Divaina - වයස නිසා දඩයම බැරි වුණා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

uragovi


රොබට් පික්ටන්ගේ ඌරු ගොවිපළ පිහිටා තිබුණේ කොලම්බියාවේ ‘‘පෝර්ට් කෝක්විට්ලාම් .. ප‍්‍රදේශයේ. ඔහුගේ ඌරු ගොවිපළ ආර්ථික වශයෙන් ඉතා ලාභදායී ලෙසින් පවත්වා ගෙන යෑමට රොබට්ට හැකි විය. ඔහු ගොවිපළ අසල ඉතා අලංකාර සහ සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී. මෙම ගොඩනැගිල්ල ‘‘පිග්මි මාලිගාව.. යනුවෙන් නම් කළ අතර එහි නිතරම සාද පැවැත්විය. නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කරන කණ්ඩායම් වෙනුවෙන් නවාතැන් පළක් සපයන ලදී. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ සාද වෙනුවෙන් අමුත්තන් 1700ක් පමණ සහභාගි වූහ.
 
  1949 වසරේ උපත ලද කැනේඩියානු ජාතික රොබට් පික්ටන් ඌරු ගොවිපළ හිමියන්ගේ තුන්වැනි පරම්පරාවේ එක් පුරුකක් විය. 1990 මැද භාගයේදී ඔහුගේ සහෝදරියන් විසින් ගොවිපොළෙන් ඒ අයගේ කොටස් විකුණා දැමීමෙන් පසු මෙහි තනි අයිතිකරු බවට රොබට් පික්ටන් පත් විය. අක්කර 6.5 ක වපසරිය ඇති මෙම ගොවිබිම අනවශ්‍ය දෙයින් පිරී තිබුණි. අබලන් වාහන, ලෝහ කැබැලි යන සුන්බුන් වලින් හෙබි මෙම ගොවිබිම බැලූ බැල්මට පවා කිසිදු පිළිවෙළක් නොමැති පරිසරයක් බවට පත්ව තිබුණි.
 
 රොබට් පික්ටන්ගේ ඌරු ගොවිපළ පිහිටා තිබුණේ කොලම්බියාවේ ‘‘පෝර්ට් කෝක්විට්ලාම් .. ප‍්‍රදේශයේ. ඔහුගේ ඌරු ගොවිපළ ආර්ථිික වශයෙන් ඉතා ලාභදායී ලෙසින් පවත්වා ගෙන යෑමට රොබට්ට හැකි විය.
 
    ඔහු ගොවිපළ අසල ඉතා අලංකාර සහ සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී. මෙම ගොඩනැගිල්ල ‘‘පිග්මි මාලිගාව.. යනුවෙන් නම් කළ අතර එහි නිතරම සාද පැවැත්විය. නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කරන කණ්ඩායම් වෙනුවෙන් නවාතැන් පළක් සපයන ලදී. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ සාද වෙනුවෙන් අමුත්තන් 1700 ක් පමණ සහභාගි වූහ.
 
 ඒ අතරම ඔහු දැඩි ලෙසින් කාමසේවනයට ඇබ්බැහිව සිටියේය. ඔහු තම අවශ්‍යතාව සපුරා ගැනීමට වෑන්කුවර් හි රතු දිස්කි‍්‍රක්කයෙන් ගණිකාවන් ගෙන්වා ගැනීමට පුරුදුව සිටියේය. මේ අතර 1990 දශකයේ මුල් භාගයේ පටන් මෙම දිස්ති‍්‍රක්කයේ ගණිකාවන් හදිසියේම අතුරුදන් වීමට පටන්ගත් නිසා පොලිසිය විසින් මේ ගැන අවධානය දක්වන්නට පටන් ගත්හ.
 
එක් දිනක් රොබට්ගේ ඌරු ගොවිපළේ සිට නිරුවත් කාන්තාවක් හදිසියේම මහත් කලබලයෙන් දුව ගෙන පැමිණි අතර ඇගේ සිරුර පුරාම රුධිරය තැවරී තිබුණි. එහිදී ඇය කියා සිටියේ ඌරු ගොවිපළේ හිමිකරු සමග ලිංගිකව එක් වීමට ඇය පැමිණි අතර අදාළ කර්තව්‍යය අවසානයේදී ඔහු තමා මැරීමට තැත් කළ බවත් ඒ අවස්ථාවේදී ඔහුට පිහියෙන් ඇන තමා එතැනින් පලා ආ බවයි. එහෙත් මේ අවස්ථාවේදී කාන්තාව බීමත්ව සිටි නිසා පොලිසිය ඇගේ පැමිණිල්ල විභාග නොකරම නිෂ්ප‍්‍රභ විය.
 
 එහෙත් මේ සිදුවීම එතැනින් නැවතුනේ නැත. විටින් විට රොබට්ගේ ඌරු ගොවිපළ ගැන පැමිණිලි ලැබෙන්නට වූයෙන් හදිසියේ එක් අවස්ථාවකදී පොලිසිය විසින් මෙම ගොවිපළ පරීක්ෂා කිරීමට පැමිණයහ. එහිදී තැනින් තැන විසිරී තිබුන මිනිස් සිරුරු කොටස් අලලා සිදු කරන ලද ඞී. එන්. ඒ පරීක්ෂණ මගින් තහවුරු වුණේ මෙම කොටස් මුලදී අතුරුදන්ව සිටි ගණිකාවන්ගේ බවයි.
 
 දිගින් දිගටම සිදු කරන ලද පරීක්ෂණ මගින් පෙනී ගියේ රොබට් පික්ටන් විසින් මෙම ගණිිකාවන් සමග ලිංගිකව එක් වීමෙන් පසු එම කාන්තාවන් ඝාතනය කොට ඔවුන්ගේ මස් අඹරා ඌරන්ගේ ආහාරයට ලබා දුන් බවයි. මෙම ගණිිකාවන්ට අයත්ව තිබුණ පුද්ගලික බඩු භාණ්ඩත් හමුවීම නිසා සිදුවීම් සත්‍ය බැව් තහවුරු විය.
 
 රොබට් පික්ටන්ගේ මෙම සාහසික කි‍්‍රයාවලිය පිටුපසින් වූ මනෝභාවයන් ඔහුගේ පාපොච්චාරණයේදී ඉතාම පැහැදිලිව පෙනී ගොස් තිබේ. බාල කාලයේදී පටන් රොබට් පික්ටන් අපිරිසිදු පුද්ගලයෙකු ලෙසින් වූ පිළිගැනීම නිසා කාන්තාවන් ඔහු අපි‍්‍රය කරන ලදී. එහෙත් ආර්ථික වශයෙන් ශක්තිමත් වූ රොබට් තමන්ගේ ලිංගික සන්තර්පනය වෙනුවෙන් කාන්තාවන් මිලට ගෙන සිය ආශාවන් සංසිඳවා ගත්තද, හිතේ පැසවමින් තිබූ වෛරය නිසාම මෙම කාන්තාවන් ඝාතනය කොට වෙනත් ආහාර සමග මිශ‍්‍ර කරමින් ඌරන්ගේ ආහාරය වෙනුවෙන් ලබා දී තිබේ.
 
 ඔහුගේ මුල්ම ගොදුර වූයේ ‘‘ඩයනා මෙල්නික් .. නමැති කාන්තාවකි 1995 වසරේදී ඇය අතුරුදන් විය. එහෙත් ඇගේ සිරුරේ කිසිදු සැක සහිත කොටසක් මේ ගොවිබිමෙන් හමු වූයේ නැත.රොබට්ගේ ගොදුරු බවට පත් වූ කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් ස්වදේශීය ඇමරිකානු සම්භවය හා රතු ඉන්දියානු සම්භවය ඇති කාන්තාවන් වන අතර ඔහු විසින් මේ වෙන විට කාන්තාවන් 49 ක් ඝාතනය කර තිබුණි. එහෙත් ගොවිපළෙන් හඳුනා ගත හැකි වූයේ කාන්තාවන් 26 දෙනකුගේ සිරුරු කොටස් පමණි.
 
 2007 වසරේදී රොබට් පික්ටන් බන්ධනාගාරගත කරන ලදී. මේ වෙන විට වයස 70 ක් සපුරා ඇති රොබට් තවමත් සිරගත ජීවිතයක් ගත කරමින් සිටියත්, ඔහු කියන්නේ වයස සමග තමන්ගේ ශක්තිය පිරිහී ගියා නිසා 50 වැනි ගොදුර සපුරා ගැනීමට නොහැකි වූ බවයි.
 
 
 
 පුන්‍යා චාන්දනී ද සිල්වා
 
 
  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles