Divaina - ඩොල්ෆින් පවුලක් බේරාගන්නට මිනිස් මෙහෙයුමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

dolfin

ලොව සිටින බුද්ධිමත්ම ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් සේ සැලකෙන ඩොල්ෆින් මත්ස්‍යයන් ප‍්‍රසිද්ධියක් උසුලනුයේ නැව් වලට බාධාවක් නොවන සේ ගමන් කිරීමට මග පෙන්වන පිරිසක් ලෙසිනි. මෙසේ මිනිසාට මහඟු මෙහෙවරක් ඉටු කරනු ලබන මෙම මත්ස්‍යයන් හතරදෙනකු ඇමරිකා එක්සත් ජනපදයේ ඇළ මාර්ගයක පුරා දින හතරක් සිර වී සිටීමේ අනුවේදනීය පුවතක් ඉකුත් සතියේදී බටහිර මාධ්‍යයන් විසින් වාර්තා කර තිබිණි.
 
 එකම පවුලකට අයත් කුඩා ඩොල්ෆින් පැටවුන් දෙදෙනකු හා ඔවුනගේ මවුපියන් මෙසේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ශාන්ත පීටර්ස්බර්ග් ප‍්‍රදේශයේ පිහිටි ”රිවෙයිරා” බොක්කේ ඇති ඇළ මාර්ගයේ සිර වී සිටියදී ස්වෙච්ජා සේවකයන් 14 දෙනකු ඔවුන් වටා මිනිස් වළල්ලක් තනා එම ඩොල්ෆින් සතුන්ව ඇළ මාර්ගයෙන් පිටතට ගෙන මුහුදට යොමු කර ඇති අතර එය සිදු කිරීම සඳහා එම සේවකයන් ජලයෙහි ශබ්ද ඇති කර තිබේ.
 
 මෙම මෙහෙයුමේදී ඩොල්ෆින් පවුල ස්වෙච්ජා සේවකයන් විසින් සිදු කරන ලද ශබ්ද හේතුවෙන් සිර වී සිටි ඇළ මාර්ගයෙන් පිටතට පැමිණියද නැවත පීනා යෑමට මැලි කමක් දක්වා තිබේ. කෙසේ වුවද ස්වෙච්ජා සේවකයන් විසින් දිගින් දිගටම සිදු කරන ලද අධික ශබ්දයන් හමුවේ ඩොල්ෆින් පිරිස සිර වී සිටි ඇළ මාර්ගයෙන් පිටතට පැමිණ විවෘත ජලයට පිවිස ඇත. දින හතරක් ඇළ මාර්ගයේ සිරවී සිටියද ඔවුන් වෙතින් වෙහෙසකාරී බවක් දිස් නොවූ බව වාර්තා වේ.
 
 මෙම සිර වී සිටි ඩොල්ෆින් පවුල බේරා ගැනීමට මිනිස් වළල්ලක් පිහිටුවීමෙන් පසු ඇළ මාර්ගයෙන් එළියට පැමිණ නැවත මුහුදට පීනා යෑමට විනාඩි 45 ක පමණ කාලයක් ගතව තිබේ.
 
 මෙම මෙහෙයුමට ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සමුද්‍ර හා පාරිසරික පාලන අධිකාරියේ හා ”ක්ලියර් වෝටර් මැරයින් ඇක්වෙරියම් ආයතනයේ නිලධාරීන්ද සහාය දක්වා තිබිණි.
 
 - ඒමන්ති මාරඹේ
 
  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles