Divaina - ක්‍රෙඩිට් ඉවරයි... තානායම් සේවයේ සහෝදර බැම්ම....

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

තානායම්පල්ලාගේ සටහන.....
krdit1
‘‘..මරණය දුකක් වන්නේ මිය යන්නා හට නොව ජීවත් වන්නා හටය..... කියන වගන්තිය කියමනක් හැටියට මිසක් හැබැහින් මේ වගේ බරපතළ විදියට මගේ හිතට වැදුණු අවස්ථාවක් ඇත්තෙන්ම මට මතක නැහැ.

නෙල්සන් කියන්නෙ අපේ තානායම ආසන්නයෙම පොඩි ගෙස්ට් හවුස් එකක සුලූ සේවකයෙක් හැටියට වැඩ කළ කෙනෙක්.

තානායමේ වේටර් සුමිතුත් මගේ තනියට එක්කගෙන මම මේ ඇවිත් ඉන්නේ ඒ නෙල්සන් අයියාගෙ අවමගුලට

සහභාගී වෙන්නයි.

පමාවී යුගදිවියට ඇතුළත් වුණු නිසාදෝ නෙල්සන්ට හිටියෙ පොඩි දරු පැටව් දෙතුන් දෙනෙක්.

නෙල්සන් අයියට තමුන්ගෙ බිරිඳ බවට පත්වුණු පෙම්වතිය මුණ ගැහෙන්නෙත් ඒ රාජකාරි පරිශ‍්‍රයේදිමයිි.

මුදලාලිගෙ හෝටලේට යාබද තිබුණු කොමියුනිකේෂන් එකේ රීලෝඞ් දාන්න ආපු ගමේ කෙල්ල තමුන්ගෙ මුලූ ජීවිතේම රී ලෝඞ් කරාවිය කියලා නෙල්සන් මුලදි හිතුවේ නැහැ.

කාලයාගේ ඇවෑමෙන් නෙල්සන් තමුන්ගෙ පෙම්වතිය විවාහ

කරගෙන ඇය අම්මා කෙනෙක් වෙනවා.

අද ඒ අම්මා ඒ බිරිඳ තමුන්ගෙ සැමියගෙ දේ්හය ඉදිරියේ හ`ඩා වැළපෙනවා.

මට ඒ වැළපීම සංවේදී වෙන්නේ

ඇගේ ශෝකාලාපයේ ගැබ් වෙලා තියෙන්නේ නෙල්සන් අයියා බිම් මට්ටමේ සේවකයෙක් හැටියට හෝටල් සේවය වෙනුවෙන් කරපු කැප කිරීම් සමුදාය ඇගේ ශෝකාලාපයේ වචන බවට පත්වෙමින් පවතින නිසයි.

කොළඹ අවිස්සාවේල්ල පාරේ ජනාකීර්ණ හන්දියක තට්ටු දෙකේ විසාල තේ කඬේ උඩ තට්ටුවෙ වැඩි දවසක් යන්නට කලියෙන් මුදලාලිගෙ තට්ටු දෙකේ තේ කඬේ බිම් මහලෙ ඉස්සරහ කොටසේ කාමර පේළියක් ලහි ලහියෙ වැඩ නිමවණු හැටි නෙල්සන්ට හිතා ගන්නත් බෑ.

‘‘... බේබි මහත්තයා ඒ කාලෙ හෝ්ටලේ හැදූ අලූතම ඒකෙ හොරාට අරක්කු විකුණනවය කියලා කීප වතාවක්ම පොලීසියෙනුත් පැන්නා... ඒ හැම එකටම උසාවි ගාණෙ රස්තියාදු වුණේ අපේ මහත්තයා තමයි.

නෙල්සන් අයියාගෙ බිරිඳ තමුන්ගෙ මියගිය සැමියාගෙ දේහය ඉදිරියේ ඉඳන් තමුන්ටම කියා ගනිමින් වැලපෙනවා.

‘‘...එස්කියුස්මී සර්... අටේ කාමරේ ඒ. සී. සර්විස් කරන්න ආව ටෙක්නීෂියන් පොරගෙ ෆෝන් නම්බර් එක සර් ගාව ඇති නේද?.....

මළ ගෙදර ශෝකාලාප වදන් මැද්දෙ වේටර් සුමිත් මගේ කනට කොඳුරළ අහනවා.

‘‘...ඇයි මොකටද ඒ. සී කරුණෙගෙ නොම්බරේ... ආයෙමත් අටේ කාමරේ ඒ. සී. එක අවුල්ලූ ද?.....

මම කුතුහලය ඉහ වහා ගිහින් ඇහුවා.

‘‘...නෑ සර්... අටේ කමෙරේ ඒ. සී. රිමෝට් එක කොහේ දාලද සොයා ගන්න බැරිලූ..... වේටර් සුමිත් බයාදු ලීලාවෙන් කියනවා.

‘‘...ඉතින් අපේ වෙනත් කිසිම කාමරේක ඒ. සී. රිමෝට් එකකින් ඔය අටේ කාමරේ ඒ. සී. එක ඔන් කරගන්න බැහැයිලූ ද?..... මම සියලූ ආවේග යටපත් කරගෙන අහනවා.

‘‘...ඔව් සර්... මේකනේ... අපේ අටේ කාමරේ තියෙන්නෙ අවුරුදු ගාණක් පරණ ගොනා මොඩල් ඒ. සී. යුනිට් එකක් නේ... ඒකෙ සද්දෙ පවා අනික් කාමර වල ඒ. සී. වලට වඩා වෙනස් නේ.....

සුමිත් කියාගෙන යනවා.

දැන් තියෙන තාක්‍ෂණික මෙවලම් එක්ක වැඩ කරන්න අඩුගාණෙ ත්‍රෛමාසික ටෙක් කෝස් එකක් වත් නොකර ඉහ ගහන්න බෑ.

ඒ තරමට හැම දෙයක්ම සංකීර්ණයි. ශ‍්‍රමිකයා ලවා වැඬේ කරවන අපිත් ශ‍්‍රමිකයා ආසන්නයටම අදාළ සාස්තරේ දැන නොසිටියොත් ඉතින් බොහෝ දුරට සිදුවෙන්නේ හැමදාම පාට්ස් සොය සොයා වටේ යාමක් තමයි.

‘‘...හරි... කවුද අටේ කාමරේ බලන වේටර්... ප‍්‍රියන්ත නේද?... එතකොට ප‍්‍රියන්ත දන්නෙ නැද්ද තමුන් බලන කාමරේ රිමෝට් එක නැතුව මැනුවල් සිස්ටම් එකට ඒ. සී. එක ඔන් කරන හැටි... අරගෙන දෙන්න කෝල් එකක් ප‍්‍රියන්තට.....

මම ආවේගය සඟවාගෙන සුමිත්ට කීවා.

සුමිත් මළ ගෙදර ශෝක අඳෝනාව මැද්දෙම එයාගෙ පත සයිස් ස්මාට් ෆෝන් එක සාක්කුවෙන් එළියට අරගෙන මුහුණ ඇඹුල් කර ගන්නව.

‘‘...ෂෙහ්ඃ... ක්‍රෙඩිට් ඉවරයි සර්.....

‘‘...තමුසෙලාගෙ බම්බු සෝබන ෆෝන් වල කවද්ද අයිසෙ හදිසියකට කෝල් එකක් ගහන්න ක්‍රෙඩිට් තිබුණෙ...?..

මට එහෙම අහන්න කටට ආවත් මම වහා නිහඬ වුණේ අද ඉන්න බහුතර සේවකයො තමුන්ගෙ පාලකයා අන්න ඒ විදියට ඔරොප්පු වෙලා කෑ ගහනවා නම් ඒකෙනුත් ගොන් ආතල් ගන්න බලා ඉන්න ජාතියෙ බඩු නිසයි.

‘‘...කියන්න නම්බර් එක.....

මම එහෙම කියාගෙන මගේ කලිසම් සාක්කුවට අත දැම්මා. මළ ගෙදරකට අඳින්න ගැලපෙන ලා පාට කළිසම් මට තියෙන්නෙ දෙකයි. ඒ දෙකම තරමක් පරණ මොඩල් බාජු දිග කලිසම්. ඒ නිසා ඒවායෙ දෙපැත්තෙ කලිසම් සාක්කු ගොඩක් ඉඩ කඩයි. විසාලයි. මම ඒ කලිසම් සාක්කුවට අත දාලා මගේ නෝමල් ෆෝන් එක අතට ගන්න සෙව්වා.

සාක්කුව විසාල නිසා බරට නොදැනුණත් මගේ අතට කලිසම් සාක්කුවෙ ෆෝන් දෙකක් අතට අහු වෙනවා.

මම කඩිමුඩියට ෆෝන් දෙකම සාක්කුවෙන් එළියට ගත්තා.

ළඟ ඉඳපු වේටර් සුමිත්ට බකස් ගාලා හිනා ගියා.

‘‘...යකෝ මළ ගෙදර.....

මම සුමිත්ට ඔරවගෙන කෙඳිරුවා.

සිදුව ඇත්තේ හද්දා ජංජාලයකි.

මම අටේ කාමරේ ඒ. සී. දුරස්ථ පාලකය මගේ සාක්කුවේ දමාගෙන කිලෝ මීටර් සියයකට ආසන්න දුරක් ගෙවා මළ ගෙදරක පැමිණ තිබේ.

දැන් වේලාව දවල් දොළහයි. අදට අටේ කාමරේ බුක් කරපු සුද්දා වෙලාවටම කාමරේ නවාතැන් ගන්න ඇවිල්ලා.

ඒ සුද්දා නවාතැන් ගන්න කාමරේ ඒ. සී. රිමෝට් එකත් සාක්කුවේ දාගෙන මම ඇවිත් ඉන්න මළ ගෙදර අවමඟුල් සභාවේ වැඩ ආරම්භ වීමට නියමිතව ඇත්තේ හවස තුනටයි. මා පැමිණ සිටින අවමංගල සභාවේ කතාව පැවැත්වීමට මට අවස්ථාව ලැබෙන්නේ තුනෙන් පසුවයි. තුන පසුවන තුරු තානායමේ අටේ කාමරයට පැමිණ සිටින සුද්දා ඒ. සී. නොමැතිව තැබුව හොත් හෙට වන විට මගේ

රැකියාවද අවදානම් ය. ඒ තරමට අද අපේ රටේ සමාජ ජාලා වෙඞ් අඩවි බල සම්පන්නය. සර්ව සාධාරණය.

‘‘...මාර කේස් එක නේද සර්.....

‘‘...ඔව් බං... ඊයෙ කාමර වල ඒ. සී. චෙක් කරන්න ගිය වෙලේ මම මතක නැතුව අටේ කාමරේ රිමෝට් එක ඔෆිස් එකට අරගෙන ඇවිත් තිබුණා. අද උදේ මළ ගෙදර එන්න පිටත්වෙද්දි මේසෙ උඩ තිබුණු ෆෝන් එකත් එක්ක කලබලේට රිමෝට් එකත් සාක්කුවෙ දාගෙන ඇවිල්ලා.....

මම පරාධීන ස්වරයෙන් සුමිත්ට කීවා.

අවුලක් සෑ සර්... දෙන්න රිමෝට් එක... මම ටාර් ගාලා දීලා එන්නම් අවසන් කටයුතු වෙලාවට කලින්... රිලේ රේස් එකක බැටන් එක ඉල්ලන සහාය දුවන්නෙක් වගේ මගේ අතින් රිමෝට් එක ඩැහැ ගත්ත සුමිත් මළගෙදරට ආපු සෙනග අතරින් පාර දිහාවට දුවලා ගියා. ඒ තමයි අපේ තානායම් සේවයේ සහෝදර බැම්ම.

මගේ මුවින් සැනසුම් සුසුමක් පිටවුණා.



රන්ජන් ගාමිණී ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles