Divaina - ඉතිහාසයේ වැඩිම උසස්වීම් සමගින් හැත්තෑවන යුද හමුදා දිනය සමරයි... 7000කට උසස් වීම්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

manoj2

 මනෝජ් අබයදීර
 
රණවිරු ගාය නමින් යුද ජයග‍්‍රහණය සඳහා දායකවූ අභීත විරුවන් වෙත චන්ද්‍රගුප්ත තේනුවර විසින් අපහාස කිරීම සිදුවූයේ පසුගිය සතියේය. බෙදුම්වාදී අරිෂ්ඨයෙන් මනාව මත්වී සිටින මෙවැනි කිහිපදෙනකු විසින් අද ඊයේ නොව යුද්ධය දියත්වන මොහොතේ පවා අනෙක වාරයක් රණවිරුවන් වෙත අපහාස සිදු කළේය. යුද ජයග‍්‍රහණයෙන් පරාජයට පත් කරන ලද ත‍්‍රස්තවාදය වෙත නිරන්තරයෙන් ආශිර්වාද කරමින් හමුදාවට නඟා දෙන මෙවැනි පිරිස් මතවාදීව සහ යුදමය යන සකල ආකාරයෙන් පරාජයවී ඇතත්, ඔවුන් විසින් තවමත් ජාතියේ මුරදේවතාවුන් වෙත නොකඩවා නිග‍්‍රහ කරමින් සිටියි. මෙවැනි අල්පමය වූ ද්‍රඵීහීන්ගේ වචන කිසිදු ගණනකට නොගෙන, ශ‍්‍රී ලංකා යුද හමුදාව සිය හැත්තෑවෙනි සංවත්සරය පසුගිය බ‍්‍රහස්පතින්දා අභිමානවත් අයුරින් සමරනු ලැබීය. රණවිරු ගාය අතරේ හැත්තෑ වන සංවත්සරය කොළඹ ගාලූපිටියේදී එදින උදෑසන පවත්වනු ලැබූ අභිමානවත් උත්සවයකින් සිය දිනය සමරූ යුද හමුදාව ආරම්භ වන්නේ බි‍්‍රගේඩියර් ආර්. සින්ක්ලෙයාර් ගේ අණදීම යටතේ පළමු නිත්‍ය බළසේනාව පිහිටුවීමෙන් පසුව 1949 ඔක්තෝබර් 10 වන දිනය. ලංකා හමුදාව ආරම්භ කරන ලද එහි ප‍්‍රථම ශ‍්‍රී ලාංකික හමුදාධිපති ලෙස පත්වූයේ බි‍්‍රගේඩියර් ඇන්ටන් මුතුකුමරුය. එදා සිට යුද්ධ හමුදාධිපතිවරුන් 23 දෙනෙකු ගේ නායකත්වය යටතේ වර්තමානයේ දී රෙජිමේන්තු 24 කින් සමන්විත ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව, එල්ටීටීඊ ත‍්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කර එවැනි දස්කමක් පානා ලද ලෝකයේ එකම යුද හමුදාව ලෙස සිය නාමය ලෝක යුද ඉතිහාසයේ සනිටුහන් කරගෙන තිබේ. ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් මෙවර හැත්තෑවන සංවත්සරය යුද හමුදාව විසින් සමරන විට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනස් වගකීමක් එය මත පැටවී තිබුණි.
 
 ස්වයං ලෙස බලගැන්වුණු අන්තවාදීන් විසින් පාස්කු දිනයේ එල්ල කරන ලද ප‍්‍රහාරය බදු අත්දැකීම් යළි ජාතිය වෙත ලබා නොදීමේ කර්තව්‍යය සඳහා යුද හමුදා බුද්ධි අංශ වෙත අන් කවරදාටත් වඩා වැඩි වගකීමක් මේ මොහොතේදී පැවරී තිබේ. ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති පදවියට පත්වීමෙන් පසු ඔහු විසින් මේ සඳහා වන වගකීම අතිශයින්ම සවිමත්භාවයට පත් කළේය. ගරා වැටුණු යුද හමුදා බුද්ධි අංශය සඳහා නව ප‍්‍රධානියකු පත් කිරීම සහ නව කාර්යය පටිපාටියක් අනුව යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රතිසංවිධාන ගත කිරීම සඳහා යුද හමුදාපතිවරයා විසින් නායකත්වය ලබා දුන්නේය.
 
 බුද්ධි අංශ ශක්තිය
 
 යුද හමුදාපතිවරයා වව්නියාවේ සහ යාපනය ප‍්‍රදේශයේ සිදුකරන ලද සංචාරයන්හිදී සිය හමුදාවෝ අමතමින් ප‍්‍රකාශ කරන ලද්දේ සම්ප‍්‍රදායානුකූලව හමුදාව හැසිරෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ජාතික ආරක්ෂාව උදෙසා තමන් කැපවිය යුතු බවය. බුද්ධි අංශ ප‍්‍රමුඛ කරගනිමින් නව ආරක්ෂක ප‍්‍රවේශයක් සඳහා යුද හමුදාව ගමන් කළ යුතු බව යුද හමුදාපතිවරයා විසින් මෑත කාලයේදී දිගින් දිගටම අවධාරණය කර තිබුණි. ස්වයං ආකාරයෙන් අන්තවාදය බල ගැන්වීම සමාජ ප‍්‍රශ්නයක් වුවත් එය සමූහයක් ලෙස එකතුවීම නවත්වාලීම සඳහා බුද්ධි අංශයන්හි කාර්යය සාධනය අතිශයින් වැදගත්ය.
 
 මේ සඳහා මහජන සහය ද නොසිතූ අයුරින් බුද්ධි අංශ වෙත ලැබෙමින් පවතියි. මෙම සතියේදී මහනුවර ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියක ගැවසුණු පිටස්තර පුද්ගලයන් හත්දෙනකු පිළිබඳව එම පල්ලියේම මුස්ලිම් බැතිමතුන් විසින් බුද්ධි අංශ වෙත දැනුවත් කර තිබුණි. එම පුද්ගලයන් එවැනි අනතුරුදායී චරිත නොව සිය ලබ්ධිය ඇදහීම සඳහා එතැනට පැමිණි සිටි පිරිසක් වුවත් එවැනි තොරතුරු පවා ලැබෙන තරමට මහජන විශ්වාසය සහ සමීප භාවය බුද්ධි අංශ ළඟා කරගෙන සිටීම ප‍්‍රශංසනීයය.
 
 හත්දාහකට නව තනතුරු....
 
 manoj170 වසරක යුද්ධ හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නිලධාරීන් 210 ක් සහ සෙසුනිලයින් 7000 කට නිල උසස්වීම් සහ නිල ස්ථිර කිරීම් සිදු කිරීම මේ සතියේ සිදුවිය. මෙය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක උසස්වීම් ලබාදීමකි. මෙහිදී නිලධාරී උසස්වීම් 210 අතුරින් 2/ලූතිතන් සිට ලූතිතන් නිලය දක්වා උසස්වීම් 03 ක්ද ලූතිතන් සිට කපිතන් දක්වා උසස්වීම් 17 ක්ද කපිතන් සිට මේජර් දක්වා උසස් වීම් 150 ක් සහ මේජර් සිට ලූතිනන් කර්නල් දක්වා උසස්වීම් 40 ක්ද ප‍්‍රදානය කිරිම සිදුවිය.
 
 යුද හමුදාපතිවරයා විසින් වැඩ භාර ගන්නා අවස්ථාවේදී සඳහන් කරන ලද පරිදි ඔහුගේ අරමුණ වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සවිමත් කිරීම සේම ශ‍්‍රී ලංකාවේ සතුටින්ම සිටින ඒකකය බවට ශ‍්‍රී ලංකා යුද හමුදාව පත්කිරීමය. මෙසේ උසස්වීම් ලබාදෙමින් දිරි ගැන්වීම තුළ හමුදාවට ලැබෙන සන්තුෂ්ටිය පෙරළා ප‍්‍රතිලාභයක් බවට පත්වන්නේ ජාතික ආරක්ෂාව සඳහාය.
 
 මෙම මස විසි දෙවැනිදා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විශ‍්‍රාම යෑමට නියමිතය. මේවන විටත් එම විශ‍්‍රාම යෑම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති අතර සන්නද්ධ හමුදාවන්ගේ සේවා දීර්ඝ ලබා දෙනුයේ මාණ්ඩලික ප‍්‍රධානි සහ හමුදාපති යන තනතුරු සඳහා පමණක් වන බැවින් තව දින කිහිපයකින් යුද හමුදාව සඳහා නව නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානියකු පත්වනු ඇත.
 
 දෙක සහ තුන හිස්වේ
 
 ඒ අතරම ලබන මාසයේදී යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ ද විශ‍්‍රාම යෑමට නියමිතය. මැතිවරණ කාලය සහ සේවා දීර්ඝය සඳහා ඔහු සතුව සුවිශේෂත්වයක් නොමැති බැවින් තව දින කිහිපයක් තුළ යුද හමුදාවේ අංක දෙක සහ තුන යන ස්ථාන සඳහා නව මුහුණු දෙකක් නියත ලෙසම පත්වනු ඇත. ඒ සමග නව හමුදාපතිවරයා යටතේ අලූත්ම යුද හමුදාවක් ගොඩනැෙඟනු ඇති බව ජාතියේ බලාපොරොත්තුවය.
 
 අරුණ ජයසේකර නැෙඟනහිරට
 
 නැෙඟනහිර ආරක්ෂකසේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ලබන අතර ඒ සඳහා මේජර් ජෙනරාල් රසික ප‍්‍රනාන්දු පත්ව සිටියි. ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වන මේජර් ජෙනරාල් රසික ප‍්‍රනාන්දු නව තනතුරට පත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂක ලෙස සේවය කළේය. එම තනතුර සඳහා මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න පත්වීමට නියමිතව ඇත.
 
 රෝහණ කැටකුඹුරට විජයබා
 
 යුද්ධ හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරන ලද විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම නිලධාරී ප‍්‍රගමන ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයේ හිටපු සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන විශ‍්‍රාම ගැනීම නිසා විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් රෝහණ කැටකුඹුර ඉකුත් දා පත් කරන ලද්දේය. පසුගිය කාලය පුරාවට යුද හමුදාවේ පැත්තකට දමා සිටි මේජර් ජෙනරාල් කැටකුඹුර වැනි නිලධාරින් සඳහා මේ වන විට යුද හමුදාවේ අවස්ථාව ලැබෙමින් පවතියි. එසේම මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විශ‍්‍රාම යෑමට නියමිත බැවින් සිංහ රෙජිමේන්තුව සඳහා නව අධිපතිවරයකු පත්වීම ද ඉදිරියේදී සිදුවනු ඇත.
 

 




 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles