Divaina - එරන්දි - විශ්ව මංගල මතකය අලූත් කරයි

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

viswa333මීට සය වසරකට පෙර සිය දිවියේ මංගල මොහොත විඳ සිටි ඔහු යළිත් මනාලයකු ලෙස මංගල ඇඳුමින් සැරසී සිය ප‍්‍රියාවියගේ අතගෙන මංගල ඡුායාරූපයකට පෙනී සිටියා. මේ සුන්දර ඡුායාරූප පෙළ ඔස්සේ ආදර මතකය අවදි කරමින් අපි ඔහුව ආදර හැන්දෑවට කැඳවා ගත්තේ සිහින කුමාරයකුගේ ආදරය. සිහිනයක් තරම්ම සොඳුරුදැයි විමසා දැනගනු රිසියෙනුයි.
 
විශ්ව හා එරන්දිට ජීවිතයේ නැවත වතාවක් මංගල ඇඳුමෙන් හැඩවෙන්න හිතුණෙ ආදරය අලූත් කරගන්න හිතාගෙනද?
 
 මේ වගේ ඡුායාරූප එකතුවක් කරන්න අපේ කිසිම සූදානමක් හෝ සැළසුමක් තිබුණෙ නැහැ. මේ විදිහට අපි දෙන්නව හැඩගැන්වීම් කරපු දිල්ශාන් තමයි කියල තිබුණෙ විශ්ව සහ එරන්දිගේ මේ වගේ ඡුායාරූප ටිකක් ගන්න ආසයි කියල. එතනදි මගේ බිරිඳ මූලික වෙලා තියෙනව.
 
 ඇය මගෙන් විමසුවා තාත්ති මම  මෙයාගෙන් තමයි උත්සවයකට යද්දි  හැඩගැන්වීම් කරගන්නෙ ඒ නිසා අපි මේක කරමුද කියලා. ඇත්තටම එරන්දි මගෙන් මේ වගේ ඉල්ලීමක් කළ පළමු වතාව.
 
 කෙනකුගේ ආසාවක් වෙනුවෙන් කිසිදු මුදල්මය ලාභයක් අපේක්ෂා නොකර ඒ දේ කරන්න මමත් තීරණය කළා. ඉතින් මම කිව්වා කිසිම ප‍්‍රශ්නයක් නැහැ අපි මේ ඡුායාරූපවලට පෙනී හිටිමු කියලා.
 
 මේ ඡුායාරූප පෙළ ඔබ දෙදෙනාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ගත් ඡුායාරූප බවට සඳහනක් තිබුණා?
 
 මේ උදාවෙන්නෙ අපේ විවාහයේ හයවැනි අවුරුද්ද. නමුත් අපේ විවාහ සංවත්සරය තියෙන්නෙ දෙසැම්බර් මාසයේ පස්වැනිදාට. මේක විවාහ සංවත්සරය වෙනුවෙන් කළ දෙයක් නෙවෙයි.
 
 ඔබ දෙදෙනාගේ විවාහයෙන් වසර හයක් ගතවී නැවත මනාලියක විදිහට ඇයව දකිද්දි මොනවද හිතුණෙ?
 
 මම මේ කියන්නෙ මගේ හැඟීම. ඕනම මනුස්සයකුට තමන්ට දැනෙන හැඟීම ප‍්‍රකාශ කරන්න අයිතියක් තියෙනවනෙ. මේ දේ එදා මම ඇය මනාලියක් විදිහට හැඩවෙලා ඉද්දිත් කිව්වා. ඇය අපි විවාහ වුණදා මනාළියක් ලෙස දුටුවාට වඩා හැඩට හිටියා කියලයි මට පෙනුණෙ. ඒක මට කලින් එරන්දිත් පිළිගත්තා.
 
 විශ්ව කොඩිකාරගේ ආදරය එරන්දිව තව තවත් සුන්දර කර ඇතිවා වගෙයි?
 
 මගේ ආදරය නිසා ඇය ලස්සන වෙන්න ඕන කියන එක එහෙම විය යුතුයි කියල මමත් හිතනව. මොකද ගෙවෙන ගෙවෙන තත්පරයක් ගානේ විශ්ව කොඩිකාරගෙ හදවතේ තියෙන සැබෑ ආදරය බින්දුවක් ගානේ ගලායන්නෙ එරන්දි හල්ගවිදාන කියන ඇය වෙනුවෙන්.
 
 ඔබ දෙපළ යළි මනාල මනාලියන් කරන්න දායක වූ ඔවුන් කව්රුන්ද?
 
 ඡුායාරූප ගත්තෙ ආවර්ජනා. හැඩගැන්වූයේ දිල්ශාන් චතුරෙගොඩ. ඇඳුම් නිර්මාණය චමිල් උදයංග.
 
 විශ්වගේ හිත එරන්දි වෙත ඇදී ගියේ ඇයගේ රූප ශෝභාව නිසාද?
 
 ඔව්. ඒක තමයි ඇත්ත. ඕනම කෙනෙක් පළමුවෙන්ම දකින්නෙ දෙයක සුන්දරත්වයනෙ. මම පළමුවෙන්ම ඇගේ සුන්දරත්වයට කැමති වෙනව. ඊට පස්සෙ ඇයගේ ගතිගුණවලට කැමති වෙනව.
 
 විශ්ව එරන්දි කියන යුවළගේ පවුල් ජීවිතය හැමදාමත් ආදරයෙන් පමණක්ම පිරිලා තිබුණ එකක්ද?
 
 තරහ මරහ වෙන්නෙ නැතිව මේ අවුරුදු හය මාර ජීවිතයක් ගතකළා කිව්ව නම් ඒක විශ්ව කොඩිකාරගෙ ජීවිතයේ මාර බොරුවක්. ඒක තමයි ඇත්ත කතාව. ජීවිතයෙ හැලහැප්පීම් ගොඩක් මැද්දෙ ජීවිතය ගැටගහගෙන යන විදිහ ජීවිතය කියන්නෙ මොකක්ද කියල අපිට පෙන්වපු එකම පුද්ගලයා පද්මසිරි කොඩිකාර. ඒ මගේ පියා පමණයි. ඒක මම හදවතින්ම කියන්න ඕන.
 
 මේ ආදර කතාව පටන් ගත්තෙ කොතනින්ද?
 
 එරන්දි විදේශයක ඉඳල ඇවිදින් මගේ දුරකතන අංකය
 
 හොයාගෙන මට දුරකතන ඇමතුමක් දුන්නා. ඊට පස්සෙ තමයි අපේ ආදරය පටන් ගත්තෙ ඒ කාලෙ මම රඟපාපු අමා ටෙලිනාට්‍ය අවසන් වෙලා පබලූ ටෙලි නාට්‍යයේ මැද හරිය ගතවෙන කාලෙ.
 
 ඇය එදා වගේම අදත් ඔබගේ රසිකාවියක්ද?
 
 එරන්දි මගේ රසිකාවියක්. ඇය මාව තේරුම් ගත්ත රසිකාවියක්. සමහර විට හිතනව මම එහෙම ලොකුවට දන්නෙ නැහැ. මම මෙහෙම හිතනව ඇය මගේ ටෙලි නාට්‍ය බලනව ඇති කියල.
 
 ඔබට රසිකාවියන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර ඔබගේ අයිතිකාරිය විදිහට ඇය විඳින්නෙ කොහොමද?
 
 මෙහෙමයි මගේ දැනුමේ හැටියට කොහොම කිව්වත් එරන්දි නෙවෙයි මේ ලෝකෙ මොනම ගැහැනියකටවත් තමන්ගෙ පෙම්වතාට හෝ සැමියාට වෙනත් රසිකාවියන් ආදර ප‍්‍රතිචාර දක්වන එක ඉවසන්න බෑ. ඒක පිරිමියෙක් විදිහට මටත් ඉවසන්න බැරිනම් ඇය ඉවසයි කියල මම හිතන්නෙ නැහැ.
 
 විශ්ව හා හා පුරා පෙම්වතෙක් වූ අතීතය මතකද?
 
 ඔව්. මගේ ප‍්‍රථම පේ‍්‍රමය 2005 අවුරුද්දෙ මට හිමිවුණේ. මම පාසලට සමුදෙන්නෙ 2006 වසරේ. ඒ ආදරය හරිම සුන්දරයි. වැඩි කාලයක් නැහැ. මාසයයි දවස් 20 ක් වගේ කාලයක් තමයි මගේ ප‍්‍රථම පේ‍්‍රමය පවතින්නෙ. ඒ වගේම මගේ දෙවෙනි ආදරයත් මට අමතක වෙන්නෙ නැහැ. සුදර්ශියෙ රංගන පුහුණුවීම් කරද්දි හමුවුණ
 
 නර්ථන ශිල්පිණියකට මගේ හිත ගියා. අපි ආදරය කළා.
 
 ඒ අතීතයෙන් පසු ඔබ ජනප‍්‍රිය කෙනකු වූ පසු ඔබට ඔවුන් හමුවූවාද?
 
 නැහැ. ආයෙ කවදාවත් ඒ චරිත දෙක මට හමුවෙලා නැහැ. ආයෙ හමුවෙන්න ප‍්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ඒ මතකය පමණක් හිතේ තිබුණම ඇතියි කියල මම හිතනව. ඒ මතකයන් හරිම සුන්දරයි.
 
 ඇය හමුවුණ තැන සිට අද දක්වා ගෙවුනු අතීතය දෙස හැරී බලද්දි ඔබට අද දැනෙන හැඟීම කුමක්ද?
 
 මගේ බිරිඳ ගෙදර වැඩපල කරගෙන මගේ දරුවො දෙන්නට හොඳට සලකගෙන ඉන්න බිරියක් බව ගොඩක් සතුටින් කියනව. අපිට ජීවිතයේ දේවල් සියයට සියයක්ම බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් අපිට ලැබිලා තියෙන ප‍්‍රමාණය ගැන මම ගොඩක් සතුටුයි. ජීවිතයේ දේවල් සියයට සියයක් බලාපොරොත්තු වෙලා ජීවිතය විනාශ කරගන්නවද සියයට දශමයක් හරි තමන්ට ලැබුණ නම් ඒ දෙයින් සතුටු වෙලා ජීවිතය ඉදිරියට රැුගෙන යනවද කියලා තීරණය කරන එක අපේ දෙයක්. මම නොලැබුණ දෙය ගැන හිතනවට වඩා ලැබුණ දේවල් ගැන හිතල සතුටුවෙන කෙනෙක්. මගේ තාත්තා තමයි මට මේ වටිනා දහම කියල දුන්නෙ.
 
 විශ්වගේ ජීවිතය ආදරය මේ හැමදෙයකම සාර්ථකත්වය කව්රුන්ද?
 
 මේ හැම තත්පරයකම ගෙවෙන්නෙ මගේ තාත්තා මට දෙන අවවාද එක්කයි. තාත්තා යමක් කියද්දි මම අකමැත්තෙන් වගේ හරි හරි මම ඒ දේ කරන්නම් කියනව. හැබැයි ඒ දේ තමයි හරි දේ. මට පසුවයි අවබෝධ වෙන්නෙ. අද විශ්ව කොඩිකාර කිසියම් තැනක ඉන්නව නම් ඒකට සියයට ප‍්‍රකෝටියක් වග කියන්න ඕන පුද්ගලයා තමයි පද්මසිරි කොඩිකාර කියන මගේ තාත්තා.
 
 ධම්මිකා සුරංජි
 
 පතිරණ ඡුායාරූපය - ආවර්ජනා ෆොටෝග‍්‍රැෆි

 

 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles