Divaina - තස්ලිමා නස්රීන් - අරුන්දතී රෝයිට බැට දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 
 
තස්ලිමා නස්රීන්ට බංගලාදේශය හැර යන්නට සිදුවූයේ 1994 දීය. 1993 දී ඇය රචනා කළ ‘ලජ්ජා. නවකතාව නිසා මුස්ලිම් ආගමට නින්දා වී යැයි චෝදනා එල්ල වූ අතර ඒ නිසාම ඇය අන්තවාදී මුස්ලිම් ආගමික කණ්ඩායම්වල මරණ තර්ජනයට ලක්වූවාය. කලක් ස්වීඩනයේ හා ජර්මනියේ ජීවත් වූ ඇය 2004 සිට ඉන්දියාවේ ජීවත් වෙයි. අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව මෙරට බුර්කා තහනම් කිරීමට ගනු ලැබූ ක‍්‍රියාමාර්ගය ද මේ ප‍්‍රකට ලේඛිකාව අනුමත කළ අයුරු අපට මතකය. මීට වසර කිහිපයකට පෙර ඇය හින්දු පුවත්පත හා පැවැත් වූ සකච්ඡාවකදී ප‍්‍රකාශ කර තිබුණේ තමා මුස්ලිම් නොවන බවයි. එහිදී ඇය මෙලෙස අදහස් දක්වා තිබුණාය. ‘‘මම කියන්නේ මුස්ලිම් ආගම කාන්තාව පීඩාවට පත් කරනවා කියලයි. සැමට සමානාත්මතාවක් තිබිය යුතුයි. කාන්තාවන්ට විවාහය” දික්කසාදය” දරුවන්ගේ අයිතිය පිළිබඳ සම අයිතීන් තිබිය යුතුයි. එය ආගමෙන් තීරණය විය යුතු නැහැ. ආගමේ නාමෙන් කාන්තාවන්ට ගල්ගසා මරා දැමීම සිදුවිය යුතු නැහැ. සෑම ශිෂ්ට රාජ්‍යයක්ම රාජ්‍යය හා ආගම අතර ඇති සම්බන්ධය ප‍්‍රශ්න කරනවා. මගේ මතවාදය තීරණය වන්නේ අනාගමික මානව හිතවාදයෙන්. එය සාහසික විය යුතු නම් සාහසික විය යුතුමයි. මම සියලූ ආගම් විවේචනය කරනවා. හින්දු ආගමත් විවේචනය කරනවා. මම හින්දු දෙවිවරුන්ට විරුද්ධයි. ගුජරාටයේ පීඩාවට පත් මුස්ලිම්වරුන් වෙනුවෙන් වූ අරමුදලට මම රුපියල් දසදහසක් පරිත්‍යාග කළා. බංගලාදේශයේ හින්දුන් වෙනුවෙන් කතා කරනවා. පකිස්තානයේ පීඩාවට පත් ක‍්‍රිස්තියානීන් වෙනුවෙන් හඬ නඟනවා. මම මුස්ලිම්වරයෙක් විදිහට හඳුන්වන්න එපා. මම අදේවවාදියෙක්.
 
 ඉන්දියාවේ සිදුවන සමාජ දේශපාලන ක‍්‍රියාවන් පිළිබඳව නොබියව අදහස් දක්වන තස්ලිමා නස්රීන්” නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව මගින් කාශ්මීරයේ ස්වයං පාලන අයිතිය අහිමි කිරීම ගැන බෙහෙවින් සතුටු වූවාය. ඇය පවසන්නේ කාශ්මීරය තුළ ෂරියා නිතීය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතු බවයි. ‘370 වගන්තිය අහෝසි කර දැමීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. කාන්තා විරෝධී ෂරියා නීතිය ඉවත් කර සැමට සාධාරණය ඉටු කෙරෙන නීති පද්ධතියක් කාශ්මීරයට හඳුන්වා දිය යුතුයි. යනුවෙන් ඇය සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණාය. එසේම ඇය ප‍්‍රකට ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් පකිස්තාන හමුදාව ඔවුනගේ වැසියන් ඝාතනය කර නැතැයි යනුවෙන් කර ඇති ප‍්‍රකාශය ද බරපතළ ලෙස විවේචනය කර තිබුණාය. ඇත්තෙන්ම අරුන්දතී මෙම ප‍්‍රකාශය සිදු කර ඇත්තේ 2011 වසරේ වුවත් කාශ්මීරයේ ස්වයං පාලන බලය අහෝසි කිරීමෙන් පසුව උද්ගතව ඇති දේශපාලන වාතාවරණය තුළ මේ ඉන්දීය ලේඛිකාවගේ අදාළ ප‍්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය යළි කරලියට පැමිණ ඇත.
 
 ‘‘ඇත්තටම අරුන්දතී මේ ප‍්‍රකාශය කළේ සිහිය නැතිවද? පකිස්තාන හමුදාව ඇවිල්ලා මගේ ගෙදර කොල්ලකෑවා තව පොඞ්ඩෙන් අපේ තාත්තාව මරනවා. අරුන්දතී පසුගිය වසර අටේම මේ ප‍්‍රකාශය ඉවත් කර ගත්තේ නැහැ.. යනුවෙන් තස්ලිමා සිය ට්විටර් ගිණුම හරහා අරුන්දතීගේ ප‍්‍රකාශය හෙළා දැක තිබිණි‘ තස්ලිමා ගේ ප‍්‍රකාශය පළවූ දිනට පසු දිනම අරුන්දතී පකිස්තාන හමුදාව ගැන සිදු කළ ප‍්‍රකාශය ඉවත් කර ගත්තාය.
 
 එහෙත් අරුන්දතී නම් කාශ්මීරය සම්බන්ධව වෙනම දේශපාලන ස්ථාවරයක පසුවන්නීය. ඇය කාශ්මීරයට පූර්ණ නිදහස ලබා දිය යුතු බව කියයි. කාශ්මීර කැරලිකාරිත්වය ද අනුමත කරයි. එසේම ඉන්දියාවේ මාවෝ කැරලිකරුවන්ගේ අරගලය ද සාධාරණීය කරන්නීය. පසුගිය වසර විසි දෙකක කාලය පුරා ඇය ඉන්දියාව තුළ කැපී පෙනුණේ ලේඛිකාවකට වඩා විප්ලවීය දේශපාලන ක‍්‍රියාකාරිනියක ලෙසය. ඇය සර්දාර් සරොවාර් වේල්ල ඉදිකිරීම නිසා අහිමි වන සිය ගම්බිම් රැක ගැනීමට සටන් වදින අසරණ ජනතාව වෙනුවෙන් මෙදා පතෙකාර් නම් සමාජ ක‍්‍රියාකාරිනිය හා එක්ව බලපෑම් සහගත මෙහෙවරක් ඉටු කළාය. 2010 වසරේදී ඇය ලියූ Walkද්‍යng Wද්‍යth The Comrades කෘතිය ඇය සම්පාදනය කළේ දන්තෙවාදා වනාන්තරයේ මාවෝවාදී ගරිල්ලන් හා ගත කළ කාලය පුරා ලැබූ අත්දැකීම් පදනම් කොටගෙනය. ඇය ඔවුන්ගේ ධෛර්යය” ඔවුන් විඳි බිහිසුණු අත්දැකීම් සහ එම ප‍්‍රදේශයේ ගෝත‍්‍රික ජනතාවගේ ලේ වැකි ඉතිහාසය පිළිබඳ ලීවාය.
 
 57 හැවිරිදි අරුන්දතී රෝයි වයස අවුරුදු තිහේදී ඉන්දියානු ටෙලිනාට්‍යවල වරින් වර රඟපෑවාය. අනතුරුව ඇය කෙමෙන් ටෙලිනාට්‍ය පිටපත් රචනයට යොමු වූවාය. එහෙත් ඇයට අනුව එකල ඇයගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වූයේ ඇරෝබික්ස් උපදේශිකාවක ලෙස කටයුතු කිරීමයි. මේ අතරවාරයේ වසර පහක් ගත කරමින් ඇය ලියූ පළමු නවකතාව, The God of Small Thද්‍යngs 1997 වසරේදී එළිදැක්වූවාය. මාස කිහිපයක් ඇතුළත එම කෘතියේ පිටපත් ලක්ෂ හතරක් ලොව පුරා විකිණිනු අතර එම කෘතිය එම වසරේ බුකර් සාහිත්‍ය සම්මානය ද දිනා ගත්තේය. එක් අවස්ථාවක ඇය ප‍්‍රකාශ කර තිබුණේ නවකතාවක් ලිවීම සටන් කරනවාට වඩා නටනවා වගේ දෙයක් බවයි. කෙසේ නමුත් අරුන්දතී සටන් කිරීමට මෙන්ම නැටීමටත් එකසේ දක්ෂය.
 
 

 චතුර පමුණුව
 
 
  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles