Divaina - අවුරුදු 21කට පෙර ලයන් එයාර් යානාව පුපුරවා 55කගේ දිවි අහිමි කළ යුද අපරාධය....! ද්‍රවිඩ සන්ධානය මේ යුද අපරාධය වසන් කරයි!

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n6 21998 සැප්තැම්බර් 29 දා දවල් ලයන් එයාර් ගුවන් සේවාවේ ඇන්ටනෝව් 24 යානාව මගීන් 48 ක් රැුගෙන පලාලි සිට රත්මලාන ගුවන්තොටුපළට පැමිණීම සඳහා ගුවන්ගත විය. යානාවේ නියමුවා වූ යුක්රේන් කපිතාන්වරයා පලාලි වෙතින් පිටත්වී මොහොතකට පසුව පැවසුවේ කාලගුණික තත්ත්වය යහපත් බවයි. එහෙත් ඉරණතිව් ප‍්‍රදේශයේදී යානාව රේඩාර් තිරයෙන් අහෝසි විය. පැය 48 ක් යනතුරුම යානාවට සිදුවූයේ කුමක්දැයි හෙළිකිරීමට ගුවන් හමුදාවට නොහැකි විය.
 
 එහෙ
ත් පසුව ගුවන් හමුදාව පැවසුවේ යානාව මිසයිල ප‍්‍රහාරයකට ලක්වී ඇති බවයි.
 
 අද අපි හෙළිකරන්නේ ඇන්ටනෝව් යානාව වසර 21 කට පෙර අතුරුදන්වීමේ ඇත්ත කතාවයි.
 
 මේ යානාවට සිදු වූ දේ 2012 දී හෙළිවිය.
 
 මුලින් මිසයිල ප‍්‍රහාරයකින් යානාව විනාශ වූ බව පැවසූ ගුවන් හමුදාව පසුව පැවසුවේ එය යාන්ත‍්‍රික දෝෂයකින් කඩාවැටුණ බවයි.
 
 එම ප‍්‍රකාශයෙන් පසු ලන්ඩන් නුවර කොටි නිල පුවත්පත මෙලෙස පවසනු ලැබීය.
 
 ‘‘ලයන් එයාර් යානාව යාන්ත‍්‍රික දෝෂයකින් කඩාවැටුණි. මළ සිරුරු කීපයක් සහ පටිගත කිරීමේ යන්ත‍්‍රයක්ද හමුවිය. ගුවන් යානාව ගොඩගැනීමට ස්වෙච්ඡුා සේවකයන් ඉදිරිපත් වූවත් නාවික හමුදාව ඊට ඉඩදී නැත. මේ යානාව විපතට පත්වීම ගැන කොටි සංවිධානය වගකිව යුතු නැත. ලයන් එයාර් සමාගමද කොටින්ට චෝදනා කර නැත.’’
 
 එහෙත් මේ ප‍්‍රකාශය අමූලික බොරුවකි. දින කීපයකට පසු යාපනයේ ඉරණතිව් වෙරළට ගොඩ ගසා තිබූ ජීවිතාරක්‍ෂක කබායක රුසියානු අකුරු කීපයක් සටහන් වී තිබුණි.
 
 ඉන් තහවුරු වූයේ එය ඇන්ටනෝව් යානාවට අයත් බවයි.
 
 n6 3මේ අතර නාච්චිකුඩා ප‍්‍රදේශයේ ධීවරයන් රැුසක් මළ සිරුරු 33 ක් වළදමා ඇතැයි මන්නාරම රදගුරුට හෙළිවිය. මේ යානාව ඉරණතිව් මුහුදට කඩා වැටෙන අයුරු ධීවරයන් දුටු බව රායප්පු ජෝෂප් රදගුරු හෙළිකර තිබුණි.
 
 එහෙත් එදා රජයේ කි‍්‍රයාන්විත මූලස්ථානය මෙම යානාව පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට ඉදිරිපත් වූයේ නැත.
 
 මේ අතර 1998 ඔක්තෝබර් 11 දා රායප්පු ජෝශප් හිමියන් ලයන් එයාර් යානාවේ සිටි මගීන්ගේ ඥාතීන් කළ ඉල්ලීම මත කොටි පාලනය යටතේ පැවැති මුලක්කාවිල් ප‍්‍රදේශයට ගොස් ධීවර ජනතාව හමුවිය.
 
 එහිදී ධීවරයන් පැවසුවේ තවත් ඇන්ටනෝව් යානාවේ තටුවල කැබැලි සහ අසුන්වල කොටස් කොටි පොලිසියට භාරදුන් බවයි.
 
 තවත් මළ සිරුරු රැුසක් වළලා දැමුවේ තුම්දාරිමුනෙයි වෙරළේ බවද ධීවරයන් විසින් හෙළිකර ඇත.
 
 වළ දැමූ සිරුරු අතර පිරිමි මළ සිරුරු 23 ක්ද කාන්තා මළසිරුරු 10 ක්ද තිබූ බව එම ධීවරයෝ කියා සිටියහ.
 
 මෙම තොරතුරු හෙළිවීමත් සමග එදා යාපනයේ සිටි පොලිස් අධිකාරි ලලිත් ලේකම්ගේ මන්නාරම් රදගුරු වෙතින් ඉල්ලීමක් කරමින් එම ධීවරයන් හමුවී මළ සිරුරු ගොඩගෙන පශ්චාත් පරීක්‍ෂණයක් පැවැත්වීමටත් රතුකුරුස සංවිධානයේ සහාය ලබාගැනීමටත් අදහස් කරන බව පවසනු ලැබීය.
 
 එහෙත් කොටි සංවිධානය ඊට ඉඩදුන්නේ නැත. රායප්පු ජෝශප් රදගුරුද පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා නැත. වසර 18 කට පෙර සිදුවූ මේ සිද්ධිය යුද අපරාධයක් වූවත් එදා පැවැති රජය ලයන් එයාර් යානාව වැනසීමේ සිද්ධිය ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවට ගෙන ගියේ නැත.
 
 
n6 4කොටි සංවිධානය වැනසූ මේ යානාවේ සිටි මගීන් සියලූ දෙනාම ද්‍රවිඩයන්ය. ඔවුන් අතර විදුහල්පතිවරු සහ රාජ්‍ය සේවකයන්ද විය.
 
 යුක්රේනියානුවන් දෙදෙනකු මෙහෙයවූ මේ ඇන්ටනෝව් යානාවේ හයදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්ද විය.
 
  එම කාර්ය මණ්ඩලයේ දර්ශනී ගුණසේකර නමැති ගුවන් සේවිකාවද වැල්සන්, නෙල්සන් සහ විජිත නැමැති තිදෙනාද විය.
 
 දර්ශනී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වූ රංජිත් ගුණසේකර මහතාගේ දියණියයි.
 
 ලයන් එයාර් යානාව විනාශ වීමේ සිද්ධියට පෙර කොටි සංවිධානය යාපනයේ පිහිටි ලයන් එයාර් කාර්යාලයට තර්ජනාත්මක ලිපියක් එවා තිබුණි. එහි දක්වා තිබුණේ පලාලි හා යාපනය අතර ගුවන් ගමන් නතර කළ යුතු බවයි. කෙසේ හෝ සැප්තැම්බර් 29 දා යාපනය බොස්කෝ විදුහල්පතිනිය සිසුන් 20 ක කණ්ඩායමක් පලාලි සිට රත්මලාන වෙත එවීම සඳහා මෙම යානාව වෙන්කරගෙන තිබුණි. මෙම සිසුන් පිරිස කොළඹ සංචාරයක් සඳහා එවීමට ඇය සැලසුම් කර තිබූ බව හෙළිවිය.
 
 එහෙත් අවසන් මොහොතේ එනම් දහවල් 12.30 ට ඇය එම සංචාරය අවලංගු කළාය. යානාව පිටත්වීමට නියමිත වූයේ දහවල් 1.40 ටය.
 
 මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ හා පොලිසිය ඇගෙන් ප‍්‍රශ්න කළ යුතුව තිබුණත් එවැන්නක් සිදුවී නැත.
 
 1998 සැප්තැම්බර් 29 දා සිදුවූ ලයන්එයාර් ඛේදවාචකය කාලයත් සමගම යටපත් විය. රජය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් පැවැත්වීමටද කි‍්‍රයාකළේ නැත.
 
 එහෙත් වසර 14 කට පසු 2012 ඔක්තෝබර් මස ලයන් එයාර් අබිරහස හෙළිවිය.
 
 ත‍්‍රස්ත මර්දන බලධාරීන් මන්නාරමේ පදිංචිකරුවකු වූ ශිවසුබ‍්‍රමනියම් කිල්ලරාජ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ලයන් එයාර් යානාවේ අබිරහස් වැමෑරුවේය.
 
 තමා ඉම්රාන් පාණ්ඩියන් නැමැති කොටි මිසයිල බළකායේ සේවය කළ බවත් ලයන් එයාර් යානාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කළේ තමා බවත් ඔහු පාපොච්චාරණය කළේය.
 
 කිල්ලරාජ් හෙළිකළ තොරතුරු වලින් පසු 2013 මැයි මස දිනෙක ත‍්‍රස්ත මර්දන නිලධාරීන් හා නාවික හමුදාවේ සහයෙන් ඉරණතිව් මුහුදේ අඩි 25 ක් යට තිබූ ලයන් එයාර් යානාවේ එන්ජිම සහ වෙනත් සුන්බුන් ගොඩගැනීමෙන් යානාවට සිදුවූ විපත තහවුරු විය. අනතුරුව යානාවේ සිටි මගීන්ගේ මළ සිරුරු වළ දමා ඇති බව කියන ස්ථාන සෙවීමට ඉරණතිව් වෙරළ ප‍්‍රදේශයේ හෑරීම් කටයුතු සිදුකළත් මළසිරුරු හමුවූයේ නැත.
 
 ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බව ජිනීවා මානව හිමිකම් පරීක්‍ෂණ සභාව හමුවේ සාක්කි දී ඇත්තේ මෙම ඉම්රාන් පාණ්ඩියන් බළකායේ මිසයිල ඒකකයේ කොටි ත‍්‍රස්තයන්ය.
 
 මේ කොටි ත‍්‍රස්තයන් කීපදෙනකුට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලැබී ඇත. එහෙත් ඔවුන් සැබෑ යුද්ධ අපරාධකරුවන්ය.
 
 55 කගේ දිවි අහිමි වූ ලයන්එයාර් යුද අපරාධය සම්බන්ධයෙන් කොටි නායක ප‍්‍රභාකරන් වෙතද යුද අපරාධ චෝදනා එල්ල වූයේ නැත. එසේම 2013 මැයි මස ඉරණතිව් මුහුදු වෙරළ හාරා මළ සිරුර ගැන සෙවීමට ගත් උත්සාහයෙන් පසු අදවනතෙක් වැඩිදුර හෑරීම් හෝ විමර්ශන සිදුවී නැත.
 
 මේ පසුබිම මැද උතුරු මහ ඇමැති  විග්නේෂ්වරන් සහ ද්‍රවිඩ සන්ධානය ශිවසුබ‍්‍රමනියම් කිල්ලරාජ් වැනි අපරාධකරුවන්ද දේශපාලන සිරකරුවන් යැයි හඳුන්වමින් රැුඳවුම්භාරයෙන් මුදාගැනීමට උත්සාහ කරන බව හෙළිවී ඇත.
 
 පියාසර අංක 602 කොටි මිසයිල ප‍්‍රහාරයකින් විනාශ වීම නිසා මගීන් ඇතුළු 55 කගේ දිවි අහිමිවීමේ මහා අපරාධය 2012 සහ 2013 වසරවල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත සාක්කි සහිතව ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකළ යුතුව තිබුණත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිසි පියවරක් ගැනීමට කි‍්‍රයාකළේ නැත.
 
 මේ සමයේ ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව චෝදනා එල්ල වී තිබුණි. එම පසුබිම මැද ඉරණතිව් සිට සැතපුම් 1.5 ක් ඈත මුහුදු පත්ලේ තිබී සොයාගත් ඇන්ටනෝව් 24 යානාවේ එන්ජිම එක් වයරයක් සහ යානාවේ ගමන් ගත් කාන්තාවකගේ ජාතික හැඳුනුම්පතද යුද අපරාධයක සාක්කි ලෙස ඉදිරිපත් කිරීමේ කදිම අවස්ථාවක් ශ‍්‍රී ලංකා රජයට උදාවිය. එහෙත් රජයේ බලධාරීහු නිහඬ විය. එසේම කොටි පරාජය වීම නිසා මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ගෙන්ද ලයන් එයාර් සිද්ධිය සම්බන්ධව ප‍්‍රකාශයක් ගැනීමට ත‍්‍රස්ත මර්දන බලධාරීන් කි‍්‍රයාකර නැත.
 
 එසේම ජිනීවා මානව හිමිකම් සමුළුවලදී ශ‍්‍රී ලංකාව සම්බන්ධව වාර්තාවල ලයන් එයාර් සිද්ධිය ඇතුළත් වී නැත. මෙරට හෝ විදේශගත රාජ්‍ය නොවන සංවිධාන ලයන් එයාර් යානාව කොටි මිසයිලයකින් විනාශ වීමේ සිද්ධිය මුළුමනින්ම යටපත් කරනු ලැබීය.
 
 එහෙත් රාජ්‍ය නොවන සංවිධාන විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පොකුරු බෝම්බ හෙළුෑ බවට එල්ලකළ සාවi චෝදනාව මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවට ඇතුළු වී තිබුණි.
 
 මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ශ‍්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබියදී ලයන් එයාර් යුද අපරාධය වසන් වූයේ කෙසේද?
 
 උතුරේ කිසිදු ද්‍රවිඩ පක්‍ෂයක් ලයන් එයාර් යානාවට කොටි මිසයිල ප‍්‍රහාරයක් එල්ලවීම ජාත්‍යන්තරකරණය කළේ නැත.
 
 මේ තත්ත්වය මැද මෙම දිනවල ඇමරිකාවේ මෙන්ම බටහිර රටවලද ශ‍්‍රී ලංකාව සම්බන්ධ වගකීම් යාන්ත‍්‍රණයක් ගැන හඬ නඟයි. එහෙත් ලයන් එයාර් යානාවේ දිවි අහිමි වූ මගීන්ට යුක්තිය ඉටුවී නැත.
 
 ලයන්එයාර් යානාව විපතට පත්වීමේ සිද්ධියෙන් පසු කොටි සංවිධානය තවත් සාවi ප‍්‍රකාශයක්ද කර තිබුණි. ඒ යානාවේ සිරවී ඇති මළ සිරුරු ගොඩගැනීමට නාවික හමුදාව ඉඩ නොදෙන බවයි.
 
 මෙලෙස වසර 18 කට පෙර මිසයිල ප‍්‍රහාරයකට ලක්වූ ඇන්ටනෝව් යානාව සම්බන්ධයෙන් ඇමරිකාව බි‍්‍රතාන්‍යය කැනඩාව ඇතුළු රටවල් ඊට කොටි සංවිධානය වගකිවයුතු බව ප‍්‍රකාශ කර නොතිබුණි.
 
 මේ අතර ත‍්‍රස්ත මර්දන ඒකකය අල්ලා ගත් තවත් ත‍්‍රස්තයන් දෙදෙනකුගෙන් සහ එම යානාවේ මළ සිරුරු වළ දැමූ ප‍්‍රදේශයේ හිටපු ග‍්‍රාම සේවකගෙන් ලත් තොරතුරු මත අධිකරණ නියෝගයක් මගින් ඉරණතිව් වෙරළ හෑරුවත් ඇටකටු හමුවී නැත. උතුරේ ආරංචි මාර්ග පැවැසුවේ සිරුරු වළ දැමූ ස්ථානය වෙනුවට වෙනත් ස්ථානයක් පෙන්නුම් කිරීමට රැුඳවුම්භාරයේ සිටින ත‍්‍රස්ත සැකකරුවන් කි‍්‍රයාකළ බවයි.
 
 මෙම පසුබිම මැද පසුගිය සැප්තැම්බර් 29 දාට ලයන් එයාර් සමාගමේ ඇන්ටනෝව් යානාව විනාශ වී වසර 18 ක් සපිරුණි. එහෙත් 33 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙතද මෙම යුද අපරාධය ඉදිරිපත් වූයේ නැත. එසේම ඊටත් වඩා පුදුමය නම් 2013 මැයි මස ඉරණතිව් වෙරළ හාරා සිදුකළ ලයන්එයාර් යානයේ විමර්ශනය නතර වීමයි. එදා සිට 2018 සැප්තැම්බර් 29 තෙක් ලයන්එයාර් යානයේ විමර්ශනය සිදුවූයේ නැත. මෙයට හේතුව සංහිඳියා කි‍්‍රයමාර්ගයක්ද?
 
 එසේ වුවත් මගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 55 ක ගේ දිවි අහිමිකළ ඉම්රාන් පාණ්ඩියන් මිසයිල බළකායේ ප‍්‍රධානියාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලැබී ඇත. ඔහු යුද අපරාධකරුවෙකි. මොහු ශ‍්‍රී ලංකාවට භාරදෙන ලෙස රජයද ඉල්ලා නැත. ඔහු සිටින ස්ථානය එක්සත්ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා පවා දනී. එහෙත් යුද අපරාධකරුවකුවූ මෙම මිසයිල බළකායේ ප‍්‍රධානියා ශ‍්‍රී ලංකා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සාක්‍ෂියක්දී ඇත.
 
 මේ හැර රාධා මිසයිල බළකායේ මිසයිල ප‍්‍රහාරයකින් උන්ඩි නමින් ඇන්ටනෝව් යානාවක් තලාව ප‍්‍රදේශයටකඩා වැටුණි. එහි සිටි හමුදා භටයන් සියලූදෙනාම ජීවිතක්‍ෂයට පත්වූහ.
 
 2000 වසරේ මාර්තු 30 දා පලාලි සිට රත්මලාන බලා පියාසර කරමින් තිබූ ඇන්ටනෝව් 24 යානාවට විල්පත්තු ප‍්‍රදේශයේදී මිසයිල ප‍්‍රහාරයක් එල්ල විය. එම යානාව අනුරාධපුර වීරවැව ප‍්‍රදේශයට කඩා වැටුණි. සුපුරුදු පරිදි ගුවන් හමුදා බලධාරීන් පැවසුවේ යානාව කාර්මික දෝෂයකින් කඩාවැටී ඇති බවයි.
 
 එහෙත් වන්නි මෙහෙයුමින් පසු යානාවට සිදුවූ දේ හෙළිවිය. එයද හෙළිවූයේ 2012 මාර්තු මාසයේදීය.
 
 අත්අඩංගුවට ගනු ලැබූ රාධා මිසයිල බළකායේ මිසයිල කි‍්‍රයාකරුවන්වූ ඉරන්තුරෙයි ජෙගන් හෙවත් පුලවන්ද නල්ලායි සිවලිංගම් හෙවත් සින්නතිලකන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී තමන් විල්පත්තුවේ සිට ඇන්ටනෝව් යානාවට ගුවන් යානා නාශක මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර එම යානාව වැනසූ බව කියා සිටියේය. පසුව ත‍්‍රස්ත මර්දන නිලධාරීන් එම කොටි ත‍්‍රස්තයන් දෙදෙනා විල්පත්තුවට ගෙන යාමෙන් පසු හිස් මිසයිල කොපු දෙකද හමුවිය.
 
 විල්පත්තු වනයේ සිට මිසයිල ප‍්‍රහාරයක් එල්ලවූ ඇන්ටනෝව් සානාවේ යුක්රේනියානු නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයද හමුදා භටයන් 36 ක්ද සිටි බව අනාවරණය විය.
 
 මෙම ඇන්ටනෝව් යානාවට මිසයිල ප‍්‍රහාර එල්ල කළ කොටි ත‍්‍රස්තයන් දෙදෙනාට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් වී තිබේ.
 
 මෙම කොටි ත‍්‍රස්තයන් දෙදෙනාද ද්‍රවිඩ සන්ධානය මෙන්ම ඊළම් ඩයස්පෝරාව හඳුන්වන්නේ දේශපාලන සිරකරුවන් නමිනි.
 
 කොටි සංවිධානයේ ඉම්රාන් පාණ්ඩියන් සහ රාධා බළකාය මෙයට පෙර ගුවන් හමුදාවේ ඇව්රෝ යානා දෙකකටද මිසයිල ප‍්‍රහාර එල්ල කර විනාශ කරනු ලැබීය. එක් ඇව්රෝ යානාවක් විනාශ වීමෙන් පසු ගුවන් හමුදා බලධාරීන් එය කාර්මික දෝෂයකින් කඩාවැටුණු බව කියා සිටියේය. අනතුරුව දෙවැනි ඇව්රෝ යානාවේ නියමුවා තම යානාවට මිසයිලයක් එන බව දැනුම් දීමෙන් පසු මුල් යානාව සහ දෙවැනි යානාවද විනාශ වූයේ කොටි මිසයිල වලින් බව සනාථ විය.
 
 2009 මැයි මස වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසු හමුදාවට කොටි ගුවන් යානා මිසයිල 12 ක් හමුවිය.
 
 මේ මිසයිල ජෑම් හෙවත් ස්ටේ‍්‍රලා වර්ගයට අයත්විය.
 
 මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ත‍්‍රස්ත මර්දන ඒකකය ඉරණතිව් වෙරළ ප‍්‍රදේශයේ ස්ථාන කීපයක් හාරා යානාවේ සිටි මගීන්ගේ සිරුරු සෙවීමේ යෙදුණත් සිරුරු කොටස් හමුවූයේ නැත.
 
 මේ ඇන්ටනෝව් යානා සිද්ධිය යුද අපරාධයකි. එහෙත් මෙතෙක් එම යුද අපරාධය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර නැත.
 
 ද්‍රවිඩ සන්ධානයද මේ යුද අපරාධය වසන් කළේය.
 
 කීර්ති වර්ණකුලසූරිය


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles