Divaina - ශී‍්‍ර ලංකාව යකාගෙන් සහාය ගැනීමේ ඇත්ත කතාව...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

කීර්ති වර්ණකුලසූරිය


mossad4

 

මොසෑඞ් තොරතුරු මෙන්න

ජේ. ආර්. ජයවර්ධන ජනපති සමයේ ඊශ‍්‍රායලයට මෙරටට ඒමට අවසරය ලැබිණි. එහෙත් ඊශ‍්‍රායලය මෙරටට ඒමේ අතීතය අද සිටින විවිධ පාර්ශ්ව නොදනී. ඊශ‍්‍රායලය සහ ඊට සම්බන්ධ මොසාඞ් බුද්ධි සේවාවේ ආගමනයට එරෙහි වූයේ මෙරට මුස්ලිම් දේශපාලකයන්ය. එසේම ජේ. ආර්. ඊශ‍්‍රායලය කැඳවූයේ කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහිිව සටන් කිරීම සඳහා සහාය ලබා ගැනීමටය. මුලින්ම මෙරටට පැමිණියේ ඊශ‍්‍රායල් කොන්සාල්වරයා ලෙස ජෝර්ජ් මටානිය. ඔහු කොළඹ ඔබරෝයි හෝටලයේ කාමරයක සිට කටයුතු ආරම්භ කළත් කොල්ලූපිටියේ වෙනත් ස්ථානයකදී කි‍්‍රයාත්මක විය. ඔබරෝයි හෝටලයේ ඊශ‍්‍රායල් මොසෑඞ් නිලධාරියකු සිටින බව කොටි බුද්ධි සේවාවට වාර්තා විය.


mosaad1ඒ අනුව මටානිව ඝාතනය කිරීම සඳහා ප‍්‍රභාකරන් බෝම්බකරුවකු එවනු ලැබීය. ඔබරෝයි හෝටලයේ සේවකයකු ලෙස හඳුන්වා තිබූ මේ බෝම්බකරු මටානිගේ කාමරයේ බෝම්බයක් අටවා පිටව ගියේය. කොටි බුද්ධි සේවාවට වාර්තා වූයේ පෙරවරු 10 - 11 අතර කාල සීමාවේදී මටානි සිය කාමරයට එන බවයි. එහෙත් අවසානාවන්ත සිද්ධියක් සිදු විය. කොටි බලාපොරොත්තු වූ පරිදි මටානි තම කාමරයට පැමිණියේ නැත. කාමරයට පැමිණියේ ශුද්ධ පවිත‍්‍ර කරන කාන්තාවකි. කොටි ඇටවූ බෝම්බයට ඇය ගොඳුරු වූවාය.

මෙම සිදුවීමෙන් වසරකට පසු පෝර්ජ් මටානි යළි ශී‍්‍ර ලංකාවට පැමිණියේ ඊශ‍්‍රායෙල් තානාපති ලෙසය. ඔහු සමඟ අපි විශේෂ සාකච්ඡාවක් කළෙමු. වෙනත් කිසිදු මාධ්‍ය පාර්ශ්වයකට ඔහුට හමුවීමට හැකි වූයේ නැත.

බොහෝ පාර්ශ්ව මොසාඞ් ගැන දන්නේ නැහැ. අපි බේරිලා ඉන්නේ මොසාඞ් නිසයි. කොයි මොහොතේ හෝ මා සිටි කාමරයට ප‍්‍රහාරයක් එල්ල වනු ඇතැයි මොසාඞ් බුද්ධි සේවාව අනතුරු අඟවා තිබුණා යැයි මටානි මා සමග කීවේය.mosaad2

ඉන්පසු ඊශ‍්‍රායල් තානාපතිවරයා කාර්යාලයක් පවත්වාගෙන ගියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැඟිිල්ලේය.

මේ සමයේ ගුවන් හමුදාව ප‍්‍රහාරක යානා නොමැතිකමින් බරපතළ අසීරු තත්ත්වයකට පත් විය.

ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ශී‍්‍ර ලංකාවට ප‍්‍රහාරක යානා සහ ප‍්‍රහාරක හෙළිකොප්ටර් අලෙවි කිරීම තහනම් කර තිබුණි. මෙහිදී ජේ ආර් ජයවර්ධන ”යකා බැරිනම් යකාගේ ආච්චිගෙන්” හෝ ප‍්‍රහාරක යානා මිලට ගන්නා බව කීවේය. ජේ ආර්. ඇමරිකානු හිතවාදියකු නිසා ඔහුට යැංකි ඩිකි යන නම පටබැඳී තිබිණි. එහෙත් ඇමරිකාව ඔහුට උදව් කළේ නැත.

  එහෙත් ඊශ‍්‍රායලය සිය කපිර් ප‍්‍රහාරක යානා මෙරටට අලෙවි කිරීමට එකඟ විය. ”කපීර් ප‍්‍රහාරක යානා අලෙවි කිරීමට ඊශ‍්‍රායලය තීරණය කළ විට ඇමරිකාව ඊට එරෙහි වුණා. එම යානාවල ඇත්තේ ඇමරිකානු ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගමේ එන්ජින් යැයි කියා එවැනි යානා අලෙවිය නතර කරන ලෙස අපට කියා සිටියා. මේ අවස්ථාවේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බෙල් හෙලිකොප්ටර් යානාවලට අමතර කොටස් පවා තිබුණේ නැහැ. අපි කපීර් යානා පමණක් නොව බෙල් හෙළිකොප්ටර් සඳහා අමතර කොටස් ද ලබා දුන්නේ ඇමරිකාවේ විරෝධය නොතකා” යැයි මටානි හෙළි කළේය.

mosaad3මේ අතර ජේආර්ගෙන් පසු ආර්. පේ‍්‍රමදාස ජනපති විසින් මුස්ලිම් දේශපාලකයන් කළ ඉල්ලීම් මත ඊශ‍්‍රායලය මෙරටින් පන්නා දමනු ලැබීය.

ඊට පෙර ජේ. ආර්. ගේ සමයේදී රේඞ් ඔෆ් ද එන්ටබේ නමැති චිත‍්‍රපටය මෙරට ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණි.. උගන්ඩාවේ එන්ටබේ ගුවන් තෝටුපලේ රඳවාගනු ලැබූ ප‍්‍රංශ ගුවන් යානාව බේරා ගැනීමට ඊශ‍්‍රායල් කමාන්ඩෝ භට පිරිස දියත් කළ වීර වික‍්‍රමය මෙරට බහුතර ජනතාවට නැරඹීමට ඉඩ නොදී එවකට විදේශ ඇමැතිව සිටි ඒ.සී.එස් හමීඞ් එය තහනම් කළේය.

පේ‍්‍රමදාස ජනපති වූ සමයේ හිටපු ඊශ‍්‍රායල් මොසාඞ් චර පුරුෂයකු මොසාඞ් සංවිධානයට අවමන් වන ලෙසින් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. මේ ග‍්‍රන්ථයේ සඳහන් වූයේ කොටින්ට සහ ශී‍්‍ර ලංකා හමුදාවට ඊශ‍්‍රායලය පුහුණුව දුන් බවයි.

මෙ පසුබිම මැද ආර්. පේ‍්‍රමදාස මොසෑඞ් කොමිසම ස්ථාපිත කළේය. එවකට බුද්ධි සේවා ප‍්‍රධානියාව සිටි සර්නි විජේසූරිය පැවසුවේ එය මුළුමනින්ම බොරුවක් බවයි. 1991 දී ආරම්භ වූ මොසෑඞ් කොමිසම හමුවේ සාක්‍ෂි දුන් හිටපු පොලිස්පති ආනා සෙනවිරත්නද කියා සිටියේ කොටින්ට අවි පුහුණුව ලබාදුන් බවට එල්ලවන චෝදනාව පිළිගත නොහැකි බවයි.

මෙම කොමිසම හමුවේ සාක්‍ෂි දුන් එවකට මන්තී‍්‍රවරයකු වූ එම්. එච්. මොහමඞ් නැගෙනහිර පළාත් නියෝ්ජිතයන්ගෙන් ලත් තොරතුරුවලින් සුදු ජාතිකයන් පිරිසක් කොටි සමග ගොස් මුස්ලිම් ජනතාවට ප‍්‍රහාර එල්ල කරන බව සඳහන් කළේය.

එහෙත් සුදු ජාතිකයන් පිරිසක් නැගෙනහිර සිටින බව හමුදා බුද්ධි සේවාවට වාර්තා වී නොතිබුණි. මොසාඞ් කොමිසම හමුවේ ශී‍්‍ර ලංකා අරාබි මිත‍්‍ර සංවිධානය ද සාක්‍ෂි දීමට ඉදිරිපත් විය. කෙසේවෙතත් බුද්ධි අංශයෙන් සර්නි විජේසූරිය මාරු කෙරුණි.

    මෙම කොමිසම හමුවේ තවදුරටත් සාක්‍ෂි දුන් හිටපු පොලිස්පති ආනා සෙනෙවිරත්න කොටි සමග එක්ව ඊශ‍්‍රායලය කටයුතු කළ බවට නැගෙන චෝදනාව ප‍්‍රතික්‍ෂේප කළේය. කොටි ඊශ‍්‍රායල් සමග සම්බන්ධ නම් ඔබරෝයි හෝටලයේදී ඊශ‍්‍රායල් කොන්සල් කාර්යාලයට බෝම්බ තබයිද යනුවෙන් ඔහු ප‍්‍රශ්න කළේය.

   එහෙත් කොටි පුහුණු කළේ කවුදැයි වසර ගණනකට පසු පලස්තීන නායක යසර් අරපත් මෙරටට පැමිණ රාති‍්‍රයේ ටාජ් හෝටලයේ පැවැත්වු පුවත්පත් සාකච්ඡාවේදී හෙළි විය.

    එදා දැන් මෙන් නාලිකා රැසක් හෝ වෙබ් අඩවි මෙහෙයවන්නන් සිටියේ නැත.

පලස්තීන විමුක්ති සංවිධානය කොටි පුහුණු කළ බවට චෝදනාවක් එල්ලවී තිබෙනවා. ඒ ගැන ඔබ කියන්නේ කුමක්දැයි මා අරපත්ගෙන් විමසුවෙමි.

අරපත් මගේ මුහුණ බලා ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැත. එහෙත් තේ පානය පැවැති අවස්ථාවේ ඔහු මා ළඟට පැමිණ කොටි පුහුණු කළ ජෝර්ජ් හබාෂ්ගේ පලස්තීන ජනතා විමුක්ති පෙරමුණයි. මගේ සංවිධානය නොවෙයි යැයි හෙළි කළේය.

අරපත්ගේ මේ හෙළිදරව්වෙන් මෙතෙක් කල් සැඟවී තිබූ රහසක් හෙළි විය. මේ පුවත පසුවදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පළවිය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමයේ සිට ජනපති මහින්ද රාජපක්‍ෂ දක්වා කාලවකවානුවලද ඊශ‍්‍රායලය කොටි මර්දනයට සහය විය.

ඊශ‍්‍රායලය සාර් වර්ගයේ යුද නැව් දෙකක්ද ඩෞව්රා ප‍්‍රහාරක යාත‍්‍රා සර්චර් වර්ගයේ ඩ්‍රෝන් යානාද ගබ්රියෙල් මිසයිල ද මෙරටට සපයනු ලැබීය.

නන්දිමිත‍්‍ර සහ සුරනිමල යනුවෙන් හඳුන්වනු ලැබුවේ එම සාර් වර්ගයේ යුද නැව් ය. 2000 වසරේ ජුනි මස එක්තරා ද්‍රෝහිි මාධ්‍යවේදිනියක් රාජ්‍ය රහසක් හෙළි කරමින් ඊශ‍්‍රායලය විසින් ශී‍්‍ර ලංකාවට කපිර් යානා හතරක් විකිණීමට තීරණය කර ඇති බව හෙළි කර ඇති බව හෙළිකර තිබුණි. ඇය තවදුරටත් පැවසුවේ ශී‍්‍ර ලංකාව සතු කපිර් යානාවලින් බෝම්බ හෙළීම නිසා සිවිල් වැසියන් රැසක් මරු මුවට පත්වී ඇති බවයි.

ඒ සමගම ඉන්දීය බලධාරීන්ට වාර්තා වූයේ සී. 2 කපිර් ප‍්‍රහාරක යානා කීපයක් මෙරටට ගෙන්වා ඇති බවයි.

මේ අතර ඩග්ලස් දේවානන්ද ප්ලොට් නායක චර්චලිංගම් සිද්දාර්ථන්ද තමන් ලෙබනනයේදී අවි පුහුණුව ලැබූ බව පිළිගනු ලැබීය.

මෙවන් පසුබිමක් මැද ශී‍්‍ර ලංකා හමුදාවට කපිර් ප‍්‍රහාරක යානා ලැබී ඇති බවට ලත් තොරතුරු මත ප‍්‍රභාකරන් බියට පත් විය. ඔහු විගස කැනඩා කොටි ජාලයට පණිවුඩයක් යවමින් කපිර් විනාශ කිරීමට මිසයිල අවශ්‍ය බවත් ඊට අරමුදල් සපයන ලෙස ඉල්ලා සිටියේය. මෙම රහස් පණිවුඩය කැනඩා රහස් පොලිසිය විසින් ටොරොන්ටෝ නුවර ලෝක ද්‍රවිඩ සංවිධාන මූලස්ථානය වටලා සොයාගෙන තිබිණි.

කෙසේ වෙතත් ගුවන් හමුදාවට මෙන්ම නාවික හමුදාවට මනා සහයක් ලැබුණේ ඊශ‍්‍රායලයෙනි.

එහෙත් මෙරට බොහෝ පාර්ශ්ව මේ සත්‍ය තත්ත්වය නොදනී.

මෙරට මුස්ලිම් දේශපාලකයන් ඊශ‍්‍රායලයට එරෙහි වුවත් අද 6000 කට වඩා ශී‍්‍ර ලාංකිකයන් ඊශ‍්‍රායලයේ සේවය කරති.

මෙම ඊශ‍්‍රායල් මොසෑඞ් කතාවේ තවත් සුවිශේෂ සිදධියක් තුළ ඊශ‍්‍රායල් තානාපති ජෝර්ජ් මටානි මරා දැමීමට ඔබරෝයි බෝම්බය තැබූ ඔබරෝයි තේවන් මෙරටින් ප‍්‍රංශයට පැන යෑමෙන් පසු පැරිසියේදී අබිරහස් ලෙස මරුමුවට පත්වීමයි.



විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles