීවිතේ’ වැනි ගීතයකින් අපට සිහිපත් කොට දෙයි’ යෞවනයේ උතුරා ගිය චමත්කාරය ද පේ‍්‍රමයේ සුකුමාරත්වය ද අනුරාගය ද මොනවට පෙන්වීමට සමත් මෙම ගීත අමරදේවගේ සංගීත අධ්‍යක්ෂණ භූමිකාවේ වෙසෙස් ඇරැුඹුම සටහන් කරයි’ රන්මුතු දූවෙන් සිංහල සිනමා සංගීතයට එක් වූ අමරදේව ඉදිරියෙහි වූ වඩාත් වගකීම් සහිත අභියෝගය වූයේ 1963 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළියට සංගීතය නිර්මාණය කිරීමයි’ එකදු ගීතයක් හෝ නොමැති පළමු සිංහල චිත‍්‍රපටය ලෙස සැලකෙන ගම්පෙරළියේ තිර රචනයෙන්” අර්ථපූර්ණ රූප සංරචනාවලින් ඉල්ලා සිටින ලද සිනමානුරූපී සංගීත නිර්මාණයක බර කර පින්නා ගන්නා අමරදේව” චිත‍්‍රපටයේ අර්ථය හා සමගාමී රිද්මයක් මගින් රූපාවලියේ ගැඹුරු හා සියුම් රූපණ ප‍්‍රකාශ කරන්නා වූ අරුත් තීව‍්‍ර කරනු පිණිස සිනමාවෝචිත සංගීත නිර්මාණයක් කරයි’ චිත‍්‍රපටය හා ඒකාත්මික වන සංගීතයක් ගම්පෙරළිය තුළින් බිහිවන්නේ අමරදේව සතු වූ සිනමානුරූපී සංගීත ඥානයේ ප‍්‍රභාවෙනි’ චිත‍්‍රපටයට පසුබිම් වන පරිසරය” එතුළ විස්තර වන උත්සව ර්‍ණ අප‍්‍රකාශිත පේ‍්‍රමයකට මැදිවූ පෙම්වතකු හා පෙම්වතියකගේ මානසික පීඩාව” සමීපරූප මගින් පෙනෙන ඔවුන්ගේ මුහුණුවලින් පෙනෙන සියුම් භාව” වේදනාබර හැඟීම්” සංගීත සංරචනයෙන් තීව‍්‍ර කිරීමට අමරදේව සමත් වේ’ මුහුදේ ස්වභාවික හඬ හා මුසු වූ සංගීත නාද රටා වදන් දහසකින් පැවසීමට අපොහොසත් හැඟුම් පළ කළ අයුරු පේ‍්‍රක්ෂක මතකයෙහි වේ’
 
 ගම්පෙරළිය චිත‍්‍රපටයට හාත්පසින්ම වෙනස් වූ සන්දර්භයක් හා අනුභූතියක් රැුගත් ගැටවරයෝ චිත‍්‍රපටයේ දී අමරදේවට යළිත් රන්මුතු දූවේ දී හමු වූ මයික් විල්සන් ද තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂවරයා ද හමු වේ’ චිත‍්‍රපට අත්දැකීමෙහි ප‍්‍රධාන භූමිකා මුහුදුබඩ ගම්මානයක මෙන් ම නාගරික සුඛෝපභෝගී පන්තියක් නියෝජනය කරනු ලබන චරිත වීමත් සටන් ජවනිකා” බෝට්ටු තරග” නාගරික විවිධ ප‍්‍රසංග ආදී එකිනෙකට වෙනස් පසුබිම් නිරූපණය වීමත් කැපී පෙනේ’ ගීත නිර්මාණයේ දී අමරදේවගේ විශිෂ්ට සංගීත ඥානය ප‍්‍රකට වන්නේ ගැටවරයෝහි සියල්ලම පාහේ ජනප‍්‍රිය ගීත වීමත් රූප රාමු හා සෘජුව බැඳුණු නාදරටා වන්ගෙන් යුත් ගීත වීමත් නිසාය’ හාරිච්ච් බෝරිච්චි කම්බි කූරු බෝල මාල (මහගමසේකර ) හීන හතක් මැද හා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ( මඩවල රත්නායක ) ගීත චිත‍්‍රපටයේ රූපාවලී සමග මනාව සමෝධානය වන්නේ ගී තනුවෙහි ද” ගේය පද රචනාවන්හි ද” සංගීතයෙහි ද ගායනයෙහි ද (අමරදේව - ලතා වල්පොල ) අපූරු සුසංයෝගය නිසාය’ කොළඹ සිට ගමට යන ජයාගේ පෙම්වතිය ( සෝබනී අමරසිංහ) දුම් රියේ ගමට යද්දී දුම් රිය කවුළුවෙන් ඈත බලා සිටින දර්ශනය මෙන්ම ගම සිට කොළඹ බලා එන ජයාගේ ( ගාමිණී ෆොන්සේකා ) සමීපරූප ද සමග පසුබිමින් ගැයෙන ගීත ද්වය ර්‍ණ ගායනාවන්හි ශෝකී ස්වරය මගින් ද අමරදේව ගේ තනුව හා සංගීතය මගින් ද පේ‍්‍රක්ෂක සිත්හි ජනනය කරනු ලබන කම්පනය” ශෝකය අප‍්‍රමාණය’ ඔවුන් දෙදෙනා සමග අප ද ශෝක වූ බව මතකයට එයි’
 
 අමරදේවගේ චිත‍්‍රපට සංගීත නිර්මාණ කාර්යයේ කූඨප‍්‍රාප්ත අවස්ථාව ලෙස මා දකින්නේ 1966 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙලොවක් අතර චිත‍්‍රපටය සඳහා ගීත ද ඇතුළත් වූ සංගීත අධ්‍යක්ෂණයයි’ හෘද සාක්ෂිය හා සංකීර්ණ මානසික ගැටලූවකට මැදිවන තරුණයකු ගේ මනෝභාව ප‍්‍රකාශනයෙහි වරින්වර සිදුවන වෙනස්වීම්” විවාහ ගිවිසගත් පෙම්වතිය හා ඔහු සමග සරසවියේ එකට ඉගෙනුම ලැබූ මිතුරිය හමුවීමේ අවස්ථා සමග නිර්මාණය වූ සංගීතය හා නාද රටා වරෙක නිශ්ශංකගේ කලබල වූ චිත්ත ස්වභාව ද” දෙමාපියන්” පෙම්වතිය” යෙහෙළිය හමුවේ මුහුණ දෙන මානසික අරගලය ද තීව‍්‍ර ලෙස පේ‍්‍රක්ෂක හදට සමීප කරවීමට සංගීතය ඉටු කොට ඇති නිර්මාණශීලී දායකත්වය ප‍්‍රශස්තය’ නිශ්ශංක තම කාමරයෙහි ඇඳෙහි සිට සිගරැුට් දුම් වළල්ලක් පා කර හරින කල ඔහුගේ නෙත ගැටෙන ර්‍ණ පංකාවේ සුළඟට නැටවෙන කුඩා නැට්ටුවාගේ රුව ඔහු සිතෙහි ඇතිකරන කැළඹුම” බිය” තැතිගැනීම” හුදෙකලා හැඟුම නිසැක වශයෙන්ම පේ‍්‍රක්ෂකයන්ට දනවන්නේ අමරදේවගේ සංගීත නිර්මාණය බව සිහිපත් කිරීම වටී’ සිංහල සිනමා වංශ කතාවේ ප‍්‍රථම වතාවට කණ්ඩායම් ගීතයක් ඇතුළත් ගීතමය ජවනිකාවක් දෙලොවක් අතරෙහි වේ’ නෙවිල් ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ ලොස් කැබලෙරෝස් කණ්ඩායම ගයනා කරන ගයන ගැයුම් ගීතය ගයමින් සංගීත සංයෝජනයට සහභාගී වූ මුත් චිත‍්‍රපටයේ සංගීත නිර්මාණයේ ඒකමිතියට හානියක් නොවන ලෙස සංගීත අධ්‍යක්ෂණයෙහි ලා අමරදේව විසින් පළ කරනු ලැබූ ප‍්‍රතිභාව භාවපූර්ණ සිනමා සංගීත අධ්‍යක්ෂණයෙහි අමරදේව අනන්‍ය ලකුණ සටහන් කළ වෙනත් අවස්ථාවක් මතකයට නොගෙනෙන තරම් ය’
 
 රන්සළු චිත‍්‍රපටය යළිත් වරක් ලෙස්ටර් අමරදේව සුසංයෝගයේ මිහිරි ඵල නෙළා ගන්නට හැකි වූ අවස්ථාවක් සේ පෙනේ’ සරෝජිනී හා සුනීතා ර්‍ණ අනුලා කරුණාතිලක හා පුණ්‍යා හීන්දෙනිය ගේ චරිත චිත‍්‍රපටය තුළ විකාශනය වන ආකාරය ඔස්සේ ඔවුන් දෙදෙනාගේ රුචි අරුචිකම් ජීවිතය පිළිබඳ ආකල්ප පේ‍්‍රක්ෂකයන්ට සමීප කරවීමෙහි ලා සංගීතයෙන් හා ඇතැම් ගීතයකින් අමරදේව සංගීතය ඉටු කරන මෙහෙය විශිෂ්ටය’ සිරිපා පියුමේ රොන් සුණු තැවරේ ගීයෙහි අරුතින් මතු කෙරෙන නිරාමිස ර්‍ණ කෙලෙස් තොර ලොවක සැහැල්ලූව ගීතයේ ගේය පද රචනයෙන් ද ( මහගමසේකර ) ගායනය හා සංගීතයෙන් ද ( අමරදේව ) පරිසමාප්ත චිත‍්‍රපට ගීත නිර්මාණයක් බවට පත් කරවන්නේ චිත‍්‍රපටයේ කතා නායිකාවගේ ඇතුළු හද කියවන්නට ලැබීමෙන් හා ඈ කෙරෙහි පේ‍්‍රක්ෂක සිත්හි දුකක් ශෝකයක් දයාවක් අනුකම්පාවක් දැනවීමට සමත් වී ඇති බැවිනි’
 
 තුංමංහංදිය ( 1970 ) හා සාගර ජලය මදි ඇඬුවා (1988 ) අමරදේව” මහගමසේකර හා සුමිත‍්‍රා පීරිස් අධ්‍යක්ෂ භූමිකා හා සුසංයෝගී වූ සිනමා සංගීත අත්දැකීමකි’ ගැමි ජීවිතයේ දී හමුවන චරිත” වියළි කලාපයේ හේන් ගොවිතැන ආශ‍්‍රිත ජීවිත ගත කරන්නන්ගේ ජීවන ප‍්‍රවෘත්තිය” අමරදේව ගේ ජන සංගීතය ආශ‍්‍රිත නාද රටාවන්ට සමීප බැවින්දෝ කලාත්මක හා සිනමාත්මක සංගීත නිර්මාණ කාර්යයක” රුව ගුණ ප‍්‍රකට කරයි’
 
 අමරදේව නම් වූ මහා ගාන්ධර්වයාගේ සිනමා සංගීත සම්ප‍්‍රදානය පිළිබඳ ඉහත සාකච්ඡුා කළ චිත‍්‍රපට කිහිපයෙන් පමණක් සාකච්ඡුා කිරීම ඉතාමත් අසීරු කර්තව්‍යයක් බව පැවසීමට සිදු වේ’ ගායක අමරදේව මතු නොව සංගීතඥ අමරදේව ද අමරණීය ය’ සිනමාව” සරල හා හා ශාස්ත‍්‍රීය සංගීතය ර්‍ණ ගායනය” වාදනය ර්‍ණ වේදිකා හා මුද්‍රා නාට්‍යය” සංගීත විෂයයෙහි ගුරු භූමිකාව” ගේය පද රචනය” විචාරය” භාෂා ඥානය ආදී සියලූ තන්හි මහා ගාන්ධර්වයාණෝ සිහියට නැෙඟ්’ ඔහු හැර අන් අමරදේව කෙනකු පිළිබඳ අපි නො දනිමු’ ඔහු මෙරට සංගීත ක්‍ෂේත‍්‍රයෙහි පුරාවෘත්ත යයි’
 
 බුද්ධදාස ගලප්පත්ති


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles