Divaina - ළිඳට වැටුණු මිනිහාට ළිං කටින් ගොඩ එන්නට බැරි වන්නටම - බැඳුම්කර ළිං කට වසා දමා තිබේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n5 1අමතක වන්නට පෙර නැවත සිහිපත් කරන බැදුම්කරේ කතාව-3
 
 එනම් රජය විසින් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර නොගැනීම, අස්ථාවර දේශපාලන වාතාවරණය, අයවැය හිඟය, ණය බර ඉහළ අගයක් ගැනීම, එ් අනුව පොලී අනුපාත ඉහළ අගයක් ගෙවීමට සිදුවීම, රාජ්‍ය පරිපාලනය ශක්තිමත් නොවීම, රටේ නීතිය බිඳ වැටීම, ආර්ථිකය වර්ධනය ආකාරයේ ප‍්‍රතිසංස්කරණ හඳුන්වා නොදීම, පරිසරය සම්බන්ධයෙන්වන කාරණාවලදී සංවේදී නොවීම, ඵලදායීත්වය සහ කාර්යක්ෂමතාවය පහළ අගයක් ගැනීම, රටෙහි වයස්ගත ඛාණ්ඩය ඉතා ඉහළ අගයක් දැරීම වැනි අභියෝග කෙරෙහි රජය තවමත් අවධානය යොමුකොට නොමැත.
 
 අතීතයේදී අප රට හැඳින්වූයේ ඉන්දියන් සාගරේ මුතු ඇට ලෙසය. එම නම අනුවර්තනය වූයේ රටෙහි පිහිටීම අනුවය. ස්වභාවික සම්පත් අතින් ගත්ත ද ශ්‍රී ලංකාව කලාපීය අන් රටවලට වඩා පොහොසත් ය. අප රටේ භූමිය වර්ග කිලෝමීටර් 65610 කින් යුක්තය. ඉන් වර්ග කිලෝ මීටර් 870 ක් මිරිදිය ජලය වේ. අප රටට අයත් මුහුදු තීරය වර්ග කිලෝමීටර 1340 වේ. ඉන්දියන් සාගරයේ ඉන්දියාවට
 
 ගිනිකොණින් පිහිටා ඇති අප රට මුහුදු ගමනාගමනය සඳහා ද වඩාත් වැදගත් වන කේන්ද්‍රීය මධ්‍යස්ථානයකි. කෝස්ටික් සෝඩා, සෝඩියම් බයිකාබනේට් වැනි විවිධ වර්ගයේ වූ අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මුහුදු ජලයෙන් උකහා ගනු ලබන සාමාන්‍ය ලූණු යොදා ගනී. නමුත් අදටත් ශ්‍රී ලංකාව විසින් මෙම අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා විශාල වියදමක් දරනු ලබයි. නමුදු නවීන තාක්ෂණ නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ඛනිජ වර්ග බොහොමයක් පවති. ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි පවතින බව 1904 වර්ෂයේ දී සොයා ගැනුණි. එය කර්මාන්තයක් ලෙස 1950 වසරේ දී පමණ සිට පැවැතිය ද ඉල්මනයිට්, රූටයිල් වැනි වාණිජ වශයෙන් ඉහළ
 
 අගයකින් යුක්ත ඛනිජ ද්‍රව්‍ය සඳහා සැලකිය යුතු අගයක් එකතු කිරීමක් පසුගිය දශක කිහිපය පුරාවටම සිදු නොවිණි. එමෙන්ම පොහොර නිෂ්පාදනය සඳහා එප්පාවල පොස්පේට් නිධිය භාවිත වන නමුදු එය භාවිත වන්නේද ඌණ උපයෝජනයක් ලෙසය. එමෙන්ම මෑත කාලයේ දී මුහුදු තීරයේ ඛනිජ තෙල් පවතින බව අනාවරණය කරගනු ලැබුවද එ් සඳහා වන ගවේෂණාත්මක ව්‍යාපෘති ඇති වීමක් දන්නට නොවේ.
 
 අප රට වාරි තාක්ෂණයෙන් පිරිපුන් රටකි. අනාදිමත් කාලයක සිට අප රටේ පෙර රජ දරුවන් සැබෑ දේශීය ආර්ථික වටිනාකම් හඳුනාගෙන කටයුතු කර ඇති බව ඉතිහාසය විසින් සාක්ෂි කියනු ඇත. එනම් යල මහ කන්න දෙකෙහිම ගොවිතැන් කළ හැකි ඉතා දියුණු වාරි තාක්ෂණයක් අපට පැවතිණි. ජල කළමනාකාරණය ද ඉතා වැදගත් ස්ථානයක් ගැනුණි. නමුදු කාර්මිකකරණය හේතුවෙන් විශාල අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් ගංගා, ඇළ දොළ වලට එකතු වී එමගින් ජලය මෙන්ම ජලය වාසය සත්ත්ව කොටස් ද විනාශ වෙමින් පවති. පාරිසරික නීතිය කොතෙක් දක්නට ලැබුණද එ්වා ආරක්ෂා කරමින් සිය කර්මාන්ත පවත්වාගෙන යන ස්වභාවයක් නම් දක්නට නැත. රජයද එ් සම්බන්ධයෙන් දක්වන්නේ වඩාත් නිද්‍රාශීලී ප‍්‍රතිපත්තියකි.
 
 බටහිර අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස ලබන අවධියේදී අප රට තුළ ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් පැවතුණි. එනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙවැනි වූයේ ජපානයට පමණි. එ් අවධිය වන විට කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ආර්ථිකමය වශයෙන් අප රට ඉදිරියෙන් සිටියේය. එනම් නිදහස ලබා වසර 72 කට ආසන්න වන මේ මොහොතේදී අප රටේ ආර්ථිකය පවතින පවතිනුයේ දරුණු ඛේදනීය ඉරණමකට ගොදුරු වෙමිනි. එනම් රජය විසින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර
 
 n5 2නොගැනීම, අස්ථාවර දේශපාලන වාතාවරණය, අයවැය හිඟය, ණය බර ඉහළ අගයක් ගැනීම, පොලී අනුපාත ඉහළ අගයක් ගෙවීමට සිදුවීම, රාජ්‍ය පරිපාලනය ශක්තිමත් නොවීම, රටේ නීතිය බිඳ වැටීම, ආර්ථිකය වර්ධනය වන ආකාරයේ ප‍්‍රතිසංස්කරණ හඳුන්වා නොදීම, පරිසරය සම්බන්ධයෙන් වන කාරණාවලදී සංවේදී නොවීම,ඵලදායීත්වය සහ කාර්යක්ෂමතාවය පහළ අගයක් ගැනීම, රටෙහි වයස්ගත පුද්ගල කාණ්ඩ ඉහළ අගයක් දැරීම වැනි අභියෝග කෙරෙහි රජයේ අවධානය යොමු නොවීම ඊට මූලික ලෙසම හේතු වේ.
 
 අතීතයේදී අප රට හැඳින්වූයේ ඉන්දියන් සාගරේ මුතු ඇට ලෙසය. එම නම අනුවර්තනය වූයේ රටෙහි පිහිටීම අනුවය. ස්වභාවික සම්පත් අතින් ගත්තද ශ්‍රී ලංකාව කලාපයේ අන් රටවලට වඩා පොහොසත්ය. අප රටේ භූමිය වර්ග කිලෝමීටර් 65610 කි. ඉන් වර්ග කිලෝ මීටර් 870 ක් මිරිදිය ජලය වේ. අප රටට අයත් මුහුදු තීරය වර්ග කිලෝමීටර 1340ක් වේ. ඉන්දියන් සාගරයේ ඉන්දියාවට
 
 ගිනිකොණින් පිහිටා ඇති අප රට මුහුදු ගමනාගමනය සඳහා ද වඩාත් වැදගත් වන කේන්ද්‍රීය මධ්‍යස්ථානයකි. කෝස්ටික් සෝඩා, සෝඩියම් බයිකාබනේට් වැනි විවිධ වර්ගයේ වූ අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මුහුදු ජලයෙන් උකහා ගනු ලබන සාමාන්‍ය ලූණු යොදා ගනී. නමුත් අදටත් ශ්‍රී ලංකාව විසින් මෙම අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් මිලදී ගැනීම සඳහා විශාල වියදමක් දරනු ලබයි. නමුදු නවීන තාක්ෂණ නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ඛනිජ වර්ග බොහොමයක් පවති. ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි පවතින බව 1904 වර්ෂයේ දී සොයා ගැනුණි. එය කර්මාන්තයක් ලෙස 1950 වසරේදී පමණ සිට පැවැතිය ද ඉල්මනයිට්, රූටයිල් වැනි වාණිජ වශයෙන් ඉහළ අගයකින් යුක්ත ඛනිජ ද්‍රව්‍ය සඳහා සැලකිය යුතු අගයක් එකතු කිරීමක් පසුගිය දශක කිහිපය පුරාවටම සිදු නොවිණි. එමෙන්ම පොහොර නිෂ්පාදනය සඳහා එප්පාවල පොස්පේට් නිධිය භාවිත වන නමුදු එය භාවිත වන්නේ ඌණ උපයෝජනයක් ලෙසය. එමෙන්ම මෑත කාලයේ දී මුහුදු තීරයේ ඛනිජ තෙල් පවතින බව අනාවරණය කරගනු ලැබුව ද එ් සඳහාවන ගවේෂණාත්මක ව්‍යාපෘති ඇති වීමක් දන්නට නොවේ.
 
 අප රට වාරි තාක්ෂණයෙන් පිරිපුන් රටකි. අනාදිමත් කාලයක සිට අප රටේ පෙර රජ දරුවන් සැබෑ දේශීය ආර්ථික වටිනාකම් හඳුනාගෙන කටයුතු කර ඇති බව ඉතිහාසය විසින් සාක්ෂි කියනු ඇත. එනම් යල මහ කන්න දෙකෙහිම ගොවිතැන් කළ හැකි ඉතා දියුණු වාරි තාක්ෂණයක් අපට පැවතිණි. ජල කළමනාකාරණය ද ඉතා වැදගත් ස්ථානයක්
 
 ගැනුණි. නමුදු කාර්මිකකරණය හේතුවෙන් විශාල අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් ගංගා, ඇළදොළවලට එකතු වී එමගින් ජලය මෙන්ම ජලය වාසය සත්ත්ව කොටස් ද විනාශ වෙමින් පවති. පාරිසරික නීතීන් කොතෙක් දක්නට ලැබුණද එ්වා ආරක්ෂා කරමින් සිය කර්මාන්ත පවත්වාගෙන යන ස්වභාවයක් නම් දක්නට නැත. රජයද එ් සම්බන්ධයෙන් දක්වන්නේ වඩාත් නිද්‍රාශීලී ප‍්‍රතිපත්තියකි.
 
 අපනයන අනුපාතය පහළ අගයක් ගැනීම
 
 පසුගිය වසර කිහිපය පුරාවටම වෙළෙඳ භාණ්ඩ අපනයනය අඛණ්ඩවම පහත වැටුණි. වර්ෂ 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 33.3% පැවති වෙළෙඳ භාණ්ඩ අපනයනය වර්ෂ 2018 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.4% දක්වා අඩු වුණි. මෙලෙස අපනයන අඩුවීම සඳහා මූලිකතම හේතුව වූයේ නිෂ්පාදිත සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය සීමාසහිත වීම, තරගකාරීත්වය අඩු වීම, ගෝලීය සහ කලාපීය සැපයුම් මාර්ගවලට පිවිසුමට පවතින තීරු බදු නොවන බදු වර්ග, පර්යේෂණ, නව නිපැයුම් සංවර්ධනයට අනුරූපීව නොමැතිවීම, ඵලදායිතාවය අඩුවීම වැනි කරුණුය. මේ සම්බන්ධයෙන් අප රජයන්ට ක‍්‍රම වේදයක් පවතින බවට ද පෙනී නොයයි. අද වන විට දකුණු කොරියාව, වියට්නාමය වැනි රටවල් පවා අපනයන අංශයෙහි කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් රජයට ගත හැකි ක‍්‍රියාමාර්ග බොහෝ ය. එනම් නව වෙළෙඳ ප‍්‍රතිපත්ති සහ අපනයනාභිමුඛ ආර්ථීකයකට දිරි දීම, තීරු බදු නොවන බදු වර්ග සහ තීරු බදු අඩුකිරීම සහ සහන ලබා දීම, වෙළෙඳ ප‍්‍රවර්ධනයන් අපනයන මූල්‍යනය, ආයතනික සහ නියාමන රාමුව විධිමත් කිරීම වැනි ක‍්‍රියා මාර්ග ගත හැකිය.
 
 ගැටලූව වී ඇත්තේ අවශ්‍ය සම්පත්, නීති රීති ආයතන කොතරම් පැවැතියද එ් එකකින්වත් ජනතාව අපේක්ෂා කරන ආර්ථික සැලසුම් ක‍්‍රියාවට නැඟීමට රජයන් අපොහොසත් වීමය. අකාර්යක්ෂම සහ අදූරදර්ශී ආර්ථික වැඩ රාමු තුළ රජය අතරමංව ඇත.
 
 සංචාරක කර්මාන්තය නඟා සිටුවීම
 
 වසර 30 ක ශාප ලත් යුද්ධය නිමාවීමත් සමගම සාමයේ අරුණලූ වැටෙමින් පැවතිණි. තැන තැන සිදුවන බෝම්බ පිපිරීම් නැවතුණි. ජනතාවට නිදහසේ ගමන් කිරීමේ අවකාශ උදාවුණි. එය අප රටේ සංචාරක කර්මාන්තයට ද ගෙන ආවේ මහත් වූ ආශිර්වාදයකි. ආශ්වාදයකි. එනම් සංචාරක ආකර්ෂණය උදෙසා අප රටේ පවතින භූගෝලීය පිහිටීම, දේශගුණය, ස්වභාවික සම්පත් වැනි අප උරුමයෙන් ලත් බොහෝ දේ මහත්වූ වසනාවක් අප රටට උරුම කර දුණි. අප අපේම වාසනාවට පයින් ගසා ඇත. එය සක්සුදක්සේ පැහැදිලි වන්නේ සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදීය. මේ වනවිට ඔහුන් තම ඉලක්ක ගත ආර්ථික අරමුණු උදෙසා සංචාරක ව්‍යාපාර මැනැවින් යොදවා ගෙන ඇත. සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විවිධ උපායික මාර්ගය අප රටට ද අනුගමනය කළ හැකිය.
 
 ඕනෑම රටකට සංචාරකයන් පැමිණෙන කාල රාමු වෙනස්ය. ඇතැම් කාලවලදී සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙති. නමුත් සමහර කාලවල දී සංචාරකයන් පැමිණෙන්නේ ඉතාම අඩු වශයෙනි. විශේෂයෙන් සංචාරකයන් අඩු කාලවලදී ඔහුන් බහුල වශයෙන් ගෙන්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට රජයට හැකියාව පැවතිය යුතුය. එවැනි කාලවලදී සංචාරකයන් සඳහා අඩු මිල ගණන් පැකේජ හඳුන්වා දීමට හැකිය. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඔහුන් දැනුවත් කිරීම ද කළ හැක. එමෙන්ම වසර පුරාවටම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ සේවා සපයන්නන් සහ එ් ආශ‍්‍රිත ආයතන අතර මනා කළමනාකාරීත්වයක් සහ මනා සම්බන්ධතාවයක් ගොඩ නැංවිය යුතුය. මේ පුංචි දිවයිනේ අතිශය චමත්කාරජනක වූ කඳු ශිඛර, වනාන්තර , ඇළ දොළ, ගංගා, දියඇලි, මුහුදු, ඓතිහාසික ස්ථාන, නේක විධ දේශගුණික වටපිටාවන් සහිත ප‍්‍රදේශ වලින් සමන්විත ය. මෙම ස්ථාන පිළිබඳව සංචාරකයන්ගේ දැනුවත් භාවය ඉතාම අල්පය. ඔවුන් බෙහෙවින්ම සංචාරය කරනුයේ සීගිරිය, ගාල්ල, යාල වැනි ප‍්‍රදේශයන්හිය. මෙම ප‍්‍රදේශයන්ට අමතරව සෙසු ප‍්‍රදේශයන්ද ආවරණය වන පරිදි සංචාරකයන් දැනුවත් කිරීම උදෙසා විවිධ වාර්තාමය වැඩසටහන්, කෙටි චිත‍්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා පුහුණු වෙළෙඳ ප‍්‍රචාරණ සහ නිෂ්පාදන කණ්ඩායම් යොදා ගත හැකිය. රාත‍්‍රී කාලයේදී ද විදේශිකයන්ට සංචාරය සඳහා අවකාශ සලසා දිය යුතුය. එහිදී සතුන්ට මෙන්ම සංචාරකයන්ට ද ඇති වන බාධා මඟ හරවා ගැනීම සඳහා ඝෝෂාකාරී නොවන රථ වෙනුවට විදුලි බලයෙන් ක‍්‍රියා කරන රථ යොදවා ගත හැකිය. රැුහැන් රථ පද්ධති, මගී නෞකා සේවා, දර්ශනීය දුම්රිය ගමන් මාර්ග, සංචාරක කලාප ඇති කළ හැකිය. සංචාරක කලාප තුළදී මෙන්ම සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන ස්ථානයන්හි ඔවුන්ගේ භාෂාවලින් ප‍්‍රදර්ශනය කෙරෙන දැන්වීම් පුවරු සවිකළ හැකිය. වරාය නගර ව්‍යාපෘතිය සමගම සංචාරක ව්‍යාපාරය වඩාත් කේන්ද්‍රීය තැනකට පත් කර ගැනීම සඳහා රජය විසින් ඉදිරි වැඩපිළිවෙළ සකස් කිරීම දැනටමත් සිදු කළ යුතුය. විශේෂයෙන් ජාත්‍යන්තර සමුළු සංවිධානය කිරීම, සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන වැනි දේ සංවිධානය කිරීම සඳහා අනුබල ලබා දිය යුතුය. එමෙන්ම ගුවන්තොටුපළ ධාරිතාව සහ ගුණාත්මකභාවය ඉහළ නංවාලීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. තවද ගුවන්තොටුපළ, වරාය තුළ කෙටි කාලයක් ගත කිරීම සඳහා එන සංචාරකයන් ආකර්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම තුළින් ඉහළ ආදායම් උත්පාදනය කර ගත හැකිය. අප රට පිහිටා ඇති ආකාරයෙන්ම අභ්‍යන්තරික ජල ව්‍යූහයක් සහ රට වටාම පවතින ඉතාමත් මනරම් මුහුදු තීරයකින් යුක්තය. එවැනි ස්ථානවල සංචාරකයන්ට වඩාත් සිත් ඇද බැඳ තබාගන්නා ආකාරයට පරිසරය සහ යටිතල පහසුකම් නිර්මාණය කිරීම වටින්නේය. ශ්‍රී ලංකාවට ආවේණික කෑම වට්ටෝරු හඳුන්වා දීම තුළින් වැඩි ආදායමක් එම ක්ෂේත‍්‍රයෙහි නිරත වන ජනතාවට ළඟාකර ගත හැකිය. මෙම වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ද අතිශය වැදගත් වේ. ඔවුන් දිරි ගැන්වීම සඳහා සංචාරක ක්ෂේත‍්‍රයේ නියැළෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සඳහා විශේෂ බදු සහන ක‍්‍රම හඳුන්වාදීම රජය විසින් කඩිනම් කළ යුත්තකි.
 
 විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම.
 
 පසුගිය වසර කිහිපය පුරාවටම ශ්‍රී ලංකාව තුළට යම් යම් විදේශ ආයෝජන ඇදී ආවද එකී ආයෝජනයන් විශාල වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ආවරණය වූ එ්වා නොවීය. එබැවින් අපනයන තරඟකාරීත්වය වර්ධනය කර ගැනීමට සහ ආර්ථික වර්ධනයට එමගින් ලැබූ දායකත්වය ඉතාම අවම මට්ටමක පැවතුණි. ආයෝජන ආකර්ෂණය දිනා ගැනීම අතින් ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවල් සමග ගත් කල පසුපසින් සිටි. විශේෂයෙන් වියටනාමය, සිංගප්පූරුවෙන් රටවල් එ් සඳහා සිය උපාය මාර්ග සැලසුම්කරණයන් අතින් ඉතාම දියුණු මට්ටමක පවතී.
 
 මේ මොනදේ කරන්නට ද රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් පැවතිය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුව වෙනස් වන ආර්ථික ප‍්‍රතිපත්ති, සැලසුම්, ක‍්‍රමෝපායන් හේතුවෙන් ආයෝජකයෝ දිගුකාලීනව ආයෝජනය කිරීම සඳහා බිය වෙති. එමෙන්ම ආකර්ෂණීය ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කළ යුතුය. පසුගිය කාලසීමාවේදී රට තුළ නිර්මාණය වුණු අනාරක්ෂිතභාවය හේතුවෙන් විදේශ ආයෝජකයෝ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා මැළි වූහ. පසුගිය අපේ‍්‍රල් 21 වන දින සිදුවූ පාස්කු ප‍්‍රහාරය සමගින් නැවතත් ශ්‍රී ලංකාව අනාරක්ෂිත රටක් බවට ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් විය. විදෙස් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තම පුරවැසියන්ට රතු එළි දැල්විය. එමෙන්ම අප රට තුළ පවතින නෛතික රාමුව සහ ආයතනික ව්‍යුහය ද ඉතාමත් නොදියුණු මට්ටමක පවතී. යම් නීතිමය අවශ්‍යතාවයක් සපුරා ගැනීමට නම් අධික වියදමක් සහ විශාල කාලයක් වැය කිරීමට සිදු වේ. එ් සඳහා පවත්නා වූ නීතිය යාවත්කාලීන කළ යුතුය. ඉතාමත් ඉක්මනින්ම විසඳුම් ලැබෙන ක‍්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය. ව්‍යාපාර පවත්වාගෙන යාමේ දර්ශකයට අනුව වර්ෂ 2019 ට අදාළව ශ්‍රී ලංකාව ලෝකයේ රාජ්‍යයන් 190 ක් අතරින් 69 වන ස්ථානයට පත් විය. එමෙන්ම වර්ෂ 2018 දී ලෝක ආර්ථික සමුළුව මඟින් ප‍්‍රකාශිත ගෝලීය තරගකාරීත්ව දර්ශකය අනුව රටවල් 140 ක් අතරින් 85 වන ස්ථානයට ළඟාවීමට ශ්‍රී ලංකාවට හැකි විය.
 
 මෙහිදී විදේශ ආයෝජකයන්ට සිය ආයෝජන කිරීම සඳහා රට තුළ ඉහළ විශ්වාසදායක පරිසරයක් ඇති කළ යුතුය. එමෙන්ම වංචා දූෂණ වැළැක්වීම, රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධතාවයක් ඇති කරමින් එම ආයතන නිසි ලෙස ඊට අනුගත කිරීම සහ නියාමනය ශක්තිමත් කිරීම, වෙළඳාම පහසු කිරීම සඳහා සේවා සැපයුම් වැඩි දියුණු කිරීම, ශ‍්‍රම වෙළෙඳපොළ කඩිනමින් සැකසීම සිදු කළ යුතුය. මෙහිදී ශ්‍රී ලංකා විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ණය නොවන විදේශ විනිමය ලැබීම් පුළුල් කර ගැනීම සඳහා ක‍්‍රියා කිරීමය. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 කට අධික විදේශීය ණය ප‍්‍රමාණයක් ආපසු ගෙවීම් සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව මැදි ආදායම් සහිත රටක් බවට පත්වීමත් සමඟම සහනදායී ණය ලබාගැනීමට අවකාශයක්ද සීමාවුණි. ණය ලබා ගැනීම් මත ආර්ථිකයක් රඳා පැවතීම රටකට සුදුසු නොවේ. ගෝලීය ආර්ථික අර්බුදයක දී රටකට වෙනත් රටක් මත යැපීමට සිදුවීම නිසා මුළු මහත් ආර්ථිකය කඩා වැටිය හැකිය. විශාල අයවැය හිඟය සඳහා බලපානුයේ ද මෙම විදේශ ණය සඳහා ලබා ගැනීම වේ. මෙලෙස ණය ලබා ගැනීමේදී ඊට අදාළ පොලී ගෙවීම් ද ඉහළ යනු ඇත.
 
 රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම
 
 රාජ්‍ය මූල්‍ය ක‍්‍රියාවලියද වඩාත් විධිමත් විය යුතුය. රජය ආදායම් මට්ටම තවදුරටත් ඉහළ නංවා ගත යුතුය. දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම, තොරතුරු තාක්ෂණික පද්ධතියක් හඳුන්වා දීම, බදු එකතු කිරීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම, අපනයන වර්ධන ප‍්‍රතිශතය වැඩි කිරීම, නවෝත්පාදනය, පර්යේෂණ තුළින් දේශීය කර්මාන්ත සඳහා වැඩි අවකාශ සලසා දිය යුතුය. එමෙන්ම ආනයන වර්ධන අනුපාතය අවම කළ යුතුය. එසේ කළ යුත්තේ රට තුළ යම් නිෂ්පාදනයක් සිදු කිරීමට හෝ අමුද්‍රව්‍ය සොයා ගැනීමට අපහසු විටෙක දී පමණි. රට තුළ එම නිෂ්පාදනයන් පහසුවෙන් සහ අඩු පිරිවැයක් තුළ සිදු කිරීමට හැකි අවස්ථාවන්හිදී පවා එකී භාණ්ඩ ආනයනය කරනු ලබයි. එය නොකළ යුත්තකි. එ් සඳහා රජය සෘජුව මැදහත්ව ක‍්‍රියා කළ යුතුය. නීති අණපනත් සම්මත කළ යුතුය. දැඩි සීමාකරණයට යටත් කළ යුතුය.
 
 යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
 
 රටක ඉලක්ක ගත ආර්ථික වේගයක් වෙත ළඟාවීමට නම් යටිතල පහසුකම් හෙවත් පාදක ව්‍යුහමය පහසුකම් යන්න අතිශය වැදගත් සාධකයකි. එනම් ගුවන්තොටුපළ, මහාමාර්ග, ප‍්‍රවාහනය, වරාය, බලශක්තිය වැනි බොහොමයක් සාධක තෘප්ත විය යුතුය. එහිදී බලශක්තිය සඳහා අති විශේෂ වැදගත්කමක් හිමිවේ. අපේක්ෂිත ආර්ථික වෘද්ධියක් කරා යන ගමනේදී බලශක්තිය ශක්තිමත් කළ යුතුය. නාගරිකකරණය, ඉහළ ආර්ථික ක‍්‍රියාකාරකම්, වරාය නගරය, බස්නාහිර මහ නගර ව්‍යාපෘතිය, කර්මාන්ත කලාප වැනි මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘතිය සමඟින් බලශක්ති අවශ්‍යතාවය සීඝ‍්‍ර ලෙස වර්ධනය වනු ඇත. දැනට අප රටේ විදුලි පරිභෝජනයෙන් 100% ක් සපුරා හමාරය. නමුදු නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී ඉන් ඔබ්බට විහිදුණු සැලසුම් අපට තිබිය යුතු ය. විශේෂයෙන් ඛණිජ තෙල් සඳහා දැරීමට සිදුවන පිරිවැය දිගින් දිගටම වැඩි වී ඇත. දිනෙන් දින ඉහළ යන වාහන භාවිතය හේතුවෙන් එ් සඳහා අති විශාල තෙල් ප‍්‍රමාණයක් පිටරටින් ආනයනය කිරීමට සිදුවේ. චීනය වැනි රටවල් පිරිසුදු බලශක්ති ප‍්‍රභවයන් භාවිතා කිරීමට ක‍්‍රියාමාර්ග ගෙන ඇත. හරිත බලශක්තිය භාවිතා කිරීම සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම උදෙසා පොසිල ඉන්ධන භාවිතා කරන රථවාහන ඇතැම් රටවල තහනම් කර ඇත. විදුලියෙන් ක‍්‍රියා කරන වාහන සඳහා දිරි ගැන්විය යුතුය. සංවර්ධිත රටවල පොදු ප‍්‍රවාහන පද්ධතිය ඉතාමත්ම දියුණු මට්ටමේ පවතී. අප රටේ පොදු ප‍්‍රවාහන සේවාවන්හි පවතින අඩු ලූහුඬුකම් හේතුවෙන් බොහෝ මිනිසුන් තමන්ගේම වාහනයක් භාවිතා කොට සිය රැුකී රක්ෂා සඳහා යෑම සඳහා පෙළඹෙති. ඇතැම් විට එක් වාහනයක ගමන් කරන්නේ එක් පුද්ගලයකු පමණි. එබැවින් දිනකට කොළඹ ඇතුළු තදාසන්න නගරවලට පැමිණෙන වාහනවල ප‍්‍රමාණය ඉතා ඉහළය. එමඟින් විශාල මුදල් නාස්තියක් සිදු වෙයි. කාලයද අපතේ යයි. එය අප වැනි තුන්වැනි ලෝකයේ රටකට ඔරොත්තු නොදෙයි. නමුත් පොදු ප‍්‍රවාහන සේවාවන්හි පවතින අඩු පාඩු හේතුවෙන් එසේ නොකර වෙනත් විකල්පයක් ද නොමැත. රට තුළ ප‍්‍රවාහන අමාත්‍යාංශයක් පැවැතිය ද එ් සම්බන්ධයෙන් ගන්නා වූ ඵලදායී ක‍්‍රියාමාර්ග නම් දැක ගත නොහැක.
 
 රජයේ සහනාධාර පිළිවෙත
 
 ශ්‍රී ලාංකිකයෝ යැපුම් ආර්ථිකයකට කවදත් ප‍්‍රිය කරති. එය පාලකයෝ ද මැනවින් තේරුම් ගෙන සිටිති. එනම් සිය පාලන සමය තුළ ඕනෑම ජඩ වැඩක් කොට එ්වා අමතක කිරීම සඳහා යොදා ගන්නා උපායමාර්ගය ද මෙයම වේ. මෙවර ජනාධිපතිවරණය ද ළඟ ළඟම එයි. එබැවින් රට කරවන ඇත්තෝ සහන පොදි සිය මැතිවරණ වේදිකාවන් තුළ දිග හරිති. එ් අතර සමෘද්ධිය, ජනසවිය, බදු සහනාධාර ලබාදීම, පාසල් නිල ඇඳුම් පොත්පත් නොමිලේ ලබාදීම, ස්වයං රැුකියා ණය ලබා දීම වැනි විශාල සහන පොරොන්දු ජනතාවට ලබාදීම් වේ. ඇතැම් විට එම සහනාධාර අවශ්‍ය නොවන පිරිස් වෙතද ලබාදීමට යෑමෙන් රාජ්‍ය වියදම අධික ලෙස වැඩි වෙයි. ඇතැම් විට එම සහනාධාර ලැබෙන්නේ එය අවශ්‍ය පිරිස් වෙත නොව තම දේශපාලනය වෙනුවෙන් කඬේ යන පිරිස් වෙත ය. ඔවුහු එම සහනාධාර සඳහා වෙන්කළ මුදල් ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් ලබා දෙන එ්වා නොවෙති. එ්වාද ජනතාවගේ මුදල් ය. එබැවින් අනිසි නාස්තිකාර සහනාධාර වියදම් කපා හැරීම සිදු කළ යුතුය. එසේ නොකළහොත් එකී බර පැටවෙන්නේ ද නැවත ජනතාව මතම බව සිහිබුද්ධියෙන් යුක්තව අවබෝධ කරගත යුතුය.
 
 ආහාර යනු ජනතාවගේ මූලිකම අවශ්‍යතාවයකි. එබැවින් රජයක් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ගැන වැඩි අවධානයක් යොමු කරයි. එ් සඳහා කෘෂි නිෂ්පාදන කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. සමස්ත ශ‍්‍රම බලකායෙන් 25% ක් එනම් මිලියන දෙකක් තවමත් කෘෂිකාර්මික අංශයේ සේවයේ යෙදී සිටියි. නමුත් දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඔවුන්ගේ දායකත්වය 7%-8% අතර ප‍්‍රමාණයකි. ඊට මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ ඉඩම් පරිභෝජනය පවතින අඩුලූහුඬුකම්, ඵලදායීතාව ඉතාමත් අවම මට්ටමක පැවතීම, පරිභෝජන අවශ්‍යතා ඉලක්ක ගත කර ගෙන කෘෂි නිෂ්පාදිත බිහි නොකිරීම යනාදිය වෙයි. එමෙන්ම මෙම අංශය වෙත අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ආරක්ෂණ සහන සැලසීම නිසාවෙන් අඛණ්ඩව ශ‍්‍රම හිඟයකට මුහුණ පා සිටින නිෂ්පාදන සහ සත්කාරක සේවා සඳහා ශ‍්‍රම සැපයුම අඩු මට්ටමක පවතී. එ් සඳහා විවිධ උපාය මාර්ග රජයකට භාවිතා කළ හැකිය. එනම් කුසලතා සංවර්ධනය, යාන්ත‍්‍රිකරණය සහ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම, ගොවිපළ එ්කක ලාභදායිත්වය මත පදනම් වූ ව්‍යාපාර එ්කක බවට පත් කිරීම, වැඩිදියුණු කළ පර්යේෂණ හා නවෝත්පාදන, දේශගුණික විපර්යාස ජය ගැනීම යනාදිය වේ.
 
 නීතිඥ සංජීව බෝපේආරච්චි
 
BA, LLB, MA (Political Science)


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles