Divaina - මිහිදු සංස්කෘතියේ සන්නිවේදන ආදර්ශය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

mihindu

* කියන දේ තේරෙන්න කියන කලාව 02

‘‘සුභාවිත චරණයට මාධ්‍ය දිශානතිය.. යන මැයෙන් මාධ්‍යවේදීන් සඳහා පැවති වැඩමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහාචාර්ය එම්. බී. ආරියපාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ‘‘බෞද්ධ සන්නිවේදනය.. මැයෙන් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ආචාර්ය පී. ඒ. ගාමිණී රත්න ශී‍්‍ර මහතා විසින් සිදුකළ දේශනය ආශි‍්‍රතයෙන් මෙම ලිපිය සැකසිණි.

ඒ ගැන අනුකම්පා කරන්න ඕනි අපි ඔය ගොල්ලන්ට වඩා ලංකාවේ අඩුම වැටුප් ලබන්නේ ජනමාධ්‍යවේදීන් සහ පොලිස් නිලධාරීන්. එහෙම තියාගෙන ඉන්නේ තුරුම්පුවකට. ජීවත් වෙන්න හරියාකාරව වැටුපක් ගෙවනවා නම් කිසි කෙනෙක් කාටවත් කඬේ යන්නෙ නැහැ.

ලෝකයේ අඩුම වැටුප් ලබන්නේ ලංකාවේ ගුරුවරු යම් යම් ක්‍ෂේත‍්‍ර කීපයක් තිබෙනවා. යම් ප‍්‍රමාණයක වැටුපක් අපට තිබෙනවා. අපිත් කතා කරල සටන් කරල තමයි ඒ වැටුප් හදාගන්නේ.

කොළඹ ඉහළ පෙළේ පාසලක ඇතැම් විට මහා ධන කුවේරයන්ගේ දරුවන් ඕනෑ තරම් ඉන්නවා. දවසකට පොකට් මනි දෙන ගණන තමයි මාසයක් වැඩ කළාම ගුරුවරයකුට දෙන ගණන. බස් එකේ එල්ලිලා යන්නේ එන්නේ. ඇතැම් විට පාපැදියෙන් එන්නේ ගුරුවරු පාසලට. කෝටි හත අටේ වාහන වලින් ළමයි එක්ක එන්නේ පාසලට. මේ තත්ත්වය පැහැදිලිව අන් ගොඩාක් ක්‍ෂේත‍්‍රවල තිබෙනවා.

අනිත් එක කුණු කන්දල් ඇවිස්සීම පිළිබඳව මට ලස්සන කතාවක් මතක් වෙනවා. මනෝවිද්‍යා මහාචාර්යවරයෙක් ශිෂ්‍යන්ට දෙනවා පේපර් එකක්. ශාලාධිපති ලෙස කටයුතු කළේ මේ මහාචාර්යවරයායි. මේ කතාවෙන් ලොකු පණිවිඩයක් අපට ලබාදෙනවා. ශිෂ්‍යයන් බලනවා පේපර් එක. බ්ලෑන්ක් පේපර් එකක්. සුදුයි. මැද්දේ හොඳට බලපුවම සුදු තිතක් තියෙනවා. ශිෂ්‍යයන් හොඳටම කලබල වුණා. මහාචාර්යවරයා අහනවා ඇයි ළමයිනේ ඔච්චර කලබලවෙලා. සර් මේකේ මොකුත් නැහැනේ. බ්ලෑන්ක් පේපර් එකක්. හොඳට... හොඳට බලන්න මොකුත් නැද්දම කියල. කළු පාට තිතක් නම් තියෙනවා. ආ එහෙනම් හරි ලියන්න. පැය තුනක් ලියන්න තියෙනවා. දැන් අඩි කෝදු අරගෙන එහාට මෙහාට මනිනවා. දිග පළල බලනවා දැන් ඔන්න වාක්‍ය රටා ලියන්න ගත්තා. සීයක් හිටියා නම් අනූ නමයක්ම ලියල තිබුණේ අර කළු තිත ගැනයි. වාසනාවකට එක්කෙනෙක් සුදු මෙච්චරක් තියෙනවා කියල සුදු තැන ලියල තිබුණා.

ඕක තමයි අපිටත් වෙලා තියෙන්නේ. කළු ගැන හිතනවා මිසක් සුදු කොච්චර තියෙනවද කියල හිතන්නෑ. විශ්වවිද්‍යාල ළමයි කොච්චර වැඩ කොටසක් කරනවද? ඒවා මාධ්‍ය තුළින් ප‍්‍රචාරණය වෙන අවස්ථා කොතරම් අඩුද? බලන්නකෝ ගහගන්න, රණ්ඩුවක් වුණොත් ලැබෙන ප‍්‍රචාරය. මේ චෝදනා නෙමෙයි කවුරුත් කතා කරන දේවල්. පොතක් දොරට වඩින වේලාවකට ඇතැම් විට අලි දෙනවා කීවත් මාධ්‍ය කැඳවා ගන්න බෑ. අර ගහගන්න වෙලාවට මොන ලෝකයෙන් එනවද කියල හොයාගන්න බෑ. ගහගන්නේ නැතිනම් අවුලෝලා හරි ප‍්‍රවෘත්තිය මවන්න ලැහැස්තියි. නරක දේවල් විතරක් වැඩිපුර ප‍්‍රචාරය කරන්නෙ. හැබැයි හැම කෙනාමත් මේකට පුරුදු වෙලා නැහැ.

යම් යම් අපරාධ දූෂණ ගැන ලියනවා කරන්න හිතෙන විදිහට දූෂණයක් කරල නැති කෙනකුටත් කරන්න හිතෙන විදිහට ලස්සනට භාෂාව හසුරුවනවා. ඒවා කියවල බලලා මිනිසුන්ගේ හිතත් ඒ විදිහට තමයි සැකසිලා තිබෙන්නේ. දන්නවානම් එකේ තියෙන භයානකකම, එහෙම කරන් නෑ.

බුදුහාමුදුරුවෝ යම් අවස්ථාවක දේශනා කරනවා යම් ප‍්‍රවෘත්තියක් සිද්ධ වෙච්ච දෙයක් වුණත්, සිද්ධ නොවූ දෙයක් වුණත් වුණා කියල යම් රටකට පිරිසකට, සමාජයකට අයහපත් පළිගැන්වීමක් වැනි දෙයක්, එළියට දමනවානම් විවෘත කරනවා නම් එම පුද්ගලයා අපායගත වෙන බව. සංගීතය නර්තනය වුණත් එහෙමයි. ගාමිණි කාලගුණ නම් බුද්ධ කාලයේ පුද්ගලයෙක් හිටියා. බුදුහාමුදුරුවෝ එතුමට කියනවා නර්තනයක් හේතුකොටගෙන කෙළෙස් වැඩුණා නම් අංශු මාත‍්‍ර වශයෙන් හෝ බලා ඉන්න අයගේ ඒ නර්තන ශිල්පිනිය අපායගත වෙන බව. ගීතයක් හේතුකොට ගෙන කෙළෙස් භරිත වුණා නම් මානය ව්‍යාකූල වූවානම් එය රිද්මය තුළ හෝ කෙළින්ම යන්නේ අපායට.

යම්කිසි එක දෙයක් හේතුකොටගෙන මිනිසුන්ගේ සිත් කාමයට රාගයට ද්වේශයකට බර වුණා නම් අංශු මාත‍්‍රයෙන් ඒ පුද්ගලයා අපායගත වෙනවා. ඒ නිසා ඒක බරපතළ දෙයක්. ඒ ගැන හිතන් නැති එකත් බරපතළ කාරණයක්. යම් ලේඛනයක් හේතුකොට ගෙන මිනිසුන්ගේ සිත් කාමයට රාගයට අංශු මාත‍්‍ර වශයෙන් හේතු වූවානම් එයත් අපායගාමී වෙන්න හේතු වෙනවා.

බුදුහාමුදුරුවන් කියනවා මම මිදිලා ඉන්නේ, නුඹලාත් මිදිලා ඉන්නේ හැට එක් නමටම එහෙම කියනවා. එක් මගකින් දෙදෙනෙක් නොයන්න. එක් මගක දෙදෙනෙක් ගියා නම් ආවරණය වෙන්නේ අඩක් පමණයි. ආර්ථික විද්‍යාවට මූලික වුණේ මේ න්‍යාය. සීමිත සම්පත්වලින් අසීමිත අවශ්‍යතා සපුරා ගැනීමේ න්‍යාය. මේ දේශනා සඳහා පිටත් කර හරින පිරිස නිකම්ම නිකම් පිරිසක් නෙමෙයි කියන එකනේ මේ කියන්නේ. මම මිදිලා ඉන්නේ. මම විතරක් මිදිලා හරියන් නෑ. අනිත් අයත් මුදා ගන්න ඕනි. නුඹලත් එහෙමයි. නුඹලා වගේම අනිත් අයත් මේ කෙලෙස් බරින් මුදා ගන්න කි‍්‍රයාත්මක වෙන්න කියලයි මේ කියන්නේ.

ලෞකික සමාජයට එතරම්ම යම් යම් දේවල් ගලපන්න බෑ. සියල්ල සම්පූර්ණ කර සමාජය යහපත් කරන්න බෑ. තිබෙන හොඳ ටික විතරක් ගන්න. නරක දේවල් නොගන්න. දේශනා කරනවා කෙළවරක් නෑ. නමුත් අහගෙන ඉන්නවා අඩුයිනේ. බෞද්ධ සාහිත්‍ය තියෙනවා. දේශකයෝ වැහි වහලා ඉන්නවා ඕනෑ තරම්. තොරතුරු ව්‍යක්ත බවින් යහපත් ලෙස නිවැරැදි ලෙස කියන විදිහට අහන අය බොහෝ අඩුයි. නිරුවත් මිනිස්සු වාසය කරන දේශයක රෙදි අපුල්ලන්නාට කවර පලක්ද? ඒ වගේ තමයි දැන් වෙලා තියෙන්නේ. අහගෙන හිටියත් අහගෙන ඉන්න අය පිළිපදින ප‍්‍රමාණය දිහා බලපුවම ලොකු ගැටලූවක් තමයි තියෙන්නේ.



බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙනවා තැනට උචිත අර්ථයන් දෙන වචන. ගම්‍ය අර්ථයෙන් අවශ්‍ය හැම දෙයක්ම පූර්ණ වෙච්ච දේශනාව බුදුහාමුදුරුවන්ගේ තියෙන්නේ. මේ එව, බලව... ඇවිත් බලන්න හංගන්න දෙයක් බුදුදහමේ නැහැ. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා, කේ. ජයතිලක මහතා පේරාදෙණිය සරසවියට ආචාර්යවරයෙක් ලෙස බඳවා ගැනීමේදී එක වචනයයි අහල තිබෙන්නේ. ‘දර්ශනය. යනු කිම. ඊට පිළිතුරු දුන්නොත් එකම වචනයකින්. ‘දර්ශනය. යනු බලන්නයි.

ගනුදෙනු කරන සකච්ඡා කරන සංවාද පවත්වන්න තියෙන දෙයක් නෙමෙයි ‘දර්ශනය. කියන්නේ. දර්ශනය යනු බලන්න තියෙන දෙයක්. එච්චරයි ජයතිලක මහතා කීවේ. සරසවියට බඳවා ගත්තා. බලන්න ඒ වචනය තුළ මොනතරම් දෙයක් තියෙනවද කියල. සන්නිවේදකයෙක් වුණාම තියෙන්න ඕන දේ තමයි ඒ. ගොඩාක් පරාසයක කතාකරන දේවල් ඉතාම අඩු වචන සංඛ්‍යාවකින් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණු ලංකා ඉතිහාසයේ ඉහළම බුද්ධිමතා කුමාරතුංග මුනිදාස. ඒ හැරුණු කොට මා දකින ඉහළ බුද්ධිමතා ලෙස මා දකින්නේ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ. ඒ හැරුණු කොට නිර්මාණවේදියෙක් හැටියට මා දකින්නේ පැහැදිලිවම ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්. එතුමාගේ කෝමළ රේඛා ග‍්‍රන්ථයේ සිංහල ලියවිල්ලක් ලෙස මා දකින ශ්‍රේෂ්ඨතම ලස්සනම ලියවිල්ල තමයි කෝමල රේඛා පොතෙහි ප‍්‍රස්ථාවනාව. කටපාඩම් වෙනකම් කියවන්න වටිනවා. අශා හිතෙනවා. මොනතරම් මේ ප‍්‍රාචීන භාෂාව පිළිබඳව අධ්‍යයනයක් තිබුණු කෙනෙක්ද කියල.

සංස්කෘතිය කොයිතරම් රමණීය භාෂාවක්ද කියල සිංහල පාවිච්චි කිරීමේදී කුමාරතුංග මුනිදාසයන් කියනවා. විශේෂයෙන්ම ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ගීත සියයකට වැඩි නෑ. නිර්මාණ ඉතාම අඩුයි. මහගමසේකරයන් කොළඹ වයි. එම්. බී. එකේ දේශනයක් අහල තමයි ගීත කවි ලියන්න පෙළඹෙන්නේ. ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ දේශනා අහල එතුමා පාලි සංස්කෘත, සිංහල වාග් විද්‍යාව ඒ වගේම ප‍්‍රාථමික භාෂා පිළිබඳ ප‍්‍රවීණත්වයක් අරගෙන තිබුණා. මනමේ නාට්‍ය දහස් වතාවක් නැරඹුවත් එපා වෙන් නෑ. ලෝකයේ තියෙන ඉහළම නිර්මාණ ගෙන්නලා මෙහේ ඕනෑ තරම් පරිවර්තනය කරල සිංහලට ඉදිරිපත් කරල තියෙනවද නාට්‍ය චිත‍්‍රපට වශයෙන්. එක්වර දෙවර බලන කොට අපට අනිවාර්යයෙන්ම එපා වීමක් තිබෙනවා.

අපේ අක් මුල් සොයා ගිය මිනිස්සු කරපු නිර්මාණ කොයි තරම් නම් ඉදිරියට ඇවිත් තිබෙනවද? දහස් වර නැරඹුවත් දහස්වර කියවුවත් එපා වෙන් නෑ. අමරදේවයන් ඉන්දියාවේ භාරතයේ සංගීතය හැදෑරුවා කියල අච්චුව ගෙනත් මෙහේ වැක්කෙරුවේ නැහැ කවදාවත්. ජෝතිපාලට ගීත ලියූ කරුණාරත්න අබේසේකර මහත්තයා සියයට අනූනමයක්ම හින්දි තනු. නමුත් ඒවට වඩා ඇතැම් විට කොයිතරම් සැලැස්මක් තියෙනවද අමරදේවයන්ගේ ගීතවල අහවල් කොපියයි කියල අමරදේව ගීතයකින් අපිට දකින්න නෑ.

ඥානය ගත්තාට තමන්ගේම අද්විතීය නිර්මාණ අනන්‍යතාවයක් ඇතිව ඉදිරිපත් කළා. ඒකත් මිහිඳු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න හැකියි. දැන් බලන්න අපට ආව කලා කෘති. අනුරාධපුර, පොලොන්නරු නිර්මාණ බලපුවාම කොහේවත් ඉන්දියාවේ අච්චු තියෙනවද. ඉන්දීය ශිල්පීය ඥානය ගත්තා. කරපු නිර්මාණ අපේ අනන්‍යතාවක් ඇතිව කළා. ඒ සෑම නිර්මාණයකටම අපේ අනන්‍යතාවක් තිබෙනවා. අපේ පැරැන්නන්ගේ වටිනාකම ඒකයි. දැන් එහෙම නෑ හැම දේම අච්චුව. ඒකයි පැවතීමට බැරිව ගියේ. ඒ වගේම අච්චුවෙන් අපි මුදා ගන්න ඕනි.

යම් යම් දේශපාලන පක්‍ෂ තියෙනවා. කවදාවත්ම ගොඩ එන්න බෑ. එන්න එන්නම වළපල්ලට යනවා. නමුත් ගොඩ එන්න බෑ. මොකද ඒ අපේ අක්මුල් සොයා යන්නෑ. මිහිඳු හාමුදුරුවෝ ආදර්ශයට ගන්න ඕනි. මිහිඳු සංස්කෘතිය ඔලූවට ගන්න ඕනි. අවදියෙන් ඉන්න ඕනි. මිහිඳුහිමි තමයි ඒ ආදර්ශය දුන්නේ අලූත් සංස්කෘතියකට අවතීර්ණය වෙන්නේ කොයි විදිහටද කියන එක. තියෙන දේවල්වලට පයින් ගහලා අයින් කළේ නෑ. ගස් ගල් පර්වත වන්දනා කරපු අයට බෝධිය එතනට දැම්මා. මහා සංස්කෘතියක් නිර්මාණය කළා. ලෞකික තත්ත්වයේ සිට බුද්ධත්වය දක්වා යන ආධ්‍යාත්මික පරමාදර්ශයක් ප‍්‍රති නිර්මාණය කළා. චෛත්‍ය වන්දනාව තුළින් තියෙන සංස්කෘතිකාංග කිසිවකට පයින් ගහලා අයින් කළේ නෑ පැහැදිලිවම තියෙන දේවල්වලට මනුසත්කාරය රෝපණය කළා පැහැදිලිවම.

දවසින් දෙකෙන් ඇතැම් විට මාස දෙක තුන යන විට මුළු රටම බුද්ධාගම ව්‍යාප්ත වුණ මනුසත්කාර රෝපණය තුළින් නිර්මාණාත්මකව සංවේදීව, ගුණාත්මකව, මානුෂවාදීව ආපු ගමනක් නිසා බොහෝම ඉක්මනට ව්‍යාප්තවීම සිදුවුණා. ඔය කියන දේශපාලන ව්‍යාපාර වලටත් කියන්න තියෙන කාරණය ඕකයි. මේ සංස්කෘතිය සමග අනුගතව මේ පොළවේ පය ගහන්න නැතිව මේ හද ගැස්ම රිද්මය, හඳුනාගන් නැතිව කවම කවදාවත් පවතින්න බෑ. ඒ රටවල්වල තියෙන අච්චු ගෙනත් දමලා නම් කවදාවත් හරියන් නෑ.

අපේ නිර්මාණත් ඒ වගේමයි. අපේ ජන ගීය දැන් ලෝකයට ගියාම බලන්න. ලයනල් රන්වල උඩරට පහතරට බෙර වාදන ලෝකයට ගෙන ගොස් මොන තරම් නම් ලෝකයා පුදුම කළාද. උඩරට දළදා පෙරහැර ඇඟ හිරිවැටිල වගේ බලා ඉන්නේ. මහ ලොකු රටක් නොවුණට සාම්ප‍්‍රදායික ඥානය, සාම්ප‍්‍රදායික නිර්මාණ ලෝකයක් මවිත කරන්න හැකි මට්ටමේ තිබෙනවා. ඒ නිසා ඒවා හෑල්ලූවට දමන්න බැහැ. පැහැදිලිවම අපේ රිද්මය අපේ අක්මුල් සොයා යා යුතුමයි. ඒ නිසා යන්නන් වාලේ නොවන බව මේ කාරණා සමග පැහැදිලියි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තිබෙනවා ඉතාමත් පැහැදිලි කරුණක් ආනාපාන සති භාවනාව පිළිබඳව. ආනාපාන සති භාවනාව තුළ අපට මේ උප්පත්ති ඥානය නැතිනම් විභව ශක්ති ගුණය මතු කරගත හැකියි. සාමාන්‍යයෙන් නිර්මාණශීලීව මාධ්‍ය දායකත්වයක් දෙන්නත් ඕනි. පුවත්පත් වාර්තා විතරක් ඉදිරිපත් කිරීම විතරක් නෙමෙයි කළ යුත්තේ. නිර්මාණාත්මක හැකියා තියෙන්න ඕනි. අනාපාන සතියෙන් එය දියුණු කරගත හැකියි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ අවුරුදු තුනයි පාසල් ගියේ. නමුත් ලෝකයේ ලබන්න හැකි ඉහළම ජයග‍්‍රහණ හිමිකර ගත්තා. මියන්මාර් රාජ්‍යයේ

පිටරැටියකුට මෙතෙක් දීලා නැති ඉහළම ගෞරව ධුරයන්ගෙන් පිදුම් ලැබුවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපකුලපති ධුර දරුවා උන්වහන්සේ පොත පත කියවපු ආනාපනා සති භාවනාවත් සමග පොතපත කියවූ නිසයි උන්වහන්සේගේ මේ තරම් හපන්කම් පාන්න ලැබුණේ. මොනතරම් වටිනා ආධ්‍යාත්මයක් මේ පුංචි බිම්කඩ තුළ මුල් බැසගෙන තිබෙනවාද ඇයි මේ අක්මුල් අපි මතු නොකරන්නේ. ආධ්‍යාත්මික පැත්තට අපේ ජාතිය නතු කිරීමේ කාලය දැන් එළඹ ඇත.





නිමල් දයාරත්න


 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles