Divaina - බුදු දහමට මුල් තැන... එය මෙරට දේශපාලනයේ ක‍්‍රම විකාශණයකි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

අප රටේ රාජ්‍යය පාbuduලනය සහ බුද්ධාගම අතර ඇත්තේ බිඳ හෙළිය නොහැකි අනුලංඝනීය සම්බන්ධතාවයකි. එනම් පාලකයෝ දුරාතීතයේ පටන් බුද්ධාගම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙය විය. බෞද්ධ භික්ෂූන් වහන්සේ රජ්‍ය පාලකයන්ට ධර්මයෙන්ද අර්ථයෙන ද අර්ථයෙන් ද අනුශාසනා කළ සේක. දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මා හිමියන් විසින් ලක්දිවට බුද්ධාගම හඳුන්වා දුන්හ. රජුට දහම කියාදීමට ප‍්‍රථම මිහිඳු මාහිමියෝ රජුගේ බුද්ධිය පරීක්ෂා කිරීම උදෙසා ප‍්‍රශ්න කිහිපයක් විචාළහ. මන්ද යත් බුදුදහමේ හරය රාජ්‍ය පාලනය සඳහා යොදවා ගැනීම සඳහා රජු ප‍්‍රඥා ගෝචර විය යුතුය. එය එදා මෙන් අදට ද එ් ආකාරයෙන් ම වලංගු විය. රජු ඇතුළු ප‍්‍රභූ පිරිස් විශාල වශයෙන් බුද්ධාගම වැළඳ ගත්තේය. රජුට ඥාති සම්බන්ධතාවක් ඇති අරිට්ඨ කුමරු පනස් දෙනකු සමග විත් පැවිදි විය. බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත විය. අප රටේ බොහෝ සාමාන්‍ය ජනයාද බුදු දහම වැළඳ ගත්තේය. බෞද්ධ විනය, වත්පිළිවෙත්, සම්ප‍්‍රදායන් රටපුරා ස්ථාපනය විය. බුද්ධාගම මෙරට රාජ්‍ය ආගම බවට පත්විය.
 
විහාරස්ථානය සහ භික්ෂුන් වහන්සේ මෙරට දේශපාලනයේ ගමන් මඟ තීරණය කරන ප‍්‍රධානතම සාධකයකි. එයට ලිඛිත මෙන්ම නොලියවුණ ඉතා දිගු ඉතිහාසයක් ඇත. එනම් ක‍්‍රිස්තු වර්ෂ 4වන සියවසේ කිත්සිරි මෙවන් රජුගේ කාලය තුළ දන්ත ධාතුන් වහන්සේ හේමමාලා සහ දන්ත කුමරු විසින් මෙරටට වැඩම කිරීමත් සමඟම මෙම කරුණ වඩාත් කැපී පෙනුණි. එතැන් පටන් සිංහලයාගේ සමාජ, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික අංග බොහොමයක් උතුම් වූ දළදා වහන්සේ වටා ගොඩ නැඟිණි. දළදා වහන්සේ සතුව සිටීම රාජ්‍යත්වයේ සංකේතය විය. එනම් රජු දළදා වහන්සේගේ ගිහි භාරකරුවා බවට පත් විය. තවද අස්ගිරි, මල්වතු විහාරවාසී භික්ෂූන් දළදා වහන්සේගේ පැවිදි භාරකරුවන් විය. අප රටේ භාරකාරත්වය රජු වෙත පමණක් නොව භික්ෂූන් වහන්සේ වෙතද පවතින බවට වන අර්ථ ගැන්වීමකි. එනම් සාමාන්‍ය සෙසු ජනතාවට වැඳුම් පිදුම් කිරීමට අවස්ථාව සලසා දෙමින් දළදා වහන්සේගේ ආරක්ෂාව සැපයීම රජු සතු වගකීමකි. එනම් එදා රජ දවස දළදා වහන්සේ තමන් අතින් ගිලිහීම් රාජ්‍යත්වය පවා අහිමි යෑමක් ලෙස සැලකිණි. එනම් බුදුදහමට ප‍්‍රමුඛ ස්ථානය දෙමින් කටයුතු කිරීම මෙරට දේශපාලනයේ ක‍්‍රම විකාශනයක ප‍්‍රතිඵලයකි.

අනේක විධ අභියෝග, දුෂ්කරතා, ආක‍්‍රමණ මැද වුවද අප රටේ රාජ්‍ය පාලකයෝ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට කටයුතු කළේය. ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අප ජාතිය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය විය. එතෙක් ආ ගමන් මග කැපී පෙනෙන වෙනසකට භාජන වූයේ බටහිර ජාතින් අප රට අල්ලා ගැනීමත් සමගය. වර්ෂ 1505 දී පෘතුගීසින් ප‍්‍රථම වරට මෙරටට ආගමනය විය. ඔහුන් මෙරටින් පන්නා දැමීම සඳහා අප රටේ පාලකයෝ ලන්දේසීන් සමග සන්ධාන ගත විය. ඔවුනට මුළු දිවයිනම අල්ලා ගැනීමට නොහැකි විය. අප ජනතාවගේ ස්වෛරී වූ ද ස්වාධීන වූ ද පරමාධිපත්‍යය මුළුමනින් ම යටපත් වූයේ වර්ෂ 1815 මාර්තු 02 වන දින උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමගය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුව වෙනුවෙන් රොබට් බවුන්රිග් ආණ්ඩුකාරවරයා ද සිංහල වැසියන් වෙනුවෙන් අදිකාරම්වරුන්, දිසාවේවරුන්, මොහොට්ටාල, කෝරාළ, සුළු මුලාදෑනී ඇතුළු ප‍්‍රභූ රදළ පිරිස් එකී ගිවිසුම සඳහා අත්සන් කෙරුණි.

මෙමගින් අප රටේ ස්වෛරීත්වය අපට අහිමි කළේය. නමුදු සම්බුද්ධ ශාසනය උදෙසා පැවති තැන අහිමි කිරීමට ඔහුනට එතරම් පහසු වූයේ නැත.

එකී ගිවිසුමේ 5 වගන්තිය ප‍්‍රකාරව බුද්ධ ශාසනයට සම්බන්ධ විධිවිධාන ඇතුළත් කොට පැවතුණි. ”මෙකී රටවල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නා වූ බුදු ශාසනයද දේවාගම් ද කඩ කළ නොහැකියි. පාත්වන්ඩ ඕනෑ වග සහ ආගමික කටයුතුද, සංඝයාද, විහාරස්ථාන ද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩ ඕනෑය. ”මෙම ගිවිසුම හරහා අප රටේ පැවතියා වූ නීතිය, වෙළඳාම, ආර්ථිකය ඇතුළු බොහොමයක් ඔවුන් නතු කර ගත්තේ ය. නමුදු බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්මට ඔවුන් අත තැබුවේ නැත. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට පෝෂණය කර වර්ධනය කිරීමට ඔවුන් වෙත සද්භාවී අරමුණක් නොවීය. නමුදු බුද්ධ ශාසනයට පැවති තැන සෘජුවම ඉවත් කිරීමට යෑම තුළින් බි‍්‍රතාන්‍ය කිරීටයට බරපතළ අර්බුද රැසකට මුහුණ දීමට සිදු වනු ඇති බවට ඔවුන් දැන සිටියේය.

අප රටේ දීර්ඝ කාලීනව බුද්ධාගම සඳහා හිමිව තිබූ ස්ථානය වර්ෂ 1947 සොල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මගින් අහිමි කෙරිණි. එකී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 29-2 වගන්තියේ මෙසේ සඳහන් විය.”එබඳු කිසි නීතියක්,

(අ) කවර ආගමක් වුවද නිදහසේ ඇදහීම, තහනම් කිරීම හෝ සීමා කිරීමකට හෝ නොකළ යුතුය. නැතහොත්,

(ආ) කවර ජන සමූහයක හෝ ආගමක පුද්ගලයන්, අනිකුත් ජන සමූහවල හෝ ආගම් වල පුද්ගලයන් පාත‍්‍ර වූ නොවූ දුෂ්කරතාවන්ට හෝ සීමාවන්ට පාත‍්‍ර නොකළ යුතුය. නැතහොත්,

(ඇ) කවර ජන සමුහයක හෝ ආගමක පුද්ගලයන්ට, අනෙකුත් ජනසමූහවල හෝ ආගම්වල පුද්ගලයන්ට නොපැවරූ වරප‍්‍රසාදයක් හෝ පහසුකමක් හෝ නොපැවරිය යුතුය. නැතහොත්,

(ඈ) කිසිම ආගමික සංස්ථාවක ව්‍යවස්ථාවක්, එහි පාලක මණ්ඩලයේ අනුමැතිය ඇතිව මිස, නොවෙනස් කළ යුතුය. එහෙත් ආගමික සංස්ථාවක් නීති මගින් සංස්ථාපනය කර ඇති කල්හි, එහි පාලක මණ්ඩලයේ ඉල්ලීම පරිදි මිස එහි වෙනසක් නොකළ යුතුය.

එ් අනුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේ එතෙක් බුද්ධාගමට හිමිව පැවතියා වූ ප‍්‍රමුඛතාව අහිමි කෙරුණි. සියලූ ආගමික එක හා සමාන ආකාරයෙන් සැලකිය යුතු බව දක්වා ඇත. එමගින් වැඩිම බලපෑම වූයේ බුද්ධාගමට ය. එනම් රජ දවස පාලකයාගේ ප‍්‍රමුඛතම කාර්යයක් වූයේ බුද්ධ ශාසනය පෝෂණය කර වර්ධනය කිරීමය. එනම් බි‍්‍රතාන්‍ය කිරීටේ විසින් අප රටට අර්ධ ස්වෛරී රාජ්‍ය පාලනයක් ලබා දුන්නද අපේ කොඳු නාරටිය බඳු වූ බුද්ධාගම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර තිබුණි. 1815 දී බි‍්‍රතාන්‍යයන් පවා උඩ රට ගිවිසුම හරහා බුද්ධාගම වෙත ප‍්‍රමුඛතාවක් ලබා දී ක‍්‍රියා කර තිබුණ ද නිදහස් ලංකාවේ පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එකී වගන්තිය ඉවත් කර තිබීම සලකා බැලිය යුතුය. නමුදු මෙහිදී බි‍්‍රතාන්‍ය රජුගේ අධිපතිභාවයෙන් මිදුනේ නැත. එනම් 1948-1972 දක්වා කාල සීමාව තුළදී වුවද බි‍්‍රතාන්‍යයේ රජු මෙරට රාජ්‍ය පාලකයා විය. එසේ හෙයින් 1948 දී අප රටට ඩොමිනියන් තත්ත්වය ප‍්‍රදානය කෙරුණිද 1815 දී කන්ද උඩරට ගිවිසුම මගින් ආරක්ෂා කෙරෙන බවට ලිඛිත අත්සන් කෙරුණ වගන්තීන් එමගින්ද වෙනසක් නොවේ. එසේ හෙයින් එම කාල සීමාව පුරාවට වුවද මෙරට බුද්ධාගම සම්බන්ධයෙන් වන රාජ්‍ය පාලන ප‍්‍රතිපත්තිය කිසිදු වෙනසක් නොවන බව පෙනීයයි. එවකට නිදහස ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් කළ බෝහෝ රාජ්‍ය නායකයෝ බි‍්‍රතාන්‍යය ගැති පිරිස්ය. සැබෑ ලෙසම අධිරාජ්‍ය විරෝධී ආකල්ප නොදැරීය. ඔවුනට අවශ්‍යව තිබුණේ බි‍්‍රතාන්‍යයන් සතු වූ දේශපාලන බලය තම ප‍්‍රභූ පන්තිය වෙත හිමිකර ගැනීම පමණි. මෙරට ජනතාවගේ සැබෑ අභිලාෂයන් ඉටු කර දීමට ඔවුන්ට අවශ්‍යතාවක් පැවතියේ නැත. එවකට පැවැති තනි දේශපාලන බල කඳවුරු වූයේ එක්සත් ජාතික පක්ෂය පමණි. සියලූ ජාතීන්, ආගම් වලින් සැදුම්ලත් ජන සමූහයක් එහි සාමාජිකයෝ වූහ. සිංහල බෞද්ධ රාජ්‍යයේ ආරක්ෂාව ගැන ඔවුන් තුළ වූයේ අඩු ආකල්පයකි.
 

නීතිඥ සංජය බෝපේආරච්චි


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles