Divaina - යෝගීන් ආහාර පාලනයට යොදා ගන්නා විස්මිත රහස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

yoga


* එදිනෙදා ජීවිතයට යෝගා 03


‘‘මම සිහින් ශරීරයක් ලබා ගැනීම සඳහා දැනට වෙළෙඳපොළේ පවතින ගොරකා චූර්ණය එහි සඳහන් මාත‍්‍රාවෙන් මාස තුනක් තිස්සේ ලබා ගත්තත් ශරීරයේ කිසිම වෙනසක් වූවේ නෑ. ඉන්පසු මගේ සීට්ටු සල්ලි ලැබුණ දා රුපියල් එක් දහස් පන්සියයක් වියදම් කරල ඉඟිනි ඇට පිටි ටින් එකක් අරන් බිව්වෙ එය සිහින් ශරීරයකට හොඳයි කියල කියන නිසයි. පළමු ටින් එක සති තුනකින් ඉවර වුණන නිසා ආයෙත් එක් දහස් පන් සියයක් වියදම් කරල තවත් ටින් එකක් ගත්ත. ඒත් මගෙ මහත අඩු කර ගන්න බැරිවුණා.” පෞද්ගලික ආයතනයක සේවය කරන සාප්පු සේවිකාවක් පවසනව.

‘‘මාත් ග‍්‍රීන් ටී බීල බැලූව. ඒත් ඒක හරි ගියෙ නෑ. ආශාවට කිලෝ භාගයක් අඩු වෙන්නෙ නෑ. අපරාදෙ සල්ලි. ” ඇගේ මිතුරිය ද ඇයට සිය අත්දැකීම් හෙළි කරනවා.

‘‘අර ඔපරේෂන් එකක් තියෙනවලූ නේද බඩට කරන. ඒක කරන්නත් හිතෙනවා. කොච්චර සල්ලි යාවිද දන් නෑ නේද?”

ආපෝ ඒක නම් කරන්න එපා. දැක්කෙ නැද්ද පත්තරේ තිබුණ. සැලූන් එකක ගෑනු ළමයෙක් මැරුන හැටි ඒ ඔපරේෂන් එක කරල ‘‘ ඇගේ මිතුරිය ඇයට පවසනවා.

කාන්තාවන් විතරක් නොවේ, අද පිරිමින් පවා තම තරබාරු සිරුර අඩු කර ගන්න නොකරන දෙයක් නෑ.

වෙළෙඳපොළේ පවත්නා විවිධ චූර්ණ වර්ග, බිම වර්ග විතරක් නොවේ, තරබාරුකම නැති කර ගන්න සිදු කරන පිළියම් අද අළෙවිකරණාත්මකව විශාල ලාභ උපයන කර්මාන්තයන් බවට පත් වෙලා. ඒ කර්මාන්තයට ශරීර සුවතා මධ්‍යස්ථාන, සුම්බා වැනි නව ස්වායු ව්‍යායාම සම්ප‍්‍රදායන් සේ ම යෝගා වැනි පැරණි ශාස්ත‍්‍ර ද එහි ගොඳුරු බවට පත් කරගෙන ඉවරයි. යෝගා යනු නූතන අලෙවිකරණයට විවිධ ආසනයන්හි සිරුර පිහිටුවීම ප‍්‍රගුණ කර ශරීරයෙහි හැඩය පවත්වා ගෙන යෑමට භාවිත කරන ව්‍යායමයක් පමණයි. තමන් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගේ පොකැට්ටුවට තට්ටු කිරීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වෙලා තිබීම ඛේදජනකයි.

එහෙත් යෝගා යනු ජීවන ක‍්‍රමයක් බව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. සත්තකින්ම යෝගා යනු කායික, මානසික, භාවාත්මක හා අධ්‍යාත්මික ශාස්ත‍්‍රයක්. එය ඒකීය වන ආත්මය ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මය සමග සුසංයෝග කිරීමක් ලෙස සෘෂිවරුන් දකිනවා. මේ අවබෝධය නූතන මිනිසාට ග‍්‍රහණය කර ගැනීමට මාර්ගයක් ලෙස ප‍්‍රාණයාම අභ්‍යාසයන් සිදු කර ලබා ගන්නා සංවරය ගුරු කොට ගත හැකියි. සිරුර එක් තැනක සංයමව පිහිටා හිත ඒකායන අරමුණක පිහිටුවා ගැනීම සඳහා හුස්ම ඉහළ පහළ ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ සමාධි ගතවීම යෝගා අභ්‍යාසයන් ආරම්භ කරන ඔබ සිදු කර ගත යුත්තේ හිතකර යෝගා චර්යාවන් ඔබේ ආත්මයට වැළඳ ගැනීමේ අරමුණින් යුතුවයි.

සිරුරේ බර අඩු කර ගෙන සිරුර ශරීර ස්කන්ධ දර්ශකයේ යහපත් අගයක පවත්වා ගැනීම අද මිනිසාට තම පැවැත්ම වෙනුවෙන් කළ යුතු දෙයක් බවට පත් වෙලා අහවරයි. අවිවාදාත්මකවම බටහිර වෛද්‍ය ක‍්‍රමයත් සිරුරේ බර අඩු කර ගැනීම පිණිස ආහාර පාලනය නිර්දේශ කරනු ලබයි. එහෙත් අපි බොහෝ විට නිසි පරිදි ආහාර පාලනය සිදු කිරිමට අසමර්ථ වන්නෙමු. එයට හේතුව වන්නේ අප ජීවත්වන නූතන පාරිභෝජනවාදි සංස්කෘතික හරයන් හා එය සමරූපී නොවන හෙයිනි. බහුපාරිභෝජනවාදී සමාජයක ජීවත්වෙමින් අල්පේච්ඡතාව හුරුපුරුදු වන්නේ කෙසේද?අල්පේච්ඡතාවාදියා හා අල්පේච්ඡ ජීවිතය ගැරහුමට ලක් කරන සමාජයක සිරුරේ බර අඩු කර ගැනීම නම් වූ සෞඛ්‍යමය අරමුණ පමණක් අපට කෙලෙස නම් ආහාර පාලනය තුළින් ජය ගත හැකි වේ ද?

රූපවාහිනී වෙළෙඳ දැන්වීමේ සිට සමස්ත සමාජයම බහුපාරිභෝජනවාදය අගයද්දී සෞඛ්‍යමය ජීවිතයකට අඩිතාලමක් ආහාර පාලනය තුළින් ඉටු කර ගන්නට යෑම සමාජ හරයන් සමග උඩුගං බලා පීහිනීමක් බවට පරිවර්තනයව ඇත.

යෝගීන් ආහාර දෙස බලනුයේ ඖෂධයක් දෙස බලන ආකාරයෙනි. ඖෂධයක් අවශ්‍ය මාත‍්‍රාවෙන් ගනිත්ද තමන් ගොඳුරුව ඇති ලෙඩරෝග සුවපත් වන්නේ ය. එසේම අප ඖෂධ වැඩි මාතාවකින් භාවිත කරන්නේද එය ශරීරයට විසක් ලෙස ක‍්‍රියා කරනු ලබන්නේ ය. අවශ්‍ය මාත‍්‍රාවේදී ශරීරයට ගුණය ලබා දුන් බෙහෙතම අධි මාත‍්‍රාවේදී ශරීරය නසන විසක් ආකාරයෙන් ක‍්‍රියාත්මක වන්නේ ය.

යෝගින් ආහාර අනුභව කරනුයේ ශරීරය පවත්වා ගෙන යෑම පිණිස ය. එනම් ඔවුන් ජීවත්විම පිණිස අහාර ගනියි. හරියටම ශරීරය සුවපත් කිරීමට අවශ්‍ය මාත‍්‍රාවෙන් බෙහෙත් ගන්නා පරිද්දෙනි.

එහෙත් අප ආහාරයන්ට රුචි නිසා ආහාර ගනිත් ද, අවේලාවන්හි ආහාර ගනිත්ද, රාත‍්‍රීයේ පවා නැඟිට ශීතකරණය විවෘත කොට ආහාර ලබා ගනිත්ද එම චර්යාවන් මගින් ප‍්‍රදර්ශනය කරනුයේ අප ආහාර ගැනීම පිණිස ජීවත්වන බවයි. ඉරණම අධි මාත‍්‍රාවෙන් බෙහෙත් ලබා ගත් තැනැත්තාට අත්වන ඉරණමයි.

යෝගීන් සතු මේ මහා රහස මනාව හදාරතොත් ආහාර පාලනය එතරම් අසීරු නොවනු ඇත.

එසේම යෝගීන් අහාර ලබා ගන්නේ සෙමිනි. කලබලයකින් තොරවය. එලෙස හොඳින් විකා ආහාර ගන්නා විට රසය නිසා ආහාර ගිල දමන්නාට වඩා එලෙස සෙමින් ආහාර ගන්නගේ ශරීර ගත වන ආහාර ප‍්‍රමාණය ද කුඩා වන්නේ ය. එය ශරීරයට සමතුලිත වන ආහාර ප‍්‍රමාණයකි. ජීවිතය පවත්වා ගෙන යාමට අපට අවශ්‍ය වන ආහාර ප‍්‍රමාණය එයයි.

ඉතින් ඔබ සිටින්නේ ජීවත්විමට ආහාර ගන්නා තැනද? නොඑසේව ආහාර ගැනීමට ජීවත්වන තැනද? යන්න පිරිසිඳ දැන ගන්න.

ඔබ සිටින්නේ ආහාර ගැනිම සඳහා ජිවත් වන තැන නම් ඒ තැන වෙනස් කිරීමට අදිටන් කර ගන්න.





රත්න පතිරණ

යෝගා සහ ස්වභාවික චිකිත්සාව
පිළිබඳ පාඨමාලා සම්බන්ධීකාරක

ජාතික ක‍්‍රීඩා විද්‍යා ආයතනය, කොළඹ 07



 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles